Who we are

3 views
Skip to first unread message

Gayan Kalhara

unread,
Dec 14, 2009, 3:41:23 AM12/14/09
to Sinhala Open Bloggers Union
මෙය සිංහල බ්ලොග් කරුවන්ගේ සංසදයේ සංවාදයට යැවූ පිළිතුරෙහි පිටපතක්.

ඇවැසි කරුණු අඩංගු වේයයි සිතමි
==========================================

සාමාජීය කාර්යයක් කිරීමේදී ගැටළු ඇති වීම සාමාන්‍යයි. ඒවගේම මෙවන්
කාර්යයකදී එහි මූලික අරමුණු කල් යෑමේදී ප්‍රශ්ණ කිරීම්වලට ලක් වෙනවා.

මට වැටහුනු ආකාරයට සිංහල බ්ලොග් කරුවන්ගේ සංසදය යනු සිංහල යුනිකේත භාවිත
කරමින් බ්ලොග්කරණයේ යෙදෙන්නන්ගේ එකතුවක් ලෙස පෙර පටන්ම යුනිකේත ලේඛන
අන්තර්ජාලයේ ව්‍යාප්ත කිරීම අරමුණු කරගනිමින් ක්‍රියාත්මක වන්නක් නිසා එය
තවදුරටත් අභියෝගයට ලක් කිරීම නොකල යුතුයි.

එමෙන්ම යුනිකේත වලින් බාහිරවද සිංහල භාශාව භාවිතයෙන් නිර්මාණාත්මක
කාර්යයන් හී යෙදෙන දහසකුත් එකක් පිරිස නොසලකා හැරීම නොකල යුතුයි. මගේ
අදහස
නම් අන්තර්ජාලයේ ශ්‍රීලාංකීය නිර්මාණ ඉදිරියට ගෙනයාමට සම්මතයෙන් බාහිරව
වුවද තාක්‍ෂණය බාධාවක් කර ගත යුතු නොවේ.

එහෙත් කෝකටත් තෛලය මෙන් සෑම සිංහල නිර්මාණයක්ම එබිමට ගොස් සිංහල බ්ලොග්
සංසදයේ ප්‍රධාන අරමුණු වලින් බැහැර යාමද පිළිගත හැක්කක් නොවේ.

එම නිසා තාක්‍ෂණය බාධාවක් කර නොගෙන සිංහල භාශාවෙන් බ්ලොග්කරණයේ යෙදෙන්නන්
ඒකරාශී කිරීම සඳහා ආරම්භයක් ලෙස නිදහස් සිංහල බ්ලොග් කරුවන්ගේ සංසදය
ආරම්භ කලා. (freedom to choose it always better)

http://groups.google.com/group/sinhala-open-bloggers?hl=en

මෙය සිංහල බ්ලොග් සංසදය කරන ඉතා වැදගත් කාර්යය අභියෝගයට ලක් කිරීමක් නොවන
බව කරුණාවෙන් සලකන්න, මෙහිදී වෙනස් අරමුනු වලින් යුක්ත නිසා ගැටුමක් ඇති
නොවේ. , යුනිකේත ප්‍රචලිත කිරීමේ ඉතා වැදගත් මෙන්ම අසීරු කාර්යය හොඳින්
කරගෙන යාමට වැඩි ඉඩක් මෙයින් සිංහල බ්ලොග් කරුවන්ගේ සංගමයට ඇතිවන බව මාගේ
අදහසයි.

සිංහල බ්ලොග් සංසදයේ ඉතා වැදගත් හා අසීරු කාර්යය කරන සියල්ලටම
ස්තූතියි !!

අප එක්ව සිංහල හඩ අන්තර්ජාලයේ පතුරුවමු!!

====================================

Awak

unread,
Dec 14, 2009, 8:58:22 AM12/14/09
to Sinhala Open Bloggers Union
මමත් ඇදෙන්න හිතුවා. බ්ලොග් එකක් ළඟදිම පටන් ගන්නවා. සිම්පල් ප්ලෑන් වලට
යන්න බැරි වුණාම වැඩේ දෙක වෙනවා කියන්නේ මේ වගේ වැඩ වලට තමයි :)

මේකෙ පුළුවන්ද විවෘතව බීම සහ වෙනත් ළමයින්ට පමණක් සුදුසු බැවින් සිංහල
බිලොග් කියවනයේ දාන්න බැරි වර්ගයේ ඒව දාන්න. මං කිව්වෙ සීමා සහිතව ;)

Supun Budhajeewa

unread,
Dec 14, 2009, 9:17:12 AM12/14/09
to sinhala-op...@googlegroups.com
2009/12/14 Awak <awak...@gmail.com>

මමත් ඇදෙන්න හිතුවා. බ්ලොග් එකක් ළඟදිම පටන් ගන්නවා. සිම්පල් ප්ලෑන් වලට
යන්න බැරි වුණාම වැඩේ දෙක වෙනවා කියන්නේ මේ වගේ වැඩ වලට තමයි :)

මේකෙ පුළුවන්ද විවෘතව බීම සහ වෙනත් ළමයින්ට පමණක් සුදුසු බැවින් සිංහල
බිලොග් කියවනයේ දාන්න බැරි වර්ගයේ ඒව දාන්න. මං කිව්වෙ සීමා සහිතව ;)

තාම නම් මේ ආශ්‍රිතව නීති-රීති පද්ධතියක් නිර්මාණය වෙලා නැහැ.

නමුත් මම පෞද්ගලිකව හිතනවා "කුණුහබ්බ කීමේ" පරමාර්ථයෙන් තොරව නිර්මාණාත්මක අගයක් ඇති හෝ පෞද්ගලික අත්දැකීමක් ගැන - තමන්ගේ සීමාව දැනගෙන ලියන - දේවල් වලට මෙතන ඉඩ තිබිය යුතුයි කියලා.
 
--
Budhajeewa, Supun
---
budha...@gmail.com
budha...@rahulacollege.org

Gayan Kalhara

unread,
Dec 14, 2009, 10:10:19 AM12/14/09
to Sinhala Open Bloggers Union
අපිට ගොඩක් දකින්න පුළුවන් ළමයින්ට නොසුදුසුයි කියලා වෙන් කරන දේවල්
වලින් ඉතා සෞන්දර්යාත්මක දේවල් කරන අය. (ඒක බලන කෙනාගෙ හිත අනුව තමයි
වෙනස් වෙන්නේ. :D) ඒවගේ දේවලට අනිවාර්ය ඉඩක් තිබෙන අතර.

කිසිම නිසි අදහසකින් තොරව පළ කරන අමු කුණු හරුප රචනා හෝ පින්තූර වැලකෙනු
ඇතියි.

Chamila De Alwis

unread,
Dec 14, 2009, 10:47:40 AM12/14/09
to sinhala-op...@googlegroups.com
එක පාරටම දැක්කාම කුණුහරප කියලා හිතෙන සාහිත්‍යම නිර්මාණ කීයක් තියෙනවද? අරවින්ද කියලා මගේ යාළුවෙක් ලියන ඒවා හුඟක්ම ලිංගිකත්වයට සම්බන්ධයි. හැබැයි අපි මිනිස්සු විදියටත්, සත්තු විදියටත් කොච්චර ලිංගික ද කියන දේ අමතක කරන්න බෑ උගේ ඒවා කියවද්දි.

මේ වගේ කොච්චර දේවල් තියෙනවද තහනම් නොවිය යුතු.

කියවනයේ අන්තර්ගතයන් හැම වයස් සීමාවකටම අයත් කෙනෙකුට කියවන්න ඕනේ තමයි. නමුත් ඒ දේම වැඩැහිටි ප්‍රශ්න ගැන කතා කරන්න බැරි බැරියර් එකක් කර ගන්න එක හොඳ මදි කියලයි මම හිතන්නේ.

මොකද කියන්නේ?

2009/12/14 Gayan Kalhara <gkgka...@gmail.com>



--
Chamila Sujeewa                  
http://www.chamiladealwis.com/

Dhanushka Samarakoon

unread,
Dec 14, 2009, 10:50:18 AM12/14/09
to sinhala-op...@googlegroups.com
ඇම්ඩන්ගේ කතා වගේ අමු තිත්ත කුණුහරුප නැතුව අනිත් දේවල්වල නම් වරදක් නෑ.

2009/12/14 Chamila De Alwis <cs2re...@gmail.com>

Manushan

unread,
Dec 14, 2009, 10:55:55 AM12/14/09
to sinhala-op...@googlegroups.com
මුදල් බලාගෙන කරන බ්ලොග් වලටත් යම් සීමාවක් තියෙන්න ඔනේ නේද ?

--
මනුශාන් - Manushan
වෙබ් අඩවියට- http://manushan.net/
බ්ලොග් අඩවියට - http://blog.manushan.net
Photo Blog - http://photoblog.manushan.net

gayan kalhara

unread,
Dec 14, 2009, 11:13:41 AM12/14/09
to sinhala-op...@googlegroups.com
අනිවාර්යයෙන්ම. මුදල් වලට *පමණක්* කරන බ්ලොග් ඇතුළත් වන්නේ නෑ.

අන්තර්ගතය ගුණාත්මක නම්, අරමුණ පැහැදිලි නම් ඒවා ඇතුළත් වෙනවා

ඇත්තටම කිව්වොත් හරියට හම්බකරනවානම් ප්‍රශ්ණයක් නෑ


--
In a Word without Fences and Walls, Who need GATES and WINDOWS ??

Dhanushka Samarakoon

unread,
Dec 14, 2009, 11:07:13 AM12/14/09
to sinhala-op...@googlegroups.com
spam නෙමෙයි නම් සල්ලි හෙවුවා කියලා අවුලක් නෑ නේද?

2009/12/14 Manushan <manu...@gmail.com>

Chamila De Alwis

unread,
Dec 14, 2009, 11:20:15 AM12/14/09
to sinhala-op...@googlegroups.com
අපි වෙනත් කාරණා වලට වඩා අන්තර්ගතයට අවධානය යොමු කරමු.

සල්ලි හෙව්වා හෝ නැතා නිර්මාණශීලීත්වය, පාඨකයාට ඇති ප්‍රයෝජනය, පාඨකයා ඇද ගැනීමේ හැකියාව වගේ දේවල් සලකා බලන එක හොඳයි (මේ ලැයිස්තුවට තව දේවල් එක් කරන්න).

2009/12/14 Dhanushka Samarakoon <dha...@gmail.com>
Reply all
Reply to author
Forward
0 new messages