මෙහි ක්‍රියාත්මක විය යුතු නීති රීති පිළිබඳ ඔබේ අදහස්

4 views
Skip to first unread message

Supun Budhajeewa

unread,
Dec 17, 2009, 10:57:40 AM12/17/09
to Sinhala Open Bloggers
අපගේ වෙබ් අඩවියේ තාක්‍ෂණික කටයුතු මේ වන විට කෙරෙමින් පවතී.

ඒ අතර මෙහි භාවිතා විය යුතු නීති රීති පිළිබඳ සාකච්ඡා කර ගැනුම වැදලත් බව තවත් ත්‍රෙඩයක කියවිනි.

මෙහි ක්‍රියාත්මක විය යුතු නීති රීති පිළිබඳ ඔබේ අදහස් සංක්‍ෂිප්ත හේතුද සමග මෙම ත්‍රෙඩයට ඉදිරිපත් කරන්න. ඉදිරිපත් කිරීමේදී අංකිත ලයිස්තුවක් භාවිතා කරන්න. ඔබ ලිපි දෙකක් මගින් දෙවරකදී යෝජනා ඉදිරිපත් කළද, දෙවන ලිපියේදී පළමු ලිපියේ නැවතූ තැනින් අංක කිරීම අරඹන්න, මන්ද, එවිට ගැටළුවකින් තොරව ඒ ඒ යෝජනාව හැඳින්වීමේ හැකියාව ලැබේ (උදා: "budhajeewa@gmail ගේ 4 වන යෝජනාව" යනාදී ලෙස).

අන් අයගේ යෝජනා පිළිබඳ අදහස් දැක්වීමේදී ඉහත ක්‍රමය යොදාගන්න. සුදුසු අවස්ථා වලදී GMail හි පෙර නිමි උධෘතකරණ ක්‍රමවේදය (quoting method) භාවිතා කළද කම්නැත.

--
Budhajeewa, Supun
---
budha...@gmail.com
budha...@rahulacollege.org

Chamila De Alwis

unread,
Dec 17, 2009, 11:18:11 AM12/17/09
to sinhala-op...@googlegroups.com
කියවනය සඳහා නීති මාලාවක් (යෝජිත)

1) කියවනයට ඇතුලු කල හැක්කේ සිංහල අන්තර්ගතයන් සහිත බ්ලොග් අඩවි පමණකි. සිංහල යුනිකේත භාවිතයට අනුබල දෙන අතරම එය අනිවාර්ය නොවේ.

2) කියවනය තුල දර්ශනය වන කිසිම බ්ලොගයක අන්තර්ගතය පිළිබඳව නිදහස් සිංහල බ්ලොග්කරුවන්ගේ සංගමය වගකීමක් භාරගනු නොලැබේ.

3) අසභ්‍ය යැයි තීරණයකට එළඹ ගන්නා(*) අඩවි වහාම කියවනයෙන් ඉවත් කරනු ලැබේ. අදාල අඩවියේ හිමිකරුට විද්‍යුත් ලිපියකින් ඒ බව දැනුම් දෙනු ඇත.

4) කිසිම ආකාරයක විශයය පාදක කර ගත් වාරණයන් කියවනය තුල ක්‍රියාත්මක නොවන අතර ඉහත 2) නීතිය මගින් එබඳු වාරණයකට ඇති අවශ්‍යතාවය නිශ්ප්‍රභ කර ඇත.

* - මෙම තීරණ ගන්නා ආකාරය පිළිබඳ සාකච්ඡා කල යුතුය. කිසියම් ප්‍රායෝගික ආකාරයක ඡන්ද ක්‍රමයක් තිබේ නම් වඩාත් සුදුසුයි.

--
Chamila Sujeewa                  
http://www.chamiladealwis.com/

awakshepa

unread,
Dec 17, 2009, 12:22:48 PM12/17/09
to sinhala-op...@googlegroups.com


මූලික පියවර විධියට මේ ටික හොඳයි. තවත් කල්පනා කරල බලමු. නීති රීති අවශ්‍ය පරිදි වෙනස් කරමු
ඉදිරියෙදි :)

Pahan Sarathchandra

unread,
Dec 18, 2009, 12:28:12 AM12/18/09
to sinhala-op...@googlegroups.com


2009/12/17 Chamila De Alwis <cs2re...@gmail.com>

කියවනය සඳහා නීති මාලාවක් (යෝජිත)

1) කියවනයට ඇතුලු කල හැක්කේ සිංහල අන්තර්ගතයන් සහිත බ්ලොග් අඩවි පමණකි. සිංහල යුනිකේත භාවිතයට අනුබල දෙන අතරම එය අනිවාර්ය නොවේ.

යුනිකෝඩ් බාවිතය බලකරන්න බැහැ. ඒත් යුනිකෝඩ් වල වාසි/අවාසි (තවමත් සිංහල යුනිකෝඩ් වල අඩුපාඩු තියෙන බව අපි හැමෝම දන්නවානේ. ) තේරුම් කරලා දෙන්න මොකක් හරි ක්‍රමයක් භාවිතා උනානම් හොඳයි. ඒත් අපේ මූලික අරමුන යුනිකෝඩ් විය යුතු නැහැ.
පාළු ගෙයි වලං බිඳින සමහර සයිබර් වීරයෝ නිදහස් සිංහල බ්ලොග්කරුවෝ කියන්නේ ascii වලින් ලියන අය කියලා අර්ථ දක්වන්න ළඳරු උත්සාහයක් දරනවා. :D .

2) කියවනය තුල දර්ශනය වන කිසිම බ්ලොගයක අන්තර්ගතය පිළිබඳව නිදහස් සිංහල බ්ලොග්කරුවන්ගේ සංගමය වගකීමක් භාරගනු නොලැබේ.

3) අසභ්‍ය යැයි තීරණයකට එළඹ ගන්නා(*) අඩවි වහාම කියවනයෙන් ඉවත් කරනු ලැබේ. අදාල අඩවියේ හිමිකරුට විද්‍යුත් ලිපියකින් ඒ බව දැනුම් දෙනු ඇත.

4) කිසිම ආකාරයක විශයය පාදක කර ගත් වාරණයන් කියවනය තුල ක්‍රියාත්මක නොවන අතර ඉහත 2) නීතිය මගින් එබඳු වාරණයකට ඇති අවශ්‍යතාවය නිශ්ප්‍රභ කර ඇත.

* - මෙම තීරණ ගන්නා ආකාරය පිළිබඳ සාකච්ඡා කල යුතුය. කිසියම් ප්‍රායෝගික ආකාරයක ඡන්ද ක්‍රමයක් තිබේ නම් වඩාත් සුදුසුයි.

--
Chamila Sujeewa                  
http://www.chamiladealwis.com/



--
පහන්
Pahan Charithanga
http://www.pahans.com

Reply all
Reply to author
Forward
0 new messages