නිදහස් සිංහල බ්ලොග්කරුවන්ගේ අන්තර්ජාල අඩවිය සංවාද මණ්ඩපය හා වෙනත් කරුණු

7 views
Skip to first unread message

Gayan Kalhara

unread,
Dec 17, 2009, 4:15:54 PM12/17/09
to Sinhala Open Bloggers Union
අතිශ්‍ය කාර්යබහුලත්වය හා කිසිසේත් ප්‍රමාණවත් නොවන ජාල සම්බන්ධතාවකිනුත්
ඇතිවූ බාධාවන් මැද සාර්ථක ලෙස ජාල අඩවියේ මූලික පියවර ගන්නා ලද බව
සතුටින් දන්වා සිටිමු.


1 අනාගත නිවෙස හා බ්ලොග් එකතුව ලෙස www.sinhalablogs.org යන ලිපිනය
යොදාගැනීමට කටයුතු කර ඇත.

දැනට SLT ඇතුළු බොහෝ ශ්‍රී ලාංකීය අන්තර්ජාල සැපයුම් කරුවන්ගේ පවතින DNS
යාවත්කාලීන විමේ දුර්වලතාවයන් නිසා පිවිසිය නොහැකි වුවද තෙවන පාර්ශවීය
DNS සේවා හා proxy භාවිත කරමින් පිවිසිය හැක.

අඩවියේ අන්තර්ගතය තවමත් සැකසෙම්න් පවතින බවත්, හැකි ඉක්මනින් එය ඔබ වෙත
ගෙන ඒමට කටයුතු කරන බවත් දන්වා සිටිමු.

2 අපගේ සාඛච්චා කටයුතු සඳහා IRC චැනලයක් #sinhalablogs නමින් freenode හී
අරඹා ඇත. එය ඉදිරි රැස්වීම් හා සංවාද පැවැත්වීමට යොදාගන්නා අතරම ඕනෑම
වේලාවක එයට පිවිස සංවාදයේ යෙදිය හැක ;)

වැදගත් කරුණු

ඩොමේන් නාමය හා ධාරකය (hosting)

පසුගිය දිනවල ඇතැම් ප්‍රසිද්ධ සංසද වලදී, එම සංසද වල සත්‍ය නියමුවන් ඉවතට
විසිවී, ඩොමේන හා ධාරක (hosting) සැපයීම නිසාම පමණක් "එය තමන්ගේ
බූදලයක්" බවට පත් කර ගැනීම් දක්නට ලැබුනි.

ඇතැමුන් මවා පෙන්වන ආකාරයට ඩොමේන හා ධාරක (hosting) සැපයීම 'මහා විශාල'
කාර්යයක් නොවුනත්. එක් පුද්ගලයෙක් වශයෙන් නොව සංසදයක් ලෙස මේවා කෙරෙහි
පාලනය පැවතිය යුතුයි.

එම නිසා මා මෙම ඩොමේන් නාමය නිදහස් සිංහල බ්ලොග් සංසදය නමින් ලියාපදිංචි
කර ඇති අතර ඒ සඳහා වෙන්වූ ලිපිනයක් sinhalaop...@gmail.com නමින්
තනන ලදී.

එහි whois තොරතුරු පහත දැක්වේ.
==========================================

Domain Name:SINHALABLOGS.ORG
Created On:17-Dec-2009 15:53:58 UTC
Last Updated On:17-Dec-2009 15:54:01 UTC
Expiration Date:17-Dec-2010 15:53:58 UTC
Sponsoring Registrar:GoDaddy.com, Inc. (R91-LROR)
Status:ADDPERIOD
Registrant ID:CR37327512
Registrant Name:Sinhala Open Bloggers
Registrant Street1:51B, Pahala keembhiya
Registrant Street2:Poddala
Registrant Street3:
Registrant City:Galle
Registrant State/Province:Southern
Registrant Postal Code:80000
Registrant Country:LK
Registrant Phone:+7.1********
Registrant Phone Ext.:
Registrant FAX:
Registrant FAX Ext.:
Registrant Email:sinhalaop...@gmail.com
==========================================

මෙහි මාගේ නාමය හෝ ආයතනයක් සඳහන් නොවෙන අතර ලියාපදිංචි කටයුත්ත සඳහා
පමණක් ලිපිනයක් හා දුරකථන අංකයක් සපයා ඇත.

මෙම ඩොමේන නාමය ඉදිරියට පවත්වාගෙන යාමට, වෙබ් අඩවිය ස්ථිරව දියත්වූ පසු
තෝරා පත්කරගනු ලබන පාලක මණ්ඩලයකට පවරන අතර. එහි වගකීම කිසිවිටක තනි
පුද්ගලයකු සතු නොවිය යුතුයි. එම තෝරාපත්කරගැනීමෙන් පසු මෙම whois තොරතුරු
වල පවතින මාගෙ තොරතුරු සියල්ල ඉවත් වේ. වර්තමානයේ මෙන්ම එම තෝරාපත්කර
ගැනීමෙන් අනතුරුවද මා සතුව මෙම ඩොමේන් නාමය කෙරෙහි කිසිඳු අයිතියක් රඳවා
නොගන්නා බව කරුණාවෙන් සලකන්න.

ධාරකය

දැනට මෙයට වැඩි පිවිසුම් ගණනක් නොපවතින නිසා මාගේ හවුල් ධාරකයක මෙය
රැඳවෙන අතර, ඇවැසි ධාරිතාව හා වියදම පිළිබඳ විමසා බලා , මා සතුව පවතින
වෙනත් ධාරකයකට හෝ මෙය සඳහාම වෙන්වූ ධාරකයකට ගෙනයාමට පියවර ගනු ලැබේ. දැනට
මේ සඳහා අමතර වියදමක් වැය නොවෙන අතර. මෙය පාලන මණ්ඩලය වෙත පැවරීමෙන් පසුව
හා අවස්තානෝචිත ලෙස එහි වගකීම පාලන මණ්ඩලය වෙත පැවරේ. එතෙක්ද මෙම ධාරක
මා සතුව නොව පොදුවේ නිදහස් සිංහල බ්ලොග් සංසදයම සතු වත්කමක් ලෙස සැලකිය
යුතුය.

නැවතත් : මෙම ඩොමේන හා ධාරක සැපයීම නිසා නිදහස් සිංහල බ්ලොග්කරුවන්ගේ
සංසදය 'මගේ බූදලයක්' බවට පත් නොවන අතර එය පොදුවේ අප සැමටම අයත් වේ. මේවා
සැපයීම පිළිබඳ පෙරළා කිසිවක් බලාපොරොත්තු නොවන අතර , ඒ ගැන කිසිම තැනක
සඳහන් කිරීමද ඇවැසි නොවේ.

ස්තූතියි

ගයාන් කල්හාර.

awakshepa

unread,
Dec 17, 2009, 7:44:53 PM12/17/09
to sinhala-op...@googlegroups.com
ඔය තියෙන්නේ. ඇත්තම කියනවනං මේ තාක්ෂණික දේවල් ගැන මට දැනුමක් නැති තරම්. ඉදිරි දින කීපය
තුල මම නිවසේ නොරැ‍ඳෙන නිසා සංවාදයට සහභාගීවෙන්න වෙන එකක් නෑ. ඇවිත් සම්බන්ධ වෙන්නම් :-)

Chamila De Alwis

unread,
Dec 17, 2009, 10:51:36 PM12/17/09
to sinhala-op...@googlegroups.com
Bravo!!! නියම වැඩක්...

2009/12/18 Gayan Kalhara <gkgka...@gmail.com>



--
Chamila Sujeewa                  
http://www.chamiladealwis.com/

Gayan Kalhara

unread,
Dec 18, 2009, 12:46:13 AM12/18/09
to Sinhala Open Bloggers Union
SLT ඇතුළු බොහෝ ලාංකික අන්තර්ජාල සපයන්නන් ගේ DNS යාවත් කාලීන වීමේ ගැටලු
නිසා ඇතිවූ ප්‍රමාද දෝශයට අපගේ කණගාටුව ප්‍රකාශකරන අතරම. දැන් සියල්ල
(home හා irc පිටු) හොඳින් ක්‍රියාකරන බව දන්වමි.

වරදක් පෙනේ නම් කරුණාකර දන්වන්න.

On Dec 18, 2:15 am, Gayan Kalhara <gkgkalh...@gmail.com> wrote:
> අතිශ්‍ය කාර්යබහුලත්වය හා කිසිසේත් ප්‍රමාණවත් නොවන ජාල සම්බන්ධතාවකිනුත්
> ඇතිවූ බාධාවන් මැද සාර්ථක ලෙස ජාල අඩවියේ මූලික පියවර ගන්නා ලද බව

> සඳහන් කිරීමද ඇවැසි නොවේ.

ආගන්තුකයා

unread,
Dec 18, 2009, 3:30:44 AM12/18/09
to sinhala-op...@googlegroups.com

සිරා වැඩක් මචන් අපෙ උපරිම සහය දෙනවා..
2009/12/18 Gayan Kalhara <gkgka...@gmail.com>



--
මට අනුව මම පොරකි..

"දියත් කුලේ අපි"
http://www.ambarox.blogspot.com/
e - කොළම
http://www.ecolama.blogspot.com/
Reply all
Reply to author
Forward
0 new messages