Fwd: ණනළල ඉදිරියේදී ප්‍රශ්නයක් වෙයිද?

9 views
Skip to first unread message

Bandula Ranathunga

unread,
Nov 8, 2009, 10:13:22 AM11/8/09
to sinhal...@googlegroups.com


---------- Forwarded message ----------
From: Supun Sudaraka <ssud...@gmail.com>
Date: 2009/11/8
Subject: Re: ණනළල ඉදිරියේදී ප්‍රශ්නයක් වෙයිද?
To: sinhala...@googlegroups.com




2009/11/8 Prabath Galagamage <gpra...@gmail.com>

ණනළල -ළු වගේම ශෂ ත් සිංහල භාශාව තුල ව්‍යාකූල අක්ශර භාවිතයක්.  සිංහල භාශාව පිළිබඳව කටයුතු කරන අය අතර මේවා පිලිබඳව එකගත්වයක් නැහැ. ඒ වගේම මෙම අකුරු වල උච්ඡාරන වෙනසක් හෙවත් ශබ්ධයේ වෙනසක් නැහැ. වඩා සුදුසු මේවා භාවිතය අත්හැරීමයි. මේ සඳහා පුරෝගාමී උත්සාහයන් කිහිපයක් තියෙනවා.මේවා භාවිතය අත් හැරීමට විරුද්ධව ප්‍රධාන තර්කය තමයි "පිස්සා තණ/න කයි" යන තර්කය. ඒත් ලියන විට පිස්සා කන තණ/න හැදිනගන්නට හැකි වුවත් කථනයේදී එය හැදිනගත හැකිද? සම්මතයක් නැති කම මත අන්තර්ජාගය තුල සෙවුමක් දැමීමේදී ගැටලු මතු වීම ස්වාභාවිකයි.භාශාව කියන්නේ අනම්‍ය දෙයක් නම් සිංහල භාශාව වැලලීයාමට නියමිතයි.

ඔව්. සමහර තැන් වලදී නණළල ෂශ භාවිතය ගැන නිසියාකාර සම්මතයක් නැති තරම්. විවිධ ගුරුකුල සහ කණ්ඩායම් විවිධ තැන්වල නණළල ෂශ විවිධ ආකාරයෙන් පරිහරණය කරනවා දැකියි. හොඳම උදාහරණය,

සිංහල සහ සිංහළ


2009/11/8 Supun Sudaraka <ssud...@gmail.com>


2009/11/8 Pravin Indranama <indr...@gmail.com>
2009/11/8 Supun Sudaraka <ssud...@gmail.com>

නිවැරදිව ලියැවෙන්නෙත් නැත්තං... ටිකක් මතභේදාත්මක ක්‍රමයකුත් තියෙනව... ;)

මං හිතන්නේ සුදාරක ඔය කියන්නේ ණනළල භේදය කොසලකා ලිවීම වෙන්නැති. මටත් ඕක කල්පනා උනා. ඒත් තාක්ෂනයට ගැලපෙන විදියට භාෂාව වෙනස් කිරීමත් එතරම් ප්‍රායෝගික නෑ නෙව. එහෙම නම් සම්මතයක් හදන්න වෙනවා. "ණ" අකුර කිසිදා පාවිච්චි වෙන්නෙ නෑ, "න" විතරයි කියලා. ඒත් කවුද මේ සම්මතය හදන්නෙ?

සමහර විට මේ වගේ සම්මත ඉදිරියේදී විවිධ කණ්ඩායම් විසින් භාවිතා කරන්න ඉඩ තියෙනව. ඒත් මේක එකපාරම සමාජගත කරන්න බැරි සමාජය වෙනස් වෙන කාලානුක්‍රමයක් තියෙන නිසා. සම්මතය ඉබේම හැදෙන්න හෝ ඒ අදහස ඉබේම මඟ ඇරිලා යන්නත් පුලුවන්. හැබැයි ඒකට කාලය අවශ්‍ය වෙනව. ඒකයි තියෙන ප්‍රශ්නය. එහෙම නැත්තං ඉතින් මේ ගැන වැදගත් විශාල සංවාදයක් ඇති කරගෙන දවස් ගානක් එක දිගට විද්වතුන් එකතුවෙන් කතා කරල තීරණයකට ඒමේ හැකියාවක් තියෙනව. ඒ මාත් හිතන්නෙ නැහැ. මේ කාලයට හරියන්න ගෙඩිපිටින් එහෙම සම්මතයක් යොදාගන්න එක හරි නැතිවෙයි කියල
 

සමහර විට සිංහල අකුරු පරීක්ෂක Sinhala Spell Checker ඇති කලොත් කම් මේ තත්වයෙන් මිදී නිවැරදි අක්ෂර වින්‍යාස ලියන්නට පුහුණුවක් ලැබෙයි නේද?

ඔව්. විශේෂයෙන්ම වෙබ් බ්‍රව්සර වලට සහ කාර්යාලයීය මෘදුකාංග වලට සාර්ථක සිංහල අක්ෂර වින්‍යාස පරීක්ෂක ක්‍රමවේද ඇති වුනොත් වැඩේ ගොඩක් සාර්ථක කරගන්න පුලුවන් වේවි. දැනට මයික්‍රොසොෆ්ට් කාර්යාලයීය මෘදුකාංග එක්ක තියෙන අක්ෂර වින්‍යාස පරීක්ෂකය එක්තරා හොඳ උත්සාහයක්. නමුත් අති සාර්ථක නැහැ. විවෘතකේත කාර්යාලයීය මෘදුකාංග වලට දැනට අක්ෂර වින්‍යාස පරීක්ෂක තියෙනවාද? එහෙම නැතිනම් ඒවා නිර්මාණය කිරීමට විශ්ව විද්‍යාවල සිටින භාෂා හා තාක්ෂණ පර්යේෂකයන්ට උත්සාහ කරන්න පුලුවන්. එහෙම දැනටමත් තියෙනවානං ඒක දියුණු කරන්නත් පුලුවන්.

ඒ වගේම සාර්ථක අන්තර්ජාලගත සිංහල - ඉංග්‍රීසි - (සහ අවශ්‍යතාව අනුව දෙමළ) භාෂා යටතේ උපරිම නිරවද්‍යතාවක් තියෙන ශබ්‍දකෝෂයක් නිර්මාණ කිරීමට හැකිනම් වැදගත්. ඒකට ඉතින් ගොඩක් දෙනෙක්ගේ දායකත්වය අවශ්‍ය වෙනවා. දැනට ආදර්ශකයක් වශයෙන් ජාලගත වෙලා ඇති මධුර ශබ්දකෝෂයේ ඇති වැරදි ප්‍රමාණයක් යම්තාක් මට්ටමින් ඉහළයි. නමුත් ඉතාමත් (අති) සාර්ථක උත්සාහයක්!


මේ සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම ඉතා වැදගත් වෙන්නෙ මේකයි. අපි හිතමු එක්තරා වෙබ්සයිට් එකක ඉතා වැදගත් content තියෙනවා. නමුත් එහි ණනලළ වැරදියට තමයි ලියැවිලා තියෙන්නේ. මෙහිදී නිවැරදි අක්ෂර වින්‍යාසයෙන් search කරන්නෙකුට අර වෙබ්සයිට් එකේ content මග හැරෙන්නට පුලුවන්. එහෙම උනොත් ඒක අපරාදයක්.
සත්‍යය = සත්යය ලෙස සකස් කරගන්න හැකි උනා ZWJ කියන යුනිකෝඩ් කැරැක්ටර් එකේ පිහිටෙන්. මේකටත් එහෙම දෙයක් තිබුනානම් හොඳයි. නමුත් දැන් එහෙම නැති නිසා මේකට විසඳුමක් දැන්ම කල්පනා කරලා යෙදුවොත් too late වෙන්න කලින් වැදගත් වෙයි.

--
Pravin Indranama | ප්‍රවීන් "ඉන්දරේ" ඉන්ද්‍රනාම

සිංහල බ්ලොග් එක: http://blog.indranama.com
Photoblog: http://indranama.info
Website: http://indranama.com
Lifestream: http://indranama.storytlr.com | http://friendfeed.com/indranama





--
සුපුන් සුදාරක
http://blog.sudaraka.com





--
Prabath Galagamage








--
සුපුන් සුදාරක
http://blog.sudaraka.com



Thilina Gunasekara

unread,
Nov 8, 2009, 8:40:56 PM11/8/09
to sinhal...@googlegroups.com
පුෂ්පානන්ද ඒකනායක මහතාගේ පරිගණක සිංහලය පොතේ සිංහල අකුරු පිරික්සනයක් සාදන ආකාරය / මුහුනපාන ගැටලු ගැන ලියා තිබෙනවා. 

2009/11/8 Bandula Ranathunga <bandula.r...@gmail.com>



--
-  Š ā Μ ũ Ŗ Ø  -
http://www.tgunasekara.com
Reply all
Reply to author
Forward
0 new messages