දුප්පත් දරුවන්ගේ අභිවෘධිය වෙනුවෙන් අධ්‍යාපනික උපකරණ කට්ටල ප්‍රධානය කිරීම

4 views
Skip to first unread message

Tharindu madusanka

unread,
Dec 11, 2015, 4:00:16 AM12/11/15
to sinhala-...@googlegroups.com
යළි පිබිදෙන හිරු දරුවෝ සමිතිය විසින් රටේ අහිංසක දුප්පත් දරුවන්ගේ අභිවෘධිය වෙනුවෙන් අධ්‍යාපනික උපකරණ කට්ටල බෙදා දීමේ වැඩසටහන් මාලාවේ දෙවන අධියර ලෙස මෙවර බ/රොටලවෙල කණිෂ්ඨ විද්‍යාලයේ (මහියංගනය) අහිංසක දරුවන් වෙනුවෙන් පොත්පත් ඇතුළු අධ්‍යාපනික උපකරණ කට්ටල ප්‍රධානය කිරීමේ වැඩසටනහනක් සංවිධානය කර ඇති අතර රටේ වගකිවයුතු පුරවැසියෙක් වශයෙන් ඔබටත් මේ සත්කාර්යයට දායක විය හැක. 



අපේ රටේ දුප්පත් අහිංසක දරුවන්ගේ අධ්‍යාපනික අවශ්‍යතා සපුරාලීම තේමා කරගත් මේ වැඩසටහන් මාලාව සමඟ එක්වී ඔබත් රටේ අනාගත පරපුර ශක්තිමත් කිරීමට දායකවන්න.

මෙවර බෙදා දීමට බලාපොරොත්තු වන අධ්‍යාපනික උපකරණ කට්ටලය:

පිටු 120 තනිරූල් පොත් 7යි
පිටු 120 කොටු රූල් පොත් 1යි
පැන්සල් 1යි
මකන 1යි
නිල් පෑන් 2යි
රතු පෑන් 1යි
කළු පෑන් 1යි

දළ වශයෙන් දරුවකුට මේ උපකරණ කට්ටලය සඳහා 480ක පමණ මුදලක් වැයවන අතර තොගවශයෙන් ලබාගැනීමේදී අපට රු: 350ක පමණ මුදලකට ලබාගත හැකි බව ඇස්තමේන්තු කෙරුණි. 

දරුවන් 360ක් පමණ සිටින මෙම පාසලේ සාමාන්‍ය පෙළ දක්වා පන්ති පැවත්වේ. නව වසරේ මුල්ම පාසල් වාරය වෙනුවෙන් අවශ්‍ය වන මේ පොත්පත් කට්ටල ජනවාරි 8 වන දින විදුහල් පරිශ්‍රයේදී බෙදා දීමට බලාපොරොත්තු වෙමු.

සියලු දරුවන්ට එක හා සමාන තත්වයෙන් උසස් උපකරණ කට්ටල ලබාදීමටත් තොගවශයෙන් අවම පිරිවැයකට උපකරණ ලබාගැනීමටත් අවශ්‍ය නිසා මුදල් ආධාර පමණක් ලබා ගැනීමට අප සමිතිය විසින් තීරණය කෙරුණි.

මෙවන් පොත් කට්ටලයක් ලබාදීම කාලීනව සැලකු කල ඉතාමත් සුළු උපකාරයක් උවද ඒ පොත් කට්ටලයක් ලැබීමෙන් දුප්පත් අහිංසක දරුවකුගේ මුවගට නැඟෙන අහිංසක සිනාව සහ අධ්‍යාපනය ලැබීමට ඇතිවන ආසාව තුලින් රටේ අනාගතයට වන ආයෝජනය මිල කළ නොහැකි බව අප දනිමු.

ආධාර කිරීමට කැමති අයගේ දැනගැනීම පිණිස ආධාර කළයුතු ගිණුම් විස්තර මෙසේ සඳහන් කරමු.

ගිණුම් අංකය : 121261001805
ගිණුමේ නම : යළි පිබිදෙන හිරු දරුවෝ (yali pibidena hiru daruwo)
බැංකුව සහ ශාඛාව : සම්පත් බැංකුව - ගම්පහ අධි ශ්‍රේණි ශාඛාව
කාරණය : ඔබගේ නම සහ මහියංගනය පොත් බෙදාදීම ලෙස සටහන් කල හැක.

වැඩි විස්තර සඳහා අමතන්න.

ශානක : 071-9137151 
නුවන් : 071-5685289 

scan0010.pdf
Reply all
Reply to author
Forward
0 new messages