සිංහල බ්ලොග් මැරතන්! බ්ලොග්කරුවන්ගේ අවුරුදු උලෙල!

5 views
Skip to first unread message

Anandawardhana

unread,
Mar 3, 2008, 4:29:08 AM3/3/08
to සිංහල බ්ලොග්කරුවන්ගේ සමූහය
අද උදේ කීප දෙනෙකුට කතා කලා මේ ගැන. කොහොම වෙයි ද බලන්න. හොරු පනින්න
කලිනුත් මුට්ටියක් දාලා බලනවලු නෙ ;-)

මේ ඒවා සම්පින්ඩනය කොට හැදූ සටහනක්. වැඩේ කෙරෙන පාටයි :-)

මෙන්න යෝජනාව.

ඔබ ඇතැමෙක් බ්ලොගතන් වාර්ශිකය http://www.blogathon.org/ දැක ඇතුවාට
සැකයක් නැහැ. බ්ලොගතන් කියන්නෙ වසරක් පාසා පැවැත්වෙන බ්ලොග්කරුවන්ගේ
මැරතන් එකක් කීවොත් නිවැරදියි. හැබැයි තරගයක් නෙවෙයි. පොරයක් නෙවෙයි.
සුහද සහභාගී වීමක්. අවුරුද්දකට වරක් නියම කරගන්නා දිනයක - එනම් පැය 24
දිනයක - නියම කරගන්නා තේමාවක් අනුව සියලු සහභාගී වන්නන් එක දිගට මිනිත්තු
15න් 15ට බ්ලොග්කරනයේ යෙදෙනවා. ඔවුන් පරිසරය ගැන, සාමය ගැන, සංස්කෘතිය
ගැන විවිධ තේමා ගැන ලියනවා. මෙවැනි ඉසවුවක් එක් අතකින් සමාජ සත්කාරයක් -
දැනුවත් කිරීමක් ලෙස අර්ථාන්විත සේවයක් ඉටු කරනවා. ඒ වගේ ම බ්ලොග්කරනය
ප්‍රචලිත කිරීමට ව්‍යාප්ත කිරීමට හා බ්ලොග්කරුවන් අතර සුහද සබඳතා දියුනු
තියුනු කිරීමට ද ඉවහල් වෙනවා. තව ද මේ කටයුත්ත තුල දී අනුග්‍රාහකයින්
ප්‍රචාරක දැන්වීම් ආදියෙන් ලැබෙන මුදල් සමාජ සත්කාර සඳහා යෙදවෙනවා. මෙය
පැවැත්වෙන්නේ ඉංගිරිසි බසින්.

ඉතින් අද මේ කතාබහට එක් වුනු අයගේ එකඟතාව වුනේ සිංහල බ්ලොග්කරුවන් එකතු
වෙලා මේ එලඹෙන සිංහල-හින්දු අලුත් අවුරුදු සමයේ මේ හා සමාන බ්ලොග්
උත්සවයක් පවත්වමු කියලයි. උත්සව සමයේ නිවාඩු තරමක් හෝ තිබෙන බැවින් කාලය
හොයාගැනීම ඒ තරම් ප්‍රශ්නයක් වෙන එකක් නැහැ නේද?

*සැකෙවින් යලිත් කියතොත්
සිංහල බ්ලොග් අලුත් අවුරුදු මැරතන් ඉසවුව :-)

මෙයට සම්බන්ධවන බ්ලොග්කරුවන් කල් තබා දැනුම් දී අපේ මූලික හබ් පිටුවේ සහ
සින්ඩිකේටරයේ සිය බ්ලොග් ලිපිනය සටහන් කරනවා. එවිට පාඨකයින්ට පල වෙමින්
පවතින, සහභාගී බ්ලොග් හොයාගන්න ලේසියි.

ඉන් පසු අදාල දිනයේ ආරම්භක මොහොතේ පටන් පැය 24ක් පුරා (තේමාව තීරනය
කරගන්නවා නම් ඒ අනුව) සෑම මිනිත්තු 15කට වරක් ම සිය බ්ලොග් අඩෙවියට
සටහනක් එක් කිරීම.

මෙහි පල ප්‍රයෝජනය කුමක් ද?

1) බ්ලොග්කරුවන් සඳහා විනෝදාත්මක සංස්කෘතික ඉසවුවක්.

2) කිසියම් වැදගත් සමාජීය අංශයක් පිලිබඳ, තේමාවක් පිලිබඳ දැනුවත්භාවය
(awareness) පුලුල් කිරීමට දවසක්.

3) සිංහල බසින් බ්ලොග් ලිවීම හා කියවීම ප්‍රචලිත කිරීමේ අවස්ථාවක්.

4) මෙතෙක් සිංහලෙන් ලියන්න කැමැත්තෙන් "වැට උඩ" සිටි අයට අත්හදා බැලීම
සඳහාත් අනිවාර්ය පාඨක පිරිසක් ලැබෙන අවස්ථාවක්

5) ඉංගිරිසියෙන් බ්ලොග් ලියූ අයටත් අත්හදා බලමින් විනෝදයෙන් සිංහල බ්ලොග්
එකක් පටන් ගන්න හොඳ වෙලාවක්. ඒ වගේ ම සිංහල ඉංගිරිසි බ්ලොග් ප්‍රජාවන්
අතර අන්තර් ක්‍රියාවක් ඇති වෙන එකත් හොඳයි.

6) අවශ්‍ය අයට පරිගනකයෙන් සිංහල ලිවීම සහ කියවීම සඳහා තාක්ශනික උදව්
අපකාර ලබා දෙමින් "බෝට්ටුවට නංවා ගැනීමේ" අවස්ථාවක් :-D

7) වැඩේ දුරදිග ගිහින් පුලුවන් මට්ටමට ආවොත් මේ කටයුත්තේ දී ලැබෙන
adsense හා අනුග්‍රාහක ආදායම සමාජ සත්කාරයකට පරිත්‍යාග කිරීම. [මේක දැනට
අද නොවේ හෙට කියලා හිතාගමු. මොකද අපි ඒ තරම් සංවිධානය වෙලා නැති නිසා]

වැඩි විස්තර සාකච්ඡා කර සංවිධානය කරගනිමු.

bodhi

unread,
Mar 3, 2008, 4:47:50 AM3/3/08
to සිංහල බ්ලොග්කරුවන්ගේ සමූහය

හොඳ අදහසක්, හුදෙකලා නොවන්නට , එක අරමුණකට සාමුහිකවන්නට මෙය හොඳ
අඩිතාලමක් වේවි.
මමත් උපරිම සහයෝගය දෙන්නම්, මේක අළුත්ම අත්දැකීමක් වේවි.

Tyronne Wickramaratne

unread,
Mar 3, 2008, 4:48:25 AM3/3/08
to sinhala-...@googlegroups.com
ඇත්තටම හොඳ අදහසක්. අපි මේ වැඩේට සහභාගී වෙමු. පරිසර සංරක්‍ෂණය වගේ මාතෘකාවක් යොදා ගනිමු. ඔබ කියන ආකාරයට මුදලක් ලැබුනහොත් සියළු දෙනාම එක්වෙලා එම මුදල් වලින් වැඩිහිටි නිවාසයකට යම් උපකාරයක් කරමු.

මේ වැඩෙන් මුදල් ලැබුනත් නැතත්, බ්ලොග් මැරතන් එකෙන් පස්සෙ අපි බ්ලොග් කරුවො ටිකයි, ඉතිහාස මණ්ඩපයෙ කට්ටියයි  ( http://groups.google.com/group/lanka-history-portal ) එකතු වෙලා ඒ වගේ වැඩි හිටි නිවාසයකට යම් විදියක උපකාරයක් කරන්න පුළුවන් නම්  ...ඔවුන්ට වගේම අපටත් මේ සිංහල අළුත් අවුරුද්ද සැබෑම අර්ථාන්විත සිංහල අළුත් අවුරුද්දක් වනු නොඅනුමානයි.


ටිරෝන්


--
/usr/local/tyronne
http://groups.google.lk/group/lanka-history-portal

Waruna Perera

unread,
Mar 3, 2008, 4:51:13 AM3/3/08
to sinhala-...@googlegroups.com
ඇත්තටම හොඳ අදහසක්.මමත් උපරිම සහයෝගය දෙන්නම්, මේක අළුත්ම අත්දැකීමක් වේවි.



 

Malinthe Samarakoon

unread,
Mar 3, 2008, 4:53:02 AM3/3/08
to sinhala-...@googlegroups.com
අපි ලෑස්තියි!
පුළුවන් උපරිමයෙන්ම කරමු!


On Mon, Mar 3, 2008 at 3:21 PM, Waruna Perera <warunak...@gmail.com> wrote:
ඇත්තටම හොඳ අදහසක්.මමත් උපරිම සහයෝගය දෙන්නම්, මේක අළුත්ම අත්දැකීමක් වේවි.




 






--
Malinthe Samarakoon
www.malinthe.com | blog.malinthe.com

Waruna Perera

unread,
Mar 3, 2008, 4:54:57 AM3/3/08
to sinhala-...@googlegroups.com
malinthe,
api Kandy guide ekak gana topic eka gamuda :D

Malinthe Samarakoon

unread,
Mar 3, 2008, 4:55:46 AM3/3/08
to sinhala-...@googlegroups.com
:P


On Mon, Mar 3, 2008 at 3:24 PM, Waruna Perera <warunak...@gmail.com> wrote:
malinthe,
api Kandy guide ekak gana topic eka gamuda :D





Anandawardhana

unread,
Mar 3, 2008, 4:56:58 AM3/3/08
to සිංහල බ්ලොග්කරුවන්ගේ සමූහය
exactly! වැඩිහිටි නිවාස අදහස මගේ හිතේ යටත් තිබුනා. එහෙනං ඒකත් එහෙමයි.
තීන්දුයි :-D

adsense, වෙනත් දැන්වීම් හා තාක්ශනික පැත්ත ගැන - අපි ඒ පැත්තෙනුත් යනව
නම් - අනේ ඒ ගැන දන්න කෙනෙක් වැඩි දුර බලන්න. ටිරෝන් පොඩ්ඩක් ඒ ගැන හිතලා
බලනවද?

On Mar 3, 2:48 pm, "Tyronne Wickramaratne" <bersh...@gmail.com> wrote:
> ඇත්තටම හොඳ අදහසක්. අපි මේ වැඩේට සහභාගී වෙමු. පරිසර සංරක්‍ෂණය වගේ මාතෘකාවක්
> යොදා ගනිමු. ඔබ කියන ආකාරයට මුදලක් ලැබුනහොත් සියළු දෙනාම එක්වෙලා එම මුදල්
> වලින් වැඩිහිටි නිවාසයකට යම් උපකාරයක් කරමු.
>
> මේ වැඩෙන් මුදල් ලැබුනත් නැතත්, බ්ලොග් මැරතන් එකෙන් පස්සෙ අපි බ්ලොග් කරුවො
> ටිකයි, ඉතිහාස මණ්ඩපයෙ කට්ටියයි (http://groups.google.com/group/lanka-history-portal) එකතු වෙලා ඒ වගේ වැඩි

Tyronne Wickramaratne

unread,
Mar 3, 2008, 4:57:03 AM3/3/08
to sinhala-...@googlegroups.com
ආපෝ.. මලින්තගෙන් උපදෙස් ගත්තොත් අපි සුමාන දෙකකට කලින් තමයි යන්න වෙන්නේ  :D

TW
--
/usr/local/tyronne
http://groups.google.lk/group/lanka-history-portal

Malinthe Samarakoon

unread,
Mar 3, 2008, 4:57:58 AM3/3/08
to sinhala-...@googlegroups.com
ඒක හැබෑව! :P

Anandawardhana

unread,
Mar 3, 2008, 5:03:51 AM3/3/08
to සිංහල බ්ලොග්කරුවන්ගේ සමූහය
මොකද්ද ඒ කතාවෙ තේරුම

LHP folklore?

On Mar 3, 2:57 pm, "Malinthe Samarakoon" <malin...@gmail.com> wrote:
> ඒක හැබෑව! :P
>
> On Mon, Mar 3, 2008 at 3:27 PM, Tyronne Wickramaratne <bersh...@gmail.com>
> wrote:
>
>
>
> > ආපෝ.. මලින්තගෙන් උපදෙස් ගත්තොත් අපි සුමාන දෙකකට කලින් තමයි යන්න වෙන්නේ :D
>
> > TW
>
> > On Mon, Mar 3, 2008 at 4:55 AM, Malinthe Samarakoon <malin...@gmail.com>
> > wrote:
>
> > > :P
>
> > > On Mon, Mar 3, 2008 at 3:24 PM, Waruna Perera <warunakanis...@gmail.com>

Malinthe Samarakoon

unread,
Mar 3, 2008, 5:05:02 AM3/3/08
to sinhala-...@googlegroups.com
ඔව් ඔව්. LHP එකේ පරණ threads ටික බලන්නකෝ :D

Tyronne Wickramaratne

unread,
Mar 3, 2008, 5:07:07 AM3/3/08
to sinhala-...@googlegroups.com
අපේ LHP භෞතික රැස්වීමට මම පාර අහගත්තෙ මලින්තගෙන්.. ගම නුවර නිසා.. අන්තිමේදී මාව කරකවලා, පරංගියා කෝට්ටේ ගියා වගේ තමයි එක්කගෙන ගියේ.  මදැයි.. ගමේ කොල්ලෙක්ගෙන් පාර අහගෙන ගමනක් ගියා. :P

TW

On Mon, Mar 3, 2008 at 5:03 AM, Anandawardhana <anandaw...@gmail.com> wrote:
මොකද්ද ඒ කතාවෙ තේරුම

LHP folklore?


--
/usr/local/tyronne
http://groups.google.lk/group/lanka-history-portal

Waruna Perera

unread,
Mar 3, 2008, 5:09:58 AM3/3/08
to sinhala-...@googlegroups.com


mokata kiyanavada e kathava. apith sakki Tyrone ge kathavata

--

P H

unread,
Mar 3, 2008, 5:30:59 AM3/3/08
to sinhala-...@googlegroups.com
මම වැඩේට අත් දෙකම උස්සනවා. හැබැයි මොන වගේ දවසකද මේක වෙන්නෙ කියලා කල් තියා දැනගන්න පුලුවන් නමි හොඳයි
ලියන එක එක පළාතකට සීමා නොවී පොදු වේ කාටත් දැනුම එක් කළ හැකි දෙයක් ගැන නම් අගෙයි නේද ? අවුරුද්ද හා බැඳුණු ජන සංස්කෘතිය ගැන වගේ
නරකද ලියන තේමා ගැන හැමෝගෙම යෝජනාවලින් අදහස් ගත්තොත්. මග හැරුණු යමක් වේ නම් අහුවෙයිනෙ.

සුපුන් සුදාරක - www.sudaraka.com

unread,
Mar 3, 2008, 6:00:19 AM3/3/08
to සිංහල බ්ලොග්කරුවන්ගේ සමූහය
මමයි මලින්තයි දැනටමත් ලංකාවේ බ්ලොග් ලියන්නන් වෙනුවෙන් www.lankatopblogs.com
ඩොමේන් නාමය යටතේ වෙබ් අඩවියක් නිර්මාණය කරමින් සිටිනවා.මාත් කැමතියි මේ
වැඩේට. මුල් පිටුව නම් තාම නිර්මාණය වෙලා නෑ.මමයි මලින්තයි ඒ ගැන මේ
දවස්වල කතා වෙනවා.

දැනට,
බ්ලොග් රේටින් සේවාවක් - http://award.lankatopblogs.com
බ්ලොග් ලියන්නංගේ සංසදයක් (Forum එකක්) - http://forum.lankatopblogs.com

සුළු වශයෙන් ක්‍රියාත්මක වෙනවා.

මේ වෙබ් අඩවිය ඔබගේ ව්‍යාපෘතිය සඳහාත් විවෘත බව දන්වන්නේ හදපිරි සතුටින්.
නමුත්, PHP හෝ එවැනි භාෂාවක් ගැන දැනුම මදි නිසා එවැනි භාෂාවක් දන්න
පුද්ගලයෙක්ගෙන් සහයෝගයක් අත්‍යාවශ්‍යයි.

සල්ලි ගැන නම් ඉතින් ප්‍රශ්නයක් නෑ. දැන්වීම් වලින් ලැබෙන යම් කිසි
ආදායමක් වෙතොත් අර මුලින් කිව්වා වගේ සමාජ සත්කාරයකට දායක කරමු.

සුපුන් සුදාරක
http://www.sudaraka.com | http://www.vhost1st.com | http://blog.sudaraka.com

Waruna Perera

unread,
Mar 3, 2008, 6:02:44 AM3/3/08
to sinhala-...@googlegroups.com
U need any help in PHP, i can help u with dat

Tyronne Wickramaratne

unread,
Mar 3, 2008, 6:06:19 AM3/3/08
to sinhala-...@googlegroups.com
On Mon, Mar 3, 2008 at 6:00 AM, සුපුන් සුදාරක - www.sudaraka.com <ssud...@gmail.com> wrote:
මමයි මලින්තයි දැනටමත් ලංකාවේ බ්ලොග් ලියන්නන් වෙනුවෙන් www.lankatopblogs.com
ඩොමේන් නාමය යටතේ වෙබ් අඩවියක් නිර්මාණය කරමින් සිටිනවා.මාත් කැමතියි මේ
වැඩේට. මුල් පිටුව නම් තාම නිර්මාණය වෙලා නෑ.මමයි මලින්තයි ඒ ගැන මේ
දවස්වල කතා වෙනවා.

දැනට,
බ්ලොග් රේටින් සේවාවක් - http://award.lankatopblogs.com
බ්ලොග් ලියන්නංගේ සංසදයක් (Forum එකක්) - http://forum.lankatopblogs.com

සුළු වශයෙන් ක්‍රියාත්මක වෙනවා.

මේ වෙබ් අඩවිය ඔබගේ ව්‍යාපෘතිය සඳහාත් විවෘත බව දන්වන්නේ හදපිරි සතුටින්.
නමුත්, PHP හෝ එවැනි භාෂාවක් ගැන දැනුම මදි නිසා එවැනි භාෂාවක් දන්න
පුද්ගලයෙක්ගෙන් සහයෝගයක් අත්‍යාවශ්‍යයි.
සුපුන්, Java වලින් කරනවා නම් ඕන උදව්වක් කරන්න පුළුවන්. PHP වලින් වුනත් ගැටළුවක් නැහැ. හැබැයි scripting language එකක් භාවිතා කරන්නට බලාපොරොත්තු වන්නේ නම් ඒ සඳහා PHP නම් අනුමත කරන්නේ නැහැ, Python ඊට වඩා ගොඩක් හොඳයි.

පුළුවන් උදව්වක් කරන්නම්, හැබැයි මුදලට නම් නෙම්යි, ප්‍රජා සේවාවක් විදියට.
 

සල්ලි ගැන නම් ඉතින් ප්‍රශ්නයක් නෑ. දැන්වීම් වලින් ලැබෙන යම් කිසි
ආදායමක් වෙතොත් අර මුලින් කිව්වා වගේ සමාජ සත්කාරයකට දායක කරමු.
ඔව් හැබැයි මේකත් අර සිංහල යුනිකෝඩ් වගේ  පසුකාලීනව මුදලට යට නොකරන බවට සහතිකයක් දෙනවා නම් වඩාත් හොඳයි :P

-TW



--
/usr/local/tyronne
http://groups.google.lk/group/lanka-history-portal

Malinthe Samarakoon

unread,
Mar 3, 2008, 6:09:20 AM3/3/08
to sinhala-...@googlegroups.com
That's not exactly what happened. මොකට කියනවද?

Anandawardhana

unread,
Mar 3, 2008, 6:19:07 AM3/3/08
to සිංහල බ්ලොග්කරුවන්ගේ සමූහය


On Mar 3, 3:30 pm, "P H" <suonline...@gmail.com> wrote:
> මම වැඩේට අත් දෙකම උස්සනවා. හැබැයි මොන වගේ දවසකද මේක වෙන්නෙ කියලා කල් තියා
> දැනගන්න පුලුවන් නමි හොඳයි
> ලියන එක එක පළාතකට සීමා නොවී පොදු වේ කාටත් දැනුම එක් කළ හැකි දෙයක් ගැන නම්
> අගෙයි නේද ? අවුරුද්ද හා බැඳුණු ජන සංස්කෘතිය ගැන වගේ
> නරකද ලියන තේමා ගැන හැමෝගෙම යෝජනාවලින් අදහස් ගත්තොත්. මග හැරුණු යමක් වේ නම්
> අහුවෙයිනෙ.

ඔව් අනිවාර්යයෙන් ම තේමාවක් තිබේද නැද්ද යන්න හා තිබේ නම් එය කුමක් ද
දින, ආරම්භක වේලාව ආදී මේ සියල්ල අපි සාකච්ඡා කරලයි දාගන්න ඕන. දිනය හා
තේමාව පිලිබද ප්‍රශ්න සඳහා threads දෙකක් අරින්නම්. එවිට හැමෝටම අදහස්
දක්වන්න පුලුවන්. අනික මේ මූලික අදහස් හැවමාරුවට එක් වූ සියලු දෙනාට
පරිපාලක පහසුකම් තියෙන සමූහ බ්ලොග් පිටුවක් විශේශ නිවේදන FAQs ආදිය සඳහා
අරින්නම්. එහෙම හොදයි නෙ?

cheers

Anandawardhana

unread,
Mar 3, 2008, 6:39:30 AM3/3/08
to සිංහල බ්ලොග්කරුවන්ගේ සමූහය


On Mar 3, 4:00 pm, "සුපුන් සුදාරක - www.sudaraka.com"
<ssudar...@gmail.com> wrote:
> මමයි මලින්තයි දැනටමත් ලංකාවේ බ්ලොග් ලියන්නන් වෙනුවෙන්www.lankatopblogs.com
> ඩොමේන් නාමය යටතේ වෙබ් අඩවියක් නිර්මාණය කරමින් සිටිනවා.මාත් කැමතියි මේ
> වැඩේට. මුල් පිටුව නම් තාම නිර්මාණය වෙලා නෑ.මමයි මලින්තයි ඒ ගැන මේ
> දවස්වල කතා වෙනවා.

ඒක තමයි. මේ දවස පුරා පාඨකයින්ට බ්ලොග් රේට් කරන්න දෙමු ද? මොකද කට්ටිය
කියන්නෙ.?

Waruna Perera

unread,
Mar 3, 2008, 6:40:41 AM3/3/08
to sinhala-...@googlegroups.com
Good idea. habai apita bonus rating one. :)
 

Anandawardhana

unread,
Mar 3, 2008, 6:41:48 AM3/3/08
to සිංහල බ්ලොග්කරුවන්ගේ සමූහය
බ්ලොග් සටහන් වෙනම rate කරන්න ක්‍රමයක් හදන්න පුලුවන් ද? අනවශ්‍ය
තරගකාරීත්වයක් ඇති කරන්න නෙමෙයි. නමුත් දිවා රෑ නැතුව බ්ලොග් කියවන -
ලියන අයට නිදිමත යන්නත් එක්ක කරන්න වැඩ එපායැ නේද :-D

ආනන්දවර්ධන෴

Waruna Perera

unread,
Mar 3, 2008, 6:43:38 AM3/3/08
to sinhala-...@googlegroups.com
yes, But we must get bonus pionts . :) nettam api amaruve :D

Chamara Peiris

unread,
Mar 3, 2008, 8:20:03 AM3/3/08
to sinhala-...@googlegroups.com
Hi Guys,

Sorry for typing in english, my new office machine is still not setup properly. This is a nice idea to implement AW :)

I also started a new Sri Lankan blog roll, but it still developing very slowly under www.satahan.com, this will include more community & web 2.0 features.

I will do my best to help in this event & make sure we decide a date which we are not busy :)

Cheers,
--
Chamara Peiris | http://apramana.com | http://sewuma.com | +94 712 967 967

dilan damith

unread,
Mar 4, 2008, 2:39:05 AM3/4/08
to sinhala-...@googlegroups.com
වැඩේ නම් හොදයි. අපිත් සූදානම් මේ වැඩේට.
 


 
Reply all
Reply to author
Forward
0 new messages