දිවයින පත්තරය යුනිකේත සඳහා සැරසෙයි

39 views
Skip to first unread message

Sahan Thanthiriwatte

unread,
Jun 26, 2009, 3:33:27 PM6/26/09
to sinhala-...@googlegroups.com
හිතවතුනි,
අද පත්තරය බලන කොට දැක්කෙ. දිවයින පත්තරයේ අන්තර්ජාල සංස්කරණය යුනිකේත වලට සැරසෙන බවයි
පෙනෙන්නේ. පහත ලින්ක් එක බලන්න.
http://www.divaina.com/2009/06/26/news01.html

ජය,
-සහන්-

Thejan Rathnayake

unread,
Jun 28, 2009, 11:52:06 PM6/28/09
to sinhala-...@googlegroups.com
මේ වැඩේ නම් හොඳයි. යුනිකේත අක්ෂර ක්‍රමය ලංකාවේ ප්‍රචලිත වීමට ප්‍රසිද්ධ වෙබ් අඩවි යුනිකේත වලට පරිවර්තනය වීම වැදගත්. ඒ වගේම සියලුම operating systems හා browsers සිංහල යුනිකේත සඳහා සහය දක්වන ‍ලෙස සකස් කිරීමත් වැදගත්. අමතර sinhala kits හෝ fonts බාගත කිරීමකින් තොරව එම වෙබ් අඩවි නැරඹීමට හැකියාවක් තිබීමත් මේ සඳහා වැදගත් වන තවත් කාරණාවක් වනවා.
 
Supun Budhajeewa

unread,
Jun 29, 2009, 8:37:08 AM6/29/09
to sinhala-...@googlegroups.com
2009/6/29 Thejan Rathnayake <thejan.r...@gmail.com>
අමතර sinhala kits හෝ fonts බාගත කිරීමකින් තොරව එම වෙබ් අඩවි නැරඹීමට හැකියාවක් තිබීමත් මේ සඳහා වැදගත් වන තවත් කාරණාවක් වනවා.

ඒක නිකං ඇස් දෙකක් නැතිව බලන්නත් පුළුවන් වෙන්න ඕන කිවුව වගේ කතාවක් නෙ.

සිංහල යුනිකේතය පරිගණකයක් මත ස්ථාපනය කිරීම ඉතාමත් සරල දෙයක්. අනික අපි එක් වරක් යුනිකේතය ස්ථාපනේ කරල අඩවිය බලල ඉන්පසු එය අස්ථාපනය කරන්නෙ නෑ නෙ.

අනික, යුනිකේතය ස්ථාපනයෙන් තොරව අඩවිය බලන්න පුළුවන් වෙන්න ඕන නම් එය යුනිකේතය නොව වෙනත් තාක්‍ෂණයක් විය යුතුයි. නමුත් යම් හෙයකින් එය එසේ වුනොත් මෙය ගැන කතා කරන එකේ වැඩක් නෑ, මොකද මේ ත්‍රෙඩ් එකේ මාතෘකාව "දිවයින පත්තරය යුනිකේත සඳහා සැරසෙයි" වන නිසා.

--
Budhajeewa, Supun
---
budha...@gmail.com
budha...@rahulacollege.org

Thejan Rathnayake

unread,
Jun 30, 2009, 2:36:48 AM6/30/09
to sinhala-...@googlegroups.com

Supun Budhajeewa

ඒක නිකං ඇස් දෙකක් නැතිව බලන්නත් පුළුවන් වෙන්න ඕන කිවුව වගේ කතාවක් නෙ.

සිංහල යුනිකේතය පරිගණකයක් මත ස්ථාපනය කිරීම ඉතාමත් සරල දෙයක්. අනික අපි එක් වරක් යුනිකේතය ස්ථාපනේ කරල අඩවිය බලල ඉන්පසු එය අස්ථාපනය කරන්නෙ නෑ නෙ.

අනික, යුනිකේතය ස්ථාපනයෙන් තොරව අඩවිය බලන්න පුළුවන් වෙන්න ඕන නම් එය යුනිකේතය නොව වෙනත් තාක්‍ෂණයක් විය යුතුයි. නමුත් යම් හෙයකින් එය එසේ වුනොත් මෙය ගැන කතා කරන එකේ වැඩක් නෑ, මොකද මේ ත්‍රෙඩ් එකේ මාතෘකාව "දිවයින පත්තරය යුනිකේත සඳහා සැරසෙයි" වන නිසා.

මේකට පිළිතුරු දෙන්න නම් මට තේරෙන්නෙත් නෑ. යුනිකේත ස්ථාපනයේ තියෙන සරලකම ගැන සාමාන්‍ය පරිගණක පරිශීලකයෙක්ගෙන්ම (මේ ඇබැද්දිය වෙච්ච වෛද්‍ය විශේෂඥයින් නම් දුසිමක් විතර මම පුද්ගලිකවත් දන්නවා. ඒක නිසා නූගතුන්ට මේක තේරෙන්නේ නෑ කියන්න නම් එපා.) ඇහුවනම් දැන ගන්න පුලුවන් වේවි.

මම කිවුවේ built-in support එකක් ගැන සියලුම operating systems හා browsers සහය දක්වන විදියේ.

මේක ඒකමිතියක් වුණාම ඉංග්‍රීසි අකුරු තියෙන වෙබ් අඩවියක් බලනවා තරම්ම පහසුවෙන් සිංහල වෙබ් අඩවි බලන්න පුලුවන් වේවි. ඒක ගැන දිගින් දිගට වාද කරන එකේ තේරුමක් නැහැ. හරියට යුනිකේත නිසා සිංහල අකුරු යුතුරු පුවරුව මත ස්ථාන ගත කිරීමේ ඒකමිතියක් ඇති වූවාක් මෙනි.

ඒක වෙනත් තාක්ෂණයක් විය හැකි වුවත් එය යුනිකේත මත පදනම් නොවුණහොත් එවැනි ඒකමිතියක් පවත්වාගෙන යාම අපහසු බව තේරුම් ගත හැකි (දැනුම්/බුද්ධි) මට්ටමක් ඇතැයි සිතනවා.

ප.ලි :

සංවාදයක් ඇතිකර ගැනීමේ වුවමනාවක් සුපුන්ට ඇත්නම් මෙය ඒ සඳහා භාවිතා කළ නොහැකි බව කරුණාවෙන් දැනුම් දෙමි. මන්ද මා ඉදිරිපත් කළේ අදහසක් පමණක් නිසාය. මෙය තහවුරු කරවීමේ අමාරුවක් මට නැති බැව් දැනුම් ‍දීමට කැමැත්තෙමි.

තේජාන් රත්නායක.

Supun Budhajeewa

unread,
Jun 30, 2009, 5:56:47 AM6/30/09
to sinhala-...@googlegroups.com
2009/6/30 Thejan Rathnayake <thejan.r...@gmail.com>
මේක ඒකමිතියක් වුණාම ඉංග්‍රීසි අකුරු තියෙන වෙබ් අඩවියක් බලනවා තරම්ම පහසුවෙන් සිංහල වෙබ් අඩවි බලන්න පුලුවන් වේවි.

ඒ ඒකමිතිය නේද යුනිකේතය කියන්නේ ? ඉතින් පරිගණකයේ යුනිකේතය නැත්නම් එය ස්ථාපනය කරන්නට සිදුවීම අහන්නටත් දෙයක් ද ?

Ranjana Rajasri

unread,
Jun 30, 2009, 6:47:47 AM6/30/09
to sinhala-...@googlegroups.com

2009/6/30 Supun Budhajeewa <budha...@gmail.com>

2009/6/30 Thejan Rathnayake <thejan.r...@gmail.com>
මේක ඒකමිතියක් වුණාම ඉංග්‍රීසි අකුරු තියෙන වෙබ් අඩවියක් බලනවා තරම්ම පහසුවෙන් සිංහල වෙබ් අඩවි බලන්න පුලුවන් වේවි.

ඒ ඒකමිතිය නේද යුනිකේතය කියන්නේ ? ඉතින් පරිගණකයේ යුනිකේතය නැත්නම් එය ස්ථාපනය කරන්නට සිදුවීම අහන්නටත් දෙයක් ද ?
 
අපි පරිඝනකයක් මිලට ගත් වහාම ඉංග්‍රිසියෙන් වැඩ කල හැකියි. (අපි unicord ස්ථාපිත නොකර) මේ සදහා පොදු සමිමතයක් සියලුම පරිඝනක අශ්‍රිත වැඩ කරන අය යොදා ගන්නවා. 
මෙ ටික විතරයි මතක අද දවස පුරාම මෙම විස්තර තිබුණ web ඒක හෙව්වා හමුවුනෙ නැ.
  සිංහල ගැනත් ඒහි තිබුණා. අපි unicord ස්ථාපිත නොකර භාවිතා කිරීම ගැන.
විවෙක තියෙන අය හොයලා බලන්න.
  
--
http://www.alokaya.myblog.lk
Ranjana Bandara
Accountant,
UMA Group.
Peradeniya.

Supun Budhajeewa

unread,
Jun 30, 2009, 10:18:22 AM6/30/09
to sinhala-...@googlegroups.com
2009/6/30 Ranjana Rajasri <ranjana...@gmail.com>

අපි පරිඝනකයක් මිලට ගත් වහාම ඉංග්‍රිසියෙන් වැඩ කල හැකියි. (අපි unicord ස්ථාපිත නොකර) මේ සදහා පොදු සමිමතයක් සියලුම පරිඝනක අශ්‍රිත වැඩ කරන අය යොදා ගන්නවා. 
මෙ ටික විතරයි මතක අද දවස පුරාම මෙම විස්තර තිබුණ web ඒක හෙව්වා හමුවුනෙ නැ.
  සිංහල ගැනත් ඒහි තිබුණා. අපි unicord ස්ථාපිත නොකර භාවිතා කිරීම ගැන.
විවෙක තියෙන අය හොයලා බලන්න.

පොඩ්ඩක් හිතන්න, සිංහල භාෂාව ලෝකයේ වැඩි වශයෙන් භාවිතා වන භාෂාවක් නොවන නිසා පෙරනිමියෙන්ම සිංහල ස්ථාපනයකොට එවන ලෙස අදාළ මෘදාකාංග නිෂ්පාදකයින්ගෙන් ඉල්ලීම අසාධාරණයි.

එසේ නමුත් බොහෝමයක් වත්මන් මෙහෙයුම් පද්ධති පෙරනිමියෙන්ම සිංහල සහය සහිතව පැමිණෙනවා (Microsoft® Windows™ Vista™ ද පෙරනිමි සිංහල සහය සමග පැමිණුනු බව අහන්නට ලැබුනා.).

ඒවායේ යම් දෝෂ ඇති බව සත්‍යයක් නමුත් එය අදාළ මෘදුකාංග නිෂ්පාදකයින්ගේ තාක්‍ෂණික වරදක් නොව සිංහල දන්නා කෙනෙකු අදාළ නිෂ්පාදන කණ්ඩායමේ නොසිටීමේ අඩුවක් ලෙස මම දකිනවා. නමුත් එම සුළු සුළු වැරදි ඉතා පහසුවෙන් විසඳාගත හැකි ඒවා. (මෙම "ඉතා පහසුව" සාපේක්‍ෂ බව මම පිළිගන්නවා. නමුත් පරිගණකයක් සමග කටයුතු කිරීමට යම් ඒ හා ආශ්‍රිත දැනුමක් - අඩු තරමේ අන්තර්ජාලයෙන් අදාළ ක්‍රියාව සඳහා උපදෙස් ලබාගන්නේ කෙසේද යන්න දැනගැනීම - තිබීම අවශ්‍යයි.)

ලෝකයේ ඇති සියළුම භාෂා සඳහා පෙරනිමි සහය සමග මෙහෙයුම් පද්ධති නිකුත් කරන්නට වුවහොත් ඇතිවය හැකි ගැටළු හිතන්න. ඉමහත් ශ්‍රමයක් කාලයක් ඒ සඳහා ගත වෙනවා. අනික උපතින් අදාළ බස කතා නොකරන අය අතින් භාෂාව මෙහෙයුම් පද්ධතියට අන්තර්ගත කිරීම සිදු වුනොත් සිදුවිය හැකි භාෂාත්මක දෝෂත් වැඩී.

ඒ නිසයි මෙහෙයුම් පද්ධති නිෂ්පාදකයන් පෙරනිමියෙන් භාෂා සහය ලබා නොදී අවැසි අයෙකුට තමන්ට අවැසි භාෂා පමණක් තෝරා ස්ථාපනය කරන්නට ඉඩ දී ඇත්තේ.

Chaturanga

unread,
Jun 30, 2009, 11:31:37 PM6/30/09
to sinhala-...@googlegroups.com
මට නම් ඒක මිතියක් දකින්න නැහැ. මොකද අපි මෙහෙම ටයිප් කළාට ඉංග්‍රීසි වල වගේ ‍‍ෆොන්ට් එක මාරු කරන්න හැකියාවක් මට තාම හමු වුනේ නැහැ.
Word වල  යුනිකේතයෙන් ටයිප් කරලා ෆොන්ට් එක මාරුකරන්න බැහැ. පුළුවන් නම් කියාදෙන්න.

යුනිකේත ෆොන්ට් ගැන ටිකක් දැනගන්න අවශ්‍ය‍යි. (ඉස්කෝල පොත විතරක් භාවිතා කරල කරල මට නම් දැන් එපා වෙලා... :(  ...)

2009/6/30 Ranjana Rajasri <ranjana...@gmail.com>

Thejan Rathnayake

unread,
Jul 1, 2009, 4:10:40 AM7/1/09
to sinhala-...@googlegroups.com

2009/7/1 Chaturanga <chathuranga....@gmail.com>

මට නම් ඒක මිතියක් දකින්න නැහැ. මොකද අපි මෙහෙම ටයිප් කළාට ඉංග්‍රීසි වල වගේ ‍‍ෆොන්ට් එක මාරු කරන්න හැකියාවක් මට තාම හමු වුනේ නැහැ.
Word වල  යුනිකේතයෙන් ටයිප් කරලා ෆොන්ට් එක මාරුකරන්න බැහැ. පුළුවන් නම් කියාදෙන්න.

යුනිකේත ෆොන්ට් ගැන ටිකක් දැනගන්න අවශ්‍ය‍යි. (ඉස්කෝල පොත විතරක් භාවිතා කරල කරල මට නම් දැන් එපා වෙලා... :(  ...)

2009/6/30 Ranjana Rajasri <ranjana...@gmail.com>

මාරු කරන්න පුලුවන් තවත් යුනිකෝඩ් සිංහල ‍ ෆොන්ට් වර්ගයකටම විතරයි.

FM- ( Bindumathi) DL- (Sarala)  ‍වගේ එක ඉතා පහසුවෙන් භාවිතා කරන්න තාමත් අපහසුයි. හේතුව Unicode Compatible සිංහල Fonts තියෙන්න අතේ ඇඟලි ගණනටත් අඩුවෙන් වීම. (මම දන්නේ Kaputa Unicode, Iskoola Potha, Malithi web, Kandy unicode විතරයි.)වි‍ශේෂයෙන්ම design එකක් publication එකක් කරන්න ගියාම මේ ගැටලුව තදින් දැනෙනවා. අනික් කාරණය MS Word වලදී වගේම බොහොමයක් මෘදුකාංග වලත් ඉංග්‍රීසි fonts වගේ letter design එක බලාගන්නත් අපහසුයි. ඒක භාවිතයේදී විශාල අපහසුවක්. මේ වැඩෙන් ඒකමිතියක් හැදෙන එක කෙසේ වෙතත් අපිව Word 2000 වලට පෙර යුගයට අපිව ගෙනිහිල්ලා වගෙයි මට නම් හිතෙන්නේ.

‍‍
------ මේ කතාව ටික ටික බ්ලොග්කරණයෙන් එළියට යනවා පුතේ. කොයි වෙලාවේ අපේ බ්ලොක් කරාවිද දන්නේ නෑ. -----

Thilina Gunasekara

unread,
Jul 1, 2009, 4:36:00 AM7/1/09
to sinhala-...@googlegroups.com
යුනිකෝඩ් සිංහල අකුරු සාමාන්‍ය සිංහල ෆොන්ට් එකකට මාරු කරන්න මෙතනින් පුලුවන් ‍

Thejan Rathnayake

unread,
Jul 1, 2009, 5:28:24 AM7/1/09
to sinhala-...@googlegroups.com

2009/7/1 Thilina Gunasekara <thilina.g...@gmail.com>

යුනිකෝඩ් සිංහල අකුරු සාමාන්‍ය සිංහල ෆොන්ට් එකකට මාරු කරන්න මෙතනින් පුලුවන් ‍

thanks machan.

desktop publishing වලට ප්‍රයෝජනවත් වන විදියට තම තමන්ගේ සිංහල ෆොන්ට් අයිතිකරුවන් සකස් කරන්නේ නැත්තේ ඇයි.

මම හිතන්නේ අපි නොදන්න තවත් සිංහල යුනිකෝඩ් ෆොන්ට් තියෙන්න පුලුවන්. කවුරුහරි දන්න කෙනෙක් ඉන්නවනම් ඒ දැනුම අපි එක්ක බෙදා ගන්න.

තේජාන්
Reply all
Reply to author
Forward
0 new messages