Disclaimer and Ethics

307 views
Skip to first unread message

Malinthe Samarakoon

unread,
May 2, 2008, 1:20:05 AM5/2/08
to sinhala-...@googlegroups.com
මෙම පිටුව මෙතැනින්ද ලබාගන්නට පුළුවන්: http://groups.google.com/group/sinhala-bloggers/web/sinhala-bloggers-union-disclaimer
මේ පිළිබඳව කිසියම් ගැටලුවක් තිබෙනවා නම් මේ thread එකෙන්ම විමසන්න. :)

-------------

සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය
Disclaimer

සිංහල බසින් ලියන බ්ලොග්කරුවන්ගේ එකමුතුවෙන් ගොඩනැඟුණු මේ සංසදය, බ්ලොග්කරුවන්ට අදාළ වූ තාක්ෂණික, භාෂාමය ආධාරෝපකාර සපයාගැනීමේත් බ්ලොග්කරුවන්ගේ සමාජීය භූමිකාව, අයිතීන් හා වගකීම් කෙරෙහි බැරෑරුම් අවධානය යොමු කරමින් පුළුල් සංවාදයක් ගොඩනැඟීමේත් අරමුණින් පෙරට යන සාමූහික ව්‍යාපෘතියකි.

සංසදයේ වෙබ් පිටු ඔස්සේ පළ කෙරෙන ලේඛන හා සංසදයේ නිල නිවේදන හැරුණු විට සංසදයේ සාමාජිකයන් සංසදය තුළ හෝ පිටදී පලකරන ලිපි මගින් ගම්‍ය වන අදහස් සංසදයේ අදහස් හෝ පොදුවේ "බ්ලොග්කරුවන්ගේ" අදහස් නොවන අතර, එවැනි අදහස් මගින් උද්ගත විය හැකි ගැටලු හෝ වෙනත් කිසිදු තත්ත්වයක් පිළිබඳව සංසදය කිසිදු වගකීමක් නොදරන බව කරුණාවෙන් සලකන්න. යම් අයෙක් පළ කරන අදහස් ඔහුගේ/ඇයගේ අදහස්ම වන අතර ඒ පිළිබඳව වගකීම ඔහු/ඇය විසින් දැරිය යුතුයි.

අපේ ගූගල් සමූහය ඔස්සේ සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය ඉටු කරමින් සිටිනුයේ බ්ලොග්කරණය හා ජාලගත ප්‍රකාශනය සම්බන්ධ ගැටලු නිරාකරණය කරගනිමින් එම අංශ පිළිබද වැඩිදුර ගැඹුරු සංවාදයක් උදෙසා පහසුකම් සපයන්නකුගේ භූමිකාවක් පමණයි. මේ සංවාද අවකාශය සාධනීය අන්දමින් උපයෝගී කරගැනීමේ වගකීම මෙයට සහභාගී වන සෑම සාමාජිකයකු ම සතු දෙයකි.


ගූගල් සමූහයේ සංවාද කටයුතු පිළිබඳව ආචාර ධර්ම
  • සාමාජිකයන්ගේ පෞද්ගලික ආරවුල් (Personal Disputes) ආදිය සංසදයේ ගූගල් සමූහය මගින් විසඳාගැනීමට කිසිදු අවසරයක් නොමැත.
  • යම් කටයුත්තක් පිළිබඳව විවිධ පුද්ගලයන්ට විවිධ මත තිබිය හැකි නිසා අනෙක් අයගේ මතවලට ගරු කරන්න. සහයෝගයෙන් කටයුතු කරන්න. යම් ප්‍රශ්නයක් හෝ මතභේදයක් ඇති වුවහොත් එය සුහදශීලීව විසඳාගන්න.
  • ගූගල් සමූහයේ භාවිත කරන භාෂාව සිංහල හෝ ඉංග්‍රීසි විය හැකි නමුත් සිංහල නම් වඩා සුදුසුය. කෙසේ වුවත් අසභ්‍ය වදන් භාවිතය හා ආක්‍රෝෂ පරිභව කිරීම්වලින් වලකින්න.
  • බ්ලොග් අවකාශය තුළ ආරූඪ නාමයන්ගෙන් පෙනී සිටීම ද සිදු වන බැවින් ඒ ඒ සාමාජිකයා තෝරාගන්නා අනන්‍යතාවට ගරු කරමින් සංවාදයේ යෙදෙන්න. ඔවුන්ගේ පෞද්ගලිකත්වයට හානි වන අන්දමින් කටයුතු නොකරන්න.
  • සංසදයේ සාමාජිකයන් වෙනත් රැකියාවල නිරත වී සිටින අතර ස්වේච්ඡා ශ්‍රමයෙන් මේ කටයුතු සඳහා දායක වන නිසා ඉදිරිපත් කරන ලද ගැටලුවකට පිළිතුරක් බලාපොරොත්තු වීමේදී මදක් ඉවසන්න. ඇතැම් විට ප්‍රමාදයන් සිදු විය හැකියි.

Reply all
Reply to author
Forward
This conversation is locked
You cannot reply and perform actions on locked conversations.
0 new messages