Groups keyboard shortcuts have been updated
Dismiss
See shortcuts

සැළලිහිනි සංදේශය.

160 views
Skip to first unread message

Anu-Linux

unread,
Jun 19, 2008, 8:01:24 AM6/19/08
to sinhala-...@googlegroups.com
ආයුබෝ වේවා!

මගේ බිරිඳට සිංහළ භාවිතය හුරු වීම පිනිස මා කුඩා වැඩයක් පැවරුවා. සැළලිහිනි සංදේශය යතුරු ලියනය කරන්න භාර දුන්නා. එය අවසානයේ බ්‍ලොග් එකක් තුලින් දිස්කරවන්නයි අදහස. මං දැනගන්න කැමතියි, දැනටම මෙය යුනිකේතයෙන් ලියා අන්තර්ජාල ගත චී තිබේද කියා. එය එසේ වුවත් ඇය මෙම වැඩය නිමකොට බ්‍ලොග් කරාවි. බ්ලොග් ලිපිනය පසුව දන්වන්නං.

සුභ දවසක්!!

--
දසුන්ප්‍රිය අනුරාධ.
D. AnuradhA
Step to the future with FOSS!

My Blog : http://blog.mihikatha.net/
සිංහළ blog සටහන්: http://anuradha-life.blogspot.com/
My Photo Galleries : http://www.flickr.com/photos/dasun
http://picasaweb.google.com/linuxdassa

Anuradha Ratnaweera

unread,
Jun 19, 2008, 8:36:46 AM6/19/08
to sinhala-...@googlegroups.com
2008/6/19 Anu-Linux <linux...@gmail.com>:

>
> මගේ බිරිඳට සිංහළ භාවිතය හුරු වීම පිනිස මා කුඩා වැඩයක් පැවරුවා. සැළලිහිනි
> සංදේශය යතුරු ලියනය කරන්න භාර දුන්නා. එය අවසානයේ බ්‍ලොග් එකක් තුලින්
> දිස්කරවන්නයි අදහස. මං දැනගන්න කැමතියි, දැනටම මෙය යුනිකේතයෙන් ලියා අන්තර්ජාල
> ගත චී තිබේද කියා

http://www.epothgula.info/selalihiniya/index.html

Anuradha
--
http://www.sayura.net/anuradha/

සුපුන් සුදාරක - www.sudaraka.com

unread,
Jun 19, 2008, 8:55:50 AM6/19/08
to සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය
ඔව් දැනටමත් මෙය අන්තර්ජාල ගතවී තිබෙනවා. ළඟදීම නිල වශයෙන් නිකුත් වෙයි.

On Jun 19, 5:36 pm, "Anuradha Ratnaweera" <anura...@taprobane.org>
wrote:
> 2008/6/19 Anu-Linux <linuxda...@gmail.com>:

Chamara Peiris

unread,
Jun 19, 2008, 8:58:40 AM6/19/08
to sinhala-...@googlegroups.com
මම දන්න විදියට ආනන්දවර්ධන තමයි මේක මූලිකත්වය අරගෙන කටයුතු කරේ.

Cheers,
--
Chamara Peiris | http://apramana.com | http://sewuma.com | +94 712 967 967

Anu-Linux

unread,
Jun 19, 2008, 9:01:14 AM6/19/08
to sinhala-...@googlegroups.com
2008/6/19 සුපුන් සුදාරක - www.sudaraka.com <ssud...@gmail.com>:
ඔව් දැනටමත් මෙය අන්තර්ජාල ගතවී තිබෙනවා. ළඟදීම නිල වශයෙන් නිකුත් වෙයි.

ඉතා අනර්ඝ ලෙස සාදා තිබෙනවා. කවුරුන් හට හෝ හැගෙන වෙනත් කාව්‍ය සංග්‍රහයක් වෙතොත් මට දන්වනවද? මට හැකි වේව අපේ සරසවි පුස්ථකාලයෙන් අදාල පොත සොයා ගන්න.

ස්තූතියි.

"සහන් තන්තිරිවත්ත (Sahan Thanthiriwatte)"

unread,
Jun 19, 2008, 9:08:14 AM6/19/08
to sinhala-...@googlegroups.com
බුදු ගුණ අළංකාරය, ලෝ වැඩ සඟරාව යතුරු ලියනවා නම් ඉතාමත් අගෙයි.

ජය,
-සහන්-

/*----------------------------*/
Kanchana S. Thanthiriwatte
කංචන සහන් තන්තිරිවත්ත
www.ketapath.helasara.com
Q-Chem in Progress...
Complete Quantum Computation...
A Quantum Leap Into The Future Of Chemistry...

saha...@yahoo.com
saha...@gmail.com

Anu-Linux wrote:
> 2008/6/19 සුපුන් සුදාරක - www.sudaraka.com <http://www.sudaraka.com>
> <ssud...@gmail.com <mailto:ssud...@gmail.com>>:

Anuradha Ratnaweera

unread,
Jun 19, 2008, 12:06:07 PM6/19/08
to sinhala-...@googlegroups.com
2008/6/19 Anuradha Ratnaweera <anur...@taprobane.org>:

> 2008/6/19 Anu-Linux <linux...@gmail.com>:
>>
>> මගේ බිරිඳට සිංහළ භාවිතය හුරු වීම පිනිස මා කුඩා වැඩයක් පැවරුවා. සැළලිහිනි
>> සංදේශය යතුරු ලියනය කරන්න භාර දුන්නා. එය අවසානයේ බ්‍ලොග් එකක් තුලින්
>> දිස්කරවන්නයි අදහස. මං දැනගන්න කැමතියි, දැනටම මෙය යුනිකේතයෙන් ලියා අන්තර්ජාල
>> ගත චී තිබේද කියා
>
> http://www.epothgula.info/selalihiniya/index.html

කෙසේ වෙතත්, කුමරතුඟු සැකැසුමට අනුව අකුරු පිළිවෙල සසඳා බලන්නට හැකි නම්
හොඳයයි සිතේ.

අනුරාධ
--
http://www.sayura.net/anuradha/

Anandawardhana

unread,
Jun 19, 2008, 1:49:27 PM6/19/08
to sinhala-...@googlegroups.com
සැළලිහිණි සන්දේශයේ (කලින් සඳහන් කල, එහෙත් 'නිල' වසයෙන් නිකුත් වී නැති) අපේ සංස්කරනය ගැන යි.

අප විසින් ඉදිරිපත් කෙරෙන එකී කෘතිය නවතම සංස්කරනයක්. එය වෙනත් සංස්කරනයක් බලා කල යතුරු ලිවීමක් නොවේ. එය "බුද්ධඝෝස ව්‍යාපෘතිය" නමැති ග්‍රන්ථ සංස්කරන ව්‍යායාමයේ කොටසක්. මෙයට සන්දේශයෙහි පෙලට අමතරව සවිස්තර ප්‍රස්තාවනාවක්, ගායනා සහිත ශ්‍රව්‍ය කොටසක් සහ ව්‍යාඛ්‍යාවක් ද ඇතුලත් වෙනවා. මෙය වසර ගනනාවක් තිස්සේ කෙරුනු කටයුත්තක්. දැන් අදියරෙන් අදියර ප්‍රකාශයට පත් වෙමින් තියෙන්නේ. මෙය හෙමින් කෙරෙන වැඩක්. ඉවර කරන්න හදිසියකුත් නැහැ :)

මේ සංස්කරනයේ වගකීම මා සතු යි. එහි දී දැනට පල ව ඇති සංස්කරන බහුතරයක් ද පුරාන සන්නය ද මුල් පිටපත් කීපයක් ද පරිශීලනය කෙරුනා, තුලනාත්මකව අධ්‍යයනය කෙරුනා. කුමාරතුංග මහතාගේ සංස්කරනයත් අපගේ පරිශීලිත කෘති අතර තියෙනවා.

මම කුමාරතුංගයන්ගේ සංස්කරනය දකින්නේ අද තිබෙන දුර්වල ම සහ අත්තනෝමතික ම සංස්කරනයක් හැටියට යි. එහි එන කුමාරතුංගයන්ට විශේශ වූ බොහෝ යෙදුම් සහ අර්ථකථන මෙහි දී දැනුවත් ව බැහැර කොට තිබෙනවා. ඉදිරියේ දී නිකුත් වන ප්‍රස්තාවනා ආදියෙහි දීත් වෙනත් ලිපිවල දීත් මේ පිලිබඳ සවිස්තර පැහැදිලි කිරීම් ඉදිරිපත් කෙරෙනු ඇති. මේ ස්ථානය ඒ ගැන විවාදයකට යොදාගැනීමට මම අදහස් කරන්නේ නැහැ.

කෙසේ වුවත් එකම ග්‍රන්ථයක වුවත් වැඩි වැඩියෙන් සංස්කරන නිකුත් වීම ශාස්ත්‍රයේ දියුනුවට යහපත්. ඒ වගේ ම වෙනත් අයගේ සංස්කරන වුනත් අවසර ගෙන යතුරු ලියා අන්තර්ජාලයේ පල කරනවා නම් එයත් සේවයක්. කවුරු කලත් නිසි අධ්‍යයනයකින් යුක්ත ව වගකීම් සහගත ව මේවායේ නිරත වෙනවා නම් ඒ තරම් ගැටලුවක් පැන නගින්නේ නැහැ. මට නම් පුද්ගලිකව මගේ ජීවිත කාලය තුල කරන්න පුලුවන් වෙන්නේ රාහුල හිමියන්ගේ ම වෙනත් කෘතියක් දෙකක් පමනක් බවයි මට හැඟෙන්නේ. තවත් කාලයක තවත් කතුවරයකු වෙතට හැරෙනවා නම් කරන්න වැඩ බොහොමයි. ඒවා පූර්නකාලීනව අවධානය ඉල්ලා සිටින දේවල්.

කවුරුන් හෝ අපේ සම්භාව්‍ය සාහිත්‍ය කෘතීන්ගේ සංස්කරන, නිසි ක්‍රමවේදයන්ට යටත්ව බුද්ධඝෝස ඊ පොත් ගුලට ඉදිරිපත් ඉදිරිපත් කරනවා නම්, එහි පල කිරීමට දොරටු විවරව තිබෙනවා. එනම් මෙය නව සංස්කරනයක් වන්නේ කවර පදනමකින් ද, මෙහි පරිශීලිත ග්‍රන්ථ කවරේද ආදියත් මෙහිලා අනුයන ලද සංස්කරන ක්‍රමවේද ගැනත් මනා ව පැහැදිලි කරමින් ඒත්තු යන අන්දමින් එය ඉදිරිපත් කල යුතුයි. වෙනත් අයගේ කෘති හුදෙක් යතුරු ලියා සිය නමින් ඉදිරිපත් කරන්නේ නම් ඒවා ඊ පොත්ගුලට ඇතුලත් කෙරෙන්නේ නැහැ. සංස්කාරකවරුන්ගේ හිමිකම් හා ප්‍රකාශන සදාචාරයට අපි කරු කරනවා. මන්ද මෙවැනි පත පොත මතු කරගෙන, සංස්කරනය කොට අද පවත්නා තත්වයට ගෙන ඒමට අතිවිශාල ශ්‍රමයක් සහ කාලයක් පසුගිය සියවස් එක හමාර දෙක තුල වැය කල පුරෝගාමී සංස්කාරකවරුන් නොසිටින්න අපට මේ පොත් කියවන්න ලැබෙන්නේ නැහැ. ඒවායේ ඒ ඒ සංස්කාරකවරුන්ගේ මැදිහත් වීමේ ලකුන නොමැකී පවතිනවා.


ස්තුතියි
-ආනන්දවර්ධන
--
Anandawardhana
http://webalochana.blogspot.com

Anandawardhana

unread,
Jun 19, 2008, 1:58:30 PM6/19/08
to සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය
ඒ වගේ ම තමයි අප භාවිතා කරන නම තමයි

සැළලිහිණි සන්දේශය

ඒ අපේ නිගමනය ;-) අවසාන විග්‍රහයේ දී අපේ පුද්ගලික අදහස. වෙනත් සමහරු
වෙනත් වෙනත් ආකාරවලට ඕක ලියනවා. සිංහල ගැනත්, සිංහළ ගැනත් ඉතින් විවිධ
මත බහුලයි නේ... සියලු සංස්කරනයක් ම අවසාන විග්‍රහයේ දී සංස්කාරකවරයාගේ
ආස්ථානය ද ප්‍රකට කරනවා, මුල් කතුවරයාගේ කෘතිය ඉදිරිපත් වීමට අමතර ව.
> 2008/6/19 Anuradha Ratnaweera <anura...@taprobane.org>:
>
>
>
> > 2008/6/19 Anuradha Ratnaweera <anura...@taprobane.org>:
> > > 2008/6/19 Anu-Linux <linuxda...@gmail.com>:

SRIshanu

unread,
Jun 20, 2008, 12:30:44 AM6/20/08
to sinhala-...@googlegroups.com
මෙම ලිපි කියවද්දී නොදන්නකමට නැගුනු ගැටළුවක් මේ අහන්නේ.....

යම් පැරණි පොතක (මෙහිදී සැළලිහිණි සංදේශය), මෑතකාලයේ පිටවූ "සංස්කරණයන්" එකිනෙකට වෙනස්ද? එසේ නම් ඒ ඇයි? එසේ, නව පොත (සංස්කරණය) ලියන්නාට එසේ තමා කැමති අයුරකින් මුල් පොත වෙනස් කිරීමට අයිතියක් තිබේද? අයිතියක් තිබුනත් එසේ කරන්නේ ඇයි? අප පොත්හලකට ගොස් සැළලිහිණි සංදේශයක් මිළට ගතහොත් එහි ඇත්තේ මුල් කතුවරයා ලියූ පද එලෙසින්ම නොවේද? සංස්කරණ දෙකක් මිළට ගතහොත් එවා එකිනෙකට වෙනස් වේද? මුල් පොත කෙසේදැයි දැනගැනීමට හැකියාවක් නැද්ද? එය ඇත්තේ කොහේද?

අමතර ප්‍රශ්නයක්: මුල් කතුවරයා විසින්ම එහි පිටපත් එකකට වැඩි ගණනක් නිකුත් කර තිබේද?

බොහොම කෙටියෙන් වුවත්, පැහැදිලිව පිළිතුරක් දෙන්නේ නම්, බොහොම පිං!



--
ශ්රීශානු - SRIshanu
http://srishanu.blogspot.com
http://lankahistory.blogspot.com
http://srilanka2008.blogspot.com

Anandawardhana

unread,
Jun 20, 2008, 1:08:39 AM6/20/08
to sinhala-...@googlegroups.com
,ඉතා වැදගත් ම ප්‍රශ්නයක් ශ්‍රී ශානු. මෙය මතු කිරීම ගැන ස්තුතියි,

අද අප පොත් හලකට ගිය විට ගන්න ලැබෙන්නේ විවිධ සංස්කාරකවරුන් විසින් සම්පාදනය කෙරුනු සංස්කරන. එහෙම වෙන්නේ ඇයි?
මේ පුරාන පත පොත ඒ කාලේ ලිවීම සහ පල කිරීම කියන එකෙන් අදහස් වුනේ වෙනත් ම දෙයක්. අද අපි අදහස් කරන දේ නෙමේ.

උදාහරනයක් දුන්නොත් අපට මෙන්න මේවා අනුමාන කරන්න පුලුවන් -

රාහමුල හාමුදුරුවෝ මුලින් ම ලියූ පොත තියෙන්න ඇති. ඊට පස්සේ විජයබා පිරුවනේ දී හෝ උන්නාන්සේ වඩ වාසය කල වෙනත් තැනකක දී තවත් පිටපත් පුස්කොල වල රචනා කරන්න ඇති. ඒත් තියෙන්නෙ අතේ ඇඟිලි ගානටත් අඩුවෙන් වෙන්න හොඳටම ඉඩ තියෙනවා. ඒ වගේ ම මෙහෙම දේකුත් වෙනවා. විවිධ පලාත්වල ඉන්න වියතුන්ට හාමුරුදුවරුන්ට පඬිවරුන්ට මෙහෙම පොතක් තියෙන වග ආරංචි වුනාම ඒ අය තමුන්ගෙ ගෝලයෙන් පිටත් කරලා අරිනවා අන්න රාහුල හාමුදුරුවො පොතක් ලියලා උඹත් ගිහින් පිටපතක් අරන් වරෙන් කියල. ඉතින් මේ අය දුරු කතර ගෙවාගෙන (අද වගේ බස් එකේ කෝච්ච්යේ යන්න යැ) ගිහින් දින ගානක් නැවතිලා ඉඳලා අතින් පිටපත් කරගෙන එනවා.

ඉතින් මුද්‍රනය සඳහා පුරාන පත පොත(ජාතක පොත, සැළලිහිණිය ආදී....) සංස්කරනය කරන්න ඉදිරිපත් වුන මුල් කාලීන පඬිවරුන්ට (විශේශයෙන් 1800 ගනන්වල) තිබුනේ විවිධ තැන්වලින් හොයාගත් පුස්කොල පොත් කීපයක් විතරයි. ඒවායේ එකිනෙකට වෙනස් ස්ථාන හමු වෙන එක සාමාන්‍ය දෙයක්.

ඇයි ඒ?

හේතු ගොඩයි. අර පිටපත් හදද්දී වුනු අත්වැරදි. පිටපත් කරපු අය සමහර වෙලාවට හරි කියලා හිතලා යොදන පද. පස්සේ කාලෙක ඇතැම් විට මතකයෙන් නිපදවපු පිටපත් වල තියෙන්න පුලුවන් වෙනස්කම්.

ඉතින් සංස්කාරක මුහුන දෙන අභියෝගය තමයි අදාල යුගයේ සාහිත්‍යය අධ්‍යයනට කිරීම අදාල ලේඛකයා ගැන දන්නවා නම් ඔහුගේ වෙනත් කෘති සේ සැලකෙන ඒවා අධ්‍යයනය කිරීම ඒ වගේම දැනට තිබෙන පිටපත් තුලනය කිරීම සහ තවත් බොහෝ වැඩ. එතකොට හැකියාව ලැබෙනවා මේ දුරවබෝධ තැන් වලින් කොයි විකල්පය තෝරාගන්න ද කියලා. මේක අනුමාන කිරීමක්. සමහරු බහුතරයක් පිටපත් වල තියෙන දේ හරි දේ හැටියට ගන්නවා. සමහරු වෙනත් සාධක මත තීන්දු ගන්නවා. අවසානයේ දී නිගමනය කරනවා රාහුල හාමුදුරුවෝ (හෝ අදාල ලේඛකයා) යොදාගන්න ඇත්තේ මෙන්න මේ පදය බව. ඒක තීරනය කරන්නේ සංස්කාරක. ඉතින් මුල් කාලීන සංස්කරන මත පදනම් ව අද දක්වා පැවත එන විවිධ ධාරා කීපයක් තියෙනවා. ඒවා එකිනෙකට වෙනස්. මම අද රෑට උදාහරන සහිත සටහනක් ලියන්නම්. කුමාරතුංග මහතා, ධර්මාරාම හිමි, බන්දුසේන ගුනසේකර, සුචරිත ගම්ලත්, ජී එස් බී සේනානායක වැනි සංස්කාරකවරුන් කීප දෙනෙක් ආශ්‍රය කරගනිමින් සැළලිහිණිය ගැන. පුලුවන් වූ විටක වෙනත් පොත් ගැනත් ලියන්නම්. ලොමු ඩැහැගැන්වෙන වැඩ දීපු සංස්කාරකවරුත් ඉන්නවා කව්සිළුමිණ වගේ පොත්වලට :D

දැනට කෙටියෙන් කිව්වොත් අප අතට පොත් කඩේ දී පත් වෙන්නේ මේ පරිශ්‍රමය දරා "සුද්ද කොට" ගොඩ දැමූ විවිධ අයගේ සංස්කරන. ඒවායේ ඇතැම් වෙනස්කම් පවතිනවා. පුස්කොල පොත් සොයාගෙන ඒවා ශෝධනය කොට අද පවතින තත්වයට ගෙන ආ පුරෝගාමීන්ගේ ශ්‍රමය නොවන්න අද අපට ලේසියෙන් මෙහෙම ඒ පොත් මිල දී ගන්න තියා ඒවා මොන වගේද ඒවා ලිව්වේ කවුද කියන එක වත් නිශ්චිත ව කියන්න අමාරු යි.

මේ වැදගත් ප්‍රශ්නය මතු කිරීම ගැන ආයෙත් ස්තුතියි


2008/6/20 SRIshanu <sris...@gmail.com>:



--
Anandawardhana
http://webalochana.blogspot.com

Anu-Linux

unread,
Jun 26, 2008, 2:03:34 AM6/26/08
to sinhala-...@googlegroups.com
ආයුබෝවන් මිතුරනි,

අප පෙර සාකච්ඡා කළ පරිදි, මාගේ බිරින්දෑට ලෝවැඩ සඟරාව යතුරුලියන්න භාර දුන්නා. ;-) දැන් ඇය එහි කවි 20ක් පමණ යතුරු ලියලා තියෙනවා. මේ අවස්තාවේත් ඇය නිවසේ සිට එම කටයුත්තේ නියැලෙමිනුයි සිටින්නේ. ඉතා අමාරුවෙන් තමා ඇයව පරිඝණකය ආශ්‍රිත කටයුතු වලට යොමු කරගත්තේ, ඇය පරිඝණක වැඩ වලට ඉතාමත් මැලි කෙනෙකි. අනුරාධටත් ස්තූතිවන්ත වෙන්න ඕන, ඔහුගේ බිරිඳගේ පරිඝණක කටයුතු, සිංහළ වලට ඇති දායකත්චය ගැන පවසා, මා ප්‍රියම්බිකාවද උනන්දු කරවීමට දායක වීම ගැන. ;-). ඇය සිංහළ බ්‍ලොග් සංසදයට මුහු කිරීමටද මම බලාපොරොත්තු වෙමි. ලෝවැඩ සඟරාවේ යම් දුරකට යතුරු ලියූ විට එය බ්‍ලොග් එකකට යොදා ලිපිනය දන්වන්නම්.

සුභ දවසක්!

"සහන් තන්තිරිවත්ත (Sahan Thanthiriwatte)"

unread,
Jun 26, 2008, 2:59:33 AM6/26/08
to sinhala-...@googlegroups.com
මා ගාව ලෝවැඩ සඟරාව සම්පූර්ණයෙන්ම යුනිකේතයෙන් යතුරුලියා ඇත.

කවි සියල්ල යතුරු ලියා ඇත නමුත් එක් එක් තේරුම එකතු කළ යතුව තිබේ. අධ්‍යපන ප්‍රකාශන
දෙපාර්ථමේන්තුවේන් පළ‍ කෙරුණු ලෝවැඩ සඟරාව ඇත්නම් තේරුම එකතු කරන්න මම මාගේ පිටපත
ලැබෙන්නට සළස්වන්නම්. තවද එළිසමය සෑදීමට ද තිබේ (tab settings). මා හිතනවා මෙය
පහසුවක් වේය කියා. මට ඔබ යතුරු ලියනා පරිගණක පරිසරය දන්වන්න.
(Linux/windows), (MS office 2003/2007 or OpenOffice). මම ඒ විධියහ එවන්නම්.


ජය,
-සහන්-

/*----------------------------*/
Kanchana S. Thanthiriwatte
කංචන සහන් තන්තිරිවත්ත
www.ketapath.helasara.com
Q-Chem in Progress...
Complete Quantum Computation...
A Quantum Leap Into The Future Of Chemistry...

saha...@yahoo.com
saha...@gmail.com

Anuradha Ratnaweera

unread,
Jun 26, 2008, 4:07:56 AM6/26/08
to sinhala-...@googlegroups.com
2008/6/26 "සහන් තන්තිරිවත්ත (Sahan Thanthiriwatte)" <saha...@gmail.com>:

>
> තවද එළිසමය සෑදීමට ද තිබේ (tab settings).

මේ සඳහා මා ලියා ඇති kavi නම් පුංවි වැඩසටහන යොදා ගත හැකි.

වාසල මුදියන්සෙලාගේ නිලන්ත පියසිරි (WM Nilantha Piyasiri)

unread,
Jun 26, 2008, 5:05:35 AM6/26/08
to sinhala-...@googlegroups.com
මට මතක හැටියට වරක්‍ ගුණපාල මලලසේකර මහතා ලියනවා යමෙකුට මේ මගේ "බිරිඳ" හෝ "wife" යැයි හඳුන්වා දෙනවාට වඩා "සොදුරිය" යැයි කියනවා නම් ලස්සනයි කියා. මටත් එහෙම හිතෙනවා.



#########################
# ඔබට ආයුබොහෝ වේවා ! #
#########################

Anu-Linux

unread,
Jun 26, 2008, 5:17:59 AM6/26/08
to sinhala-...@googlegroups.com
ආයුබෝවන්,

මා ගාව ලෝවැඩ සඟරාව සම්පූර්ණයෙන්ම යුනිකේතයෙන් යතුරුලියා ඇත.

කවි සියල්ල යතුරු ලියා ඇත නමුත් එක් එක් තේරුම එකතු කළ යතුව තිබේ. අධ්‍යපන ප්‍රකාශන
දෙපාර්ථමේන්තුවේන් පළ‍ කෙරුණු ලෝවැඩ සඟරාව ඇත්නම් තේරුම එකතු කරන්න මම මාගේ පිටපත
ලැබෙන්නට සළස්වන්නම්.  තවද එළිසමය සෑදීමට ද තිබේ (tab settings).  මා  හිතනවා මෙය
පහසුවක් වේය කියා.  මට ඔබ යතුරු ලියනා  පරිගණක පරිසරය දන්වන්න.
(Linux/windows), (MS office 2003/2007 or OpenOffice). මම ඒ විධියහ එවන්නම්.

වැඩේ අනගියි මිතුර. මාගේ බිරිඳ මෙය යතුරු ලියන්නේ ලිනක්ස් පද්ධතියකයි (උබුන්ටු). මෙය හුදෙක් ඇයට සිංහළ යතුරු ලියනය හුරු වීමට කරන්නක් නිසා දිගටම කරගෙන ගියදෙන් ;-). අනික ඇය දැනට මේ සඳහා ඇති උනන්දුව ඒ අයුරින්ම පවත්වාගෙන යාමට සලසා, ඇයව බ්‍ලොග් කිරීමට යොමු කිරීමයි මගේ අරමුණ. :) නමුත් ඔබගේ ගොනුවත් මට එවන්න, එය අපට වැදගත් වේවි. මේ අයුරින් අප හැකි අයුරින් අපේ සාහිත්‍යය පොතපත අන්තර්ජාලයට/තුරුදැලට එක් කරන්නට කටයුතු කරමු.

සුභ දවසක්.

Anu-Linux

unread,
Jun 26, 2008, 5:23:26 AM6/26/08
to sinhala-...@googlegroups.com


2008/6/26 වාසල මුදියන්සෙලාගේ නිලන්ත පියසිරි (WM Nilantha Piyasiri) <wmnil...@gmail.com>:

මට මතක හැටියට වරක්‍ ගුණපාල මලලසේකර මහතා ලියනවා යමෙකුට මේ මගේ "බිරිඳ" හෝ "wife" යැයි හඳුන්වා දෙනවාට වඩා "සොදුරිය" යැයි කියනවා නම් ලස්සනයි කියා. මටත් එහෙම හිතෙනවා.

ඒක ඇත්ත, බිරිඳ, wife, වගේ වචන වල තියෙන්නේ වාණිජ්‍යමය මුහුණුවරක්. හැබැයි මුලට විශේෂණයක් දැම්මොත් නං ටිකක් විතර ලස්සනයි, "පිය බිරිඳ, loving wife" වගේ දේවල්. ඒකනේ මං "ප්‍රියම්බිකාව" කියල කිච්වේ.. ;-)

සුභ දවසක්.

Anuradha Ratnaweera

unread,
Jun 26, 2008, 9:52:29 AM6/26/08
to sinhala-...@googlegroups.com
2008/6/26 Anu-Linux <linux...@gmail.com>:

>
> ඒක ඇත්ත, බිරිඳ, wife, වගේ වචන වල තියෙන්නේ වාණිජ්‍යමය මුහුණුවරක්.

ඒ කොහොමද? ;-)

Anu-Linux

unread,
Jun 26, 2008, 12:03:21 PM6/26/08
to sinhala-...@googlegroups.com


2008/6/26 Anuradha Ratnaweera <anur...@taprobane.org>:

2008/6/26 Anu-Linux <linux...@gmail.com>:
>
> ඒක ඇත්ත, බිරිඳ, wife, වගේ වචන වල තියෙන්නේ වාණිජ්‍යමය මුහුණුවරක්.

ඒ කොහොමද? ;-)

       අනුරාධ

විස්කෝතු, biscuits  වගේ. :-)

ආ.... මේ ඒක නෙමේ අනුරාධ, අර කවි වල එලිවැට තියන්න ඔයා ලියපු වැඩසටහන මට දෙනවද? කොහෙන් හරි බාගන්න පුලුවන්ද?

සුභ රැයක්.

"සහන් තන්තිරිවත්ත (Sahan Thanthiriwatte)"

unread,
Jun 26, 2008, 1:08:48 PM6/26/08
to sinhala-...@googlegroups.com
හිතවත් අනුරාධ,

ඔබගේ kavi නැමති වැඩසටහන මට ලැබෙන්න සලස්සන්න පුළුවන්ද?


ස්තූතියි.

ඩය,
-සහන්-

/*----------------------------*/
Kanchana S. Thanthiriwatte
කංචන සහන් තන්තිරිවත්ත
www.ketapath.helasara.com
Q-Chem in Progress...
Complete Quantum Computation...
A Quantum Leap Into The Future Of Chemistry...

saha...@yahoo.com
saha...@gmail.com

Reply all
Reply to author
Forward
0 new messages