යුනිකේතයේදී "ආ", "ඇ", "ඈ" යනු අයන්නට ඇලපිල්ල, හෝ ඇදය දැමීම නොවේ, වෙනම
අකුරු තුනකි.
"වේ", "කෝ" වැනි අකුරු ලිවීමේදීද කොම්බුව ඇලපිල්ල ඉස්පිල්ල වෙන වෙනම
දැමිය නොහැක.
ඒ තාක්ශනික පැත්තයි.
නමුත් මෙම ප්‍රශ්නය නිරාකරනය කර ඔබ ලියන ආකාරයට යතුරු ලියනය කිරීම සඳහා
Keyboard Driver තනා තිබෙනවා. ඔබේ පරිගනකයේ Keyboard Driver යක් නිවැරදිව
පිහිටුවා නැත. Sinhala Enabling Pack 2, Install කලොත් ප්‍රශ්නය විසඳේවි.
යුනිරයිටරයක් භාවිතය වඩා පහසු වනු ඇති. සිංග්ලිශ් ද යුනි රයිටරයක් ලෙද
භාවිතා කල හැක. සිංග්ලිශ් යතුරු ලියනයේ සිංග්ලිශ් වලට පහලින් ඇති කොටුවේ
(Text Box) විජේසේකර යතුරු පුවරුවෙන් යතුරු ලියනය කරගෙන යන්න. එවිට අකුරු
30 කට වරක් Document එක මතට යුනිකේත අකුරු පෙල එකතු වේ. Enter යතුර
එබීමෙන් ද අකුරු පෙල Document එක මතට හිස් කල හැක.
විජේසේකර යතුරුලියනයෙන්ම කෙලින්ම යුනිකේත යතුරුලියනය කිරීමට උපදෙස්
ගැනීමට සිංහල යුනිකේත සමූහයටද ලියා බලන්න.
http://groups.google.com/group/Sinhala-Unicode?hl=si