ක්‍රිස්ටෝෆර් හිචන්ස් තවත් නැත

7 views
Skip to first unread message

Secular Sri Lanka Library

unread,
Dec 23, 2011, 2:31:58 PM12/23/11
to Secular Sri Lanka Discussions
Voice of Thambu

http://voiceofthambu.blogspot.com/2011/12/blog-post_18.html


Thambu's foothold in blogsphere
Saturday, December 17, 2011
ක්‍රිස්ටෝෆර් හිචන්ස් තවත් නැත

"ගොඩ් ඉස් නොට් ග්‍රේට්" ඇතුළු කෘති ගණනාවක් රචනා කරමින්, ආගමික නායකයින්
සමග ප්‍රසිද්ධ විවාද වලට එලැඹෙමින්, ආගමික උමතුව නිසා මරණ තර්ජනයට ලක්වූ
ලේඛකයින්ට රැකවරණ සලසමින්, ඔවුන්ට උදවු කරමින් මරණ තර්ජන හා වෙනත් ඝර්ජන
මායිම් නොකරමින් ආගමික අන්තවාදයේ නග්නමය යථා ස්වභාවය හෙළි කරන්නට තරම්
නිර්භීත වූ ක්‍රිස්ටෝෆර් හිචන්ස් ලොවෙන් සමුගෙන ඇත.. එතුමාගේ සේවය සහ
බලාපොරොත්තු එම සමුගැනීමෙන් අවසන් නොවන බවට ලොව පුරා විචාර බුද්ධිය සහ
මනුෂ්‍යත්වය අගයන අපි සැම ෂපථ කරමු.. මේ දුක්බර මොහොතේ එතුමාට පිදිය හැකි
උසස් ගෞරවයක් නම් එතුමාගේ "ගොඩ් ඉස් නොට් ග්‍රේට්" හි අතිශයින් ධෛර්‍ය
කරවන සුළු අවසාන ඡේදය ඔබ හා බෙදා ගැනීම යයි සිතමි


<<<To all those who I do not know, and who live in the worlds where
superstition and barbarism are still dominant, and into whose hands I
hope this little book may fall, I offer the modest encouragement of an
older wisdom. It is in fact this, and not any arrogant preaching, that
comes to us out of the whirlwind: Die Stimme der Vernunft ist leise.
Yes "The voice of Reason is soft, but it is VERY PERSISTENT". In this,
and in the lives and minds of combatants known and unknown, we repose
our chief hope..>>>

තේරුම :-


<<<මිථ්‍යාව සහ ම්ලේච්ඡත්වය තවමත් රජ කරනා පෙදෙස් වල සිටින, මා නොහඳුනන
අයගේ අතට ද මගේ මේ කුඩා පොත පත් වෙතැයි සිතමි. ඔවුන්ව, පැරණි හොඳ කියමනක්
ඇසුරෙන් දිරිමත් කිරීමට කැමැත්තෙමි. ඇත්තෙන්ම සැඩ සුළඟෙහි එතී අප වෙත හමා
එන්නේ මෙය මිස වෙනත් කිසිදු ගොරහැඬි දේශනාවක් නොවේ.

"විචාරයේ හඬ මෘදු වේ, එහෙත් නොපසුබට වේ"

මෙම කියමනේ ද මා දන්නා සහ නොදන්නා අරගලකරුවන්ගේ සිත් සහ ජීවිත වල ද අපගේ
මූලික විශ්වාසය තබමු>>>

හිචන්ස්, ඔබ අප අතර නැතත් ඔබගේ වචන වල දිරිගැන්වීම අප සමග අප මියෙන තුරු
පවතිනු ඇති.. සුභ ගමන් ප්‍රිය මිතුර..

Reply all
Reply to author
Forward
0 new messages