සත්ත්වයා වරදට බැඳෙන්නට පටන් ගන්නේ කුඩා
කාලයේදීමයි
දරුවෙක් යම් යම් දේවල් වලට තන්හා කරමින් උපාදාන සකස් කරන්නේ කවදා
දැයි හරියටම කිව නොහැකියි. එහෙත් "පභස්සර මිද්ධං භික්ඛු චිත්තං" යන
න්‍යායයට අනුව අලුත උපන් බිළිඳාගේ සිත ප්‍රභාශ්වරය. එය කිලිටි වී
නැත. නමුත් ඒ සිත ටිකෙන් ටික කිලිටි වන්නට පටන් ගනී. ඇස කණ ආදී
ස්පර්ශ ආයතන ක්‍රමයෙන් මෝරා යද්දී තම මවට, පියාට, සමීපතම අයට,
සෙල්ලම් බඩු වලට, ඇලුම් කරන්නට පටන් ගනී. ඒවා නිසා සිතෙහි උපදින
ත්‍රිවිධ වේදනාවට අනුව සුඛ වේදනාවට ඇැලයි. දුක වේදනාවට ගැටෙයි, හඬයි.
ප්‍රතික්ෂේප කරයි. ඉන්පසුව ඒවා දකින දකින මොහොතක් පාසා තම මනසේ සකස්
කරගත් සුඛ වේදනාව සිහිපත් කොට, ඒ වේදනාවට එකතු වෙමින් සතුටු වෙයි. ඒ
නිසා දරුවාට මව පියා සමීපතමයින් සෙල්ලම් බඩු ආදිය නිත්‍ය සුඛ ආත්ම
හැටියට මනසේ දැඩිව තැන්පත් වේ හෙවත් උපාදාන වේ. එසේ වීමෙන් "අම්මා
බබාගේ...තාත්තා බබාගේ......ආච්චි සීයා බබාගේ....සෙල්ලම් බඩු බබාගෙ
යනුවෙන් ඒ දේවල් වලට මනසින් වටිනාකම් දෙමින් මම කොට, මගේ කොට, මගේ
ආත්මය කොට ගෙන මඤ්ඤමානයේ යෙදෙයි.