ආදරය අහිමි වන්නේ කර්මයෙන්ද? – බුදුදහමේ දැක්ම සහ විද්යා්ත්මක අවබෝධය

2 views
Skip to first unread message

Hema jayantha colombage

unread,
Nov 3, 2025, 9:37:50 PM11/3/25
to sadahamm...@googlegroups.com
🌹🌹 ආදරය අහිමි වන්නේ කර්මයෙන්ද? – බුදුදහමේ දැක්ම සහ විද්යා්ත්මක අවබෝධය 🌹🌹
ආදරය යනු මනුෂ්යන ජීවිතයේ අතිශයින් මනරම් හා දුක්බර දෙයක්ය. එය එකවර සතුටක්ද, විඳවීමක්ද වේ. බොහෝ විට දෙදෙනෙකු අතර ඇතිවෙන ආදරය කාලයත් සමඟ අඳුරු වෙයි. සමහරු — “අපි වෙනස් වෙලා” යැයි කියති . නමුත් බුදුදහමේ දැක්වෙන ආකාරයට ඒ වෙනස්වීම බාහිර ලෝකයේ සිදුවෙන දෙයක් නොවෙයි, අභ්යකන්තරයෙන් උද්ගත වන කර්මජ වූ විපාකයක ප්ර තිඵලයකි. චිත්ත තෛසික රූප නිබ්බාන නම් වූ සතර පරමාර්ථ ධර්මයන් තුල සිදුවන සන්සිද්ධියකි. එසේම නූතන සමාජ මනෝ විද්යාසව අනුව මානස හැසිරීම්වල විෂම වූ හේතු කාරක නිසා සිදුවන්නකි.
🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵
🪷 පෙර කර්මය සහ ආදරය
බුදු දහම අනුව, අපට අද අත්විඳින ආදර, මිතුරු, පවුල්, හෝ විරුද්ධ සියලු සම්බන්ධතා —— පෙර කර්මයෙන් බිහිවූ ඵලයකි.
පෙර ජීවිතයක සිදුකළ කර්ම වලට අනුව, අපට අද හමුවන පුද්ගලයන් සමඟ ඇති සම්බන්ධතා එම කර්මය විසින් මග පෙන්වනු ලැබේ.
එබැවින් ආදරයක් ආරම්භ වීමක් පමණක් නොව, ඒක අහිමි වීමත් බොහෝ විට එම කර්මයේම විපාකමය මග පෙන්වීමකි.
බුදුදහමේ දැක්ම අනුව, මේ කාර්මික සම්බන්ධතා අනිත්යඅය හා පරමාර්ථ “දුක්” ලෙස හැඳින්විය හැක. ඒවා බඳුනක් මෙන් පිරී යනවා, හිස් වෙනවා, නැවත පිරෙන්නත් හැකිවෙයි — නමුත් කිසිවක් අසීමිත නොවේ. උදාහරන ලෙස කාලි යකින්නගේ කතා පුවත, ඉසිදාසියගේ කතාපුවත, සිදුහත් සහ යශෝධරාවගේ ආදර පුවත, සේරිවානිජ ජාතකයේ සිට බුද්ධත්වය දක්වා වූ දෙව්දත් තෙරගේ බුදුන් කෙරෙහි වෛරය ආදී වශයෙන් බොහෝ උදාහරණ දිය හැකිය.
බොහෝ විට ඔබට මේ ජීවිතයේදී හමුවන්නේ සසර ණයකරුවන් මිසක සසර සහකරුවන් නොවේය යන්න බොහෝ බෞද්ධයන්ගේ සාමාන්යු අදහසය.
🧶🧶🧶🧶🧶
මුලු ලිපියම මෙතැනින් කියවන්න
🧶🧶🧶🧶🧶
https://punaragamanaya.blogspot.com/2025/11/blog-post_3.html#more05.jpeg
Reply all
Reply to author
Forward
0 new messages