🔴🔴🔴ධම්මසංඝණි ප්‍රකරණය ඇසුරෙන් බුදුදහමේ රූප විවරණය: නවීන විද්‍යාවෙන් ලැබෙන පිලිගැනීම 🔴🔴🔴
නූතන ලෝකය අද නවීන විද්‍යාව තුලින් සිතන්නට බැරි තරම් මහා දුරක් ගමන් කොට තාක්ෂණික වශයෙන් කෘතිම බුද්ධිය පවා නිපදවන්නට සමත් වූ කාලයක, කිසියම් දර්ශනවාදයක් ඊට සමපාතිකව විශ්වය පිලිබඳව අදහස් දරයි නම්, එම දර්ශනය නූතන ලෝකය තුල ස්වකීය විශ්වාසනීයත්වය තහවුරු කරන්නටත්, ලෝකය විසින් පිලිගැනීමටත් ලක් වේ. බුදුදහම සහ බෞද්ධ දර්ශනය එසේ නූතන ලෝකයේ විද්‍යාත්මක තුලින් පවා ප්‍රතික්ෂේප නොවී තිබෙන්නේ ඒ නිසාය.
විශ්වයේ පවතින තාරකා, ග්‍රහලෝක, මන්දාකිණි, පෘථිවිය, ජීවීන්, පදාර්ථ, අංශු ආදී කිසිම භෞතික වස්තුවකට, සදාකාලික පැවැත්මක්, නිත්‍ය ස්වභාවයක් කිසිදා ලැබෙන්නේ නැත. ඒ සියල්ලම කිසියම් තීරණාත්මක අවසානයකට පත්වීම නියත බව බුදුදහමේ මූලික සංකල්ප තුනකින් පැහැදිලි කර ඇත.
1. අනිත්‍යය - සදාකාලික නොවන බව. අස්ථිර බව. (Impermanent)
2. දුක්ඛය - විපරිනාමය, වෙනස්වීම, ගතිකය (Evolution, change, dynamics)
3. අනාත්මය - හේතු ප්‍රත්‍යයෙන් යුක්තවීම සහ ආත්මයක් රහිත බව (Cause and effect and the absence of a soul)
මෙම ත්‍රිලක්ෂණ මූල න්‍යායෙන් බාහිරව කිසිම විශ්ව සත්‍යයක් නොමැති බව බුදුදහම අවධාරණය කරයි.
මුළු ලිපියම කියවීමට මෙතැනින් පිවිසෙන්න🔴🔴🔴🔴🔴🔴
https://punaragamanaya.blogspot.com/2025/10/blog-post_20.html#more