අරහං බුදුගුණය
කාරුණික සැදැහැවත් පිංවත්නි, අද ධර්‍ම දේශනය පිළිබඳ මාතෘකාව අනන්ත බුදුගුණ අතුරින් “අරහං ගුණය”යි
ධර්‍ම දේශනාවක් ශ්‍රවණය කිරීමෙන් අපමණ අනුසස් ලැබෙන බව ධර්‍මයෙහි සඳහන් වෙනවා.
1. අස්සුතං සුණාති - නොඇසුදේ ඇසීම
2. සුතං පරියොදපෙති - ඇසූ දේ නිවැරදි කිරීම
3. කංඛං විතරති - සැක දුරු කර ගැනීම
4. දිටිඨිං උජුං කරෝති - සම්‍යක් දෘෂ්ටිය ලැබීම.
5. චිත්ත මස්ස පසිදති - සිත පැහැදීම
බණ ඇසීමෙන් මරණින් පසු සුගතිගාමී වීම ද, ආයු , වර්ණ, සැප, බල, ප්‍රඥා ලැබීම ද, භෝග සම්පත්තිය ලැබීම ද, ආදි සියල්ල ලැබෙනවා. නිර්වාණ සම්පත්තිය ලබා ගැනීමට හැකි වෙනවා. නිවන් දකින තුරු නොයෙක් සැප සම්පත් ලබා ගත හැකි වෙනවා. විශේෂයෙන් ප්‍රඥාව ලැබෙනවා. නිවන් සුව ප්‍රාර්ථනා කරගෙන බණ ඇසීම කළ යුතුයි. දෙව්ලොව, බඹලොව සැප සම්පත් ප්‍රාර්ථනා කරමින් බණ ඇසීම නොකළ යුතුයි.
ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කළා, සාගර පහක් (5)
1. ගුණ සාගරය
2. ඥාන සාගරය
3. නය සාගරය
4. සංසාර සාගරය
5. ජල සාගරය කියලා
ගුණ සාගරය කියලා කියන්නේ බුද්ධ සන්තානයෙහි පහළ වූ අනන්ත ගුණයයි. ඒවා ගණන් කිරීමට නොහැකි බැවින් සාගරය කියලා කියනවා. ඒ සියලු ගුණ ඇතුලත් කරමින් නව අරහාදි ගුණ පාඨය දේශනා කළා. සියලුම බුදුගුණ එම පාඨයට ඇතුළත් වෙනවා.
බුදුරජාණන් වහන්සේ නමක් තම ජීවිතකාලයේ වෙන ධර්‍ම දේශනා නොකර බුදුගුණ පමණක් දේශනා කළොත් ජීවිතය අවසන් වෙනවා. දේශනා කිරීමට තිබෙන බුදුගුණ අනන්ත වෙනවා.සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පහල වීමේ දී පමණක් ඇසීමට ලැබෙන මනෝහර දේශනාවකි.
බුදුරජාණන් වහන්සේ ද සමහර අවස්ථාවලදී බුදුගුණ දේශනා කර තිබෙනවා. කාලකාරාම සූත්‍ර දේශනාව විශේෂයි. මහා පෘථිවිය කම්පා කරවමින් එම සූත්‍රය දේශනා කළා. එම නිසා සියලුම දෙනා බුදුගුණ දේශනා අහන්න ඕනෑ. බුදුගුණ මෙනෙහි කරන්න ඕනෑ. බුගුණ සජ්ඣායනා කරන්න ඕනෑ.
එමගින් කාමවිජන්දය, තරහව, අලසකම, සිතේ විසිරීම, සැකය පහව යනවා. සිත සමාධිගත වෙනවා. ගුණ නුවණ දියුණු වෙනවා. සුළු මොහොතක දී අර්හත්වයෙන් අමාමහ නිවන් සුව අවබෝධ කර ගැනීමට වාසනාව ලැබෙනවා.
ඒක ධම්මෝ භික්ඛවේ භාවිතො බහුලීකතො ඒකන්ත නිඛ්ඛිදාය, ඒකන්ත විරාගාය, ඒකන්ත නිරෝධාය, උපසමාය, අභිඤ්ඤාය, සම්බෝධාය, නිබ්බානාය, සංවත්තති, කතමේ ඒක ධම්මෝ බුද්ධානුස්සති.
මහණෙනි, එක ධර්මයක් මෙනෙහි කිරීමෙන් නැවත නැවත මෙනෙහි කිරිමෙන් ඒකාන්තයෙන් සංසාරයෙන් එතරවීම සඳහා ද, ඒකාන්තයෙන් විරාගය පිණිස ද, ඒකාන්තයෙන් කෙලෙස් නිරෝධය පිණිස ද, සියලු කෙලෙස් සංසිඳවා ගැනීම පිණිස ද, විශිෂ්ට ඤාණය පිණිස ද, චතුරාය¸ සත්‍යය අවබෝධ කරගැනීම පිණිස ද, නිර්වාණය අවබෝධ කරගැනීම පිණිස ද, හේතු වේ. කවර එක් ධර්මයක් ද බුද්ධානුස්සති භාවනාවයි.
මේ දේශනා පාඨයෙන් කියවෙනවා බුදුගුණ මෙනෙහි කිරීමෙන් ලැබෙන මෙලොව පරලොව ආනිසංස, සතර ඉරියව්වේදීම බුදුගුණ මෙනෙහි කිරීමට උත්සාහ ගත යුතුය. මෙලොවදීම අසනීප, අපල උපද්‍රව, ග්‍රහදෝෂ සතුරු කරදර, බිය නැතිකර ගැනීමට, දුරුකර ගැනීමට හැකි වෙනවා. සුවසේ ජීවත් වීමට ලැබෙනවා. ධාතු කරඬුවක් වාගේ වෙනවා තම ජීවිතය.
ඤාණ සාගරය කියන්නේ බුද්ධ සන්තානයේ පහල වූ අනන්ත ඤාණ සාගරයයි. තෙ සැත්තැඤාණ , සතර සැත්තෑ ඤාණ , චුද්දස බුද්ධ ඤාණ, ෂට් අසාධාරණ ඤාණ, සුවිසි ප්‍රත්‍ය ඤාණ, සූවිසි පට්ඨාන ක්‍දාණ, දස මහා විදර්ශනා ක්‍දාණ, සතර මාර්ග ක්‍දාණ,සතර ඵල ඤාණ ආදි ඤාණ සාගරයකි. ගණන් කිරීමට නොහැකි අනන්ත අපරිමාන ඤාණ ඇති බැවින් බුද්ධ සන්තානය ඤාණ සාගරයකි. ඤාණ අතරින් ෂට් අසාධාරණ ඤාණ හය විශේෂ තැනක් ගන්නවා. ඉන්ද්‍රිය පරෝ පරියත්තේ ඤාණය, ආසයානුසයේ ඤාණය, යමක ප්‍රාතිභාර්ය ඤාණය, මහා කරුණා සමාපත්ති ඤාණය, සබ්බඤ්ඤඤුත ඤාණය, අනාවරණ ඤාණයයි.
ලොව්තුරා බුදුරජාණන් වහන්සේ මෙම ඤාණ හය සම්බන්ධ කර ගනිමින් අති විශාල සේවයක් සිදු කරනවා. උන් වහන්සේට අපගේ උත්තමාංග නමස්කාරය වේවා!.
දේසිත ධර්‍මය නය සාගරය වෙනවා. සංසාර ගමනේ ඉපදීම, මැරිම, ඉපදීම, මැරීම සිදු වෙනවා. එයද සීමාවක් නොමැත. එයට කියනවා සංසාර සාගරය කියලා. මහා මුහුද අතිවිශාල වස්තුවක්. එහි අඩංගු ජලය මනින්න බැහැ. සංඛ්‍යා කරන්න බැහැ. එම නිසා එයට ජල සාගරය කියනවා.
දැන් අපි මාතෘකාව දෙසට සිත යොමු කරමු. සියලුම සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගේ ගුණ අනන්තයි. ඒ අනන්ත ගුණ අතරින් බිඳක් විස්තර කර දීමට මම උත්සහා ගන්නවා.
ඒ භාග්‍යවත් අර්හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මෙසේ ද අරහං නම් වන සේක . “ අරහං” යනු සියලුම දේට සුදුසුයි යන අර්ථය පැහැදිලි වෙනවා. සියලු ආමිස පූජා, ප්‍රතිපත්ති පූජා ලැබීමට සුදුසුයි කියලා කියනවා. එපමණක් නොව, මෙම දේශනාවෙන් කවර කවර ගුණයක් නිසා අරහං වෙනවාද කියලා මෙහිදී කියවෙනවා.
“ සෝ භගවා ආරකත්තා ඉතිපි අරහං” ඒ භාග්‍යවතුන් වහන්සේ වාසනා සහිතවුම සකල ක්ලේෂයන් කෙරෙන් දුරු වූ බැවින් අරහං නම් වන සේක. 1500ක් පමණ වූ කෙලෙස් සංසාර ගති පැවතුම් සහිතව ප්‍රභාණය කළ නිසා අරහං නම් වෙනවා. බුද්ධ සන්තානයෙහි සියලුම පාප සිතිවිලි තමන් වහනසේගේ පාරමී බලයෙන් ජය සිරි මහා බෝධීන් වහන්සේගේ අභියස දී ප්‍රභාණය කළා. තමන් වහන්සේගේ චිත්ත සන්තානය ඉතාම පිරිසිදු විය. සුර්ය මණ්ඩලය මෙන් චන්ද්‍ර මණ්ඩලය මෙන් සිත ආලෝකමත් වූහ.
ඒ මොහොතේ පටන් තථාගතයන් වහන්සේ අරහං නම් වන සේක. උන් වහන්සේගේ ගමන සංවර වූහ. කථාව, පැවැත්ම, සිවුපස, පරිභෝගය, ගමන බිමන ඉතාම සංවර වූහ. දකින දකින සියලු දෙනාගේ චිත්ත සන්තාන ප්‍රබෝධමත් වුණා. උන් වහන්සේ දැකීමෙන් බොහෝ දෙනා චිත්ත ප්‍රසාදයට පත්ව බුද්ධ සාසනය වැළඳගත්තා. තෙරුවන් සරණ ගියා. මගඵල නිවන් අවබෝධ කරගත්තා.
උන් වහන්සේට යම් කෙනෙක් යමක් පූජා කරනවා නම් අපමණ අනුසස් ලැබෙනවා. කල්ප ලක්‍ෂ ගණන් අනුසස් ලබා දීමට සමර්ථ වෙනවා. වන්දනා කළ පමණින් සිත පහදවා ගත් පමණින් අපමණ අනුසස් ලැබෙනවා.
කහගොල්ලේ සෝමවංස හිමි