අතීතය මා පසුකර යනවාද?? මා අතීතය පසුකර යනවාද?
දෘශ්‍ය මායාව
රාත්‍රියේ වීදි පහන් දැල්වෙමින් තිබෙනවා. කිසියම් ගමණක් ගිහිං මම නැවත මෝටර් රථය පදවාගෙන එමින් සිටින අතර මට පෙනෙනවා පාලුවට ගොස් ඇති මහා මාර්ගය දෙපස ඇති විදුලි පහන් කණු මා පසුකරගෙන පසුපසට යනවා. මට හිතුනා මා නිශ්චලව ඇති නමුත් විදුලි පහන් කණු මා පසුකරගෙන යනවා කියා. එවිට මම මෝටර් රථය පාර අයිනක නතර කර, පිටුපස වීදුරුව තුලින් ආපසු හැරී බැලුවා. විදුලි පහන් කනුද මා මෙන්ම නතරව ඇති බවක් මට පෙනුනා. මම කල්පනා කලා ආපස්සට ඇදෙන්නේ විදුලි පහන් කණුද නැත්නම් කාලයද කියා. මම නැවත මෝටර් රථය පණගන්වාගෙන ඉදිරියට ඇදුනා. මා ටික ටික ඈත් වෙන්නේ මා ගමන ආරම්භ කල තැනින් නේද?? නමුත් ඒක සත්‍යයෙන් අඩක් විතරයි. ආරම්භක ස්ථානයෙන් ටිකෙන් ටික ඈත්වෙනවා යනු මගේ නිවසට මා ටික ටික ලංවීම නෙවෙයිද? කොයි එකද එතකොට නිවැරදි??
ජීවිතයෙන් ගමනෙන් පාඩමක්
මගේ ජීවිතයේ බොහෝ දේවල් දැන් මගෙන් ටික ටික අතහැරෙමින් යනවා. ඒ වෙනුවට මම අලුත් දේවල් වෙත මගේ ජීවිතය ගෙනියනවා. එතකොටත් මට අර ප්‍රශ්නයම පැන නගිනවා. මට ජීවිතයේ සමහර දේවල් ටික ටික අතහැරෙනවා කියන එකද හරි එහෙම නැත්නම් මම ජීවිතයට අලුත් දේවල් එකතු කරගනිමින් සිටිනවා කියන එකද හරි??
මුළු ලිපියම මෙතැනින් කියවන්න
https://punaragamanaya.blogspot.com/2025/11/blog-post_14.html#more
