තන්හාව, විඳීම සහ විඳවීමේ ගැඹුරු ධර්මතාව ගවේෂණය කිරීම. ශරීරයේ සහ මනසේ අනිත්‍ය ස්වභාවය අවබෝධ කර ගැනීමෙන් දුකින් මිදෙන මාර්ගය පිළිබඳ ගැඹුරු බුද්ධ දර්ශනික විශ්ලේෂණයක්.
ශරීරය යන්ත්‍රයක් පමණයි
මේ ශරීරය කියන්නෙ ආසන්න වශයෙන් ගත්තාම හරියට ගහක්, ගලක්, පුටුවක්, මේසයක්, ඇඳක් වගේ දෙයකට සමානයි. ඒවාට හිතන්න බැහැ. ශරීරය හෙවත් කයටත් එසේමයි. ගස්, ගල්, ඇඳ, පුටු, මේස වලට විඳින්න බැහැ. ශරීරයටත් එසේමයි - හිතන්නත් බැහැ, විඳින්නත් බැහැ, විඳවන්නත් බැහැ. එහෙම හිතන, විඳින, විඳවන කෙනෙක් ශරීරයේ මොනම ඉන්ද්රියකවත් ඇත්තෙත් නැහැ. ඒ විතරක් නෙවෙයි, ශරීරයට ස්වාධීනව චලනය වෙන්නත් බැහැ - අතපය හොල්ලන්න, ගමන් කරන්න, ඉඳගන්න, නිදාගන්න ඒ කිසිවක් කරන්නත් ශරීරයට දැනුමකුත් නැහැ, ස්වාධීන හැකියාවකුත් නැහැ. ශරීරය යන්ත්රයක් විතරයි.
යන්ත්රයක් ක්රියාත්මක වෙන්නට බලශක්තිය සහ විධානය අවශ්යයි. ශරීරයේ බලශක්තිය තමයි කබලිංකාහාර හෙවත් ආහාර, ජලය සහ හුස්ම (කබලිංකාහාරය කියන්නෙ ඒ තරම් සරළ දෙයක් නෙවෙයි, එය ගැඹුරු කාරණයක්).
මුලු ලිපියම කියවීම සදහා මෙතැනින් පිවිසෙන්න
