මිත්තානිසංස සූත්‍රය

1 view
Skip to first unread message

jayantha colombage

unread,
Mar 30, 2012, 12:26:36 PM3/30/12
to kanthi.amarasekera, Amitha dilhani, upulw...@gmail.com, Nisha Deepika, Dewmini Shakya, Krishanthi Wickramaarachchi, lachinth...@lk.nestle.com, splcol...@gmail.com, anojas...@yahoo.com, shamali karunarathne, wasan...@gmail.com, sama...@gmail.com, madhushika adhikari, daham-...@googlegroups.com, Shanika Subashini, sadahamm...@googlegroups.com, sham...@gmail.com, ahas...@yahoo.com, janaka sumanarathna, deepani.s...@lk.nestle.com, visha...@yahoo.com, lakma...@gmail.com, achisam...@yahoo.com, rmal...@yahoo.com, cheri...@yahoo.de, sumith...@yahoo.com, ag.th...@ymail.com

ඉටුමිතුරන් වෙත ද්‍රෝහ නොකිරීමේ හේතුවෙන් ලැබිය හැකි අනුසස් රැසක් තේමිය බෝධිසත්ත්වයෝ මේ මිත්තානිසංස ගාථා දසකයෙන් දේශනා කෙරෙති. මෛත්‍රි භාවනාවෙහිම එක දේශයක් වූ මිත්‍රපූජාව (මිතුරන් කෙරෙහි වූ යහපත් හැසිරීම) පිළිබඳ විස්තර දැක්වෙන මේ ධර්ම දේශනාව මෙත්තානිසංස පිරිතට අනතුරුව දක්වන ලද්දේ, අදහස්වලින් හා ධර්ම ක්‍රමයෙන්ද ලැබිය හැකි ගුණයෙන්ද පවත්නා සමීපතර භාව්‍ය හේතු කොට ගෙනය. “මිත්තේ භාවා, මිත්තස්ස එසා පවත්තතීති පි මෙත්තා” යනුවෙන් මිත්‍රයා කෙරෙහි පවත්නා මෘදු සිතම මෛත්‍රිය බැව් විවරණය කෙරෙති.

මිත්‍ර පූජාවෙන් මෛත්‍රී භාවනාවට සමානවූ අනුසස් ලැබීම සඳහා මිත්තානිසංස ගාථා විවරණයට පළමුවෙන් නියම මිත්‍රයා කවරේද? යි සවිස්තරව දැන ගතයුතුය. එබැවින් දේශනානුසාරයෙන් ඒ පිළිබඳව දත යුතු කරුණු ස්වල්පයක්

1. කල්‍යාණ මිත්‍රයෝ;

2. තදන්‍ය මිත්‍රයෝ;

3. මිත්‍ර ප්‍රතිරූපකයෝ;

යන මොවුන්ගේ වසයෙන් මෙහි දක්වන්නෙමු.

කල්‍යාණ මිත්‍රයෝ

සැදැහැති බෞද්ධයන් වශයෙන් ආගම ධර්මයෙහි

උපකාරක මිත්‍රයා

තමා ආශ්‍රය කරන්නහුගේ යහපත සඳහා පිළිපන් මේ තෙමේ ස්වකීය මිත්‍රයාගේ ප්‍රමාදයක් දැක මෙයින් මෝහට විපතක් හෝ පාඩුවක් වන්නේ යයි සලකා අවංක අදහසින් හා පේ‍්‍රමයෙන් යෙදී ප්‍රමත්තයාගේ වස්තුව රකී ද, රාජ චොරාදීන් ගෙන් බියක් පැමිණි විට වහා පිළිසරණ වේද, කටයුත්තක් පැමිණ විටෙක මිල මුදලින් හෝ අන්‍යවූ උපකරණයකින් ඉල්ලූ ප්‍රමාණය මෙන් දෙගුණයක් දේද, මේ උපකාරක මිත්‍ර ලක්ෂණයි.

සමාන සුඛදුක්ඛ මිත්‍රයා

යමෙක් ස්වකීය මිත්‍රයාගේ රහස් අනිකෙකුට නොකියා රකීද, තමාගේ සියලු රහස් නොසඟවා ස්වකීය මිත්‍රයාට කියයිද, ආපදාවක් පැමිණ කල්හි අතනොහැර සිටීද, තම මිත්‍රයාට සුදුසු අවස්ථාවෙහි ජීවිතය පවා පූජාකෙරේද, මේ සමාන සුඛ දුක්ඛ මිත්‍ර නම්,

අත්ථක්ඛායී මිත්‍රයා

මේ වනාහී තමාගේ හිතමිත්‍රයා පාපයෙන් වළක්වයි. යහපත් වැඩෙහි යොදයි, නොඇසූ දේ අස්වයි, ස්වර්ග මාර්ගය දක්වා අර්ථයෙන්ද ධර්මයෙන්ද අනුසාසනය කෙරෙයි, වරදෙහි වැටෙන්නහු එයින් මුදා යහපතෙහි පිහිටුවයි. මෙබඳු ගුණ ඇත්තේ අත්ථක්ඛායි මිත්‍රයායි.

සම්මුති පරමාර්ථ වශයෙන් ලෝක තත්ත්වය ප්‍රකාශ කෙරෙමින් ස්වර්ග මොක්ෂ මාර්ගය දක්වමින් මහජනයාගේ හිතසුව පිණිස පිළිපන් බහුශ්‍රැතවූ ධර්මදේශකයෝද කල්‍යාණ මිත්‍රයෝමය. මෙලොව පරලොව දෙකෙහි වැඩ සිදුකර ගැනීමට මහොපකාරී සිරිත් විරිත් විද්‍යා ශාස්ත්‍රබභ්‍යාසාදියෙන් අභිවෘද්ධියට පත්කරන හිතෛෂී ආචාර්යවරයෝද, කරුණාදී ගුණයෙන් යෙදී ආපාදනය පෝෂණය කරමින් දියුණුවට මඟපෙන්වන මවුපියෝ ද එබඳුම අදහස් ඇති ඥාති සහෝදරාදී අන්‍යයෝ ද යන උක්තප්‍රකාර පූජ්‍ය පක්ෂයෙහි වූ උත්තම (මිත්‍ර) යෝ ලොවී ලොව්තුරා සැපත් සිදුකර දෙති. ඒ බැව් වදාළ සේක.

මිත්ත සම්පද මාගම්ම - යොනිසො චේ පයුඤ්ජති,

විජ්ජා විමුත්ති වසීභාවො - සබ්බ මෙතෙන ලබ්භති

දානාදී කුසල හේතුන්ගෙන් යුක්ත වූයේ කල්‍යාණ මිත්‍ර සම්පත්ති ප්‍රතිලාභයෙන් නුවණින් යෙදී ක්‍රියා කරන්නේද, ඕහට ත්‍රිවිද්‍යාව හා අෂ්ටසමාපත්තියෙහි දක්ෂ බව නොහොත් අග්‍ර මාර්ගඥානයෙන් ලැබෙන ක්ලෙශ විමුක්තිය වූ නිර්වාණ සම්පත්තිය පරමකොට ඇති සියල්ල ලැබෙයි.

කල්‍යාණ මිත්‍රයින් කෙරෙන් අන්‍යවූ මිත්‍රයෝ

පූජ්‍ය වූ බුද්ධාදී කල්‍යාණ මිත්‍රයන් හැර ලෝකයෙන් තෝරාගත හැකි තවත් මිත්‍රයෝ සිිත්, සිඟාල ගහපතියාට අවවාද වදාරණ සමයෙහි, උපකාරක, සමාන සුඛ දුක්ඛ, අත්ථක්ඛායී, අනුකම්පකයයි මිත්‍රයින් සතර දෙනෙකු දැක්වූ සේක.

උපකාරක මිත්‍රයා

තමා ආශ්‍රය කරන්නහුගේ යහපත සඳහා පිළිපත් මේ තෙමේ ස්වකීය මිත්‍රයාගේ ප්‍රමාදයක් දැක මෙයින් මෝහට විපතක් හෝ පාඩුවක් වන්නේ යයි සලකා අවංක අදහසින් හා පේ‍්‍රමයෙන් යෙදී ප්‍රමත්තයාගේ වස්තුව රකී ද, රාජ චොරාදීන් ගෙන් බියක් පැමිණ විට වහා පිළිසරණ වේද, කටයුත්තක් පැමිණි විටෙක මිල මුදලින් හෝ අන්‍යවූ උපකරණයකින් ඉල්ලූ ප්‍රමාණය මෙන් දෙගුණයක් දේද, මේ උපකාරක මිත්‍ර ලක්ෂණයි.

සමාන සුඛදුක්ඛ මිත්‍රයා

යමෙක් ස්වකීය මිත්‍රයාගේ රහස් අනිකෙකුට නොකියා රකීද, තමාගේ සියලු රහස් නොසඟවා ස්වකීය මිත්‍රයාට කියයිද, ආපදාවක් පැමිණි කල්හි අතනොහැර සිටීද, තම මිත්‍රයාට සුදුසු අවස්ථාවෙහි ජීවිතය පවා පූජාකෙරේද, මේ සමාන සුඛ දුක්ඛ මිත්‍ර නම්.

අත්ථක්ඛායී මිත්‍රයා

මේ වනාහී තමාගේ හිතමිත්‍රයා පාපයෙන් වළක්වයි. යහපත් වැඩෙහි යොදයි, නොඇසූ දේ අස්වයි, ස්වර්ග මාර්ගය දක්වා අර්ථයෙන්ද ධර්මයෙන්ද අනුසාසනය කෙරෙයි, වරදෙහි වැටෙන්නහු එයින් මුදා යහපතෙහි පිහිටුවයි. මෙබඳු ගුණ ඇත්තේ අත්ථක්ඛායි මිත්‍රයායි.

අනුකම්පක මිත්‍රයා

මේ තෙමේ තම මිත්‍රයාගේ දියුණුව දැකීමෙන් සතුටුවෙයි. මිත්‍රයාගේ දියුණුවට දිය යුතු ආධාරය නොමසුරුව දෙයි, පිරිහීම දැක්මෙන් සතුටු නොවෙයි, නොහොත් පරිහානි අවස්ථාවෙහි මිත්‍රයා සමඟම දුක්වෙයි, මිත්‍රයාගේ නුගුණ ප්‍රසිද්ධ වීමට ඉඩ නොතබයි, අන්‍යයෝ කියතොත් වළක්වයි, ගුණ කියයි, කියවයි, මේ අනුකම්පක මිත්‍ර ලක්ෂණයයි. මේ කී තාක් මිත්‍රයින්ගේ සෙවණ භජන පයුරුපාසනය දෙලොව වැඩ පිණිස පවත්නේය.

යම් කිසිවෙක්, ප්‍රකෘතියෙන් (කළගුණ සැලකීමෙන් හට ගන්නා මිත්‍රයෝ) සත්පුරුෂයෙක් වේවා, අසත් පුරුෂයෙක් හෝ වේවා, ඔහුගෙන් ලැබුණු උපකාරයක් සිහිකිරීමෙන් නිතර ආශ්‍රය කිරීමට සුදුසු ගුණධර්මයක් ඔහු කෙරෙහි නැතත් කෘතොපකාරය පමණක් සැලකීමෙහිලා ඔහුද මිත්‍රයෙකු වශයෙන් ගැනීම ආර්ය ධර්මයෙහි චිරාගත චාරිත්‍රයයි.

ගිමන් නිවීමෙන් සෙවණ කළ වෘක්ෂයක් අතු කැඩීමාදියෙන් විනාශ නොකළ යුතුබැව් දක්වන ලද්දේ එහෙයිනි. තමා පසුපස්සෙහි කීප පියවරක් නමුත් ගමන් කළ මාර්ගිකයාද, පිපාසයෙහි බුලත් ඉරුවක් මිලයට දුන් පුරුෂයාද, සමුද්‍ර තරණයෙහි ලෑලි කැබෙල්ලක් දුන් මනුෂ්‍යයාද ඉටු මිතුරන් මෙන් සලකන ලද අයුරු සිහි කළ යුතුයි.

මිත්‍ර ප්‍රතිරූපකයෝ

වෙස්වලා සිටින නානාවිධ මනුෂ්‍යයෝ ලෝකයෙහි කවදත් සිටිති, සිංහයා ගේ සම දවටාගත් ප්‍රයෝගශීලී කැණහිලුන් මෙන් ක්‍රියාකරන ඔවුනගේ කෘත්‍රීම චරිතය හැඳිනීම බෙහෙවින් අසීරු කාර්යයෙකි, ඒ බැව් මෙසේ වදාළ සේක.

නවණ්ණ රූපෙන නරො සුජානො

නවිස්සසෙ ඉත්තර දස්සනේන

සුසඤ්ඤතානංහි වියඤ්ජනෙ

අසඤ්ඤතා ලොක මිමං චරන්ති

රූප සටහන ගැන පමණක් සැලකීමෙන් මනුෂ්‍යයාගේ තත්ත්වය කෙබඳු දැයි දැනගැනීම දුෂ්කර වෙයි. ආශ්‍රයක් නැතිව ප්‍රථම දර්ශනයෙන් පමණක් මනුෂ්‍යයා විශ්වාස නොකළ යුතුයි. ශාන්ත දාන්ත ගුණ ඇත්තවුන්ගේ විලාසයෙන් දරුණු මනුෂ්‍යයෝ මේ ලෝකයෙහි හැසිරෙත්; යනුයි.

ලෝකය විශාල වුවත් එහි ජනගහනය බොහෝ වුවත් පි‍්‍රය මනාප ඉෂ්ට මිත්‍රයෝ දුලභ වෙති. මිත්තා ඉට්ඨා කන්තා මනාපා දුල්ලභා ලොකස්මිං යි වදාළේ එහෙයිනි. මෙසේ කරුණු සැපයීමෙන් බලන විට මිත්‍රයෙකු තෝරාගැනීම තරම් දුෂ්කර කටයුත්තක් නැති බැව් හැඟෙයි.

තවද හිත මිත්‍රයෙකුගේ ව්‍යාජයෙන් පැමිණ ගුණ වර්ණනය කිරීමාදියෙන් ඒකාන්තයෙන්ම යමක් ලබාගෙන යන්නේද, ප්‍රස්ථාවානුකූලව කථාකරමින් සියල්ල සලසා දෙන ආකාරය දක්වා අභිමතාර්ථය සිදුකරගන්නා වචිපරමයෝද, කිසියම් යහපතක් ගැන නොසැලකීමෙන් පමණක් ගුප්තව අදහස් ඉටුකර ගැනීමේ බලාපොරොත්තු ඇතිව සිත සතුටු කිරීමට කථා කරණ පි‍්‍රය භාණි පුද්ගලයෝද, දූ කෙළිය, මද්‍යපානය, නෘත්‍ය ගීතාදියෙහි වූ දර්ශන ශ්‍රවනය යනාදී පාපක්‍රියාවන් සඳහා සිත පොළඹවමින් ක්‍රීඩා පරවසවැ වස්තු හානිය කරවන අපාය සහායෝද, මිත්‍ර ප්‍රතිරූපකවූ සතුරෝ වෙති. මොවුන් වෙසෙන තැන යක් රකුස් වග වලසුන් රැඳි වන ගත මාර්ගයක් මෙන් දුරින්ම දුරු කට යුතුය.

මෙකී පුද්ගලයන්ගේ සිරිත් විරිත් හොඳහැටි පරීක්‍ෂා කිරීමෙන් ඥානවන්ත වූ පුරුෂ වීර්යය ඇති පාප ක්‍රියාවන්හි නොයෙදෙන උසස් ගුණ ඇති සත්පුරුෂයෙක්ම ස්වකීය ඉෂ්ට මිත්‍රයා වශයෙන් තෝරා ගත යුතුයි. ඇතැම් ගුණධර්මයකින් සැරසී සිටියත් මෝඩයාත්, කුසීතයාත්, පව්කාරයාත්, විපතක්ම සිදු කරන හෙයිනි. මහ වනයෙහි ගස් කැපීමට ගිය එක් පියෙකු සහ පුතෙක් මදුරුවන් ගේ පීඩාවට පත්වූහ. හිසකේ වැටුණු බැවින් බෙලිකටුවක් මෙන් පැදුණු පියාගේ් හිස මුදුණේ මදුරුවෙකු ලේ උරමින් සිටින විට තම පුත්‍රයාට ඔහු එලවා දැමීමට කීයේය.

අතිශයින් ගෞරවාදර දක්වන මාපියාණන් හිස ලේ බොන දුෂ්ටයාට කළයුත්ත නිසි පරිදි කරන්නෙමැයි පොරවක් ගෙන හිස මුදුනෙහි වැරෙන් පහරක් හෙළීය. එහි සිදුවූ සැටි බුදුරජාණන් වහන්සේ වදාරණ සේක. මසක ජාතකයෙහි :-

මකසං වධිස්සාමිහි ඵලමුගො

පුත්තො පිතූ අබ්භිදා උත්තමංගං

මෙලෙසින් මෝඩ මිත්‍රයාගෙන් කාට උවත් සිදුවන්නේ යහපතක් නොවේ. අනර්ථයක් මැයි. එමෙන්ම කලට වේලාවට නියම කටයුත්තෙහි නොයෙදෙන හීන වීර්යය වූ කුසීතයාද මිත්‍රයෙකු වශයෙන් ගෙන සේවනය භජනය නොකටයුතුයි. ඔහුගේ අසේවන බලයෙන් සියලු උත්පාදන ව්‍යාපාරයෝ නැසෙති. කුඩා ලී කැබැල්ලක් ගෙන සමුද්‍ර තරණයෙහි යෙදෙන්නේ දියෙහි ගිලී වැනසෙන්නාක් මෙනි. ඒ බව මෙසේ වදාළ සේක.

පරිත්තං දාරුමාරුය්හ – යථාසීදෙ මහණ්ණවෙ;

එවං කුසීත මාගම්ම - සාධුජීවීපි සීදති

මනුෂ්‍ය ගුණයෙන් පරීහිගිය ලාමක හැසිරීම ඇති පාපී පුද්ගලයෝ මිත්‍රයින් වශයෙන් ආශ්‍රයට නොගත යුත්තාහුය. ඔවුන්ගේ අභ්‍යන්තර ගතවූ පාප සංකල්පයෝ කාශ ස්වාශ මසුරිකාදී සංක්‍රාමික (බෝවෙන) රෝගයන් මෙන් ඇසුරු කරන්නවුන් කරා පැමිණ ගුණ ධර්ම සමූහය නසති. ඒ හේතුවෙන් මෙලොවින් හා පරලොවින් පිරිහෙන්නේය. ඒ බව මෙසේ වදාළ සේක.

පාපමිත්තො පාපසඛො - පාප ආචාර ගොචරා

අස්මාලොකා පරම්භාව - උභයා ධං සතෙ නරො

මේ ආදිය නුවනින් සිහිකිරීමෙන් ගුණාධික පුද්ගල සේවනය ජීවිත ප්‍රතිලාභයෙහි අමෘත ඵලයක් සැලකීමෙන් ඉෂ්ට මිත්තානිසංසේවනය කළ යුතු. මිත්‍ර ප්‍රතිරූපකයන්ද අමිත්‍ර (සතුරු) පුද්ගලයන්ද අජ්ඣුපෙක්ඛනයෙන් (නුදුරු කොට නොළංකොට) පිදුරු මිටියක් දල්වා ගිනි තපින්නකු මෙන් මධ්‍යස්ථ භාවයෙන් යෙදී සේවනය කළ යුතු. ඉක්බිතිව මෙහි මිත්තානිසංස කියනු ලැබේ.

පානදුර, නල්ලුරුව 
අභිනවාරාම විහාරවාසී 
දෙහිවල පියනන්ද හිමි

 
Reply all
Reply to author
Forward
0 new messages