ක්රිස්තු ජීවිතේ තේරුම නොදැනයි
සමහරු මේ ලෙස විමසන්නේ
“මෙවන් විපත් වෙනතුරු දෙව් පියාණනි ඔබ
නොදැකද, නොදැනද කොහි ඉන්නේ?”
ක්රිස්තුස් වහන්සේ මරණය අභියස
සිටියදි, එය වළකා ලූයේ නැති ම නිසා
අප හට සදහම පහදා දෙන්නට
ක්රිස්තු මරණයයි මුල්වන්නේ.
ඊයේ (බක් මස 21) දිනයේ එතුමන් මරණෙන්
නැඟිටි බවයි අප සමරන්නේ
පුපුරවාලූ ඒ සැමරුම තුල
මිය ගිය අය සගයට යන්නේ
යමෙක් සිතුවා නම් කුපිත කරන්නට
නැහැ එය එලෙසට සිදුවන්නේ
කුරිසිය අභිමුව දෙව්මව් ලෙසිනුයි
කිතුනු දනා එය ඉවසන්නේ.
මරිය මවේ ඔබ අපහට දුන් ඒ
ආදර් ශයටයි පින් දෙන්නේ.
ඇහැට ඇහැක් අප පැතුම නොවෙයි සහෝ,
ඔබට සැනසුමයි පැතුමම වන්නේ
කුමන හේතුවක් සිතේ රැඳිවිද
සිතන්න අපහසුයි රහසක් ම නොවේ
මෙය සිදුවන බව දැන දැන නිහඬව
කෙළෙසද “ඔබ” නිහඬව උන්නේ?
චූටි දූ පුතුන්, වියපත් මා පිය
බැතිමත් ජනයා නොවෙද එදා
පිරිසිඳු ඇඳුමක් හැඳ දෙව්මැදුරේ
දෙවියන් දුටුවේ පුදමින් ආදරේ සදා
කිතුසමිඳාණන් ලේ වැගිරූ ලෙස
කිතුදන රුහිරය ගියෙන් ගලා
සිදුවිය හැකි වූ බියකරු විපතක්
වළකනු හැකිවිය නොවෙද ඉතා.
2019 බක් මස 22 වන දින.