නව වසරට ධාර්මික ප්‍රවේශයක්‌ සඳහා .........

50 views
Skip to first unread message

Sachin Chamathka

unread,
Jan 1, 2015, 10:03:44 PM1/1/15
to

මහ රහතුන් වැඩි මඟ ඔස්‌සේ
"
අතහැරීම" 13 කොටස

හිංසාවේ රාත්‍රිය

(නව වසරට ධාර්මික ප්‍රවේශයක්‌ සඳහා කෙරෙන ආරාධනය)



අද ජනවාරි පළවැනිදා. වසරක්‌ ගෙවිල වසරක්‌ ලැබුව දවස. වසරක්‌ ගෙවී ගියාය කියන්නෙ අපි කාටත් ජීවත් වෙන්න තිබෙන කාලයෙන් වසරක්‌ අඩු වුණාය කියන එක. ඒ කියන්නෙ මරණයට වසරකින් ළං වුණාය කියන කාරණය. මේ කොයි පැත්තෙන් බැලුවත් අවංකවම සතුටු වෙන්න දෙයක්‌ මෙතැන නැහැ. නමුත් ගෙවී ගිය වසරේ පිංවත් ඔබ අප්‍රමාදීව ධර්ම මාර්ගයේ ගමන් කළා නම් ලැබුවා වූ වසරේ ඊටත් වඩා ශක්‌තිමත්ව ධර්ම මාර්ගයේ ගමන් කරනවාය කියන අධිෂ්ඨානය ඔබ තුළ ඇතිවුණා නම් එතන තිබෙන්නෙ අර්ථවත් සතුටක්‌. ඒ වගේමයි ගෙවී ගිය වසරේදී දානශීලභාවනා කටයුතුවලදී ප්‍රමාද භාවයට පත්වුණානව වසරේදී මා අප්‍රමාදීව කටයුතු කරනවාය කියන අධිෂ්ඨානයද සතුටට හේතුවක්‌මයි. වසරක්‌ ලැබුව අවස්‌ථාවක පිංවත් ඔබට ජීවිතයේ තැබිය හැකි ලොකුම බලාපොරොත්තුව තමයි මේ වසර තුළදී මා සතර අපායෙන් නිදහස්‌ වීමට උපරිම උත්සාහයක නියැළෙනවාය කියන බලාපොරොත්තුව. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පැවිදි පක්‍ෂය විසින් ගිහි පක්‍ෂයටදෙමාපියන් විසින් දරුවන්ටගුරුවරුන් විසින් ශිෂ්‍යයන්ටකෙනකු විසින් තව කෙනකුට සමාදන් කරවිය හැකි උතුම්ම ත්‍යාගයදායාදය සතර අපායෙන් මිදීමේ මාර්ගය පහදා දීමයසමාදන් කරවීමය කියලා.

නව වසරක්‌ ආරම්භයේදී බුලත් අතකින්කැවිලි පිඟානකින්කේක්‌ ගෙඩියකින්සුබ පැතීමකින්හුවමාරු කරගන්නා ඥාතිත්වයස්‌වාමිත්වයසෙනෙහසහිතවත්කම ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනාකොට වදාල සැබෑ ඥාති සංග්‍රහය සමග මොනතරම් නම් ප්‍රාථමික දැක්‌මක්‌දසුබ අලුත් අවුරුද්දක්‌ වේවා කියල කරන ශුභාශිංසනය තුළ මෛත්‍රියමනුෂ්‍යත්වය මුසුවෙලා තිබෙන බව ඇත්ත. ඒ ඇත්තේ තරමටම එම ශුභාශිංසනය තුළ අවිද්‍යාවද සැඟවී තිබෙන බව ඇත්තම කාරණයකි. අවිද්‍යාව කියල කිව්වේ විද්‍යාවෙන් තොරභාවයයි. ඒ කියන්නෙ ඇත්ත ඇති සැටියෙන් නොදැකීමයි. දුක සැප මාරුකොට ගෙන දැකීමයි. ජාතිජරාව්‍යාධිමරණ වලට තව තව ළංවන මොහොතේ සුබ නව වසරක්‌ වේවා කියනවා වෙනුවට ලැබුවා වූ නව වසරසතර අපායෙන් නිදහස්‌ වෙන වසරක්‌ වේවා කියල ප්‍රාර්ථනා කළොත් එතන තිබෙනවා ජාතිජරාව්‍යධිමරණ වලින් මිදීමට ඔබ ගන්නා වු උතුම් උත්සාහයක්‌. එහෙත් පිංවත් ඔබ මෙවැනි අර්ථවත් සුබ පැතීමක්‌ කරන්න ලැජ්ජයි.

අර්ථවත් දෙයින් අයින් වෙලා අනර්ථවත් දෙය ළංකර ගන්නවා. බුදුසරණයිතෙරුවන් සරණයි කියලා කියනව. නමුත් ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ධර්ම මාර්ගය ගැන කියන්න ලැජ්ජා වෙනවා. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ සරණ ගියා යැයි කියන්නේ අර්ථවත් ආකාරයෙන් ධර්ම මාර්ගයේ ගමන් කරනවාය කියන කාරණයයි. පිංවත් ඔබ සතර අපායෙන් නිදහස්‌ වීම සඳහා සමාදන් විය යුතු තෙරුවන් කෙරෙහි අචල ශ්‍රද්ධාවශීලයේ පරිපූර්ණත්වයපංච උපාදානස්‌කන්ධයේ අනිත්‍ය භාවය දැකීම කියන අර්ථයන් මහා සංඝරත්නය විසින් නිරතුරුවම ඇසෙන මොහොතකඅපි මොනතරම් දුර්වලතාවකින්ද ජීවිතය සැලසුම් කරගන්නේ. අප්‍රමාණ සැප ලැබිය හැකි මාර්ගයක්‌ ඇස්‌පනාපිට තිබියදී අති දීර්ඝ දුකක්‌ උදෙසා කෙටි සැපයමයි අපි සොයන්නේ. ලොව පහළ වූ ශ්‍රේෂ්ඨ ශාස්‌තෘන් වහන්සේ නමකගේ ඉගැන්වීම්වල අර්ථයන් ලිහිල් භාවයට පත්කොට ආගන්තුක වටිනාකම් අපේ කරගැනීම අභාග්‍යයකි. මෙතැනදී පිංවත් ඔබ සිතන්න අවශ්‍ය නැහැ අපට මාර්ගය කියල දෙන ගුරුවරු කොතැනද ඉන්නෙ කියලා. ඇසෙන සම්බුදු ධර්මයයි ඔබ ඔබේ මාර්ගය කරගත යුත්තේ.

ගුරුවරුන්ගේ පුංචි හෝ දුර්වලතාවක්‌ දකී නම් එයද මාර්ගය වැඩීමේදී කමටහනක්‌ කොට ගැනීමට ඔබ දක්‍ෂ විය යුතුය. ලෝක තත්ත්වයන්ට ඇලීමේගැටීමේ ස්‌වභාවයන්ට යන්නේ නැතිව සමාජයමනුෂ්‍යයාව්‍යාකූල වෙන්න වෙන්න ඇතිවන සමාජ විකෘතිය ධර්මයේ අර්ථය වශයෙන්මයි අපි දැකිය යුත්තේ. ලෝක ධර්මයන් කෙරෙහි ඇලීමත් ගැටීමත් සකස්‌වෙන සිතක ඔබ නොදකින එකම දෙය අනිත්‍යයයි. ඒ කියන්නේ ධර්මයේ අර්ථය නොදැනීමයි. ධර්මයේ අර්ථය නොදකින්නා තමා අත්දකින ලෝක ධර්මතාවන් හමුවේ ඇලීමත් ගැටීමත් අතර දෝලනය වෙමින් ධර්මයේ ස්‌වභාවය අවබෝධ කොටගැනීම මගහැර නිත්‍ය වූ සැපයක්‌ම සොයනවා. මෙතැනදී තමයි සමාජ ව්‍යාකූලභාවය විකෘති භාවය සකස්‌ වෙන්නේ. අසීමිත ඇලීම්අසීමිත ගැටීම්අසීමිත උපේක්‌ෂාවන්ගේ එකතුවක්‌ වෙනවා ලෝකය. ඵලය ලෝකය තුළදී දුටුවත්හේතුව සකස්‌ වූයේ ධර්මය නොදත් මිනිස්‌ සන්තානය තුළම නේදකැඩෙනබිඳෙනවිසිරෙන සම්මුති ලෝකයේ අර්ථය සකස්‌වෙන්නේ නාමරූප දෙක නැමැති "පුංචි ලෝකයේ" හේතුඵල ධර්මතාවන් නිසාම නේදඒ නිසා පිංවත් ඔබ ධර්ම මාර්ගයට එන්න. මාර්ගයේ හික්‌මෙන්න. එවිට ඔබ දකින ලෝකය යහපත් වේවි. ඔබ ලෝකය තුළ සුරක්‍ෂිත වේවි. ඔබ ලෝකයෙන් නිවී යාවි. ඉහත කරුණු සියල්ලම සකස්‌ වුණේ ඔබ තුළින්ම නේදකැඩෙනබිඳෙනවිසිරෙන සම්මුති ලෝකයත්නාමරූප නමැති මම කියන "පුංචි ලෝකයත්"අනිත්‍යයේ අර්ථයෙන්ම සකස්‌වුණු දේවල්ය. අර්ථය අනිත්‍ය වූ කල්හි යමක්‌ නිත්‍ය භාවයක්‌ සොයයි නම් ඔහු සොයන දෙය කවදාවත් හමු නොවනු ඇත.

ඔබද මමද සසර මෙතෙක්‌ පැමිණියේ එම නිෂ්ඵල ගමනයි. පිංවත් ඔබ ලැබූ මේ ජීවිතයද සැප කෙරෙහි ඇති තෘෂ්ණාව නිසා සකස්‌ කොට ගත් ජීවිතයකි. පිංවත් ඔබම තීරණය කරන්න ඔබ ධර්මයෙන් කොතරම් දුරස්‌ වෙලාද ඉන්නෙ කියලා. මේ දුරස්‌භාවය අවම කරගන්න ඔබ විසින් ඇති කරගන්නා අධිෂ්ඨානය ක්‍රියාත්මක භාවයට පත්වෙද්දී ඔබ තුළ ශ්‍රද්ධාවීර්යසතිසමාධි, ප්‍රඥා කියන ධර්මතාවන් වැඩෙන්න ඕනේ එකිනෙකට අඩු වැඩි භාවයෙන් තොරව. මෙන්න මේ "අඩු වැඩි භාවයකින් තොරව" කියන ස්‌වභාවය සමාජයේ හුඟ දෙනකුගෙන් ගිලිහී ගොස්‌ තිබෙනවා. ප්‍රඥාව වැඩෙන ආකාරයට නොවේ ශ්‍රද්ධාවීර්යයසතිසමාධි කියන කාරණා ජීවිතයට එකතු කර ගන්නේ. විදර්ශනා ඥානය වැඩෙන දිශාවටමයි පිංවත් ඔබ ඉහත කාරණය සතියෙන්සිහියෙන් යුතුව ජීවිතයට ගලපාගත යුත්තේ. මමත්වය වැඩෙන දිශාවට නොවේ. වසරක උදාවක්‌ සමරන මොහොතක මෙවැනි ධර්මයක්‌ ගැන පිංවත් ඔබ නැවත නැවත සිතනවානම්මෙවැනි ධර්මයකට මුල්තැන දෙනවානම් එම වසර මොන තරම් සංහිඳීමට පත් වූ වසරක්‌ වේවිදඅර්ථවත් ලෙසම තෙරුවන් සරණගිය වසරක්‌ වෙනවා නේදපිංවත් ඔබ ගත්තා වූ තීරණයෙන් සැනසෙන්නේ ඔබම නේදදුකෙන් මිදෙන දිශාවට යන්නේ ඔබම නේදඑසේ නොවුණ කල්හි ඔබ යන දිශාව ගැන පහත සටහන තබමි.

ජනවාරි පළවෙනිදා කියනකොටම සිහියට නැඟෙන්නේ දෙසැම්බර් 31 දා රාත්‍රියයි. මේ රාත්‍රියේ භික්‌ෂුව වැඩසිටියේ අගනුවරට ආසන්න ආරණ්‍යයකය. රාත්‍රි 12.00 වෙලාවට ආසන්න වෙද්දී පුපුරා ගිය රතිඤ්ඤා පිපුරුම් හඬ මොනතරම් වේගවත්ද කියලා පිංවත් ඔබටත් ඇසෙන්නට ඇති. මේ රතිඤ්ඤා පිපුරුම් හෙණ දෝංකාරය කියන්නේ අවිද්‍යාවේ හඬයි. ඔබ හිතල බලන්න මීට වසර විසිපහකට පෙරාතුව ඉඳල වසරින් වසර මේ හඬ වැඩිවුණා මිසක්‌ අඩුවුණේ නැහැ. අනාගතයේ කවදාකවත් මේ හඬ අඩුවෙන්නේ නැහැවැඩිවෙනවා මිසක්‌. මේවා ලෝක ධර්මතාවන්. මනුෂ්‍යයා ධර්මයෙන් පිරිහෙන්න පිරිහෙන්න නොවටිනා වටිනාකම් අර්ථවත් වෙනවා.

ශීලයේසමාධියේප්‍රඥාවේ නිහඬ භාවයට එරෙහි ස්‌වභාවයන් තමයි සකස්‌ වෙන්නෙ. ඝෝෂාව යම් තැනක තිබෙනවානම් එතන ශීලයක්‌සමාධියක්‌ තිබෙන්න විදිහක්‌ නැහැ. මේ දෙක නැති තැන ප්‍රඥාව ගැන කථාකරල තේරුමක්‌ නැහැ. ආයිමත් අපි එන්නේ අවිද්‍යාව කියන තැනටමයි. ලෝකයේ තිබෙන සැබෑම නිහඬතාව අත්විඳින්න පුළුවන් ඝෝෂාව තුළදීයි. දෙසැම්බර් 31 රාත්‍රියේ භික්‌ෂුව සයනය මත වැතිරී ඒ සැබෑම නිහඬතාව අත්වින්දා හොඳ හැටියට. පරිසරය ඝෝෂාකාරී වෙන්න වෙන්න තමන්ගේ සිතේ නිහඬභාවය හොඳින් දැනෙනවාපෙනෙනවා. පුපුරණ රතිඤ්ඤා හඬින් දෙදරුම්කන පරිසරයනිහඬ සිතින් අත්දකිද්දි අවිද්‍යාවේ ඝෝෂාවත්විද්‍යාවේ නිහඬතාවත් සක්‌සුදක්‌ සේ පැහැදිළි වෙනවා. අර්ථවත් වෙනවා. එවිට දුකක්‌සැපක්‌ නොවේ සිතට දැනෙන්නේ. අවදානමෙන් මිදුනා වූ නිදහසේ සුවයයි. මෙවන් අසිරිමත් මාර්ගයක්‌ පිංවත් ඔබේ ඇස්‌පනාපිට තිබියදී ශීලයේසමාධියේප්‍රඥාවේ උතුම් නිහඬතාවයේ අර්ථය රතිඤ්ඤාවේ හඬින් විනාශකොට දමනවා.

පිංවත් ඔබ කල්පනා කරන්න වසර සුබ වෙන්න කියලා ඔබ කොතෙක්‌ රතිඤ්ඤා පත්තුකළත් වසර සුබ වෙලා තිබෙනවාදදවසින් දවස ක්‍රෝධයවෛරයදුශ්ශීල භාවය මහා වේගයකිනුයි සමාජයේ ඉහළ යන්නේ. රතිඤ්ඤා පිපුරුම් හෙ දෝංකාරය යම් සේ වේගවත්ද දුශ්ශීල භාවයේ වර්ධනයත් සමාජය තුළ වේගවත් වෙලා. ශ්‍රාවකයා ශාස්‌තෘන් වහන්සේ හඳුනන්නේ නැහැ. ගුරුවරයා ගෝලයා හඳුනන්නෙ නැහැ. දෙමාපියන් දරුවන් හඳුනන්නෙ නැහැ. පාලකයා ඇත්ත යුක්‌තිය හඳුනන්නේ නැහැ. පිරිහීමේ දෙසටමයි සමාජය ගමන් කරන්නේ. ඒ කියන්නේ කොතෙක්‌ රතිඤ්ඤා පත්තුකළත් වසර සුබවෙලා නැහැ. කොහොමද වසර සුබවෙන්නෙ මනුෂ්‍යයා විසින් මොනතරම් අකුසල් කන්දරාවක්‌ සිදුකරගෙනදමොනතරම් සත්ව ඝාතනසත්ව හිංසාවන් සිදුකරගෙනදවසරක්‌ උදාවෙන්නේ.

දෙසැම්බර් 31 වෙනිදා රාත්‍රියේ රතිඤ්ඤා පත්තු කරන ඔබ මොනම හේතුවක්‌ නිසාවත් සිතන්නෙ නැහැ ඔබ පත්තුකරන රතිඤ්ඤා නිසා බරපතළ සත්ව ඝාතනසත්ව හිංසාවන් සිදුවෙනවා කියලා. මොකද ඔබ දකින්නෙ ඇසෙන් පෙනෙන ලෝකය පමණයි. ගස්‌ගල්මනුෂ්‍යයෝගෙවල් දොරවල් ඔබට පෙනෙන ලෝකය. ඒ ලෝකය තුළ ඔබ නිවැරුදි කරුවෙක්‌ බව ඇත්ත. නමුත් පිංවත් ඔබ තරගයට පරිසරය දෙදරුම් කවමින් පුපුරායන රතිඤ්ඤා හඬින් මොනතරම් ඔබට නොපෙනෙන අමනුෂ්‍යයන් මියයනවා ඇත්දකොතෙක්‌ ඔබට නොපෙනෙන අමනුෂ්‍යයන් තුවාල ලබනවා ඇත්දමෙම ප්‍රේතභූත අමනුෂ්‍යයින් මේ රාත්‍රියේ අත්විඳින්නා වූ පීඩනය නිසා ඔවුනගේ සිත තුළ සකස්‌වෙන්නා වූ වෛරයක්‍රෝධය නව වසරේ අසුබ තුටු පඬුරක්‌ සේ ලෝකයාට ලැබෙනවා. ගස්‌වල වැඩසිටින රුක්‌දෙවිවරු භුම්මාටු දෙවිවරු වැනි කොටස්‌ මේ බිහිසුණු රතිඤ්ඤා හඬින් මොනතරම් කම්පා වෙනවා ඇත්ද. ඒ දෙවිවරුන්ගේ සිත තුළත් ද්වේෂයවෛරයක්‍රෝධය සකස්‌වෙනවා. මේ ද්වේෂයත් නව වසරක්‌ උදාවෙද්දී ඔබ ලබන අසුබ තුටු පඬුරක්‌මයි. එම රාත්‍රියේදී රතිඤ්ඤා හඬට බියෙන් දුවන තිරිසන් සතුන් කොතෙක්‌ නම් සිටිනවාදමරබයෙන් ගැහෙමින් සැඟවෙන්න දිවයන ඒ සිත් තුළ ද්වේෂයවෛරය සකස්‌වෙනවා. මේ ද්වේෂයත් නව වසරේ ලෝකයා ලබන අසුබ තුටු පඬුරක්‌මයි. රතිඤ්ඤා කරලක්‌ පුපුරා යනකොට එම හඬටගින්දරට පිළිස්‌සී දෙදරුම් කෑමට ශරීරය පුපුරා ගොස්‌ මොනතරම් කුඩා කෘමි සතුන් මියයනවා ඇතිදමේ විනාශවන සතුන්ගේ සිතේ සකස්‌වෙන ද්වේෂයත් නව වසරේ ඔබ ලබන අසුබ තුටු පඬුරක්‌මය.

ගස්‌වලකැදැලිවල ජීවත් වෙන කුරුල්ලන්කුඩා පැටවුන්මෝරන බිත්තර මොනතරම් විනාශ වෙලා යනවා ඇතිදඔය දෙදරුම් කෑමේ හඬට. එම කුරුල්ලන් බියට පත්වී අන් සතුන්ගේ ගොදුරු බවට පත්වෙනවා ඇතිදමේ සතුන්ගේ සිත් තුළ සකස්‌වන ද්වේෂයද නව වසර උදාවේදී ඔබ ලබන අසුබ තුටු පඬුරක්‌මය. ඉහත කොටස් අසහනයටඅපහසුතාවටමරණයටමරණීය වේදනාවන්ටහිංසාවට පත්වීමෙන් සකස්‌වන්නා වූ අකුසල් කන්ද කරගසාගෙන තමයි නව වසරක්‌ උදාවෙන්නේ. මේ අමානුෂික ඛෙදවාචකය පිංවත් ඔබට නොපෙනෙන්නේ අවිද්‍යාවේ හඬ බලවත් වීම නිසාය. පිංවත් ඔබට මාර සිතක්‌ ඇතිවෙන්න පුළුවන්රතිඤ්ඤා පත්තු කළාම සතුන්ව මරා දැමීමේහිංසා කිරීමේ චේතනාවක්‌ ඔබ තුළ නැතිය කියලා. ඒ සිතිවිල්ල නිවැරදි වෙන්න පුළුවන්. නමුත් මිය යනතුවාල ලබනහිංසනයට පත්වෙනඑම සත්වයන්ගේ සිතේ නැගෙන ද්වේෂයවෛරයක්‍රෝධය සුබ පිරිත් දේශනාවක්‌ සේ නොවඅසුබ වියරු අඳෝනාවක්‌ සේ වායු ගෝලයට එකතු වනවා නියතය. බියෙන්වෛරී චේතනාවන් සකස්‌ කොටගෙන මියයන අමනුෂ්‍යයන්තිරිසන් සතුන් වඩාත් නපුරු වියරු අමනුෂ්‍යයන් බවට පත්ව නැවත උපත ලබාතමන්ගේ පෙර ජීවිතයේ විනාශයට හේතුවූ රතිඤ්ඤා පත්තු කළ මනුෂ්‍යයන්ගෙන් පළිගැනීමේ සිත් සකස්‌කොට ගැනීමේ ස්‌වභාවයද පිංවත් ඔබ තේරුම් ගත යුතුය. සමාජය දිනෙන් දිනම වෛරයක්‍රෝධයද්වේෂය වැඩෙන දිශාවටමද මනුෂ්‍යයා වියරු ස්‌වභාවයටම පත්වීමටද හේතු ඉහත කාරණා තුළද සැඟව තිබීමට පුළුවන. මේ සිද්ධීන් දෙස බැලීමේදී ඔබට වැටහෙනවාද අවිද්‍යා සහගත ක්‍රියාවන් ඔබව මොනතරම් විනාශය කරා දුක කරා රැගෙන යනවාද කියලා. 

පන්සලේ ඝන්ඨාරය නාද කරනකොටහේවිසියක හඬ ඇසෙනකොටමඟුල් බෙර හඬ ඇසෙනකොට මොනතරම් සංහිඳීමක්‌සංයමයක්‌ එම හඩේ තිබෙනවාද. එම හඬින් ඉහතින් දැක්‌වූ විනාශයන්අකුසලයන් සිදු වෙනවාදකුඩා කිරි දරුවෙක්‌ නම් පීඩා විඳින්න පුළුවන්. පිංවත් ඔබට ශබ්ද පූජාවක්‌ කිරීමට අවශ්‍ය නම් පමණක්‌ 31 දා මධ්‍යම රාත්‍රියට පන්සලේ ඝන්ඨාරය නාද කරන්න ගමටම ඇසෙන්නට. මඟුල් බෙරයක්‌ නාද කරන්න. මෙය සමාජයට නුහුරු දෙයක්‌ බව ඇත්ත. එහෙත් ඔබ තුළින් නරකක්‌ වරදක්‌ නම් වෙනත් සත්වයකුට සිද්ධවෙන්නේ නැහැ. දෙවියන් අමනුෂ්‍යයන් පවා මේ හඬට ප්‍රිය වෙනවා. තිරිසන් සතුන් පවා මේ හඬ විඳිනවා. හැමෝගෙම ආශිර්වාදයෙන් තමයි වසරක්‌ උදාවෙන්නේ. සශ්‍රීක දිව්‍යතල වල සිටින දෙවියන් පවා ඔබට ආශිර්වාද කරනවා. කාටද මේ ආශිර්වාද කරන්නේශීලයට. පිංවත් ඔබ ශීලයෙන් හික්‌මුන නිසයිරතිඤ්ඤා පත්තු කිරීමෙන් සත්ව ඝාතනසත්ව හිංසා සිදුවෙනවාය කියන යථාර්ථය දැක්‌කේ. සිල් පද ආරක්‍ෂා කරන්න උත්සාහ ගත් නිසයි ඔබ එම වැරදි ක්‍රියවෙන් වැළකුනේ. ශීලයට වටිනාකමක්‌ දෙමින් තමයි එතකොට ඔබ නව වසර අරඹන්නේ. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කළ නිසයි ඔබ සත්ව හිංසාවෙන් වැළකුනේ. ශීලයට වටිනාකමක්‌ දෙනවිටම ඔබ තෙරුවන් සරණේ පිහිටලා. රතිඤ්ඤා පත්තු කිරීමෙන් සතුනට මරණීය දුකහිංසනය සිදුවෙනවායමම එම සතුනට අභය දානය දෙනවාය කියලා හිතනකොටම ඔබ තුළ කුසල් චේතනාවක්‌ සකස්‌ වෙලා. නව වසර පිංවත් ඔබ අරඹන්නේ සතර අපායෙන් මිදීමේ සාධක සියල්ලම දෝතින් දරාගෙනමයි. පුංචි දෙයකින්මොන තරම් නම් වෙනසක්‌ සිදුකරන්න පුළුවන්ද. මේ පුංචි දෙය වෙනස්‌ කර ගැනීමට නොහැකිවීමෙන්ඔබ සසර මොනතරම් නම් දුර ගමනකට වැටෙන්න ඉඩ තිබෙනවාද.

ඉන්ද්‍රජිත් සුබසිංහ
indraji...@gmail.com

Source URL : http://www.divaina.com/2012/01/01/feature07.html


බුදු සිතක උපදිනා සිතිවිල්ලක්‌ ඔබේ සිත තුළත් උපදවාගන්න

නව වසරට ධාර්මික ප්‍රවේශයක්‌ සඳහා කෙරෙන ආරාධනය II

අතහැරීම 14 කොටස


ඉකුත් කොටසින් සඳහන් කළේ දෙසැම්බර් 31 දා රාත්‍රියේ නගරයේ මෙන්ම ගමේත් ඇසට පෙනෙනකනට ඇසෙන පැත්ත. සාමාන්‍ය ස්‌වභාවය. මීට වඩා වෙනස්‌ ස්‌වභාවයකුත් වර්තමාන සමාජය තුළ වර්ධනය වෙනවා. හෝටල්වල පෞද්ගලිකව වෙන්කරගත් ස්‌ථානවල නව වසර උදාව සමරන අයට අවුරුදු උදාවෙන්නේ අඳුරේ. ප්‍රඥාවේ ආලෝකයක්‌ මේ අයට කොහොමටවත් නැහැ. ජල විදුලියේදී තාප බලාගාරයේ ආලෝකය පමණයි තිබෙන්නේ. එම ආලෝකයත් නිවා දමාඅඳුරේ තමයි අවුරුදු උදාවට අවතීර්ණ වෙන්නේ. ඒකෙන්ම පෙනෙනවා අවිද්‍යා සහගත සිතආලෝකයට ඇති අකමැත්තආලෝකය නිවාදමා අඳුරට කැමතිවන්නේ අනුශය වශයෙන් ඉතිරිවෙලා තිබෙන හිරි ඔතප් දෙකත් ඒ රාත්‍රියේ නැති කරගන්න. හිරි ඔතප් දෙක නැතිවුණ තැන තවත් නැතිවෙන්න දෙයක්‌ තිබෙනවාද?

වසරක ආරම්භය මේ අය විසින් පටන්ගන්නේ ශීලයට සෘණාත්මක අගයක්‌ දෙමින්. ශීලයෙන් ගිළිහුණ ජීවිතයක ලෝභද්වේෂමෝහ අකුසල මූලයන් සරුසාර ලෙස වැඩෙනවා. මෙවන් සිත්වලින් ලබන්නාවූ වසරට කුමන ආධ්‍යාත්මික ශාන්තියක්‌දභෞතික දියුණුවක්‌ නම් සැලසේවී. ඒ බව සමාජයෙන් හොඳින් පෙනෙනවා සැකයකින් තොරවම. එහෙත් එය සතුටු වියහැකි කාරණයක්‌ නම් නොවේ.

පරලොව යහපත ගැන බලනකොට ලබන්නා වූ වසරේ අවම වශයෙන් පංච ශීලයවත් රැකගැනීමට අධිෂ්ඨානයක්‌ ඇතිකර නොගන්නා තැනැත්තා තමා තමාටවත් උපකාරයක්‌ කර නොගත් තැනැත්තෙක්‌ වෙනවා. ඔහු කෙසේ අනුනට උපකාර කරන්නදකෙසේ නම් අනුනට ආශිර්වාද කරන්නදඔහු කෙසේ නම් ධර්මයේ අර්ථයක්‌ අත්දකින්නදධර්මයේ අර්ථයන් අත්නොදකින තැනැත්තා රාත්‍රී 12 ට අවදි වී සිටියත් මෙලොව පරලොව දෙකේ එම ඔහු ප්‍රමාදිභාවයට පත්වෙනවා. මේ අයෝනිසෝමනසිකාරයෙන් යුතුව ඔබ සිදුකරන්නා වූ ක්‍රියාවන් නිසා ඔබට පැහැදිලිවවිවරව තිබෙන ධර්ම මාර්ගය ඔබ විසින්ම වසාගන්නවා. ඔබ මේ ජීවිතයේ සශ්‍රීකභාවය ලබන්නපෙර ජීවිතයේදී මොනතරම් දානමයශීලමය පිංකම් සිදුකරගෙන තිබෙන්න ඕනෙදඅතීත භවයන්හීදී මනුෂ්‍ය ජීවිතවල ඉපදී සිදුකරගත් කුසල් විපාකවල සැපය මේ ජීවිතයේදී අත්විඳිනකොට ඔබ ඒ සශ්‍රීකභාවයමහේශාක්‍යභාවයසෞභාග්‍යමත් ජීවිතය අත්විඳින්නේ පිංවත් ඔබට අතීතයේ උපකාරවූ දානයටශීලයට මේ ජීවිතයේද සෘණාත්මක අගයක්‌ ලබාදෙමින් නේදමේ සෘණාත්මක බව නේද වර්තමාන සමාජයේ ඇසෙන අවිද්‍යාවේ කන් බිහිරි කරවන හඬශීලයමයි පිංවත් ඔබට උපකාර වූයේ මේ උතුම් මනුෂ්‍ය ජීවිතය ලබන්නට. දානයමයි ඔබට උපකාර වූයේ මේ උතුම් මනුෂ්‍ය ජීවිතයේ ආයුෂවර්ණසැපයබලය ලබන්නට. ඒ නිසා කෘතවේදීව පිංවත් ඔබ සත්පුරුෂභාවයෙන් යුතුව ඔබට උපකාරවූ ධර්මතාවයන් ගරුකරන්න. ඒවාම ජීවිතයේ වටිනාකම් බවට පත්කරගන්න. තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන්කර්මය කර්මඵල පිළිබඳ විශ්වාසයෙන් පිංවත් ඔබ ශීලමයදානමය පිංකම් උදාවෙන සෑම නව වසරකම ඔබට මුණගැසෙන කළ්‍යාණ මිත්‍රයා කරගන්න. ඔබට සුබ පතන හිතවතා කරගන්න. ඒ කළ්‍යාණ මිත්‍රයා ඔබට සුබ පැතුවොත් පමණක්‌මයි ඔබ ලැබූ උතුම් මනුෂ්‍ය ජීවිතය සුබ ජීවිතයක්‌ වෙන්නේ. ලැබුවා වූ නව වසර සුබ වසරක්‌ වෙන්නේ.

මේ කළ්‍යාණ මිත්‍රයා ඔබ තුළමයි සැඟවී සිටින්නෙ. මොහු සැඟවී සිටින්නේ ලෝභද්වේෂමෝහ නැමැති මාර ධර්මයන්ට බියෙන්. එසේත් නැතිනම් මාර ධර්මයන් කෙරෙහි ඇතිකරගත් ඡන්දරාගය නිසා ඔබට සැඟවෙමින්. පිංවත් ඔබ දක්‍ෂවෙන්න ඕනේ මේ බියෙන් ඔබේ කළ්‍යාණ මිත්‍රයා මුදවාගන්න. ඉස්‌මතු කොටගන්න. එය කරන්න පුළුවන් තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවකර්මයකර්මඵල පිළිබඳ විශ්වාසය ඔබ තුළ ඇතිකර ගැනීම තුළින්. මේ කාරණා දෙකේ අර්ථයෙන් ඔබ සන්නද්ධ වෙනකොට ඔබේ කළ්‍යාණ මිත්‍රයා ශක්‌තිමත් භාවයෙන් නැඟීසිටිනවා. ඔබව කුසල් මාවතට යොමුකරනවා. සතර අපායෙන් මිදීමේ මාවතට ඔබව යොමුකරනවා. භික්‍ෂුව මේ දේවල් සටහන් කළත් මේවා අර්ථවත්ව ක්‍රියාත්මකවීම බොහොම දුර්වලයි. ඒ නිසා ඔබ අනුන් ගැන සිතන්න එපා. ඔබ තනි තනිව ඉහත සටහන ජීවිතයට ගලපාගන්න. ලෝකයලෝකයේ ස්‌වභාවයෙන් පවතීවී. පිංවත් ඔබ ලෝකයෙන් මිදීමේ ස්‌වභාවයට එන්න. ලෝකයෙන් මිදීමේ ස්‌වභාවයට සැමවිට තිබෙන්නේ අඩු පෝලිම බව ඔබ සිතන්න ඕනේ. සෙනඟ වැඩිපිරිස වැඩි පෝලිම හැමදාමත් ලෝකයේ පැවතීම දෙසටයි තිබෙන්නේ. ඒ කියන්නේ දුක දෙසටමාරයාගේ ලෝකයේ ව්‍යවහාර මුදල් තමයි දුකසමාජය අලුත් වටිනාකම් හැටියට සොයාගන්නාක්‍රියාත්මක කරන දේවල අවසාන ප්‍රතිඵලය දුකයි. ඇයි පිංවත් ඔබට බැරි ලොව්තුරා බුදුරජාණන්වහන්සේගේ සිතේ ඇතිවූ සිතිවිල්ලක්‌ ජීවිතයේ තීරණාත්මක අවස්‌ථාවකජීවිතයේ සුබ අවස්‌ථාවක ඔබේ සිතුවිල්ලක්‌ කරගන්න. ඇයි ඔබට බැරි අතීතයේ වැඩ සිටියා වූ රහතන්වහන්සේ නමකගේ සිතෙහි ඇතිවූ සිතිවිල්ලක්‌ ඔබේ සිතිවිල්ලක්‌ කරගන්න. එවන් උත්තමයකුගේ සිතෙහි ඇතිවූ සිතිවිල්ලක්‌ අපිට සිතන්න බැහැයි කියමුකෝ. එහෙමනම් ගිහි ජීවිත ගතකළ අනේපිඬු සිටුතුමන්විශාඛාව වැනි ධර්මයෙන් ජීවිතය ජයගත් පිංවතුන්ගේ සිතෙහි ඇතිවූ සිතිවිල්ලක්‌ ඔබ ඔබේ සිතිවිල්ලක්‌ කරගන්න. එහෙම සිතනකොට මොනතරම් සැනසිල්ලක්‌ද ජීවිතයට. මෙවැනි ශ්‍රද්ධාවෙන් සකස්‌වෙන සිතිවිල්ලකට පුළුවන් ඔබට අප්‍රමාණ සැපයක්‌ මෙලොව පරලොව වශයෙන් ලබාදෙන්න. පිංවත් ඔබ දෙසැම්බර් 31 රාත්‍රියේ රතිඤ්ඤාවක්‌ පත්තුකරලා ඔබම එහි පිපිරුමට බියෙන් ඈතට දුවනවා. නැතිනම් රතිඤ්ඤා කරල ඈතට විසිකරනවා. 

රතිඤ්ඤාව පත්තුවෙනකොට එහි පිපිරුම් හඬට බියෙන් ඔබම ඔබේ කන්දෙක වසාගන්නවා. ඒ කියන්නේ ඔබම එම ක්‍රියාවෙන් පීඩාවට පත්වෙනවා. ඔබ පීඩාවට පත්වෙමින් අන්‍ය සත්වයින්වත් පීඩාවට පත්කරනවා. අවසානයේදී එකම රාත්‍රියේදී සියල්ලෝම පීඩාවට පත්වෙලා. රතිඤ්ඤාව පත්තු කරන කෙනා තුළ සතුටක්‌ ඇතිවෙනවා තමයි. එම සතුටත් කාමච්ඡන්දයන් ගණයටයි වැටෙන්නේ. කාමච්ඡන්දයන් කියලා කිව්වේ පංචනීවරණයෙන් එක ධර්මතාවයක්‌ මාරයා විසින් සත්වයා සතර අපායෙන් එතෙරවීම වැළැක්‌වීම සඳහා දමන මරතොණ්‌ඩුව තමයි කාමච්ඡන්දය කියන්නේ. නව වසරක උදාවට පිංවතුන්ලා නොදැනුවත් භාවය නිසාම මාරයාගේ මරතොණ්‌ඩුවක්‌ සියතින්ම ගෙලට දමාගෙන.

තෙරුවන් සරණ ගිය පිංවත් ඔබ ජීවිතයේ සෑම විශේෂ අවස්‌ථාවකදීම ජීවිතය පටන්ගන්න ඕනේ තෙරුවන් ගුණය කෙරෙහි හිත පිහිටුවලා. ශීලයේ අර්ථයෙහි සිත පිහිටුවලා. එතැනයි ඔබේ ජයග්‍රාහී ගමනක ඇරඹුම. ආගන්තුකව පැමිණෙන වටිනාකම් ඉදිරියේ පිංවත් ඔබට ඔබේ බෞද්ධකම අමතක වෙනවා. "සතිය සිහිය අඩුයි" තරගයට වැටීමටයි කැමතිතරගයෙන් මිදීමට කැමති නැහැ. තරගයට වැටුණු කෙනාට ජය පරාජය දෙකෙන් එකක්‌ උරුමයි. තරගයෙන් මිදුන කෙනා මේ දෙකෙන්ම මිදීමේ මාර්ගයටයි අවතීර්ණවෙන්නේ. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සත්වයා නිරතුරුවම යෝනිසෝමනසිකාරය නැතිවීම හේතුවෙන් භව ආශ්‍රවයන් වැඩෙන දිශාවටයි ගමන්කරන්නේ කියලා අන්‍යයන්ටත්තමන්ටත් පීඩා ගෙනදෙන නොකළ යුතු දෙයදුරුකළ යුතු දෙයමගහැර යායුතු දෙයින් මිදෙන්නට වීර්යය නොමැති නම් භෞතික වශයෙන් ඔහු කොතෙක්‌ දියුණු වුවද අඥාණවත් පෘථග්ජනභාවයේ පරාජයමයි ඔහුට හිමිවන්නේ. නොවටිනා සැපයක්‌ උදෙසා ඔහු වටිනා අර්ථයක්‌ අහිමිකරගන්නවා. රතිඤ්ඤාවක ආලෝකයටහඬට මුලාවී එය විඳීමට යාමෙන් රැස්‌වන අකුසල් හේතුවෙන්නිරයේ දිලිසෙන ගිනි ජාලාවකට වැටුණහොත් කවදා කෙළෙස නම් ගොඩඑන්නදඑදාට ඔබේ කඳුළු පිසදැමීමටදුක නැතිකිරීමට කිසිවෙක්‌ නොමැත. රතිඤ්ඤාවකට ඔබේ ඇඟිල්ලක්‌ පිළිස්‌සුණොත් ඔබ මොනතරම් වේදනාවක්‌ විඳිනවාදඑහෙමනම් නිරයේ ගිනිජාලා තුළ සත්වයා විඳින වේදනාව ඔබම සිහිකොට ගන්න. මෙම දුක ඔබට මට නුහුරු දෙයක්‌ නොවේ. ඒ සංසාරික පුරුද්ද නිසා තමයි අපි තවමත් ගින්දරටඅඳුරට කැමති. දක්‍ෂයා ගින්දරත්අඳුරත් නිවැරදිව හඳුනාගෙනගින්දරත් අඳුරත් උරුම සතර අපායෙන් මිදීමේ මාවතටයි ගමන්කරන්නේ. පිංවත් ඔබ ජීවිතයේ සෑම සිහිකටයුතු අවස්‌ථාවකදීම සිල් පදයක්‌ රැකීමෙන් ලබන අප්‍රමාදීභාවය ජීවිතයට ලබාදෙන්න. දානයක්‌ පූජාකර ගැනීමෙන් ඔබ ලබන නිර්ලෝභී සතුටම ජීවිතයට ලබාදෙන්න. තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන් ඔබ ඇතිකරගන්නා ආත්ම විශ්වාසයම ඔබේ ජීවිතයට ලබාදෙන්න. මීට විරුද්ධ මාර්ගයේ ගමන් කොට ඔබ ඔබෙන් පළිගන්න එපා. පෙර ජීවිතවලදී ඔබ ඔබේම ශක්‌තියෙන් ගොඩනගාගත් කුසල් ශක්‌තිය අකුසලයේ දුකින් යටපත් වෙන්න දෙන්න එපා. 

වසරක්‌ උදාවෙන්නේ වසරක අවසානයදමරණයද දෝතින් දරාගෙනය. නමුත් මරණය නොදකින ඔබ වසරේ ආරම්භය ප්‍රීතියෙන් සමරයි. ඉපදී දින 365 කින් මැරෙන අවුරුද්දක ආරම්භය උදෙසා භවයට යන අකුසල් රැස්‌කර ගැනීමට ගැන අපි අවධානය යොමුකළ යුතුය. වසරක උදාව ළංවෙනකොට සමාජය හුඟක්‌ කතා කරන්නේත්ජනතාව දැනුවත් කරන්නේත් අනතුරු හඟවන්නේත් ආරක්‍ෂාකාරී ලෙස රතිඤ්ඤා පත්තුකරන ලෙසය. මෙහිදී ආරක්‍ෂාව යනු ශරීරයට ගිනි අනතුරුවලින් වළක්‌වා ගැනීමේ ආරක්‍ෂාවයි. අතපය පිළිස්‌සුන හොත් එය සතියකින්මාසයකින් සනීපවේවි. එහෙත් මෙහි අකුසල් ස්‌වභාවයන් ගැන අවධානය යොමු නොකර නැවත නැවත එම ක්‍රියාවන් කිරීමෙන් මරණින් මතු නිරයේ ගිනි ජාලාවකට වැටුණහොත් කල්ප ගණන් එම දුක ඔබට විඳීමට සිදුවනු ඇත. 

පිංවත් ඔබ වසරක්‌ උදාවෙන මොහොතේ පන්සලේනිවසේබුදුකුටියේ පහන් ආලෝකය දල්වා දස දිසාවටම මෛත්‍රිය පතුරවමින් පෙනෙන නොපෙනෙන සියලු සත්වයින්ට මෛත්‍රිය කොට වසර ආරම්භකරන්න. එවිට දෙවියන් අමනුෂ්‍යයින් පවා ඔබට ප්‍රිය වේවි. එය ඔබට මෙලොව පරලොව දෙකටම යහපත පිණිස වේවි. අත් පිළිස්‌සෙන්නේවත්ඇස්‌ අන්ධවන්නේ වත්අපාගතවෙයි කියලාවත් බියක්‌ ඇතිවෙන්නේ නැහැ. සම්බුදු වදනක්‌ ක්‍රියාත්මක කළාය කියන ආත්ම තෘප්තියමයි ඇතිවන්නේ. එම ආත්ම තෘප්තියසතර අපායෙන් ඔබ්බට ඔබව ඔසවා තැබීමට වසර පුරාවට ඔබට මාර්ගය පෙන්වාදේවී. අපිට කියන්න පුළුවන්ද ලෝකය පුරාවට ඇතිවෙමින් පවතින දේශගුණික විපර්යාසයන් හේතුවෙන් අපේ ජීවිත කුමන මොහොතක විනාශ වී යයිද කියලා. ඒ අවදානම ජයගැනීම උදෙසායි ඔබ ක්‍රියාකළ යුත්තේ. ඔබ නිරතුරුවමජීවත්වීමයි අභියෝගයක්‌ හැටියට දකින්නේ. ඔබ අභියෝගයක්‌ හැටියට දැකිය යුත්තේ උපතයි. මේ අභියෝගයෙන් මිදෙන්න උත්සහ ගන්නා පිංවතා උපරිම වශයෙන් ජීවිත හතකට එය සීමාකර ගන්නවා. මෙන්න මේ ජයග්‍රහණය අත්කරගත් පුද්ගලයායි "ජීවිතය ජයගත්තා"ය කියන තැනැත්තා. එතැතින් මෙහා ජීවිතයක මොන ජයක්‌ද

සමාජය මනින මිනුම් දඬුවලින්සමාජ වටිනාකම්වලින් ජීවිතය ජයගත්තාය කියන සමහරක්‌ නායකයින්. ප්‍රභූ පුද්ගලයින් ගැන ඔබ සිහි නුවණින් බලන්නකෝ. පිංවත් එම පිරිස්‌ වෘත්තියෙන්ව්‍යාපාරයෙන්දැනුමෙන්වත්පොහොසත් කම් වලින් ජයගන්න බව ඇත්ත. ඒත් ඒ ජය ඔවුන් ලබාගන්නේ ශ්‍රද්ධාවශීලය යන ධර්මයන් උගසට තියලා. ඊළඟ ජීවිතයේදී මේ අයට ලැබුවා වූ මහේශාක්‍යභාවය නැමැති මුදලත්ඊට අදාළ පොලියත් දෙකම ගෙවන්න වෙනවා. පෙර මනුෂ්‍ය ජීවිතවල ඉපැදිලාශ්‍රද්ධාවත් ශීලයත් උගසට තබා ජීවිත ජයගන්න අය තමයි ඔය ප්‍රේතතිරිසන් නිරයේ උපත ලබා දුක නැමැති මුදලත්පොළියත් දෙකම සිය කැමැත්තෙන්ම ගෙවමින් ඉන්නේ. ඔබේ ඔය ඇස්‌ ඉදිරිපිටම ඉන්න තිරිසන් සතුන් කියන්නේ පෙර ජීවිතවල හොඳ හොඳ මනුෂ්‍යයෝම තමයි. හොඳට හම්බකරලාදේපළ රැස්‌කරලාපංචකාම සම්පත් රිසිසේ භුක්‌ති විඳලා. ශ්‍රද්ධාව ශීලය දානය කියන දුකින් මිදෙන දිශාවට ඔබට පිහිටවෙන ධර්මයන් අමතක කරපු මනුෂ්‍යයෝ. මෙන්න මේ ගැන සිතන කෙනායි සසර බිය ඇතිකර ගන්නේ. බහු මතවාදදෘෂ්ඨිවිචිකිච්ඡාව සකස්‌කර ගන්නේ නැහැ. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කළ මාර්ගයටම අවතීර්ණ වෙනවා. සමාජයේ ගුරුවරුන් අප්‍රමාණව සිටිනවා. අප්‍රමාණ පතපොත තිබෙනවා. මේවා ලෝකයේ පැවතිය යුතු ස්‌වභාවයන්. විවිධත්වය කියන්නේ අනිත්‍යයයි. 

අනිත්‍යය තිබෙන්නේ ගැටෙන්න නොවේ. මගහැර යන්න නොවේ. අවබෝධකොට ගැනීමටයි. පිංවත් ඔබට අවබෝධය කරා යෑමට පහසුම මාර්ගය ලොව්තුරා බුදුරජාණන්වහන්සේ තමාගේ එකම ගුරුවරයා බවට පත්කොට ගැනීමයි. උන්වහන්සේම දේශනාකොට වදාළ සූත්‍රවිනයධර්මයන්ම පතපොත කරගැනීමයි. අතීතයේ වැඩසිටියා වූ උතුම් රහතන්වහන්සේලාගේමඅර්හත් භික්‍ෂූන්වහන්සේලාගේමමාර්ගඵල ලාභී උපාසක උපාසිකාවන්ගේම ජීවිත පරමාදර්ශී කොටගෙන ජීවිතය සකස්‌කර ගැනීමයි. ඉහත කාරණාවමයි මුල්වෙන්නේ. මුල වරද්දවා ගතහොත්මැද අග දෘෂ්ඨි කාන්තාරවල අතරමං වෙන්න පුළුවන්. බුද්ධෝත්පාද කාලයක අවසාන හෝරා කිහිපයේ ජීවත් වන ඔබ තර්ක විතර්ක කරමින්හරි වැරදි සොයමින් තව තවත් සක්‌කාය දෘෂ්ඨිය වැඩෙන දිශාවට යැම නොවේ කළ යුත්තේ. ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධ ඥානයෙන් මේ සංකීර්ණවූ ලෝකය ඉතාමත් සරල කොට දේශනා කර තිබෙන ධර්ම මාර්ගයේම ගමන් කිරීමය. ඔබේ ජීවිතයේ එළඹෙන සෑම වැදගත් අවස්‌ථාවකදීම බුද්ධානුස්‌සතියධම්මානුස්‌සතියසංඝානුස්‌සතියශීලානුස්‌සතියත්‍යාගානුස්‌සතියදේවතානුස්‌සතියකියන මහානාම ශාක්‍ය කුමරුන් උදෙසා බුදුරජාණන් වහන්සේ දේශනාකොට වදාළ ධර්මය සිහිපත්කර ගන්නවා නම්ඒ අනුව ජීවත්වෙනවා නම්සක්‌කාය දිට්‌ඨිය හීනවෙන දිශාවට ඉහත ධර්මයන් ජීවිතයට එකතුකර ගැනීමට ඔබ දක්‍ෂ නම් භව ගමනේ උපදීම ජීවිත 7 ක්‌ තුළදී බව නිරෝධය සාක්‍ෂාත් කරගැනීමටත්එතෙක්‌ ආයුෂවර්ණසැපබලයෙන් සශ්‍රීක මාර්ගඵල ලාභී දෙවියෙක්‌දිව්‍යාංගනාවක්‌ ලෙස දිව්‍ය අසිරිය අත්විඳීමට ඔබට හැකිවනු ඇත. මේ සහතිකය ඔබට ලබාදෙන්නේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේමය. භව ගමනින් දුකම උරුම කොටගෙන සක්‌කාය දිට්‌ඨියේ කුණු හැවමමත්වයේ දැඩි භාවයනාමරූප ධර්මයන්ගේ අනිත්‍යභාවය දකිමින්ම මෙනෙහි කරමින්මගලවාදමන්න.

අතහැරීමම පුරුදුකරමින්හැකිතාක්‌ දන් දෙමින් ඊට ශක්‌තිය ලබාගන්න. එළඹෙන (ඊළඟ) දෙසැම්බර් 31 රාත්‍රිය සතර අපා දුකෙන් මිදෙන අවිහිංසාවේ රාත්‍රියක්‌ කරගන්න. මාර පුතෙක්‌ දුවෙක්‌ නොවී සම්බුදු ඇකයට පියනගන පුතෙක්‌ දුවෙක්‌ වෙන්න. ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේත්ධර්මයේත් ශක්‌තිය පිංවත් ඔබට යා යුතු ඉදිරි මඟ පිළිබඳ සතිය සිහිය පිංවත් ඔබ තුළින්ම මතු කරදෙනු ඇත. එම සතිය සිහිය විසින්ම ඔබට භව දුකම උරුම කොට දෙන සක්‌කාය දිට්‌ඨියවිචිකිච්ඡා, සීලබ්බතපරාමාස කියන බිහිසුණු රතිඤ්ඤාවන් පුස්‌වෙඩිල්ලක්‌ බවට ඔබ තුළින්ම පත්කරනු ඇත. මේ වන විටත් පිංවත් ඔබ සතර අපායෙන් මිදී ඇතැයි ඔබ තුළ විශ්වාසයක්‌ ඇතොත් එම විශ්වාසය සක්‌කාය දිට්‌ඨිවිචිකිච්ඡා, සීලබ්බතපරාමාස කියන ධර්මතාවයන් සමඟ නැවත නැවත ගළපා බලන්න. ඔබ නිහතමානී වෙන්න. එම නිහතමානීභාවය යනු ඔබ විසින් ඔබ උදෙසාම ඇතිකරගන්නා කළ්‍යාණ මිත්‍රභාවයකිඅතීතයේ සෑම බුද්ධෝත්පාද කාලයකදීම අපට වැරදුණු එකම තැන ඔතන බව මෙනෙහි කරන්න. "මම" දෙවැනි තැනට දමාබුදුරජාණන්වහනසේ දේශනාකොට වදාළ ධර්ම මාර්ගයම මුල් තැනට ගන්න. එවිට "මම" ධර්මයේ හිමිකරුඅයිතිකරු කියන මමත්වයේ දැඩිභාවයේ නොවමමද ධර්මයේම කොටසක්‌ය යන නිහතමානීභාවය ඔබ තුළ ඇතිවනු ඇත. සාරිපුත්ත මහෝත්තමයන්වහන්සේ වරක්‌ සිංහනාදයක්‌ කරනවා "මම හරියට හරක්‌ රැළක සිටින අඟ කැඩිච්චි ගොනෙක්‌ වගෙයි" කියලා. ඒ කියන්නේ අඟ කැඩිච්චි ගොනා සැමවිටම රැලේ පැත්තකට වෙලා සිටින්නේ. නායකයා වෙන්නපළමුවැනියා වෙන්න එන්නේ නැහැ. සිංහ සෙයියාවෙන් සිංහනාද කරන්න පුළුවන් නිහතමානීභාවය ජීවිතය තුළින් ඇතිකරගත් උත්තමයාටමය. මේ යථාර්ථය සමග ඔබේ ජීවිතය හොඳින් ගළපා බලන්න. එයම පිංවත් ඔබේ ජීවිතයට කමටහනක්‌ වේවි මග නොමග වටහා ගැනීමට.

ඉන්ද්‍රජිත් සුබසිංහ
indraji...@gmail.com

Source URL : http://www.divaina.com/2012/01/08/feature05.html 

ගෞරවණීය ස්වාමීන් වහන්සේගේ පටිගත කල ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, ඉදිරි ධර්ම දේශනා පිළිබද විස්තර,
"මහ රහතුන් වැඩි මග ඔස්සේ " පුවත්පත් ලිපි, ග්‍රන්ථ මෘදු පිටපත් හා වැඩි විස්තර,


වෙබ් අඩවි ඔස්සේ ලබා ගත හැකි අතර,

ධර්ම දේශනා අඩංගු ප්‍රධාන YouTube චැනල :


http://www.youtube.com/user/rwjdkjanakahr

http://www.youtube.com/user/asemantha


දැන් ඔබට මහ රහතුන් වැඩිමග ඔස්සේ ලිපි පෙළ ඔබේ Android ජංගම දුරකතයනයට Google Play Store මගින් බාගත කර ගත හැක. ඒ සඳහා මෙතැනට පිවිසෙන්න. https://play.google.com/sto...re/apps/details…


නව වසරට ධාර්මික ප්‍රවේශයක්‌ සඳහා කෙරෙන ආරාධනය.pdf
Reply all
Reply to author
Forward
0 new messages