මෛත‍්‍රිය කියලා කියන්නේ තමාටත්, අන් සියළු දෙනාටත්, කිසිදු භේදයකින් තොරව හදවතින්ම පවත්වන මිත‍්‍රත්වයටයි. එසේ හෙයින් කවරෙකු හෝ පලස්තීනයේ අහිමි වු 1800ක් පමණ වු රට වැසියන් වෙනුවෙන් පමණක් විරෝධය පාමින් පෙලපාලි යනු ලැබුවේ නම් එය සැබෑ මිත‍්‍රත්වය නම් නොවේ. කුමක් නිසාදයත්, සැලකිය හැකි බුද්ධියක් හා චින්තන ශක්තියක් නොමැති මුර්ගයන් පවා ඔවුන් හට දයාව, අනුකම්පාව දක්වන අය කෙරෙහි පෙරලා දයාව අනුකම්පාව දක්වන බව, සුරතල් සතුන් ඇති කරන අප කුඩා කල පටන් දැක තිබෙන ඉතා සරල සිද්ධාන්තයකි.
එසේ නම් උනුන් හා අපේ වෙනස කෙසේ පෙන්විය යුතුද?
බුද්ධිමත් මිනිසුන් ලෙස ජරාවට පත්විම, වයසට යාම, මරණය දායාද කොට උපත ලැබු අප සියළු දෙනා, පලස්තීනයේ අහිමි වුවන් ද ඇතුලුව, සිරියාවේ සහ ඉරාකයේ අහිමි වු ලක්ෂ 3කට අධික වු කිතුනු හා අනිත් ආගම්වල ආගමික ජනයා සදහාත්, ආගමික අන්තවාදින්ගේ ක්‍රියාකාරකම් නිසා උන් සිටි තැන් අහිමිව අසරණ වි සිටින ලෝක වාසි, ලක්ෂ සංඛ්‍යයාත අසරණ ජනයා වෙනුවෙනුත් එකසේ විරෝධය දක්වමු...
අවම වශයෙන් අප සියළු දෙනා මේ දක්වා රැස්කොට ඇති සියලු කුසල්, ඔවුන් සියලු දෙනාට මේ දුක්ඛිත සංසාරයෙන් එතෙර විම පිණිස, එකසේ අනුමෝදන් වෙත්වා යි සම සිතින් ප්‍රාර්ථනා කරමු...
සියලු සත්වයෝ වෛර නැත්තෝ වෙත්වායි පතමු …
තරහා නැත්තෝ වෙත්වායි පතමු …
ඉරිසියා නැත්තෝ වෙත්වායි පතමු …
දුක් පීඩා නැත්තෝ වෙත්වායි පතමු …
සුව සේ ජීවත් වෙත්වායි පතමු …
ශාන්ත සුවයට පත්වෙත්වා යි සම සිතින් ප්‍රාර්ථනා කරමු...
එයයි සැබැ මිත‍්‍රත්වය… එයයි සැබැ මෛත‍්‍රිය….
318,910 reported killings in Syria and Iraq - UN
ISIS beheading children & Christians in Iraq. 170,000 killed in Syria.














1,800 Deaths in Palestine
http://edition.cnn.com/2014/08/04/world/meast/gaza-israel-why-civilian-deaths/





