Please read the attached letter of a Student - ශ්‍රද්ධා අධ්‍යාපන ශිෂ්‍යත්ව

1 view
Skip to first unread message

Gilanunta Upasthana

unread,
Feb 10, 2015, 12:29:57 AM2/10/15
to cha...@shraddha.lk

Dear Friends,

 

Please read attached letter of Gonagama student (Not Suwaming Wahanse’s Letter). Also can find another by the following link.

https://www.youtube.com/watch?v=awFfX4dc-10

 

Requesting all to join for the same..

Main Contact : cha...@shraddha.lk / +94-71-4371522  Mr. Roshan


Theruwan Saranani…

 

----- Forwarded Message -----
From: Bhikkhu Subodhi <bhikkhu...@gmail.com>
To:
XXXX
Cc:
cha...@shraddha.lk
Sent: Wednesday, January 21, 2015 11:47 AM
Subject:
ශ්‍රද්ධා අධ්‍යාපන ශිෂ්‍යත්ව

 

නමෝ බුද්ධාය!!!

 

අප හිතවත් xxxx වෙත මෙත් සිතින් ලියමි,

 

බොහෝ වූ ආර්ථික අපහසුතා මධ්‍යයේ ජීවිතය ජය ගන්නට වෙර දරණ පින්වන්ත දරුවනට අත දෙනු පිණිස ආරම්භ කරන ලද ශ්‍රද්ධා අධ්‍යාපන ශිෂ්‍යත්ව පුණ්‍ය ව්‍යාපෘතිය හා එක්වීම පිළිබඳව පින්වත් xxxxට මෙත් සිතින් යුතුව පින් අනුමෝදනා කරමි. මේ වන විට ශිෂ්‍යත්ව ලබා ගැනීම සඳහා දිවයිනේ නන් දෙසින් විවිධ ආර්ථික අපහසුතා ඇති දරුවන් දස දහසකට අධික පිරිසක් අපවෙත අයැදුම්පත් යොමු කොට තිබේ. 

 

එයින් වඩාත් සුදුසුකම් ඇති දරුවන් පන්සිය දෙනෙකුටවත් ශිෂ්‍යත්ව ලබා දීම අපගේ අපේක්ෂාවයි. එහෙත් මේ වන විට කැපකරු මව්පියවරුන් ඉදිරිපත් වී ඇත්තේ දෙසිය පණහකට ආසන්න සංඛ්‍යාවක් පමණි. ඒ නිසා තවත් කැපකරු මව්පිය වරුන් 250ක් පමණ ඒ සඳහා ඉදිරිපත් වන්නේ නම් අප හට අපේක්ෂිත ඉලක්කය කරා ගමන් කරමින් පන්සියයක් දරුවනට මාසික ශිෂ්‍යත්වයක් ප්‍රධානය කළ හැකිය. ඒ නිසා මේ පිළිබඳව වන විස්තරත් එමෙන්ම මෙම උතුම් සත්කාර්යයේ වැදගත්කමත් දැන පින්වත් xxxxට හිතවත් පිරිස් දැනුවත්කොට මේ පුණ්‍ය ව්‍යාපෘතිය සමඟ එක්කළ හැකි නම් එය මහඟු උපකාරයකි. 

 

මෙහිදී උසස්පෙළ දරුවෙකු සහ විශ්ව විද්‍යාල මට්ටමේ දරුවෙකු සඳහා මාසිකව රු.2000ක් වටිනා ශිෂ්‍යත්වයක් ද සාමාන්‍ය පෙළ සහ ඉන් පහළ දරුවෙකු සඳහා රු.1100ක් වටිනා ශිෂ්‍යත්වයක් ද පිරිනැමීමට තීරණය වී තිබේ. එහිදී අදාල ශිෂ්‍යත්වය පිරිනැමෙන්නේ දරුවාගේ ගුණදහම් ද දහම් දැනුම ද වැඩෙනා ආකාරයටය. අදාල දරුවාට අධ්‍යාපනය සඳහා මුදල් පමණක් නොව මාසයක් මාසයක් පාසා කැමති ආකාරයේ පිනක් සිදු කළ හැකි අයුරින් ද දෙමාපියන් උදෙසා යම් උපකාරයක් කළ හැකි අයුරින් ද දහම් පොතක් මාසිකව ලැබෙනා අයුරින් ද  ශිෂ්‍යත්වය සැළසුම් වී තිබේ. මේ පිළිබඳව අදාල විස්තරය ඇතුළත්වන ව්‍යාපෘති යෝජනාව මේ සමඟ අමුණා ඇත. එසේම වැඩි විස්තර සහ සියළු සම්බන්ධීකරණ කටයුතු සඳහා 0714371522 දුරකතන අංකය මඟින් හෝ cha...@shraddha.lk විද්‍යුත් ලිපිනය ඔස්සේ ශ්‍රද්ධා රූපවාහිනියේ පින්වත් රොෂාන් මහත්මා සියළු ආකාරයෙන් උපකාර කරනු ඇත.

 

අදාල අයැදුම් පත්‍ර සමඟ යොමු වූ එම දරුවන්ගේ ජීවිත පිළිබඳව ලියැවුණු ලිපි ඉතා සංවේදී ය. ඒ දරුවන් විඳිනා අපහසුතා පිළිබඳව යම් අදහසක් ලබා ගනු පිණිස එක් දරුවෙකු යොමු කළ ලිපියක පිටපතක් මේ සමඟ අමුණා ඇත. (දරුවාගේ පෞද්ගලිකත්වය පිළිබඳව සළකා නම සහ ලිපිනය නොපෙනෙන සේ සකස්කොට ඇත.) මෙවන් දරුවන් දහස් ගණනක් අපවෙත අයැදුම්පත් ඉදිරිපත් කොට තිබුණි. මේ බියකරු සසර ගමනේ දී නොයෙක් ජීවිත වලදී අප ද කොතෙකුත් මෙවන් අපහසුතාවයන්ට පත් වන්නට ඇත. මෙවැනි පින්කම් සඳහා උනන්දුවක් දක්වන, අහින්සක දරුවෙකුට කැපකරු මවක් වී කැපකරු පියෙක් වී අධ්‍යාපනයට අතදෙනු කැමති පින්වත් xxxxගේ හිතවතුන්ව මෙම පුණ්‍ය ව්‍යාපෘතිය හා සම්බන්ධ කිරීමට හැකි නම් එය ඉමහත් සවියක් වනු ඇත. එසේ අප සියළු දෙනා අතවැල් බැඳ ගන්නේ නම් දරුවන් 500කටවත් ශිෂ්‍යත්ව ලබාදීමේ ඉලක්කය කරා පහසුවෙන් ලඟාවිය හැකිවනු ඇත. එයින් අප මාතෘභූමියේ අසරණ දරුවන් පන්සියයකගේ ජීවිත වාසනාවන්ත වනු ඇත.

 

පින්වත් xxxxටත් පවුලේ සියළු දෙනාටත් මේ බුදු සසුනේම සුවසේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කිරීමේ වාසනාව උදා වේ වා!!!

 

තෙරුවන් සරණයි!!!

 

මෙත් සිතින්,

සුබෝධි ස්වාමීන් වහන්සේ.

https://ssl.gstatic.com/ui/v1/icons/mail/images/cleardot.gif--

බහුස්සුතෝ ච මේධාවී සීලේසු සුසමාහිතෝ

චේතෝසමථමනුයුත්තෝ අපි මුද්ධනි තිට්ඨතු!

 

යම් කෙනෙක් හොඳට සද්ධර්මය දන්නවා නම්

නුවණ තිබෙනවා නම්, සිල්වත් නම්, සිත සමාධිමත් නම්

සිත සංසිඳවීමෙහි යෙදෙනවා නම්

අන්න ඒ උත්තමයා, මාගේ හිස මත වැඩසිටීවා !!!

 



Letter of a Student.pdf
Shraddha Education Scholarship Project.pdf
Reply all
Reply to author
Forward
0 new messages