අනාත්ම ලක්ඛන සූත්‍රය. (සරළ සිංහලෙන්) in PDF & Word Format.
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයක භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ බරණැස ඉසිපතන නම් වූ මිගදායෙහි වැඩ වසන සේක. එකල් හි භාග්‍යවතුන් වහන්සේ පින්වත් මහණෙනි යි කියා පස්වග භික්ෂූන් වහන්සේ අමතා වදාළ සේක. පින්වතුන් වහන්සේ යි කියා ඒ පස්වග භික්ෂූන් වහන්සේලා ද භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නාහු ය. භාග්‍යවතුන් වහන්සේ මේ අනාත්ම ලක්ෂණ දේශනය වදාළ සේක.
01. පින්වත් මහණෙනි,
රූපය අනාත්මයි. (රූපය සතර මහා ධාතුත් - සතර මහා ධාතූන්ගෙන් හටගත්තු දේත් ප‍්‍රත්‍යයෙන් හටගත් බැවින්)
පින්වත් මහණෙනි, ඉදින් මේ රූපය ආත්මය වූයේ නම්, මේ රූපය ආබාධ පිණිස නොපවතින්නේය...
රූපය තුල මාගේ රූපය මෙසේ වේවා, මාගේ රූපය මෙසේ නොවේවා යි කියා ලැබිය යුතු වන්නේය...
එහෙත් පින්වත් මහණෙනි, යම් කරුණකින් රූපය අනාත්ම වේද, එමනිසා රූපය අබාධ පිණිස පවතින්නේය...
රූපය තුල, මාගේ රූපය මෙසේ වේවා, මාගේ රූපය මෙසේ නොවේවා යි කියා ලැබිය නොහැක්කේමය...
02. පින්වත් මහණෙනි,
වේදනාව (විඳීම) අනාත්මයි. (විඳීම, අනිත්‍ය වු ස්පර්ශය ප‍්‍රත්‍යයෙන් හටගත් බැවින්)
පින්වත් මහණෙනි, ඉදින් මේ වේදනාව ආත්මය වූයේ නම්, මේ වේදනාව ආබාධ පිණිස නොපවතින්නේය...
වේදනාව තුල මාගේ වේදනාව මෙසේ වේවා, මාගේ වේදනාව මෙසේ නොවේවා යි කියා ලැබිය හැකි වන්නේය...
එහෙත් පින්වත් මහණෙනි, යම් කරුණකින් වේදනාව අනාත්ම වේද, එමනිසා වේදනාව අබාධ පිණිස පවතින්නේය...
වේදනාව තුල, මාගේ වේදනාව මෙසේ වේවා, මාගේ වේදනාව මෙසේ නොවේවා යි කියා ලැබිය නොහැක්කේමය...
03. පින්වත් මහණෙනි,
සංඥාව ද (හඳුනාගැනීම ද) අනාත්මයි. (හඳුනාගැනීම ද අනිත්‍ය වු ස්පර්ශය ප‍්‍රත්‍යයෙන් හටගත් බැවින්)
පින්වත් මහණෙනි, ඉදින් මේ සංඥාව ආත්මය වූයේ නම්, මේ සංඥාව ආබාධ පිණිස නොපවතින්නේය...
සංඥාව තුල මාගේ සංඥාව මෙසේ වේවා, මාගේ සංඥාව මෙසේ නොවේවායි කියා ලැබිය යුතු වන්නේය...
එහෙත් පින්වත් මහණෙනි, යම් කරුණකින් සංඥාව අනාත්ම වේද, එමනිසා සංඥාව අබාධ පිණිස පවතින්නේය...
සංඥාව තුල, මාගේ සංඥාව මෙසේ වේවා, මාගේ සංඥාව මෙසේ නොවේවායි කියා ලැබිය නොහැක්කේමය...
04. පින්වත් මහණෙනි,
සංස්කාර (චේතනාව/විපාක පිණිස කර්ම සකස් වීම) අනාත්මයි. (චේතනාව ද අනිත්‍ය වු ස්පර්ශය ප‍්‍රත්‍යයෙන් හටගත් බැවින්)
පින්වත් මහණෙනි, ඉදින් මේ සංස්කාර ආත්මය වූයේ නම්, මේ සංස්කාර ආබාධ පිණිස නොපවතින්නේය...
සංඥාව තුල මාගේ සංස්කාර මෙසේ වේවා, මාගේ සංස්කාර මෙසේ නොවේවායි කියා ලැබිය යුතු වන්නේය...
එහෙත් පින්වත් මහණෙනි, යම් කරුණකින් සංස්කාර අනාත්ම වේද, එමනිසා සංස්කාර අබාධ පිණිස පවතින්නේය...
සංස්කාර තුල, මාගේ සංස්කාර මෙසේ වේවා, මාගේ සංස්කාර මෙසේ නොවේවායි කියා ලැබිය නොහැක්කේමය...
05. පින්වත් මහණෙනි,
විඥ්ඥාණය (විශේෂ කොට හඳුනා ගැනිම) අනාත්මයි. (විඥ්ඥාණය අනිත්‍ය වු නාම - රූප ප‍්‍රත්‍යයෙන් හටගත් බැවින්.)
තවද නාම යනු වේදනා, සඤ්ඤා, චේතනා, ඵස්ස, මනසිකාර වේ.
රූප යනු පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන සතර මහා ධාතුත් - සතර මහා ධාතූන්ගෙන් හටගත්තු දේත්ය.
පින්වත් මහණෙනි, ඉදින් මේ විඥ්ඥාණය ආත්මය වූයේ නම්, මේ විඥ්ඥාණය ආබාධ පිණිස නොපවතින්නේය...
මේ විඥ්ඥාණය තුල මාගේ විඥ්ඥාණය මෙසේ වේවා, මාගේ විඥ්ඥාණය මෙසේ නොවේවායි කියා ලැබිය යුතු වන්නේය...
එහෙත් පින්වත් මහණෙනි, යම් කරුණකින් විඥ්ඥාණය අනාත්ම වේද, එමනිසා විඥ්ඥාණය අබාධ පිණිස පවතින්නේය...
විඥ්ඥාණය තුල, මාගේ විඥ්ඥාණය මෙසේ වේවා, මාගේ විඥ්ඥාණය මෙසේ නොවේවායි කියා ලැබිය නොහැක්කේමය...
06. පින්වත් මහණෙනි, මේ ගැන ඔබ කුමක් සිතව් ද? රූපය නිත්‍ය හෝ වේද? අනිත්‍ය හෝ වේද?
ස්වාමිනි, රූපය අනිත්‍යයි...
යමක් වනාහි, අනිත්‍ය නම්, එය දුකක් හෝ වේද? සැපක් හෝ වේද?
ස්වාමිනි, එය දුකකි...
යමක් වනාහි අනිත්‍ය නම්, දුක නම්, වෙනස් වෙන ස්භාවයට අයිති නම්, එය මාගේ කියා හෝ එය මම වෙමිි කියා හෝ එය මාගේ ආත්මය කියා හෝ මුලාවෙන් සැලකීම සුදුසුද?
ස්වාමිනි එසේ සැලකීම සුදුසු නැත...
07. පින්වත් මහණෙනි, වේදනාව නිත්‍ය හෝ වේද? අනිත්‍ය හෝ වේද?
ස්වාමිනි, වේදනාව අනිත්‍යයි...
යමක් වනාහි, අනිත්‍ය නම්, එය දුකක් හෝ වේද? සැපක් හෝ වේද?
ස්වාමිනි, එය දුකකි...
යමක් වනාහි අනිත්‍ය නම්, දුක නම්, වෙනස් වෙන ස්භාවයට අයිති නම්, එය මම කියා හෝ එය මාගේ කියා හෝ් එය මාගේ ආත්මය කියා හෝ මුලාවෙන් සැලකීම සුදුසුද?
ස්වාමිනි එසේ සැලකීම සුදුසු නැත...
08. පින්වත් මහණෙනි, සංඥාව නිත්‍ය හෝ වේද? අනිත්‍ය හෝ වේද?
ස්වාමිනි, සංඥාව ද අනිත්‍යයි...
යමක් වනාහි, අනිත්‍ය නම්, එය දුකක් හෝ වේද? සැපක් හෝ වේද?
ස්වාමිනි, එය දුකකි...
යමක් වනාහි අනිත්‍ය නම්, දුක නම්, වෙනස් වන ස්භාවයට අයිති නම්, එය මම කියා හෝ එය මාගේ කියා හෝ් එය මාගේ ආත්මය කියා හෝ මුලාවෙන් සැලකීම සුදුසුද?
ස්වාමිනි එසේ සැලකීම සුදුසු නැත..
.
09. පින්වත් මහණෙනි, සංස්කාර නිත්‍ය හෝ වේද? අනිත්‍ය හෝ වේද?
ස්වාමිනි, සංස්කාර අනිත්‍යයි...
යම් දෙයක් වනාහි, අනිත්‍ය නම් එය දුකක් හෝ වේද? සැපක් හෝ වේද?
ස්වාමිනි, එය දුකකි...
යම් දෙයක් වනාහි අනිත්‍ය නම්, දුක නම්, වෙනස් වන ස්භාවයට අයිති නම්, මෙය මම කියා හෝ මෙය මාගේ කියා හෝ් මෙය මාගේ ආත්මය කියා හෝ මුලාවෙන් සැලකීම සුදුසුද?
ස්වාමිනි එසේ සැලකීම සුදුසු නැත...
10. පින්වත් මහණෙනි, විඥ්ඥාණය නිත්‍ය හෝ වේද? අනිත්‍ය හෝ වේද?
ස්වාමිනි, විඥ්ඥාණය ද අනිත්‍යයි...
යමක් වනාහි, අනිත්‍ය නම්, එය දුකක් හෝ වේද? සැපක් හෝ වේද?
ස්වාමිනි, එය දුකකි...
යමක් වනාහි අනිත්‍ය නම්, දුක නම්, වෙනස් වන ස්භාවයට අයිති නම්, මෙය මාගේය මෙය මම වෙමි, මෙය මාගේ ආත්මය වශයෙන් කියා හෝ සැලකීම සුදුසුද?
ස්වාමිනි එසේ මුලාවෙන් සැලකීම සුදුසු නැත...
11. එම නිසා පින්වත් මහණෙනි...
ආධ්‍යාත්ම හෝ වේවා - බාහිර හෝ වේවා... (අජ්‌ඣත්‌තං වා බහිද්‌ධා වා)
ගොරෝසු හෝ වේවා - සියුම් හෝ වේවා... (ඔළාරිකං වා සුඛුමං වා)
හීන හෝ වේවා - ප්‍රණිත හෝ වේවා... (හීනං වා පණීතං වා)
දුර හෝ වේවා - ළඟ හෝ වේවා... (යං දූරෙ සන්‌තිකෙ වා)
අතීතයේ නිරුද්ධ වී ගිය හෝ...හට නොගත් අනාගතයේ හෝ...හට ගත් වර්තමානයේ හෝ... (අතීතානාගතපච්‌චුප්‌පන්‌නං)
යම් කිසි රූපයක් ඇත්ද, ඒ රූප සියල්ලම, මෙය මාගේ නොවේ, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේයයි කියා, මේ ආකාරයෙන් රූපයෙහි ඇති සැබෑ තත්ත්වයම දියුණු කරණ ලද නුවණින් දැක්ක යුතු වන්නේය...
12. පින්වත් මහණෙනි...
ආධ්‍යාත්ම හෝ වේවා - බාහිර හෝ වේවා... (අජ්‌ඣත්‌තං වා බහිද්‌ධා වා)
ගොරෝසු හෝ වේවා - සියුම් හෝ වේවා... (ඔළාරිකං වා සුඛුමං වා)
හීන හෝ වේවා - ප්‍රණිත හෝ වේවා... (හීනං වා පණීතං වා)
දුර හෝ වේවා - ළඟ හෝ වේවා... (යං දූරෙ සන්‌තිකෙ වා)
අතීතයේ නිරුද්ධ වී ගිය හෝ...හට නොගත් අනාගතයේ හෝ...හට ගත් වර්තමානයේ හෝ... (අතීතානාගතපච්‌චුප්‌පන්‌නං)
යම් කිසි විඳීමක් ඇත්ද, ඒ විඳීම් සියල්ලම, මෙය මාගේ නොවේ, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේයයි කියා, මේ ආකාරයෙන් විඳීම් වල ඇති සැබෑ තත්ත්වයම දියුණු කරණ ලද නුවණින් දැක්ක යුතු වන්නේය...
13. එමෙන්ම
ආධ්‍යාත්ම හෝ වේවා - බාහිර හෝ වේවා... (අජ්‌ඣත්‌තං වා බහිද්‌ධා වා)
ගොරෝසු හෝ වේවා - සියුම් හෝ වේවා... (ඔළාරිකං වා සුඛුමං වා)
හීන හෝ වේවා - ප්‍රණිත හෝ වේවා... (හීනං වා පණීතං වා)
දුර හෝ වේවා - ළඟ හෝ වේවා... (යං දූරෙ සන්‌තිකෙ වා)
අතීතයේ නිරුද්ධ වී ගිය හෝ...හට නොගත් අනාගතයේ හෝ...හට ගත් වර්තමානයේ හෝ... (අතීතානාගතපච්‌චුප්‌පන්‌නං)
යම් කිසි සංඥාවක් ඇත්ද, ඒ සංඥා සියල්ලම, මෙය මාගේ නොවේ, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේයයි කියා, මේ ආකාරයෙන් සංඥාව තුල ඇති සැබෑ තත්ත්වයම දියුණු කරණ ලද නුවණින් දැක්ක යුතු වන්නේය...
14. එමෙන්ම
ආධ්‍යාත්ම හෝ වේවා - බාහිර හෝ වේවා... (අජ්‌ඣත්‌තං වා බහිද්‌ධා වා)
ගොරෝසු හෝ වේවා - සියුම් හෝ වේවා... (ඔළාරිකං වා සුඛුමං වා)
හීන හෝ වේවා - ප්‍රණිත හෝ වේවා... (හීනං වා පණීතං වා)
දුර හෝ වේවා - ළඟ හෝ වේවා... (යං දූරෙ සන්‌තිකෙ වා)
අතීතයේ නිරුද්ධ වී ගිය හෝ...හට නොගත් අනාගතයේ හෝ...හට ගත් වර්තමානයේ හෝ... (අතීතානාගතපච්‌චුප්‌පන්‌නං)
යම් කිසි සංස්කාරයක් ඇත්ද, ඒ සංස්කාර සියල්ලම, මෙය මාගේ නොවේ, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේයයි කියා, මේ ආකාරයෙන් සංස්කාර වල ඇති සැබෑ තත්ත්වයම දියුණු කරණ ලද නුවණින් දැක්ක යුතු වන්නේය...
15. එමෙන්ම
ආධ්‍යාත්ම හෝ වේවා - බාහිර හෝ වේවා... (අජ්‌ඣත්‌තං වා බහිද්‌ධා වා)
ගොරෝසු හෝ වේවා - සියුම් හෝ වේවා... (ඔළාරිකං වා සුඛුමං වා)
හීන හෝ වේවා - ප්‍රණිත හෝ වේවා... (හීනං වා පණීතං වා)
දුර හෝ වේවා - ළඟ හෝ වේවා... (යං දූරෙ සන්‌තිකෙ වා)
අතීතයේ නිරුද්ධ වී ගිය හෝ...හට නොගත් අනාගතයේ හෝ...හට ගත් වර්තමානයේ හෝ... (අතීතානාගතපච්‌චුප්‌පන්‌නං)
යම් කිසි විඥ්ඥාණය ඇත්ද, ඒ විඥ්ඥාණ සියල්ලම, මෙය මාගේ නොවේ, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේයයි කියා, මේ ආකාරයෙන් විඥ්ඥාණයේ ඇති සැබෑ තත්ත්වයම දියුණු කරණ ලද නුවණින් දැක්ක යුතු වන්නේය...
පින්වත් මහණෙනි,
මාගේ ධර්මය මනා කොට දැනගත්තා වූ ආර්ය ශ්‍රාවකයා, මේ ආකාරයෙන් සැබෑ තත්ත්වය අවබෝධ කරන විට...
· රූපය කෙරෙහි ද අවබෝධයෙන් ම කළකිරෙයි...
· වේදනාව කෙරෙහි ද අවබෝධයෙන් ම කළකිරෙයි...
· සංඥාව කෙරෙහි ද අවබෝධයෙන් ම කළකිරෙයි...
· සංස්කාර කෙරෙහි ද අවබෝධයෙන් ම කළකිරෙයි...
· විඥ්ඥාණ කෙරෙහි ද අවබෝධයෙන් ම කළකිරෙයි...
· කළකිරුණ විට ඒ කිසිවකට නොඇල්න්නේ වෙයි...
· ඒ පංච උපදානස්කන්ධය කෙරෙහි ඇල්ම නැති වී ගිය විට ඒ පංච උපදන්ස්කන්දයෙන් නිදහස් වෙන්නේය...
· නිදහස් වූ විට සියලූ දුකින් නිදහස් වුයේ යැයි කියා තමා තුලම අවබෝධක්ඥාණය ඇතිවෙන්නේය...
· ඉපදීම අවසන් විය, නිවන් මග සම්පුර්ණ කරන ලදී. නිවන් අවබෝධය පිණිස වෙන කළ යුතු දෙයක් නැත්තේය.
· අනාගතයේ සකස් වන්නා වූ සියලූ දුක් නැත්තේයයි කියා, අවබෝධක්ඥාණයම ඇති වන්නේය...
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
සතුටු සිතින් යුතු පස්වග භික්ෂුන් වහන්සේලා, භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද මේ අනාත්ම ලක්ෂණ දේශනය මහත් සොම්නසින් පිළිගත්තාහුය. මේ ශ්‍රී සද්ධර්මයට සවන් දෙන කල්හි, පස්වග භික්ෂුන් වහන්සේලාගේ සිත් කිසිවෙකට නොබැඳී, සියලූ කෙලෙසුන්ගෙන් සදහටම නිදහස් වී ගියා...
විශේෂ පුණ්‍යානුමෝදනාව
පරම පුජණිය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේට.
![]()
This message is eligible for Automatic Cleanup! (gilanunta....@gmail.com) Add cleanup rule | More info
--
You received this message because you are subscribed to the Google Groups "Sri Lankan Buddhist Temples in Australia" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to oztemples+...@googlegroups.com.
For more options, visit https://groups.google.com/d/optout.
<Anathma Lakkana Suthraya Final.pdf>
<Anathma Lakkana Suthraya 2016 06 09.docx>