OOo L10n කඩේ යාමක්ද

4 views
Skip to first unread message

Prabath Galagamage

unread,
Apr 12, 2010, 3:38:28 AM4/12/10
to openof...@googlegroups.com
OOOo help L10n ගැන මම මගේ බ්ලොග් එකට දාපු පොස්ට් එකට නිර්නාමික අදහස් ඇවිල්ල තියෙනවා. මේ ගැන විවෘත සංවාදයක් අරඔමු. මගේ අදහස මම කමෙන්ට් කරල තියෙනවා. http://textlk.blogspot.com/2010/04/27-28.html

--
Prabath Galagamage
http://textlk.blogspot.com/
http://agniezine.wordpress.com/
http://www.ejsa.info

Arunoda Susiripala

unread,
Apr 12, 2010, 3:41:47 AM4/12/10
to openof...@googlegroups.com
මේකෙන් උදවුවක් වෙන්නෙ අපිටමනේ. මට නම් කිසි අවුලක් නෑ. ඕක කරන්න ඇත්තේ FOSS ගැන දන්නැති මී හරකෙක්. 

2010/4/12 Prabath Galagamage <gpra...@gmail.com>

--
ඔබගේ දැනුම බෙදා ගැනිමින් නොමිලේ ලබාගත හැකි OpenOffice භාවිත කරන නවකයින්ට සහාය වීමට අප හා එක්වන.
"ඔපන්ඔෆිස් භාවිත කරන්නන්ගේ සමූහය OpenOffice User List"
To post to this group, send email to openof...@googlegroups.com
To unsubscribe from this group, send email to
openoffice-l...@googlegroups.com
For more options, visit this group at
http://groups.google.com/group/openoffice-lk?hl=en



--
Arunoda Susiripala
http://arunoda.com
http://twitter.com/arunoda

Mihira Fernando

unread,
Apr 12, 2010, 3:56:01 AM4/12/10
to openof...@googlegroups.com
On Mon, 12 Apr 2010 13:38:28 +0600
Prabath Galagamage <gpra...@gmail.com> wrote:

> OOOo help L10n ගැන මම මගේ බ්ලොග් එකට දාපු පොස්ට් එකට නිර්නාමික අදහස්
> ඇවිල්ල තියෙනවා. මේ ගැන විවෘත සංවාදයක් අරඔමු. මගේ අදහස මම කමෙන්ට් කරල
> තියෙනවා. http://textlk.blogspot.com/2010/04/27-28.html
>

මේක ගැන කතා කිරීම නිකං කාලය කාදමන වැඩක් විතරයි. මෙතන L10n වලට වත් ICTA
එකට වත් කවුරුත් කඩේ යන්නෙ නැති බ්ව අපි ඔක්කොම් හොඳාකාරවම දන්නව.

ඔළමොට්ටලයෙක්ගේ හිස් වචන වලට අපි කැලඹෙන්නේ ඇයි ? Annonymousලා ඕන දෙයක්
කියාගත්තදෙන්. ඕව ගැන සංවාද අවශ්ය නෑ. ඒක තමයි මගේ අදහස.

මිහිර.

Lolitha Ratnayake

unread,
Apr 12, 2010, 3:56:30 AM4/12/10
to openof...@googlegroups.com
matath awulak nah.....foss kiyana concept eke gana hadarala poddak mail ewwanam iwarai
I'll share my experience .. When I decided to held linux tent at our uni exhibition no one was with me except few girls and two guys
All passed hints im doing this for my glory...everybody did everything to distroy the event and make me look nerd.
When I disscuss this matter with Meththa Wiharee hamuduruwo I got a conversation like this which forged me to solid metal
Still I owe those worlds lot.
"Meka aththata karanne kata hari pennada?"
me:-"Nah hamuduruwane"
"Oyata udaw karanna ekenek hari innawa, eth api stall karaddi thaniyen amaruwen kare,eth api salune nah"
"anik aya monawa kiwwath wadak wei kiyala hithena aya ei, anik aya nikam idi, puluwan widihata pulawan tharamata karanna"
"you need not to be perfect"

mata me sambandayen kiyanna thiyenne ochcharai
mamath mekata dayaka wenawa

2010/4/12 Arunoda Susiripala <arunoda.s...@gmail.com>

Arunoda Susiripala

unread,
Apr 12, 2010, 4:01:40 AM4/12/10
to openof...@googlegroups.com
Mihira ++

2010/4/12 Lolitha Ratnayake <loli...@gmail.com>

Udara | රොකියා

unread,
Apr 12, 2010, 4:13:29 AM4/12/10
to openof...@googlegroups.com
ඔන්න මමත් ඒ මොට්ට පාලයට කමෙන්ට් එකක් දැම්මා. සිංහල තේරෙන එකෙක් නම්, ඌට තේරෙයි මේ මොකද්ද අපි කරන්න හදන්නෙ කියලා

Dinushka Udara | රොකියා
udar...@gmail.com
http://achchaaruwa.blogspot.com/


2010/4/12 Prabath Galagamage <gpra...@gmail.com>

Mihira Fernando

unread,
Apr 12, 2010, 4:16:42 AM4/12/10
to openof...@googlegroups.com
On Mon, 12 Apr 2010 11:13:29 +0300
Udara | රොකියා <udar...@gmail.com> wrote:

> ඔන්න මමත් ඒ මොට්ට පාලයට කමෙන්ට් එකක් දැම්මා. සිංහල තේරෙන එකෙක් නම්, ඌට
> තේරෙයි මේ මොකද්ද අපි කරන්න හදන්නෙ කියලා
>
> Dinushka Udara | රොකියා

my own comment is above yours. :)

mihira.

änthräX __

unread,
Apr 12, 2010, 4:19:54 AM4/12/10
to openof...@googlegroups.com
කව්රු නමුත් මේ වැඩෙන් ආර්ථිකව පාඩු ලබපු ජොකියෙක් :P. කව්ද දන්නෙ මිනිහා මේ වැඩේට "සාධාරණ මිලගනන්" සහිතව proposal එකක් දීලා වැඩේ අල උනාද කියලා. ගෙඩි තියන ගහටනෙ ගල් ගහන්නෙ. සත පහකට ගනං ගන්නෙපා.

--
änthräX
http://hacker.lk/
http://beansjar.blogspot.com/

මහේෂ් කූරගම

unread,
Apr 12, 2010, 5:06:18 AM4/12/10
to openof...@googlegroups.com

ඔන්න මමත් ඒ මෝඩයාට උත්තර දුන්නා.

--
මහේෂ් කූරගම

Mahesh Kooragama
0773 872999

Chanaka Madushan

unread,
Apr 13, 2010, 5:47:35 AM4/13/10
to openof...@googlegroups.com
අනිවා ඕක ලියපු කෙනා තමයි FOSS වනසන කොන්ත්‍රාත් එකක් භාරඅරන් ඇත්තෙ. නම ලියන්නවත් කොන්දක් නැති අයට අපි බය වෙන්නෙ ඇයි.

ඔය මොනා කීවත් කමක් නෑ අපි දිගටම පටන්ගත්ත වැඩේ කරමු.

මගෙ බ්ලොග් එකෙත් කමෙන්ට්වල ලින්ක් එකක් දාල තිබුණ. ඒකනම් මැකුව. ඕව ගණන් ගන්නෙ නැතිව ඒ කමෙන්ට් අයින් කරල පෙරටම යමු .


--
http://athulanthaya.blogspot.com

Wasantha Deshapriya

unread,
Apr 13, 2010, 7:23:10 AM4/13/10
to ඔපන්ඔෆිස් භාවිත කරන්නන්ගේ සමූහය OpenOffice User List
කාලිංගගේ පැහැදිලි කිරීමෙන් පස්සෙ මේ ගැන ලියන්න දෙයකුත් නැති තරම්. ඒත්
මේ සමස්ථ කාර්යාවලියේ අදහස කෙටියෙන් කිවුවොත් හොඳයි කියලා හිතුනා.
කාලිංග නිවැරදි ව කියා ඇති සැටියෙන් ඩණිෂ්කගේ සේවය විවෘත හා නිදහස්
මෘදුකාංග දේශීයකරණය සඳහා ඉක්ටා ආයතනය ගෙවීමක් මත ලබා ගන්නවා.

මේ විදියට විවෘත හා නිදහස් මෘදුකාංග දේශීයකරණය කිරීම සඳහා පුද්ගලයෙක්
මුදල් ලබා ගැනීම විවෘත හා නිදහස් මෘදුකාංග සංකල්පයට විරුද්ධයි කියලා
සමහරු කියනවා. සමහරු ඇයි දේශීයකරණය මේ විවෘත හා නිදහස් මෘදුකාංග ප්‍රජාවට
ම කරන්න බැරි කියලා නොකෙරෙන වෙද කම් ගැන කියනවා.

මේ දේශීයකරණ වැඩ මේ විදියට කෙරුණෙ ඇයි?
විවෘත හා නිදහස් මෘදුකාංග භාවිතය හා සංවර්ධනය ප්‍රචලිත කිරීම සඳහා පදනමක්
දැමීම ඉක්ටා ආයතනයේ අරමුණක් බව මුල ඉඳල ම ලියවිලා තිබුනත් ඒකට නියම පදනම
වැටුනේ ආචාර්ය ශහනි වීරවරණ ඉක්ටා ආයතනයේ ප්‍රධාන තාක්‍ෂණික නිළධාරිනිය
ලෙස පත් වුනාම යි. අහලා තිබුනත් විවෘත හා නිදහස් මෘදුකාංග ගැන සොයලා ඒවා
භාවිතයට ගැනීමට මා කටයුතු කළෙත් ඇයගේ ආගමනයෙන් පසුව යි.
විවෘත හා නිදහස් මෘදුකාංගවල ප්‍රධානම වාසියක් තමයි දේශීයකරණයේ පහසුකම. ඒ
සඳහා තිබුනු පළමු විකල්පය තමයි ප්‍රජාව මෙහෙයවා දේශීයකරණය කිරීම; මෙය
හැකි ක්‍රමයක් වුනත් එය ඉතා දිගු කලක් ගත වන හා නිම වන දිනක් ස්ථිර ව
කිව නොහැකි ක්‍රමවේදයක්. දෙවන විකල්පය නම් මේ පිළිබඳ ව දැනුම හා හැකියාව
ඇති පුද්ගලයෙකුගේ සේවය ලබා ගෙන නිශ්චිත දිනක දී මෙම කටයුතු නිම කිරීමේ
ක්‍රම වේදය. මේ දෙක අතර දෝලනය වන විටයි අපට ඩණිෂ්ක හමු වුනේ. ඔහු ඒ
දිනවල ෆයර්ෆොක්ස් පරිවර්තනය නිම කිරීමට ආසන්න ව සිටියා. අප ඔහුට
උපදේශකත්ව කොන්ත්‍රාත්තුවක් පිරි නැමුවා, ෆයර්ෆොක්ස් පරිවර්තනය නිම කොට
විවෘත කාර්යාල මෘදුකාංගය හෙවත් ඕපන් ඔෆිස් පරිවර්තනය කිරීමට. මෙයට කේඩීඊ
කොටසකුත් ඇතුළත් බවයි මතක.
විවෘත කාර්යාල මෘදුකාංගය පරිවර්තනය නිම වේ ගෙන එන කොට මතු වුනා මෙහි
තත්ත්ව පරීක්‍ෂා අවශ්‍යතාව. විවෘත කාර්යාල මෘදුකාංගයේ තත්ත්ව පරීක්‍ෂාව
ඩණිෂ්කගේ වැඩක් නොවෙයි. හැකි තරමින් පරීක්‍ෂා කරලා භාර ගැනීම ඉක්ටා
ආයතනයේ වගකීම. ඉක්ටා ආයතනය, මයිකොසොෆ්ට් ආයතනය සමග එක්ව මයිකොසොෆ්ට්
මෘදුකාංගත් දේශීයකරණය කලා. එම මෘදුකාංගවල වචන තත්ත්ව පරීක්‍ෂා කළේ එස්
එම් බන්දුසීල මහතා. ඉක්ටා ආයතනය පළමු ව ඔහු යොදා ගෙන විවෘත කාර්යාල
මෘදුකාංගයේ වචන තත්ත්ව යම් දුරකට පරීක්‍ෂා කළා. නමුත් ඔහුට යා හැකි දුර
සීමිතයි ඔහුගේ පාරිභාෂිත ශබ්ද මාලාවේ සීමිත බව නිසා. මේ අතර ඉක්ටා ආයතනය
ලංකා රාජ්‍ය ජාලයේ 2වන කොටසේ පරිගණක 1500 ක් සඳහා විස්ටා මත විවෘත
කාර්යාල මෘදුකාංගය පමණක් ලබා දෙන්න තීරණය කල නිසා සිංහල විවෘත කාර්යාල
මෘදුකාංගය කඩිනමින් තත්ත්ව පරීක්‍ෂාවකට භාජනය කොට නිදහස් කිරීම අවශ්‍ය
වුනා. මේ සඳහා එක් යෝජනාවක් වුනේ රාජ්‍ය සේවා පුහුණු ආයතනයේ http://www.psti.gov.lk/
පරිගණක පුහුණු ඒකකයේ පරිගණකවලට විවෘත කාර්යාල මෘදුකාංගය එක් කරලා එතැනට
විවෘත කාර්යාල මෘදුකාංගය භාවිතා කරන්නන් කැඳවලා තත්ත්ව පරීක්‍ෂාව
කරන්නයි. එතැන පරිගණකවල මතක ප්‍රමාණ මදි නිසා එය වැළකිලා ඉන්න කොට තමයි
ලිනුක්ස් හන්තාන කණ්ඩායම මෙයට තම ශ්‍රමය පරිත්‍යාග කිරීමේ යෝජනාව ආවේ. ඒ
අනුව තමයි පළමු තත්ත්ව පරීක්ෂාව සිදු කලේ. http://danishkanavin.blogspot.com/2010_03_01_archive.html
මේකෙ දෙවන කොටස තමයි ඩණිෂ්ක සහ හන්තාන කට්ටිය මූලිකත්වයෙන් සංවිධානය කරන
මේ විවෘත කාර්යාල මෘදුකාංගයේ සිංහල වචන නිවැරදි කරන මහා රට හරහා දිවීමේ
තරඟය.
මෘදුකාංගයක තත්ත්වය පරීක්‍ෂා කිරීමේ හොඳම ක්‍රම වේදය තමයි තෙවන
පාර්ශ්වයක් යොදලා එය ඉටු කිරීම. විවෘත හා නිදහස් මෘදුකාංග සඳහා නම් හොඳම
ක්‍රමය තමයි ඒ සඳහා උන්නදුවක් ඇති ප්‍රජා සහභාගිත්වයෙන් එය ඉටු කිරීම.
කලිනුත් සඳහන් කර විදියට මෙම මෘදුකාංගයේ තත්ත්වය පරීක්‍ෂා කිරීම මගින්
එහි ගුණාත්මකභාවට නැංවීම ඩණිෂ්කගේ කොන්ත්‍රත්තුවේ කොටසක් නෙවෙයි. ඉක්ටා
ආයතනයට මෙම දේශීයකරණ ප්‍රතිඵල එය ඇති අයුරින්ම වුනත් භාර ගන්න පුළුවන්.
මේ මැරතන් ක්‍රියාවෙන් වෙන්නේ විවෘත කාර්යාල මෘදුකාංගයේ වඩා හොඳ, නිවැරදි
සිංහල සංස්කරණයක් රටට ලැබීමයි. හොඳ හිත පතුරන මේ සිංහල අළුත් අවුරුදු
කාලයේ දේශීයකරණ මැරතන් ආශ්‍රයෙන් මෙය ඉටු කිරීම මගින් රටට තවත් දේශීයකරණය
වූ වඩාත් තත්ත්වයෙන් උසස් මෘදුකාංගයක් ලැබෙනවා. අනෙක් අතින් සිංහලෙන් කථා
කරන, ශ්‍රී ලාංකික, විවෘත හා නිදහස් මෘදුකාංග ප්‍රජාව ශක්තිමත් වෙනවා.
මේ අරමුණු දෙකට විරුද්ධ ඒ වගේම යුනිකේත ප්‍රචලිත වීමට විරුද්ධ
නිර්නාමිකයින් අප ව පොඩ්ඩක් කොනිත්තලාවත් දැන් සන්තෝෂ වෙන්න හදනවා. බල්ලො
බිරුවට තවලම (මැරතන්) නවතින්නෙ නැහැනේ. මැරතන් දුවන කොට සමහර විට බල්ලො
පස්සෙන් එළවා ගෙන එනවා. එත කොට පොලු කෑල්ලක් හරි ගලක් හරි අතට ගත්තම
උන් නවතිනවා. මේක නම් හැමෝම සහභාගිතවයෙන් එක පොදියට දුවන නිසා බල්ලො
පැත්ත පළාතෙවත් එන එකක් නැහැ. අපේ ගමන අපි යමු. මෙය ශ්‍රී ලාංකික
ප්‍රජාව සඳහා වූ ජයග්‍රහණයකින් නිම කරමු!
(මම කලිනුත් පැහැදිලි කර අයුරින් මේ දේශීයකරණ කටයුතු සියල්ලේ අයිතිය
ඩණිෂ්කටවත් ඉක්ටා ආයතනයටත් නොවයි, ශ්‍රී ලාංකික ප්‍රජාවටයි. ඒ නිසා කඩේ
යාමක් හෝ වෙන ශ්‍රම දායකත්වයක් දෙන්නෙ රට වෙනුවෙනුයි!)
ස්තුතියි!
වසන්ත දේශප්‍රිය

On Apr 13, 2:47 pm, Chanaka Madushan <chanaka...@gmail.com> wrote:
> අනිවා ඕක ලියපු කෙනා තමයි FOSS වනසන කොන්ත්‍රාත් එකක් භාරඅරන් ඇත්තෙ. නම
> ලියන්නවත් කොන්දක් නැති අයට අපි බය වෙන්නෙ ඇයි.
>
> ඔය මොනා කීවත් කමක් නෑ අපි දිගටම පටන්ගත්ත වැඩේ කරමු.
>
> මගෙ බ්ලොග් එකෙත් කමෙන්ට්වල ලින්ක් එකක් දාල තිබුණ. ඒකනම් මැකුව. ඕව ගණන් ගන්නෙ

> නැතිව ඒ කමෙන්ට් අයින් කරල *පෙරටම යමු *.
>
> --http://athulanthaya.blogspot.com

Udara | රොකියා

unread,
Apr 13, 2010, 7:34:52 AM4/13/10
to openof...@googlegroups.com
@ Wasantha Deshapriya,

ඔබේ ලිපිය මගේ බ්ලොගය තුල කිසිඳු වෙනස් කිරීමකින් තොරව දැමීමට අවසරයක් දෙනවද ?
මේ පිලිබඳව අපි නොදන්න කට්ටියට යම්තාක් දුරට අවබෝදයක් ලබා දෙන්න ඕනෙ




Dinushka Udara | රොකියා
udar...@gmail.com
http://achchaaruwa.blogspot.com/


2010/4/13 Wasantha Deshapriya <wasant...@gmail.com>
--
ඔබගේ දැනුම බෙදා ගැනිමින් නොමිලේ ලබාගත හැකි OpenOffice භාවිත කරන නවකයින්ට සහාය වීමට අප හා එක්වන.
"ඔපන්ඔෆිස් භාවිත කරන්නන්ගේ සමූහය OpenOffice User List"
To post to this group, send email to openof...@googlegroups.com
To unsubscribe from this group, send email to
openoffice-l...@googlegroups.com
For more options, visit this group at
http://groups.google.com/group/openoffice-lk?hl=en

To unsubscribe, reply using "remove me" as the subject.

Danishka Navin

unread,
Apr 13, 2010, 7:46:55 AM4/13/10
to openof...@googlegroups.com
OpenOffice GUI එකේ වචන 96024 යි
එවගේම Help  එකේ වචන 435308

එකියන්නේ Help එක දැනට කළ වැඩේ වගේ 5ගුණයක්

ඉතින් මේ මැරතන් එකක් නැතිව ඔය හෙල්ප් එකත් මම සල්ලි අරන්
සද්ද නැතිව කලා නම්.. මැරතනුත් නැ.. කිසි කෙනෙක්ගෙන් කතා අහන්න වෙන්නේ නැ.  :D
අතට තව 5ගුණයක සල්ලිත් ලැබෙනවා.
අන්තිමට ඔක්කොම කළේ මමයි කියන්නත් පුලුවන්. :)

මේ කිසි දෙයක් කාටවත් අයිති දේවල් නෙමේ අපි මැරුනම යන්නේ හිස් අතින්

නිදහස් සහ විවෘත මෘදුකාංග සම්බන්දව වැඩ කරන අය නොමිලේ වැඩ කරන්න ඔනා
එතකොට ඒ අයගේ ගෙවල් වල අය යැපෙන්නේ මේ බනින අයගේ මුදලින්ද?

සල්ලි වලට දෙන Microsoft සිංහල කළා. එකේ මෙහෙම කතා නැනේ?

දැන් Gnome, XFCE සිංහල වෙන්නේ සල්ලි වලටද?
පසුගිය වසරේ ඩෙබියන් ස්තාපනය සිංල උනා...


ස්තුතියි,
ඩනිෂ්ක


2010/4/13 Wasantha Deshapriya <wasant...@gmail.com>
--
ඔබගේ දැනුම බෙදා ගැනිමින් නොමිලේ ලබාගත හැකි OpenOffice භාවිත කරන නවකයින්ට සහාය වීමට අප හා එක්වන.
"ඔපන්ඔෆිස් භාවිත කරන්නන්ගේ සමූහය OpenOffice User List"
To post to this group, send email to openof...@googlegroups.com
To unsubscribe from this group, send email to
openoffice-l...@googlegroups.com
For more options, visit this group at
http://groups.google.com/group/openoffice-lk?hl=en

To unsubscribe, reply using "remove me" as the subject.



--
Danishka Navin
http://danishkanavin.blogspot.com

Arunoda Susiripala

unread,
Apr 13, 2010, 8:29:05 AM4/13/10
to openof...@googlegroups.com
>මේ විදියට විවෘත හා නිදහස් මෘදුකාංග දේශීයකරණය කිරීම සඳහා පුද්ගලයෙක්
>මුදල් ලබා ගැනීම විවෘත හා නිදහස් මෘදුකාංග සංකල්පයට විරුද්ධයි කියලා
>සමහරු කියනවා

මේක හරි ගොන් කතාවක්. This is a community. There should be someone who's going to co-ordinate the community. නැත්නම් ගාල කඩා ගත්ත ගොන් රැලක් වගේ වෙනවා. But he wouldn't be a guy like Bill Gates or Steve Jobs. He looks for what community needs and  facilitate them. 
That person could be paid or a volunteer. It doesn't matter. Ultimately benefits goes to the community.

Jono Bacon is a Community Manager of Ubuntu [0] and he is getting payments from Canonical for his service.   

The point here is we are doing a volunteer service here. If we are not pleased with what Daniska do we don't do it. We're doing it we think this marathon is a good idea.  
For the whatever the case if we think Daniska is doing wrong we'll left him and If we really need to serve the community we'll organized a thing our own way. That's how I think things will work in FOSS basically.

I wan't to mention again also to  the person saying this I

>මේ විදියට විවෘත හා නිදහස් මෘදුකාංග දේශීයකරණය කිරීම සඳහා පුද්ගලයෙක්
>මුදල් ලබා ගැනීම විවෘත හා නිදහස් මෘදුකාංග සංකල්පයට විරුද්ධයි කියලා
>සමහරු කියනවා

I challenge him come forward as a human initiate then do it yourself. බාල්දි දාන්නැතුව. අපිත් help ekak dennam. Otherwise shut-up and go to hell.

I know there are some guyes here(in Sri Lanka) මහලොකුවට saying about FOSS. but don't do much on FOSS. කට විතරයි. Everything need to be practical. We need money. If we do all the time FOSS (as thinking it's nothing about money) how can we live? 
That's where people get wrong about FOSS. It never says there should not be any relationship with money. සල්ලි නැතුව කොහොමද  වැඩ කරන්නෙ. Foss is about freedom .

I'm not a big guy in FOSS or Software industry. But I worked with few OpenSource communities and contribute them[1] and this is what I got from them. And I'm new to Sri Lankan communities. And realized බාල්දි දාන බල්ලො වැඩියි. මං හිතන්නෙ ලංකාවෙ හැටියක් වෙන්න ඇති. 

And we are  with This marathon what ever the case because we feel this is a community service to the Sri Lanka. 

P.S. - Sorry not for writing in Sinhala because my sinhala typing is so bad. :(

ස්තූතියි.
අරුනෝද සුසිරිපාල.
MIT - UOK FOSS Team.

Bandula

unread,
Apr 13, 2010, 11:18:31 AM4/13/10
to ඔපන්ඔෆිස් භාවිත කරන්නන්ගේ සමූහය OpenOffice User List
මිනිසා කතා කරන හෝ ලියන වචන වලින් වැඩිම ප්‍රමාණයක් භාවිතා කරන්නනේ තවත්
කෙනෙක්ගේ වැරද්දක් ගැන කීමටයි.
හාමුදුරුවෝ බණ කිව්වත්, ගුරුතුමා ඉගැන්නුවත්, යළුවෙක් මුණ ගැහුණත්,
දේශපාලයෙක් කතාවක් පැවැත්තුවත්, ............... සෑම තැනම මේක පරම
සත්‍යයක් වෙලා.
ඇයි මේ!
මේක වෙනස් කරන්න බැරිද?
මේ ලෝකයේ ජීවත්වුනා වූ, ජීවත් වන්නා වූ සාරාසංකෙයිය මිනිසුන් මිනිසුන්
අතරින් අප දැන හඳුනන්නේ හෝ අඩුම තරමින් අහල තියෙන්නේවත් කොපමන අඩු
ගණනක්ද? ඉතින් ඇයි ඒ ටක දෙනාගෙත් වැරදිම හොය හොයා ඉන්නේ!
දන්නා කියන සෑම දෙනෙකේගෙම එක හොඳක්වත් හොයාගෙන ඒක එකවතාවක්වත් අලය කරන්න
බලන්න. ඔබට හොඳ මිතුරෙක් ලැබේවි.
Reply all
Reply to author
Forward
0 new messages