Fwd: DhammaMedicine:::: සෝම හිමි ගුණ සදා සමරමු

5 views
Skip to first unread message

Anoj Sampath

unread,
Dec 15, 2016, 10:36:51 PM12/15/16
to nibm...@googlegroups.com

---------- Forwarded message ----------
From: Maduka Jayalath <madu...@gmail.com>
Date: 2016-12-15 12:11 GMT+05:30
Subject: DhammaMedicine:::: සෝම හිමි ගුණ සදා සමරමු
To:


ලක්‌ ධරණී තලයේ විවිධ කාලවල රටත්, ජාතියත්, සම්බුද්ධ ශාසනයත් රැක ගැනීමට එදා මෙදාතුර කාලයේදී ශ්‍රේෂ්ඨ විරුවන් පහළ වී ඇත. ජාතියේ උන්නතිය වෙනුවෙන් හැම මිනිසෙකුම කැප විය යුතු බව අපට නොහැඟෙන්නේ සීමා මායිම් නැති බලාපොරොත්තු නිසා ය.ඒ බලාපොරොත්තු ඉටු කර ගැනීමට මුදල් අවශ්‍ය වේ. මුදල් සොයන විට ජාතිය, ආගම අමතකය. කාලෙන් කාලෙට ජාතියේ පිනට පහළ වන දැ හිතකාමී විරුවන් අපට කියා දෙන්නේ බඩගෝස්‌තරවාදයෙන් මිදී එකා මෙන් ජාතියේ උන්නතිය ගැන සිතන්නටය, ජාතිය ගැන සිතන්නට ආගම දහම ගැන සිතන්නට, රට ගැන සිතන්නට අපිට කියා දුන් මීට වසර දහතුනකට (13) පෙර අපවත් වී වදාළ අතිපූජනීය ගංගොඩවිල සෝම ස්‌වාමීන් වහන්සේ සහ උන්වහන්සේගේ දර්ශනය පිළිබඳව නැවතත් සිතන්නට සුදුසු කාලය මෙය යෑයි හැඟේ.

බුදුන් වහන්සේගේ ධර්මය සමාජගත කරමින් උන්වහන්සේ ජාතියේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් දුන් නායකත්වය මිල කළ නොහැක. ඒ බව තම ආත්මාභිමානය උකසට තබනා මිනිසුන් සමඟ සැසඳීමේදී මැනවින් අවබෝධ කොට ගත හැකිය. ක්‍රමානුකූලව ධර්ම රාජ්‍යය දේව රාජ්‍යයක්‌ වෙමින් යන බව උන්වහන්සේ අපට දේශනා කළහ. උන්වහන්සේගේ අපවත්වීම අදටත් රහසකි. එනමුත් මූලධර්මවාදය තවමත් උපක්‍රමශීලීව දේව රාජ්‍යය කරා ගමන් කරමින් සිටී. අපිට උරුම වූ අපේ උරුමය රැක ගැනීම අප සතුය. එය තවකෙකු කර පටවා අත පිසදාගෙන කරබාගෙන සිටින්නට අපට පුළුවන්කමක්‌ නැත. අපේ මුතුන් මිත්තන් එසේ කළා නම් අද වන විට දළදා මාලිගාව ද තරු පහේ හෝටලයක්‌ හෝ සමාජ ශාලාවක්‌ වන්නට තිබිණි.

සියවස්‌ ගණනාවක්‌ තිස්‌සේ අප රටේ සිංහල බෞද්ධයන් සමඟ අන්‍ය ආගමිකයන් එකට තම තමන්ගේ ආගම අදහමින් සහජීවනයෙන් ජීවත් වූයේ බුදු දහමේ තිබෙන පරාර්ථකාමී බව නිසාමය. නමුත් අද එය තේරුම් නොගත් ඇතැම් මූලධර්මවාදීන් අප රටේ ඉතිහාසය මකා දමන්නට වෙර දරමින් සිටී. මේ බව කල්තියාම දැනගත් අපේ සෝම හිමියන් නිදා සිටි සිංහල බෞද්ධයන් නැවත අවදි කළ සේක.

අප රටේ සිංහල බෞද්ධයාට ඇති අනන්‍යතාව මැනවින් හඳුනා ගතහොත් සිංහල, දෙමළ, මුස්‌ලිම් අප සැමට ශ්‍රී ලාංකිකයන් මෙන් ජාතිවාදී, ආගම්වාදී, ගෝත්‍රවාදී ප්‍රචණ්‌ඩ ක්‍රියාවලින් තොරව ජීවත් විය හැක. තම තමන්ගේ ආගම් තවත් අයෙකුට හිංසාවක්‌ නැතිව අදහන්නට අවස්‌ථාව දිය යුතුය. අඩුම තරමේ සතා සිවුපාවාටවත් හිරිහැරයක්‌ නොවන ලෙස ආගම් ඇදහිය යුතුය. ආගමක්‌ යනු මිනිසුන් කණ්‌ඩායමක්‌ තවත් පිරිසකට හිරිහැර කරන, බලහත්කාරකම් කරන අධම බලවේගයක්‌ නොවේ. ආගම තුළින් මිනිසාගේ ආධ්‍යාත්මික දියුණුව ඇතිවිය යුතුය. උසස්‌ මානව ගුණයන් ඇති විය යුතුය. එය ගහ කොළට ද, සතා සිවුපාවාටද පොදු විය යුතුය. එසේ නොවන්නේ නම් ස්‌වභාව ධර්මයට පිටුපෑමකි. ස්‌වභාව ධර්මයට පිටුපෑමේදී අත් විඳින්නට වන විපාකය බලවත් ය. එබැවින් අපි සැවොම ස්‌වභාව ධර්මයට අනුකූල විය යුතුය. ස්‌වභාව ධර්මය ඉක්‌මවා නොයා යුතුය. ඇතිවන නැතිවන බව ස්‌වභාවයයි. එය අප බුද්ධිගෝචරව තේරුම් ගත යුතුය. බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළ යථාර්ථය එයයි. සෝම හාමුදුරුවෝ අපට දේශනා කළ යථාර්ථය ද එයයි. ස්‌වභාව ධර්මය ඉක්‌මවා යන්නට ඉගැන්වෙන, කර්මය හා ඵලය ගැන සිතන්නට අවකාශ නොලැබෙන, පුද්ගලයා සතු වීර්යය ගැන සිතන්නට ඉඩ නොතබන, දේවවාදී චින්තනයෙන් මිදෙන්නට උන්වහන්සේ අපට අනුශාසනා කළහ. අප නිවැරැදිව තිසරණයේ පිහිටියහොත් කිසිවෙකුට අපව යටත් කළ නොහැක. තිසරණයේ පිහිටන්නේ නැතිව අපි කෙසේ නම් තිසරණය ආරක්‍ෂා කරමුද?

පූජ්‍ය ගංගොඩවිල සෝම හිමියන්ගේ ගුණ සිහිපත් කිරීම යනු උන්වහන්සේ දේශනා කළ අයුරින් අපේ ජීවිත හැඩගස්‌වා ගන්නට උත්සාහ ගැනීමයි. උන්වහන්සේ අපේක්‍ෂා කළ සමාජ සාරධර්ම නොකඩවා ආරක්‍ෂා කිරීමයි. උන්වහන්සේගේ ගුණ අනුස්‌මරණය කරන්නට සැරසෙන සුවහසක්‌ ජනතාව නොකඩවා පන්සිල් රකින්නට උත්සාහ දරන්නේ නම් උන්වහන්සේට කරන උතුම්ම ගෞරවයයි. එයම අපේ බලයයි. එයම අපේ ශක්‌තියයි.

පූජ්‍ය බලන්ගොඩ ධම්මරතන හිමි
බෞද්ධාරක්‍ෂක පදනම - පානදුර.

--
The incomparable & most precious medicine
‘The Medicine of Dhamma’
Discovered on his own
By the greatest person appeared ever on this earth
And advised us with heartiest mercy……..
 
Dear sons & daughters,
Come and have this most powerful medicine and get you entire soul healed
Attain Nibbana……
The only utmost luxury you could have and retain forever……
In this uncertain world
-------------------------------------------------------
If this email is addressed wrongly, if you receive more than one, or if you no longer wish to receive emails, kindly inform us so that we may correct and update our lists.
 
You received this message because you are subscribed to the Google
Groups "DhammaMedicine" group.
To post to this group, send email to dhammamedicine@googlegroups.com
To unsubscribe from this group, send email to
dhammamedicine+unsubscribe@googlegroups.com
For more options, visit this group at
http://groups.google.com/group/dhammamedicine?hl=en
---
You received this message because you are subscribed to the Google Groups "DhammaMedicine" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to dhammamedicine+unsubscribe@googlegroups.com.
For more options, visit https://groups.google.com/d/optout.

Reply all
Reply to author
Forward
0 new messages