Fwd: සංගා - අපේ cricket වෙනුවෙන් දෑන්වත් ඈත්ත දෑනගන්න - ඔක්කොම ටික කියවන්න

6 views
Skip to first unread message

Lakmal Abeysinghe

unread,
Jul 6, 2011, 1:54:37 PM7/6/11
to moraba...@googlegroups.com, nalan...@googlegroups.com, nara...@dplgroup.com, anushk...@yahoo.com, thili...@gmail.com, Kasun Panagoda, deshanp...@yahoo.com, warun...@gmail.com, chamith.w...@gmail.com, charika, Vidura Abeysundara





කුමාර් සංගක්කාර යනු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයකු වේ. ඔහු ශ්‍රී ලංකාවේ නිත්‍ය නියාමක කඩුලු රකින්නා බවට දැන් පත්ව සිටියි. කණ්ඩායමේ සිටින, ජ්‍යෙශ්ඨම ක්‍රීඩකයින් තිදෙනාගෙන් එක් අයෙකි. නමුත්, සංගා මෙතැනදී කතා නායකයා බවට පත් කර ගනු ලබන්නේ ඒ කිසිවක් නිසා නොවේ. ලෝර්ඩ්ස් ක්‍රීඩාංගනයට අනුබද්ධ මැරිලිබෝන් ක්‍රිකට් සමාජය විසින් වාර්ෂිකව සංවිධාන කරනු ලබන “ක්‍රිකට් ක්‍රීඩාවේ ජීවය“ නම් දේශනය පැවැත්වීමට ඔහු ආරාධනා ලැබීය. මෙම ආරාධනා ලැබීම සුවිෂේශී සිද්ධියක් බවට පත් වන්නේ, මෙම දේශනය පැවැත්වීමට මීට පෙර ඇරයුම් ලැබූවන්ගේ නාමලේඛණය සැසදීමේදීය. එය පැති කීපයකින් වැදගත් වෙයි. එකක් නම්, තවදුරටත් සක්‍රීය වෘත්තියේ යෙදෙමින් සිටින ක්‍රීඩකයින් අතරින් මෙම දේශනය පැවැත්වීමට ඇරයුම් ලැබූ ලෝකයේ පළමු හා එකම ක්‍රීඩකයා කුමාර් සංගක්කාරය. ඔහු එම දේශනය වෙනුවෙන් ඇරයුම් ලද ලාබාලතම ක්‍රීඩකයා හෝ පුද්ගලයා වෙයි.

කුමාර් සංගක්කාර විසින් මෙරිලිබෝන්, ස්පිරිට් ඔෆ් ක්‍රිකට් දේශනය පසුගිය සදුදා පවත්වනු ලැබීය. මෙම දේශනය පැවැත්වීමට ඇරයුම් ලැබීය විසින් සංගා පොරක් බවට පත් කිරීමට සමත් විය. එනම්, මෙතෙක් නොවූ විරූ සුවිශේෂ අවස්ථාවක් සංගා දිනා ගැනීමත් සමගයි. නමුත් සංගා විසින් දේශනය පැවැත්වීමත් සමග, දැන් ඔහු පොරක් වීමේ සිට ද්‍රෝහියෙක් වීම දක්වා රැගෙන යාමට යම් ප්‍රයත්නයක් දරමින් සිටියි. ඔහු විසින් උක්ත කතාවේදී කියනු ලැබූ කරුණක් සම්බන්ධයෙන් - ක්‍රීඩා පරිපාලනය හොදහැටි කුපිත වී සිටියි. එනම්, ලංකාවේ ක්‍රිකට් වලින් දේශපාලනය වෙන් කළ යුතුයැයි යන සංගාගේ යෝජනාව - මහින්දානන්ද අලුත්ගමගේට ඩෝන් යැවීමට සමත් වී තිබේ. මාධ්‍ය නිවේදනයක් ලෙස - සංගාට විරුද්ධව පරීක්ෂණයක් පවත්වන්නයැයි අලුත්ගමගේ ක්‍රිකට් අතුරු කමිටුවට යෝජනා කළ බව දැනගත් වහාම මට හැගී ගියේ, “ඇත්ත තිත්තයි“ කියන කතාවයි.

සංගාගේ මුළු කතාව සම්පූර්ණයෙන් ඇසූවෙමි. එහි මුළු කාලය විනාඩි හැට දෙකකි. සංගා කතාව ආරම්භ කරනු ලබන්නේ, ලංකාවේ ඉතිහාසය පිළිබද සැකවින් නමුත් පුළුල් විග්‍රඑයක් කරනු ලැබීය. දෙදහස් පන්සිය වසරක ඉතිහාසයක් හිමි රාජ්‍යයට ක්‍රිකට් ක්‍රීඩාව හිමිව ඇත්තේ, බ්‍රිතාන්‍යයන් විසින් කරනු ලැබූ බලහත්කාරකමක ප්‍රතිඵලයක් ලෙස බව සංගා කියා සිටියේය. එම ක්‍රිකට් සුද්දාගේ ආකෘතියෙන් මුදවාගැනීමේ ගෞරවය හිමි විය යුත්තේ, අර්ජුන රණතුංගට බවත්, ලෝකයේම ක්‍රිකට් සැණකෙළි සිරියක් කරා රැගෙන යාමේ ප්‍රමුඛ වගකීමක් - අරවින්ද - ගුරුසිංහ - සනත් හා කලූ විසින් කරනු ලැබ ඇති බවත්, ක්‍රිකට් ක්‍රීඩාවේ මහත්මාගතිය වෙනුවෙන් රංජන් මඩුගල්ල හා රොෂාන් මහානාම වැනි අය දැඩිව කැපවී ඇති බවත් දැඩිව කියා සිටියේ යැයි සංගා කීවේය. ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් දේශීය සලකුණ මුත්තයියා මුරලිදරන් බව සංගා නොබියව කීවේය. ඒ ක්‍රිකට් ගැන ක්‍රීඩකයින් ගැන සංගා කියූ වැදගත් දේය.

ක්‍රීඩාවේ ජීව ගුණය ගැන සංගා කතා කරමින් සිටියි. ක්‍රිකට්හි ජීව ගුණය පවත්වාගෙන යාම කෙරෙහි, ක්‍රීඩාවේ ස්වාධිනත්වය ක්‍රීඩාව කෙරෙහි පැවතිය යුතු බව සංගා විසින් කීවේය. සංගා එය ස්වර්ථයෙන් පහදනු ලැබීය. ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ ජීවය දැන් දැන් බි්‍ වැටෙමින් තිබෙන්නේ - ක්‍රිකට් වෙත සිදු වෙමින් පවත්නා දේශපාලනික මැදිහත්වීම වැඩි වෙමින් පවතින නිසා බැව් හේ කියා සිටියේය. ජීව ගුණය පවත්වාගෙන යාමට අවශ්‍ය ක්‍රීඩාවේ ස්වාධිනත්වය දැන් දේශීය වශයෙන් හිමිව නැති බව හේ කියා සිටියේය. ෆයර් වනු ලදුව, මහින්දානන්ද අලුත්ගමගේ විසින් සංගා ගැන පරීක්ෂණයක් පවත්වන්න යැයි කියා තර්ජනය කර සිටින්නේ, එහෙයිනි. ක්‍රිකට් ක්‍රීඩාව දේශපාලනීකරණය වී ඇති බැව් අමුතු කුණුහරුපයක් නොවේ. එය බැලූ බැල්මටම පවා දැක්ක හැකි ඉතාම සරල දෙයකි. නමුත්, මෙතෙක් කල් සිංහලෙන් හෝ සිංහල පත්තර වලින් පමණක් දකිමින් සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් දේශපාලනීකරණය - ක්‍රිකට් මහගෙදරදී කියා පෑම මගින් ක්‍රීඩාව දේශපාලනීකරණය කරමින් සිටින මිනිසුන්ට එල්ල වූණු අතුල් පහරක් වැනිය. එම කතාව අතුල් පහරක් බැව් දැන් දැන් හොදින් දකිමින් සිටියි. මන්දයත්, ක්‍රීඩාව මෙතෙක් කල් දේශපාලනීකරණය වූ බැව් හෝ එසේ වෙමින් තිබෙන බැව් නොදකිමින් සිටි මහින්දානන්ද දැන් අවදි වී තිබේ.

මහින්දානන්දගේ අවදි වීම වැදගත් සිද්ධියකි. නමුත්, නින්දෙන් අවදි වූ මහින්දානන්ද දැන් පොල්ලක් අතැතිව සැරි සරයි. ඒ හොරා ඇල්ලීමේ මුවාවෙණී. නමුත්, මේ වන විටත්, මහින්දානන්ද පොල්ල උලුක් කර ගනිමින් මාන්නාගෙන සිටින්නේ හොරා දෙසට නොවේ. ඔත්තු කාරයා දෙසටයි. ඇතැම් විට - ඔත්තු කාරයා සුන්නද්ධුලි කිරීමෙන් හොරකම් ගැන කියවෙන දේ නවතින්නේ යැයි මහින්දානන්ද සිතා සිටිනවා විය හැක. ඒ මහින්දානන්දගේ දැනුමේ හැටිය.

දැන් අප විසින් සංගා නිතර්කයෙන්ම පොරක් කිරීමට පෙර ඔහු පොරක් වීම දක්වා කතාව ගොඩනැගෙන්නේ කෙසේ දැයි කියවා ගත යුතුව ඇත. සංගා යනු - ටෙනිස් ක්‍රීඩාවට ජාතික වර්ණ ඇති පාසල් ක්‍රිකට් ක්‍රීඩකයෙකි. පසුව, නීති ශිෂ්‍යෙයක් ලෙස සුදුසුකම් ලබන සංගා රට වෙනුවෙන් ක්‍රීඩා කිරීම පිණිස සිය නීතිඥබාවයේ සිහිනය දැකීම බලහත්කාරයෙන් මගහැරියේය. සංගා ක්‍රිකට් නොගැහුවානම් - අද වන විට අප කුමාර් චොක්ෂානන්ද සංගක්කාර නමින් හදුනාගන්නේ, ප්‍රමුඛ යොවුන් නීතිඥවරයෙක් බැව් විශ්වාසය. ඔහු ලංකාවේ ක්‍රිකට් නායකයා වන්නේ - මහින්දානන්ද කැබ්නට් ඇමතිවරයෙකු වීමට බොහෝ කලකට පෙරයි. මහින්දානන්ද හොර ඡන්ද දමමින් චාටර් වෙමින් සිටියදී - ජීව ගුණයෙන් පිරිපුන් ක්‍රිකට් කණ්ඩායම ලෙස සංගාගේ නායකත්වයෙන් පිට පිට දෙවර්ශයක්ම ලංකාව ලෝක සම්මාන දිනා ගත්තේය. එනම්, මහින්දානන්ද අජීවිව සිටිය දී සංගා ජීවයෙන් සිටියා යන්නයි. මහින්දානන්ද බලයට කෑදර - තනතුරු හා තානාන්තර පිටුපස යමින් වැද වැටෙමින් සිටි මිනිසෙකි. නමුත්, සංගා යනු ලෝකයේ අංග දෙකට පැමිණි ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය ස්ව මැදිහත්වීමෙන් අතහරිනු ලැබූ සුවිශේෂ මිනිසෙකි. සංගාට ක්‍රිකට් වෙනුවෙන් පෙනී සිටියිත. එහෙයින් ක්‍රිකට් යනු සංගාගේ ජීවිතයයි. ඔහු ඒ වෙනුවෙන් පෙනී සිටියි. මහින්දානන්දට එසේ පෙනී සිටීමට තමන් විසින් ආදරය කරනු ලබන හෝ විශිෂ්ඨත්වයක් දක්වනු ලබන දෙයක් නැත. එහෙයින් - යමකට පෙම් කිරීමට හෝ ඒ වෙනුවෙන් පෙනී සිටීමට හේ නොදනියි.

--
You received this message because you are subscribed to the Google Groups "mech07" group.
To post to this group, send email to mechani...@googlegroups.com.
To unsubscribe from this group, send email to mechanical200...@googlegroups.com.
For more options, visit this group at http://groups.google.com/group/mechanical2007?hl=en.



--
Lakmal Abeysinghe,
Faculty of Engineering,
University of Moratuwa.

Reply all
Reply to author
Forward
0 new messages