"සිසිල" මාසික සඟරාවේ අගෝස්තු 2026 කලාපය මේ සමග ඇත.
මේ අපේ හැටවෙනි කලාපයි. මේ සමග සිසිල සඟරාව පස්වසරක් සම්පූර්ණ කරන අතර පසුගිය සඟරාවේ සංස්කාරක සටහනේ මා පැවසූ පරිදි සඟරාව පීඩීඑෆ් ගොණුවක් ලෙස ඊ-මේල් මගින් බෙදා හැරීම නැවතෙනු ඇත.
මින් පසු සිසිල යනු නිරතුරු යාවත්කාලීන වන වෙබ් අඩවියක් බවට පත්වෙනු ඇත. එහි ලිපිනය: https://sisilamagazine.blogspot.com/ වේ. මේ අප මුල්කාලයේ සිටම සඟරාවේ සංරක්ෂණය පිටපත් සඳහා භාවිත කරන වෙබ් අඩවියයි.
එය නුදුරු කාලයේ දී සැප්තැම්බර් මස සිට ඇරඹෙන නව "සිසිල" ආකෘතියට වෙනස් කෙරෙනු ඇත.
කරුණාකර අපේ හැටවෙනි සඟරාව කියවා ඔබේ ප්‍රතිචාරය සංස්කාරකටත්, ඒ ඒ ලේඛකයින්ටත් ලබා දෙන්න. සිංහල කියවීමට කැමති ඔබේ මිතුරන් අතරේ සඟරාව බෙදා හරින්න.
ස්තුතියි,
- රසික සූරියආරච්චි, සංස්කාරක, සිසිල මාසික සඟරාව