Fw: Fwd: අරක්කු පානය කරනවිට අනුගමනය කළයුතු රීති

9 views
Skip to first unread message

Dilum Malinga

unread,
Feb 16, 2012, 11:12:36 AM2/16/12
to Lahiru Prasad Gunathunga, Kasun Gankanda, Dileepa Pathirana, Chamath Hettiarachchi, Dhilina Nissanka, Theekshana Weerasinghe, Ganindu Prabhashana, Ruvishan Chinthana, Channa Silva, Thushan Igalawithana, Thanuj Igalawithana, Mora Baseball, Chamara Preiris, Lakmal Abeysinghe, Chanaka Rukshan, Inas, Thenuwan, Reni, Mudali, Niro
 
Dilum Malinga
Undergraduate
Faculty of Engineering
University of Moratuwa
Sri Lanka.


----- Forwarded Message -----
From: Dilum Malinga <dilum....@gmail.com>
To: Dilum Malinga <kfu...@yahoo.com>; asan...@texturedjersey.com; kavi...@texturedjersey.com
Sent: Wednesday, February 15, 2012 10:41 PM
Subject: Fwd: අරක්කු පානය කරනවිට අනුගමනය කළයුතු රීති



---------- Forwarded message ----------
From: Sudheera Keshan Zoysa <sudh...@gmail.com>
Date: 2012/2/14
Subject: Re: අරක්කු පානය කරනවිට අනුගමනය කළයුතු රීති
To: uomtexa2008 <uomte...@googlegroups.com>, damithp...@yahoo.com, upen...@yahoo.com, Waipitage Asanka Dilhari <dilhar...@gmail.com>



Subject: අරක්කු පානය කරනවිට අනුගමනය කළයුතු රීති
To:




අරක්කු පානය කරනවිට අනුගමනය කළයුතු රීති

අරක්කු පානය ආරම්භ කරන විට 
ඔබ පිරිසක් සමග අරක්කු පානය කරනවානම් අරක්කු පානය ආරම්භ කරන මොහොතේදී සව්දිය පිරීම (සිංහලෙන් කියනවානං චියර්ස්!!! (Cheers)) කළ පසු අරක්කු පානය නොකර ඔබේ වීදුරුව මේසය මත තැබීමෙන් වළකින්න. සෑමවිටම එවැනි අවස්ථාවකදී දෙතොළ තෙමාගැනීම හෝ සිදුකරන්න.



අරක්කු පානයට අතරමැදින් එක්වන විට 
ඔබ අතරමැදින් අරක්කු පානය කරනා අවස්ථාවකට එක්වූයේනම් අරක්කු පානය කිරීමට පෙර අනිවාර්යයෙන්ම සව්දිය පුරන්න. එසේ කිරීමෙන් ඔබ වෙරිවෙන්නේ නැති හෝ ඔබ පානය කරන අරක්කු වෙන විශේෂ රසක් වීම සිදු නොවේ. නමුත් ඔබ ආචාරශීලී අයෙක් බවට අනෙක් අයට හැගේවි.



හැකි සෑම විටම අමිශ්‍ර අරක්කු පානය කරන්න 
අරක්කුවලට කොකාකෝලා, පෙප්සි, ස්ප්‍රයිට් වැනි දෑ මිශ්‍ර කිරීමෙන් එහි ඇති ස්වභාවික රසය වෙනස් වේ. ඔබට අමිශ්‍ර අරක්කු පානය කිරීමට අපහසුමනම් අයිස් වතුර, අයිස් කැට හෝ සෝඩා වැනි දෙයක් සමග මිශ්‍ර කරන්න.



කිසිමවිටක ඔබේ වීදුරුව තනි නොකරන්න 
ඔබ අරක්කු පානය කරනා විට ඔබට නොයෙක් වැඩ රාජකාරි මතකයට පැමිණීම ස්වභාවික සිද්ධියකි. දුරකතන ඇමතුම් ගැනීම, වැසිකිළියට යාමට අවශ්‍ය වීම මේ අතර ප්‍රධාන වේ. මේ සෑම විටකම ඔබ වාඩිවී සිටින ස්ථානයෙන් නැගිටිනවානම් ඔබේ අරක්කු වීදුරුවත් රැගෙන නැගිටින්න. කිසිදු විටක අරක්කු ඉතිරිකළ වීදුරුව මේසය මත තබා එම ස්ථානයෙන් පිට නොවන්න. මෙසේ කිරීම මගින් ඔබේ අරක්කු වීදුරුවට වෙනත් දේවල් කළවම් කිරීමට ඇති ඉඩ ඇහිරීම සිදුවේ.

ඔබේ වීදුරුව ඔබම පුරවාගන්න. අන් අයටත් එසේම සිදුකරන්න ඉඩ දෙන්න. 
ඔබට ගැළපෙන අරක්කු ප්‍රමාණය දන්නේ ඔබ පමණි. එසේනම් ඔබේ අරක්කු වීදුරුව පුරවා ගත යුත්තේ ඔබ විසින්මය. ඔබ තවෙකෙකුගේ තත්වය දන්නේ නැත. එමනිසා අන් අයගේ වීදුරු පුරවාගැනීම ඔවුන්ටම භාර දෙන්න.



කටගැස්ම සහ මිශක භාවිතයේදී සැළකිළිමත්වන්න අරක්කු සමග අවශ්‍ය වන ඊළග අංගයනම් කටගැස්මයි. මෙහිදී ඔබ සතුව ඇති අරක්කු ප්‍රමාණය සමග කටගැස්ම ප්‍රමාණයද කළමණාකරණය කරගැනීමේ වගකීම ඔබ සතුවේ. අරක්කු සමග මිශ්‍ර කරනා අනෙක් පාන වර්ගයන් (කොකාකෝලා, ස්ප්‍රයිට්) වැනි දේ සදහාද මෙය මෙසේම වේ. 



කටගැස්ම පීරිසියේ ඇති කුඩාම කැබැල්ල සෑමවිටම තෝරාගන්න බොහෝවිට මස්, මාළු, බිත්තර, තැම්බූ එළවළු, සමහර පළතුරු වර්ග, කඩල, චීස් යනාදිය කටගැස්ම සදහා භාවිත වේ. මේ කිසිම දෙයකින් බොහෝ විට එකම ප්‍රමාණයේ කෑළි කැපිය නොහැකිය. එමනිසා පීරිසියේ ඇති කුඩාම කැබැල්ල සෑමවිටම තෝරාගන්න. පීරිසියේ ඇත්තේ ප්‍රමාණයෙන් විශාල කැබලිනම් එම කැබලි දෙකට කඩාගැනීම සිදු කළ හැක. 



ඔබ පානය කරන්නේ ලෝකයේ ඇති අන්තිම අරක්කු බෝතලය නොවේ අරක්කු පානය කිරීම යනු තරගයක් නොවේ. තරගයට අරක්කු බීමෙන් වළකින්න. ඉක්මනින් අරක්කු පානය කිරීම එකකි. තරගයට පානය කිරීම තව එකකි. තරගයට අරක්කු පානය කිරීම සුදුසු නැත. 



හැකිතාක් ජලය පානය කරන්න 
අරක්කු පානය කරන අතරදීම ජලය පානය කරන්න. ශීතකළ ජලය පානය කිරීම සුදුසුය. මෙසේ කිරීමෙන් අරක්කු මගින් ශරීරයේ ඇති කරනා විජලනය පාලනය කිරීමට ඔබට හැකිවේ.



අරක්කුවලට ගිජු නොවන්න 
මේසය මත ඇති අරක්කු සියල්ලම ඔබ බීමට අවශ්‍ය නැත. අරක්කු සියල්ලම නොබීවා කියා කිසිවෙක් ඔබට දෝශාරෝපනය කරන්නේද නැත. ඔබට අවශ්‍ය ප්‍රමාණයට අරක්කු පානය කරන්න.






--

\



--
thanks & regards
Sudheera Keshan
Undergraduate Textile Engineer
University Of Moratuwa

--
UOMTEXA2008
Textile Engineering Batch of 2008
Department of Textile & Clothing Technology
Faculty of Engineering
University of Moratuwa
 
uomte...@googlegroups.com



--
Dilum Malinga
Undergraduate,
Faculty of Engineering,
University of Moratuwa,
Sri Lanka.
Email: dilum.malinga@gmail.com dilum.malinga@aiesec.net
Skype: dilum.malinga



Reply all
Reply to author
Forward
0 new messages