මිතුරනි,
මෙම ගූගල් සමූහය වෙත ලිපි එවීමේදී සැලකිලිමත් විය යුතු කරුණු කීපයක් පිළිබදව ඔබලාගේ අවධානය යොමු කිරීමට කැමතියි. සියළු දෙනාම නොවුනත් කීප දෙනෙකු වෙතින් වන අඩුපාඩු අවම කර මෙම සමූහයේ ගුණාත්මක භාවය ඉහල නැංවීම සදහා මෙම කරුණු කෙරෙහි අවධානය යොමු කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිනවා. ඇත්තටම මෙය දොස් නැගීමක් නොවේ. :) පොඩි අඩුපාඩුවක් පෙන්වා දී එය නිවැරදි කර ගැනීම සදහා කරන මතක් කිරීමක්.
මෙම සමූහයේ සාකච්ඡාවන්
Discussions යටතේ (thread) ලෙසට පෙළ ගැසෙනවා. සාමාන්‍ය ක්‍රමය වන්නේ එක් එක් මාතෘකා යටතේ මෙම සාකච්ඡා පෙළ ගැසීමයි. ඒ අනුව ඔබ විසින් යොමු කරනු ලබන ලිපියේ අන්තර්ගතයට අදාලව මාතෘකාවක් යෙදීම සෑම විටම සිදු කරන්න. එසේ නොමැතිව මාතෘකාවකින් තොරව ලිපි යොමු කිරීම පසුව සමූහය පරිශ්‍රීලනය කරන අයට දුෂ්කරතාවයකි. එසේම, එම ලිපියට අදාලව පිළිතුරු සපයන අයටද දුෂ්කරතාවයකි.
ඔබ යම් නව මාතෘකාවක් (thread) එකක් පටන් ගැනීමට පෙර එම කරුණට අදාලව මීට පෙර සාකච්ඡාවක් සිදුවී ඇත්දැයි පරීක්ෂා කරන්න. එසේ යම් සාකච්ඡාවක් ඇත්නම්, එම සාකච්ඡාවම ඉදිරියට රැගෙන යාම සදහා එම ලිපියකට පිළිතුරක් (reply) ලෙස ඔබගේ ලිපිය යොමු කරන්න.
එසේම, කෙනෙකු යොමු කරන ලද ලිපියකට පිළිතුරු සැපයීමේදී සෑම විටම එය reply එකක් ලෙස යොමු කරන්න. එවිට එය එම (thread) එක තුළම ඉදිරියට සාකච්ඡා වේ. එසේ නොමැතිව එයට පිළිතුර නව ලිපියක් ලෙස යොමු කලහොත් ඒ සදහා නව (thread) එකක් ආරම්භ වේ. අනවශ්‍ය ලෙස (thread) වැඩි වීමෙන් පසුව පරිශීලනය කර කරුණක් සොයා ගැනීම අපහසු වේ. ඒ නිසා නව කරුණකට පමණක් (thread) පටන් ගෙන දැනට යන සාකච්ඡා එම (thread) තුළම ඉදිරියට රැගෙන යාම වඩා වැදගත් වේ.
මේ කරුණු පිළිබදව අවධානය යොමු කර, සමූහයේ අන්තර්ගතය යම් පිළිවෙලක් මත ඉදිරියට වර්ධනය කරගැනීම සදහා සහයෝගය ලබාදෙන්න.
ස්තුතියි.
--
Rajeen Prasanna
Tel :
+ 94 71 804 1001 / + 94 77 0 595 424
http://www.rajeenprasanna.com-------------------------------------------------------------------
If you are not the intended recipient, or a Person responsible for delivering it to the intended recipient, you are not authorized to and must not disclose, copy, distribute, or retain this message or any part of it.