මෙම ලංකා රාජ්‍ය ජාලයේ ඉදිරි නඩත්තු කටයුතු සදහා වෙනත් පුද්ගලික ආයතනයක්
සමග සේවා ගිවිසුමකට එළබිමට නියමිත අතර ඒ සදහා එක් කාර්යාලයක පරිගණක ජාලය
නඩත්තු කිරිම වෙනුවෙන් වසරකට රු.100,000.00 පමණ වෙන් කර ඇති බව දැනගන්නට
ලැබි ඇත
මාගේ අදහස නම් ලංකා රාජ්‍ය ජාලයේ නඩත්තු කටයුතු වෙනුවෙන් පද්ධති පරිපාලක
ලෙස අප විශාල කැපවිමක් කරන බවයි. දැනටමත් දෛනිකව ජාලයේ සිදුවන බිද
වැටිම් ,නඩත්තු කටයුතු හා පරිගණක අලුත්වැඩියා කටයුතු අප විසින් ඉටු කරනු
ලබන අතර මෙම ජාලයේ නඩත්තු කටයුතු පුද්ගලික ආයතනයකට භාර දිමට කටයුතු
කරන්නේ නම් අප විසින් දෛනිකව සිදු කරනු ලබන ඉහත කටයුතු වලින් ඉවත් විමේ
තිරණයකට එළබිමට යොජනා කරනු ලබන අතර එකි රාජ්‍ය ජාලයේ නඩත්තු කටයුතු
පුද්ගලික ආයතනයකට ලබා දිම වෙනුවට පද්ධති පරිපාලක නිලධාරින්ට ලබා දෙන
ලෙස යෝජනා කරන අතර ඒ සදහා ඔවුන්ට මාසිකව සාධාරණ දිමනාවක් ලබා දිම සුදුසු
යැයි යෝජනා කරමි.
එසේ කලහොත් ලංකා රාජ්‍ය ජාලයේ / ආයතනයේ තොරතුරැ වල ආරක්ෂාව හා ක්ෂණික බිද
වැටිම් හා පරිගණක අලුත්වැඩියා කටයුතු ඉතා ඉක්මනින් ඉටු කරගත හැකි වනු ඇත.
එසේ නොවුනහොත් එකි අලුත්වැඩියා කටයුතු වෙනුවෙන් දින 2-3 ක් (මෙම දින ගණන
නගරයෙන් ඇත කාර්යාල වලට තවත් වැඩි වනු ඇත ) බලා සිටිමට සිදු වනු ඇත.
ඉහත යොජනාව පිළිබද පද්ධති පරිපාලකවරැන්ගේ අදහස්,යොජනා හා ප්‍රතිචාර
බලාපොරොත්තු වෙමි.
සුමිත්
066 – 2246203 (LGN)
jayara...@gmail.com
--
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ LGN IT Administrator හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා lgn_it...@googlegroups.com වෙත ලියන්න.
වෙබ් අඩවිය http://www.itadmin.tk
If you have trouble reading Sinhala Fonts, please visit http://si.wikipedia.org/wiki/Wikipedia:Sinhala_font for instructions.
Palitha Sarath Kumara,
System Administrator,
Divisional Secretariat,
Kotmale.