තොරතුරු තාක්ෂණ සේවා ව්‍යවස්ථාව සකස් කිරීමේදී හා ඉන් පසුව රාජ්‍ය
පරිපාලන අමාත්‍යාංශය සහ තොරතුරු තාක්ෂණ සේවා වෘත්තීය සංගම් අතර පැවති
සාකච්ඡා අනුව ගනු ලැබු තීරණ වනුයේ,
01. මේ අවස්ථාවේ තොරතුරු තාක්ෂණ වෘත්තීය සදහා රාජ්‍ය සේවයට ඇතුලත්කර ගනු
ලැබ ඇති නිලධාරීන් ඔවුන් බදවා ගනු ලැබු අවස්ථාවේ ක්‍රියාත්මක බදවාගැනීමේ
පරිපාටිය අනුව තො.තා.සේවයට ඇතුලත් කර ගනු ලබන අතර
02. රාජ්‍ය සේවයට ඇතුලත් වීමෙදී බදවා ගැනිමේ සුදුසුකම් අවම නිලධාරීන්
සදහා තො. තා. සේවා ව්‍යවස්ථාවේ 12 වන පරිච්ඡේදය අනුව වසර 03ක කාලයක් තුල
සුදුසුකම් සපුරා ගත යුතුය යන කොන්දේසිය මත අන්තර්ග්‍රහණය කරනු ඇත.
මේ අනුව තොරතුරු තාක්ෂණ සේවයට නවක නිලධාරීයකු ඇතුලත්වන අවස්ථාවේදී පමණක්
මින් ඉදිරියට සේවා ව්‍යවස්ථාව මත බදවාගනු ලබනු ඇත. මේ අවස්ථාව වන විට
තොරතුරු තාක්ෂණ සේවා ව්‍යවස්ථාව අනුව පද්ධති පරිපාලකවරුන් විශාල
සංඛ්‍යාවක් අන්තර්ග්‍රහණය කරනු ඇත. එම නිසා අන්තර්ග්‍රහණය කරනු ලබන එම
නිලධාරීන්ට කඩිනමින් අදාල සේවා ව්‍යවස්ථාවේ නිසි ස්ථානයක් ලබා දීමට ඇති
හැකියාව ඉහත සදහන් මේ අවස්ථාවේ ක්‍රියාත්මක කරැණු අනුව සිදු කල හැකි බව
පෙන්වා දිය හැකිය. හම නිසා තොරතුරු හා සන්නිවේදන නියොජිතායතනය අදාල පියවර
කඩිනමින් ගනු ලබනු ඇති බවත්, මේ දක්වා එම ආයතනයේ අධ්‍යක්ෂ වසන්ත
දේශප්‍රිය මහතා සිදු කරනු ලැබු කාර්යය සදහා අපගේ ස්තූතිය මේ අවස්ථාවේ
පිරිනමන බව කාරුණිකව දන්වමි.
රජිත කෝසල
පද්ධති පරිපාලක
තවලම
0714423420
0779206645