නීත්‍යානුකූල නොවන මෘදුකාංග භාවිතය හොඳද?

12 views
Skip to first unread message

mah...@rmv.sch.lk

unread,
Jan 20, 2010, 9:16:49 PM1/20/10
to sinhala...@googlegroups.com, Buddhika Karunanayaka, tech...@googlegroups.com, sinhala-bloggers, Sinhala-Unicode, sinhala_s...@googlegroups.com, lgn_it...@googlegroups.com, cw...@yahoogroups.com, sinhala...@googlegroups.com, openof...@googlegroups.com, gov...@googlegroups.com

නීත්‍යානුකූල නොවන මෘදුකාංග භාවිතය හොඳද?
මේ වන විට මයික්‍රොසොෆ්ට් සමාගම තම අඑත් ම මෙහෙයුම් පද්ධතිය වෙළද පළට
නිකුත් කර ඇත. ඉන් නොනැවතී ඔෆිස් 2010 සංස්කරණයේ බීටා නිකුතුව ද නොමිලේ
බාගත කර ගැනීටම සලස්වා තිබේ. කෙසේ වෙතත් මෙය භාවිත කළ හැක්කේ මෙම වසරේ
ඔක්තොම්බර් දක්වා පමණක් බව ඔවුන්ගේ වෙබ් අඩවියේ දැක්වේ. මෙලෙස වානිජ
මෘදුකාංග වෙළදපල තුළ නව සංස්කරණ එළි දකිනවිට ඒවා භාවිත කර වැඩ කිරීමට අපට
ඇත්නම් කෙතරම් අගනේ දැයි මට මෙන්ම ඔබටද හැගෙනවා විය හැක. නමුත් තෙවන
ලෝකයේ ජීවත් වන ජනයාට මෙම මෘදුකාංග වල නීත්‍යානුකූල සංස්කරණ භාවිත කිරීම
හිතන තරම් ලේසි නැත. මන්ද යත් මේ සංස්කරණ මිලෙන් ඉතාම අධික වන බැවිනි.
මේ කරුණ නිසාම බොහෝ දෙනෙක් නීත්‍යානුකූල නොවන මෘදුකාංග භාවිතයට පෙළඹී
සිටිති. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව හා සම්බන්ධ සංඛ්‍යාලේඛන එතරම් හිතකර
නොවන්නකි. ලෝකයේම නීත්‍යානුකූල නොවන මෘදුකාංග භාවිතය අතින් 5 වන තැන අපට
හිමිව තිබේ. ආසියාවේ නම් මේ අතින් ශ්‍රී ලංකාව දෙවැනියාය. මේ අනුව ලෝක
හොරු සිටින රටක් ලෙස දේශපාලඥයන්ට අමතරව පරිගණක භාවිත කරන්නන් ද අපේ රටේ
ඉදිරියෙන් සිටී.
නීත්‍යානුකූල නොවන මෘදුකාංග නිසා අදාල ආයතන වලට එහි වටිනාකම නොලැබී යයි.
අනෙක් පැත්තෙන් ඒවා භාවිත කරන්නන්ට ද අවාසි රැසක්ම ලැබේ. ඒවා මොනවාද?
මෙම මෘදුකාංග යාවත්කාලීන කළ නොහැක. උදාහරණයක් ලෙස යම් මෙහෙයුම් පද්ධතියක්
යාවත්කාලීන කිරීමෙන් තොරව භාවිතය නිසා භාවිත කරන්නා අනාරක්ෂිත තත්ත්වයකට
පත්වේ. ඒ අන්තර්ජාල භාවිතයේදී එන ඇතැම් හානිකර වැඩසටහන් මගින් මෙහෙයුම්
පද්ධතිය අකර්මන්‍යය කිරීමේ අවධානමට ලක්වීමයි.අනෙක් අතට මේ මෘදුකාංග
පිටපත් කිරීමේදී ඒ හරහා ද පරිගණක වෛරස පැතිරයාමේ ඇති අවධානමයි.
එමෙන්ම මයික්‍රොසොෆ්ට් වැනි මෘදුකාංග සමාගම් මගින් නොමිලේ ලබා දෙන ඇතැම්
මෘදුකාංග භාවිතයට ද අදාල වින්ඩෝස් මෙහෙයුම් පද්ධති නීත්‍යානුකූල විය යුතු
බව පරීක්ෂාවක් එම මෘදුකාංග මගින් බොහෝ විට සිදුකරනු ලබයි.( උදාහරණයක් ලෙස
Internet explorer 8 පිහිටුවීමට පෙර Validation Test එකක් සිදු කිරීම ගත
හැක.)ඉදින් මෙහෙයුම් පද්ධතිය නීත්‍යානුකූල නොවේ නම් එය පිහිටුවීමේ අවසරය
ඔබට නොලැබී යනු ඇත.
එමෙන්ම මෘදුකාංගය භාවිත කරන්නාට ලැබෙන තාක්ෂණික සහය ද නීත්‍යානුකූල නොවන
මෘදුකාංග වලින් ලැබෙන්නේ නැත.
මේ කවර කරුණක් යටතේ වුවද අපට නීත්‍යානුකූල වානිජ මෘදුකාංග වලින්
වැඩකිරීමේ වටා පිටවක් ගැන ලකුණකුදු පෙනෙන්නේ නැත.ඒ ඒවායේ අධික මිල නිසාය.
මෙහිදී වගකිවයුතු ආයතන වලට මැදිහත් විය හැක. ඒ අඩුමිල නිත්‍යානුකූල
සංස්කරණ ඉදිරිපත් කිරීටම අදාල ආයතන පෙළඹ වීම මගිනි.
අනෙක් පැත්තෙන් විවෘත හා නිදහස් මෘදුකාංග වලට ජනතාව පෙළඹවීම තුළිනි. දැන්
දැන් මේ අංශයෙන් පිබිදීමක් දැකිය හැක. එහෙත් ඒ ද මේ පිළිබදව වැඩ කරන
පිරිසගේ කැපවීම තුළිනි.මේ වසර තුළ දී වත් ඉහත කරුණු සම්බන්ධයෙන් වගකිව
යුතු පිරිස් වල අවධානය යොමු වන්නේ නම් එය අනාගතය සදහා කෙරෙන මහගු
ආයෝජනයක් වනු ඇත.

මහේෂ් කොඩිතුවක්කු.


----------------------------------------------------------------
This message was sent using SchoolNet WebMail - Visit http://www.schoolnet.lk.

Wasantha Kumara Hapuarachchi

unread,
Mar 1, 2011, 8:50:12 AM3/1/11
to sinhala...@googlegroups.com, tech...@googlegroups.com, sinhala-...@googlegroups.com, sinhala...@googlegroups.com, sinhala_s...@googlegroups.com, lgn_it...@googlegroups.com, cw...@yahoogroups.com, openof...@googlegroups.com, gov...@googlegroups.com
ePlease read the attachment.

I received this email from one of my friend who works at Hector Kobbekaduwa Agrarian Research and Training Institute as Research Associate and Head of Environment  and Water Resources Management Division.

 
ආයුබෝවන්!
Wasantha
Pls read & fwd....pdf

Sridhara

unread,
Mar 5, 2011, 1:49:36 AM3/5/11
to sinhala...@googlegroups.com, tech...@googlegroups.com, sinhala-...@googlegroups.com, sinhala...@googlegroups.com, sinhala_s...@googlegroups.com, lgn_it...@googlegroups.com, cw...@yahoogroups.com, openof...@googlegroups.com, gov...@googlegroups.com

Thanks! for the information..

 

Sridhara Kalansooriya

(Sample Dept. Manager)

EAM Maliban Textiles (Pvt) Ltd.

No.261, Siri Dhamma Mawatha,                                                                  

Colombo 09,

Sri Lanka.                                                                      

Tel  : +94 112 668000                                                                       

Mob: +94 773 647864

--
මෙහි පළවන ලිපිවලින් ප්රකාශ වන්නේ එම ලිපියේ කර්තෘගේ මතය යි
 
ඔබටත් අවශ් තොරතුරු www.danuma.lk මගින් ලබා ගන්න හැකියි.
 
If you could not read in Sinhal pl. get Unicode For Sinhala
http://www.siyabas.lk/
 
සිංහලෙන් ලිවීමට අපහසු නම්
http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t2.html

Reply all
Reply to author
Forward
0 new messages