මම මේ BMD ව්‍යාපෘතිය පිළිබදව ගොඩාක් විස්තර සොයා බැලුවා. අනෙකුත් අයගේද දැනගැනීම සදහා ඒ විස්තර මෙතන සදහන් කරන්නම්.
මෙම ව්‍යාපෘතිය සදහා වන මෘදුකාංගය ආයතන දෙකක් විසින් සකස් කල මෘදුකාංග දෙකක් තියෙනවා. එකක්. සංජය ලංකා ආයතනය විසින්. අනෙක කොළඹ විශ්ව විද්‍යාලය විසින්. සංජය ලංකා ආයතනයේ මෘදුකාංගය ස්ථාපිත කර පිටපත් ස්කෑන් කර දත්ත ඇතුලත් කිරීම සදහා මීට වසර කීපයකට පෙර කොළඹ දිස්ත්‍රික්කය සදහා රු. 6 බැගින් පිටපතකට අය කර තිබෙනවා. කොළඹ දිස්ත්‍රික්කයේ තිබෙන්නේ මෙම මෘදුකාංගය.
ඒ වගේම කොළඹ විශ්ව විද්‍යාලයේ හර්ෂ විජේවර්ධන මහතා ප්‍රමුඛ කණ්ඩායම විසින් තවත් මෘදුකාංගයක් නිර්මාණය කර තිබෙනවා. මෙම මෘදුකාංගය ලබා දෙන්නේ නොමිලේ. නමුත්, ස්ථාපනය කිරීම සදහා ඔවුන් සේවා ගාස්තුව වශයෙන් රු. 11000 ක පමණ මුදලක් අය කරන බවකුයි.
එම මෘදුකාංගය ස්ථාපනය කලොත් ඊලග ගැටළුව වන්නේ සහතික පිටපත් ස්කෑන් කර දත්ත ඇතුලත් කිරීමයි. මේ සදහා තෙවැනි පාර්ශවයක් වෙත උප කොන්ත්‍රාත් ලබා දෙන බවයි දැනගන්නට ලැබුනේ. මමත් හිතන්නේ රජයේ නිලධාරීන් ස්වේච්ඡාවෙන් මේක කරන්න ඉදිරිපත් වෙන එකක් නම් නෑ. එහෙම කරන්න පුළුවන් නම් ලොකු දෙයක්.
මේ සදහා භාවිතා කරන ස්කෑන් යන්ත්‍රය Fujitsu fi 5120 c වර්ගයේ එකක්. අන්තර්ජාලයේ මෙහි මිල සදහන් වන්නේ ඩොලර් 958 ක් ලෙස. ඒ කියන්නේ රුපියල් ලක්ෂයක් විතර වේවි. දිස්ත්‍රික්කයකට එක ස්කෑන් යන්ත්‍රයක් බැගින් වත් මිලදී ගෙන රජයේ නිලධාරින්ට යම් දීමනාවක් ගෙවා හෝ අනෙත් දිස්ත්‍රික්ක වලත් මෙය ක්‍රියාත්මක කල හැකිනම් එය ඉතා කදිම විසදුමක්.
මේ අනුව මෙය ක්‍රියාත්මක නොවන දිස්ත්‍රික්කවලට ඇති ප්‍රධානම බාධාව ස්කෑන් කිරීම සදහා මුදල් සොයා ගැනීමයි. මමත් මේ ගැන මෙතරම් හොයන්න හේතුව උනේ, මම උත්සාහ කලේ නොමිලේ භාවිතා කල හැකි මෘදුකාංගයක් නිර්මාණය කිරීමට. (රත්නපුර දිස්ත්‍රික්කයේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සදහා උත්සාහ කරන්න) මම සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ දිසානායක මහතාට කතා කල අවස්ථාවේ තමයි ඔහු කිව්වේ කොළඹ විශ්ව විද්‍යාලයෙන් මෘදුකාංගයක් නිර්මාණය කර ඇති බව. දැන් මෙසේ සහතික පිටපතක් ස්කෑන් කර දත්ත ඇතුලත් කිරීමට රු. 10 වැනි මුදලක් වැය විය හැකි බවයි ඔහු වැඩිදුරටත් කිව්වේ.
මෙන්න මේක තමයි මෙම ව්‍යාපෘතියේ වර්ථමාන තත්වය. මම දැනගත් විදියට. මේ ගැන වැඩි විස්තර තවත් තිබෙනවානම් දැනුවත් කරන්න. යම් තොරතුරක් වැරදිනම්, මා නිවැරදි කරන්න.
> --
> ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ LGN IT Administrator හි සාමාජිකයෙක් බැවිනි.
> ලිවීම සඳහා lgn_it...@googlegroups.com වෙත ලියන්න.
>
> වෙබ් අඩවිය http://www.itadmin.tk
>
> If you have trouble reading Sinhala Fonts, please visit
> http://si.wikipedia.org/wiki/Wikipedia:Sinhala_font for instructions.
>