තො.තා.සේ. සේවා ව්‍යවස්ථාවට අනුව, පළමු අදියරේදී ඒ සඳහා අන්තර්ග්‍රහණය කරනු ලබන්නේ දැනට විධිමත් පරිදි පත්වීම් ලිපියක් මඟින් තො.තා. අංශයට සම්බන්ඳ තනතුරු සඳහා බඳවාගෙන ඇති නිලධාරීන්ව පමණක් බව සඳහන්ව ඇත.
ඒ අනුව, එම ව්‍යවස්ථාවෙහි සඳහන් සියළුම සුදුසුකම් සම්පූර්ණ කළ අයකුට වුවද වර්තමාන පත්වීම පරිගණක ආශ්‍රිත එකක් නොවන්නේ නම් තො.තා.සේ. ට අන්තර්ග්‍රහණය වීමේ හැකියාවක් නොමැත.
අප මේ පිළිබඳව වසන්ත දේශප්‍රිය මහතාගෙන් ද විමසීමක් කළ අතර, මෙය බොහෝ දෙනෙකු විසින් මතු කර ඇති ප්‍රශ්නයක් බවත් එහෙත් ව්‍යවස්ථානුකූලව දෙවන අදියරේදී විවෘත විභාගයට මුහුණදීමෙන් තො.තා.සේ.ට පත්වීම හැර වෙනත් විසඳුමක් මේ වන නොමැති බවත් ඔහු විසින් පවසන ලදී.
නමුත් දැනට පද්ධති පරිපාලකවරුන් වශයෙන් කටයුතු කරන බොහෝ දෙනෙකු වර්තමානයේ විධිමත් පරිදි තො.තා. අංශයේ තනතුරු වලට පත් කර ඇති නිලධාරීන් නොවේ. එමනිසා පද්ධති පරිපාලක වරුන්ට තමන්ගේ ඇති සුදුසුකම් අනුව හෝ තො.තා.සේ.ට අන්තර්ග්‍රහණය වීමට අවස්ථාවක් ලබා ගත නොහැකි නම් එය කණගාටුවට කරුණකි.
එසේ අයදුම් කිරීම පිළිබඳව කිසියම් තොරතුරක් ඇති නම් දැනුම් දෙන ලෙස කාරුණිකව ඉල්ලමි.
රුචිරා
පද්ධති පරිපාලක,
ස.කො.ජ.දෙපාර්තමේන්තුව