01. එක් වර්ෂයක් තුල පරිගණකය හා උපාංගයන් වෙනුවෙන් නව වගකීමක් සහිත උපාංග ලබා දී සේවා කටයුතු සිදු කිරීම
02. එක් වර්ෂයක් තුල පරිගණකය හා උපාංග වෙනුවෙන් අළුත්වැඩියාවකදී ආයතනය මගින් අදාල උපාංගය හෝ පරිගණකය ලබා දී වගකීම් සහතිකය මත ලැබේන උපාංගය නැවත සවිකර දීම.
එක් වර්ෂයක් තුල පරිගණකය හා උපාංගයන් වෙනුවෙන් නව වගකීමක් සහිත උපාංග ලබා දී සේවා කටයුතු සිදු කිරීම
මෙහිදී පරිගණකයේ වර්ථමාන තක්සේරු මිල අනුව සේවාව වර්ෂයකට ලබා දෙනු ලබන අතර නව පරිගණකයක් හෝ උපාංගයක් ලබා දෙනු ලැබේ.
එක් වර්ෂයක් තුල පරිගණකය හා උපාංග වෙනුවෙන්
අළුත්වැඩියාවකදී ආයතනය මගින් අදාල උපාංගය හෝ පරිගණකය ලබා දී වගකීම් සහතිකය මත ලැබේන උපාංගය නැවත සවිකර දීම.
මෙහිදී පරිගණකය හෝ උපාංගය අක්‍රීය වුවහොත් ඒ වෙනුවට ආයතනය මගින් කෙටි කාලසීමාවකට උපාංගය සවිකරදෙනු ලබන අතර අක්‍රිය වු පරිගකණය හෝ උපාංගයේ වගකීම් සහතිකය මත සේවා සපයනු ලැබේ.
තවද, මෙම ක්‍රියාවලියේදී උපාංග සදහා වගකීම් සහතිකයක් ලබා දෙනු නොලැබේ. වසර අවසන් වු පසු උපාංගයේ ක්‍රියාකාරීත්වය පිළිබදව සහතිකයක් නොමැතිවීම ගැටළුවකි.
ප්‍රාදේශිය ලේකම් කාර්යාලයක LGN පරිගණක හා උපාංග 10ක් ඇති අතර එම පරිගණක සදහා පුද්ගලික ආයතනයක් වර්ෂයකට රු. 112000.00ක මුදලක් සේවා ගිවිසුම වෙනුවෙන් මිල ගණන් ලබා දී ඇත. එම ආයතනය වසර 03කට ආසන්න කාලයක් සේවා සපයනු ලැබු අතර එම කාලසීමාව තුල භාවිතෙයන් ඉවත් කරනු ලබන උපාංග එම ආයතනය සතු වන අතර, නැවත අළුත්වැඩියා කොට සවි කිරීම තුලින් කෙටි කාලීනව ( වසර 1 ) සේවා සැපයීම ඔවුන්ගේ අපේක්ෂාව වේ.
එම ආයතනයට එම මිලටම වෙනත් කාර්යාලයීය පරිගණකයක් අළුත්වැඩියා කිරීම හෝ සේවා ලබා දීම සදහා යොමු කල හොත් සේවා ගිවිසුමක් සිදු නොකිරීමට ඔවුන් කටයුතු කිරීම ගැටළුකාරී තත්වයකට පත් වී ඇත.
දිස්ත්‍රික් තොරතුරු තාක්ෂණ ඒකකයක් පිහිටුවීම
තොරතුරු තාක්ෂණ දැනුමින් පරිපුර්ණ දැනට සේවයේ යෙදී සිටින රාජ්‍ය නිලධාරීන් දෙදෙනෙකුගෙන් සමන්විත මෙම ඒකකය මගින් කාර්යාලයන්ට සේවා ලබා දීමට කටයුතු කරනු ලැබේ. එහිදී අවශ්‍ය උපාංග කාලීන අවශ්‍යතාවය මත මිලදී ගෙන අවශය කටයුතු සදහා යොදවනු ලබන අතර, වාර්ශිකව ඉතිරි මුදල වෙනත් අවශ්‍යතාවයන් සදහා යොදවා ගත හැකිය.
2011.01.01 දින සිට තොරතුරු තාක්ෂණ ඒකකයක් පිහිටුවීමට යෝජිත අතර මුලිකවට ප්‍රධාන මෙහෙයුම් ඒකකය ආරම්භ කොට පසු කාලීනව සමස්ථ දිස්ත්‍රික්කයේ නිලධාරීන්ගේ හැකියාව හා කුසලතාවය මත එම කාර්යාලයන්ට අවශ්‍ය ඒකක පිහිටුවීම සිදු කල හැකිය.
දැනට දිස්ත්‍රික්කයේ පද්ධති පරිපාලකවරුන්ගේ ප්‍රගතිය සමාලෝචනය නොවන අතර ඒ සදහා කටයුතු කල හැකි වන අතර, පුහුණු අවශ්‍යතා සදහා දැනුම ලබා ගැනීමට විවිධ වු ක්‍රමවේද ( සගරාවක්, පුවත්පතක්, නව දැනුම ලබා ගැනීමට දේශන, පුහුණුවීම් ලබා දීම ) භාවිතයට ගත හැකි වනු ඇත.
දැනට අක්‍රීය වී ඇති සේවාවන් ක්‍රමවත් කර ගනිමින් කටයුතු කිරීමට හැකි වීම හා ගාල්ල දිස්ත්‍රික්කය තොරතුරු තාක්ෂනය අතින් පෙරමුණට ගැනීමට අප සැම ඒක්ව කටයුතු කල යුතු අතර මේ පිළිබදව ඔබගේ දැනුම සදහා යොමු කරවමි.
පද්ධති පරිපාලක,
තවලම.
0714423420
වැදගත් - දිස්ත්‍රික්කයේ පද්ධති පරිපාලකයන්ගේ දැනුමහි පවතින විශමතාවය ඉවත් කර ගන්නා තෙක් සිදු කල යුතු ක්‍රියාදාමයක් බව දන්වමි.