Network Admin

12 views
Skip to first unread message

it gov

unread,
Jul 7, 2010, 2:57:08 AM7/7/10
to lgn_it...@googlegroups.com


සහෝදර නිලධාරී මහත්ම මහත්මීන් වෙත,
 
පද්ධති පරිපාලක තනතුර සදහා තොරතුරු තාක්ෂණ සේවයේ නිසි ස්ථානයක් ලබා දීම හා වෙනත් සේවාවන්හි සුදුසුකම් ලත් නිලදාරීන් ඇතුලත් කර ගැනීම
 
දැනට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ආයතනය මගින් මේ පිළිබදව සාකච්ඡා කරනු ලබන බව අප වෙත දන්වා සිටින මුත් මේ දක්වා නිසි පිළිතුරක් දැන ගැනීමට නොහැකිව ඇත. රජ්‍ය නිලධාරීන් වන අප ව්‍යාපෘතියක් වෙනුවෙන් අසීමිත ලෙස කැපවීමේන් මෙම ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීමට කටයුතු කරනු ලැබුවෙමු.
දැනට කාර්යාලයන්හි තොරතුරු තාක්ෂණය උපරිම ලෙස වර්ධනය කිරීමට පද්ධති පරිපාලක වරුන් ක්‍රියා කොට ඇත. තවද මේ දක්වා විකාශය වු කොටස පිළිබදව සැහීමකට අප පත් වුවත් ICTA ආයතනය අප පිළිබදව කටයුතු නොකිරීම කණගායුනට පත් වෙමු.
  • තොරතුරු තාක්ෂණ සේවයේ නිසි ඇගයීමකට ලක් කොට පද්ධති පරිපාලකවරුන් ඇතුලත් කිරීම
  • වෙනත් සේවාවල නිරත සුදුසුකම් ලත් පද්ධති පරිපාලකවරුන් තොරතුරු තාක්ෂණ සේවයට ඇතුලත් කර ගැනීම
මෙම කාර්යයන් ඉටු නොවුනහොත් පද්ධති පරිපාලක තනතුරින් අප ඉවත්වීම සිදු කල යුතු බවට අපගේ හැගීම වේ. තවද පද්ධති පරිපාලක වරුන් නොමැතිව අවශ්‍ය සේවාව ලබා ගත හැකි බවට විවිධ නිලධාරීන් විසින් ප්‍රකාශ කිරීම මත මෙම ව්‍යාපෘතියෙන් තාවකාලිකව හෝ ඉවත්වීම පිළිබදව ඔබගේ අදහස් අප වෙත යොමු කරන්න.
 
 

Munasinghe Sandun Kumara

unread,
Jul 7, 2010, 3:48:09 AM7/7/10
to lgn_it...@googlegroups.com
මහත්මයාණෙනි,

වෙනත් සේවාවල නිලධාරින් මෙම තනතුර සඳහා අනුයුක්ත නොකරන බව දිගින් දිගටම
ප්‍රකාශ කර ඇත. එමෙන්ම පරිගණක පද්ධති පාගක වරැන් වන අපට ICTA ආයතනයෙන් හෝ
රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය මඟින් කිසිම පත්විමක්ද කර නොමැත. ඔවුන් බලා
සිටින්නේ අපව මේ තනතුරින් ඉවත් කිරීම සඳහායි.

එසේනම් අපව මෙම තනතුරින් ඉවත් කර අපගේ සේවා ස්ථානයන්හි ප්‍රධානීන්ට
දනුම් සදන ලෙස කාරුණිකව ඉල්ලමි.

මන්ද තවමත් අප ආයතනයන්හි පරිගණක පද්ධති පාලක තනතුරේ වැඩ අප ලවා කරවා
ගන්නා බැවිනි. අවුරුදු 03 ක කාලසීමාවක් අප මේ තනතුරේ කිසිම ඇගයීමක් නැතිව
සේවා කර ඇති බැවින් තවත් ඒ දේ කිරීමට අප සූදානම් නැති බව දැනුම් දීමට
කැමැත්තෙමි.

එම්.ඒ.පී.මුණසිංහ
පරිගණක පද්දති පාලක,
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය,
සූරියවැව.
0714486801

On 7/7/10, it gov <govi...@gmail.com> wrote:
> සහෝදර නිලධාරී මහත්ම මහත්මීන් වෙත,
>
> පද්ධති පරිපාලක තනතුර සදහා තොරතුරු තාක්ෂණ සේවයේ නිසි ස්ථානයක් ලබා දීම හා
> වෙනත් සේවාවන්හි සුදුසුකම් ලත් නිලදාරීන් ඇතුලත් කර ගැනීම
>
> දැනට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ආයතනය මගින් මේ පිළිබදව සාකච්ඡා කරනු ලබන බව
> අප වෙත දන්වා සිටින මුත් මේ දක්වා නිසි පිළිතුරක් දැන ගැනීමට නොහැකිව ඇත. රජ්‍ය
> නිලධාරීන් වන අප ව්‍යාපෘතියක් වෙනුවෙන් අසීමිත ලෙස කැපවීමේන් මෙම ව්‍යාපෘතිය
> සාර්ථක කර ගැනීමට කටයුතු කරනු ලැබුවෙමු.
> දැනට කාර්යාලයන්හි තොරතුරු තාක්ෂණය උපරිම ලෙස වර්ධනය කිරීමට පද්ධති පරිපාලක
> වරුන් ක්‍රියා කොට ඇත. තවද මේ දක්වා විකාශය වු කොටස පිළිබදව සැහීමකට අප පත්
> වුවත් ICTA ආයතනය අප පිළිබදව කටයුතු නොකිරීම කණගායුනට පත් වෙමු.
>

> - තොරතුරු තාක්ෂණ සේවයේ නිසි ඇගයීමකට ලක් කොට පද්ධති පරිපාලකවරුන් ඇතුලත්
> කිරීම
> - වෙනත් සේවාවල නිරත සුදුසුකම් ලත් පද්ධති පරිපාලකවරුන් තොරතුරු තාක්ෂණ


> සේවයට ඇතුලත් කර ගැනීම
>
> මෙම කාර්යයන් ඉටු නොවුනහොත් පද්ධති පරිපාලක තනතුරින් අප ඉවත්වීම සිදු කල යුතු
> බවට අපගේ හැගීම වේ. තවද පද්ධති පරිපාලක වරුන් නොමැතිව අවශ්‍ය සේවාව ලබා ගත හැකි
> බවට විවිධ නිලධාරීන් විසින් ප්‍රකාශ කිරීම මත මෙම ව්‍යාපෘතියෙන් තාවකාලිකව හෝ
> ඉවත්වීම පිළිබදව ඔබගේ අදහස් අප වෙත යොමු කරන්න.
>

> --
> ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ LGN IT Administrator හි සාමාජිකයෙක් බැවිනි.
> ලිවීම සඳහා lgn_it...@googlegroups.com වෙත ලියන්න.
>
> වෙබ් අඩවිය http://www.itadmin.tk
>
> If you have trouble reading Sinhala Fonts, please visit
> http://si.wikipedia.org/wiki/Wikipedia:Sinhala_font for instructions.
>

Rajeen Prasanna

unread,
Jul 7, 2010, 4:24:01 AM7/7/10
to lgn_it...@googlegroups.com

අද තැපෑල මගින් ලැබුනු ලිපියක සදහන් වන්නේ අභ්‍යන්තර පරිගණක පද්ධතියේ නඩත්තු කටයුතු මින් ඉදිරියට වෙනත් ආයතනයක් හෝ පද්ධති පරිපාලක මගින් සිදු කරගන්න ලෙසයි. මේ ලෙස රාජ්‍ය ජාලය තුළ මෘදුකාංග භාවිතා කරමින් සක්‍රීයව කටයුතු කිරීමට නම් පද්ධති පරිපාලක නිලධාරියකුගේ සේවය අත්‍යාවශ්‍යයි.

අප දැනට වසර 03 කට වැඩි කාලයක් කිසිදු ප්‍රතිලාභයකින් තොරව මෙම ව්‍යාපෘතිය සදහා දායකත්වය ලබා දුන්නා. ඒ අපගේ විෂය රාජකාරී සමග ඊට අමතර වශයෙනුයි. දැන් මෙම ව්‍යාපෘතිය සදහා වසර 03 ක් ඉක්ම යන අවස්ථවේදීද අපගේ සේවය සදහා කිසිදු ඇගයීමක්, සේවයක් සකස් කිරීමක්, හෝ වෙනත් කිසිදු ඉදිරි ක්‍රියාමාර්ගයක් සිදු වන ආකාරයක් දකින්න නැහැ. නවීකරණ නිලධාරීන් සදහා වූ වැඩමුළුවේදීද පසුගිය 29 වන දින වසන්ත දේශප්‍රිය මහතා මේ පිළිබදව කතා කල අතර, සුභදායක තත්වයක් දකින්න නොලැබෙන බවකුයි අපට දක්නට ලැබුනේ.

ඇත්තටම මෙම පද්ධති පරිපාලක විෂය පථය පිළිබදව මේ අනස්ථාවේදී පැහැදිලි ඉදිරි දැක්මක් තිබිය යුතුයි. එසේ නොමැති නම් මෙම ව්‍යාපෘතිය සදහා අපගේ දැනුම, කාලය, ශ්‍රමය හා දායකත්වය ලබා දීමෙන් ප්‍රථිඵලයක් තිබේද යන්න පිළිබදව ඇත්තටම දෙවරක් සිතා බැලිය යුතුයි යන්න මාගේද හැගීමයි.



2010/7/7 Munasinghe Sandun Kumara <skmuna...@googlemail.com>



--
Rajeen Prasanna
Tel : + 94 71 804 1001 / + 94 77 0 595 424
http://www.rajeenprasanna.com
-------------------------------------------------------------------
If you are not the intended recipient, or a Person responsible for delivering it to the intended recipient, you are not authorized to and must not disclose, copy, distribute, or retain this message or any part of it.

Gihan Keneth Kavindra

unread,
Jul 7, 2010, 11:08:15 AM7/7/10
to lgn_it...@googlegroups.com
දිගින් දිගටම මෙම ප්‍රශ්නය පිළිබඳව සාකච්ඡාවට ගැනීම කාලෝචිතයි.පද්ධති පරිපාලකවරයෙකු ලෙස සේවය කිරීමට ලැබීම ඇත්තෙන්ම තෘප්තිමත් කාර්යයක්.කාර්යාලයේ ලිපිගොනු අතර සිරවී සිටින අතරතුර ප්‍රායෝගිකව මෙවන් කටයුත්තක නිරතවීම හොඳයි.එහෙත් ප්‍රශ්නය මෙය නොවේ.පද්ධති පරිපාලකවරයෙකු ලෙස රාජ්‍ය සේවයේ අප හට ඇති නියම ස්ථානය කුමක් ද යන්නයි.ස්ථානමාරුවක් ලබා ගැනීම,වෙනත් රැකියාවක් වෙත යොමු වීම හෝ,විදේශ ගත වීම වැනි සිහින අප හටත් ඇත.එහෙත් එම අරමුණු ලඟා කර ගැනීමට ඇති එකම බාධකය අපගේ පද්ධති පරිපාලක සිහිනයයි.වගකිවයුත්තන්ට මෙය නොවැටහෙනවා යැයි මම නොසිතමි.එහෙත් අප මේ දකින පද්ධති පරිපාලක සිහිනය කැරට් අලයක් ද?

2010/7/7 Rajeen Prasanna <rajeenp...@gmail.com>



--
Gihan Kenneth Kavindra
System Administrator
DISTRICT SECRETARIAT - COLOBO
Sri Lanka | Tel: +94 2432951 | Fax: +94 11 2437242

Rajitha Kosala

unread,
Jul 7, 2010, 11:41:52 PM7/7/10
to lgn_it...@googlegroups.com
පද්ධති පරිපාලක වරුන් ලෙස සේවය කරනු ලැබුවද?, කාර්යාලයන්ට පිරිවැය අවම
කරනු ලැබුවද?, අපගේ සේවය පිළිබදව අඩු තක්සේරුවක් ඇති වනවා නම්, අපගේ සේවය
අනවශ්‍ය යැයි ඔවුනට සිතෙවානම් අප මෙම කාර්යයෙන් ඉවත් වීම කාලෝචිත බව මාගේ
හැගීමයි. මේ අවස්ථාව වන තෙක් අපගේ සේවය ඇගයීම හෝ අප වෙනුවෙන් පත්වීම්
ලිපියක් හෝ ලබා නොදෙන අතර පුහුණු අවශ්‍යතා ලබා දීම හෝ සිදු නොකිරීම බලවත්
ගැටළුවකි.
අප වෙනුවෙන් උසස් පාඨමාලාවක් හෝ ලබා නොදී, අප ලබාගත් දැනුම මගින් කාර්යාල
තුල තොරතුරු තාක්ෂණ සාක්ෂරතාවය වැඩිදියුණු කිරීමට ඉවහල් වු ආකාරයත්,
කාර්යාල තුල ඇති වු ගැටළුසහගත තත්වය සමනය කර ගත් ආකාරය, ඔවුන් විසින්
නොදැනුවත් වීම කණගාටුදායකය.
අප හට අවශ්‍ය උපකරණ හෝ ලබා නොදී අපගේ උපකරණ භාවිතා කොට කඩිනමින් පද්ධතිය
යථා තත්වයට පත් කිරීම අපගේ මෙහෙවරක් නොවන්නේද?
අප සියළු දෙනාගේ එකගතාවය මත කටයුතු කල යුතු බව මාගේ මතය බව ප්‍රකාශ කරමි.

රජිත කෝසල
පද්ධති පරිපාලක,
තවලම.
077-9204566

PG_Wijetunga

unread,
Jul 9, 2010, 2:26:42 AM7/9/10
to lgn_it...@googlegroups.com

සියළුම සහෝදර පද්ධති පාලක වරු වෙත,

 

ඇත්තෙන්ම ඔබලා සියළු දෙනාම තොරතුරු තාක්‍ෂණ සේවාවට අනුයුක්ත නොකිරිම මෙන්ම කල සේවය ගැන ඇගැයිමකට ලක්  නොකිරිම පිළිබදව කණගාටුවීම වැරැද්දක් නොවෙයි.

 

එහෙත් මා මෙම තනතුර නිසා ලබාගත් දැනුම, අන්තර් සබදතා, දීමනා ආදි අනේකයි. මම ඇත්තෙන්ම සතුටුවනවා මෙම තනතුරට අප දිස්ත්‍රික් ලේකම් තුමා වන එස්.හපුආරච්චි මහතා මාව නම් කිරිම ගැන. මට මේක හමුවන්න කලින් වෙනත් කෙනෙක් කලේ. නිරෝෂා කියලා. එයා වෙනත් අමාත්‍යාංශයකට ගිය නිසයි මට හම්බවුනේ අහම්බෙන් වගේ.

 

මම ඒක උපරිමයෙන් කලා. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ නිලධාරින්ට, ICTA ආයනයේ නිලධාරින්ට කරදර කරමින් මම වැඩගත්තා. මට ලැබුණු පුහුණුවීම් උපරිමලෙස ලකුණූ ලබමින් සමත් වුනා. මට මේවා සල්ලි ගෙවලා ඉගෙන ගන්න තරම් උවමනාවක් තිබුනෙත් නැහැ. ඒත් ICTA ආයතනය මට එක පුහුණුවක් දුන් පසු මගේ සල්ලිවලින් නිවාඩු ලබාගෙන මම ඉගෙන ගත්තා. ICTA ආයතනයේ වසන්ත මහතා, සමීර මහතා, සුරංග මහතා, චතුර මහතා, පියරත්න මිය, සේනාරත්න මිය අප කාර්යාලයට ඇවිත් රැස්වීම් තියලා මාව දිරිගැන් වූවා.

 

ඔබලා හිතනවා ඇති මම මේ බයිලාවක් ද කියන්නේ කියලා? ඇත්තමයි මගේ අවංක අදහස් මේ. මට ලැබුණ මේ පද්ධති පාලක තනතුර නිසා මම දිස්ත්‍රික්කයේම සම්පතක් වන්න මට හැකි වුණා. රජීන් ප්‍රසන්න මහතා ත් ඒ වගේ උදාහරණයක් ඔහු ඉතා උසස් තොරතුරු තාක්‍ෂණ දැනුමකින් යුත් පුද්ගලයෙක්.

 

සමහර පුහුණු වැඉසටහන්වලට ආවා සමහර අමාත්‍යාංශවල සිස්ටම් ඇනලිස්ට්, ප්‍රෝගෑමර්ස් ලා . නිකම් නම විතරයි දන්න ඉටි ගෙඩියක් නැහැ. ඒ අය ලොකු වැටුපක් ගන්නවා. තනතුරත් ඉහලයි. ඒවා ඉතින් පොදු දේවල් තමයි.

 

මට දැන් රාජ්‍ය සේවය නැතත් ජොබ් එකක් හොයාගන්න පුළුවන් ස්වයං රැකියාවක් කරන්න පුළුවන්. ඒ පිණ මට ලැබුණේ පද්ධති පාලක තනතුර නිසා. ඒකට මට හයියක් වුනේ.අපේ දිසාපති තුමා. එතුමා අනෙක් රාජකාරිවලින් මම නිදහස් කරලා පූර්ණ කාලීනව මෙම වැඩය මට පැවරුවා. ගෘහ මූලික ලැයිස්තු, පුහුණු අංශය ඒවායින් කිහිපයක්. එතුමා ගොඩාක් ස්ථානවලදී මාව රැක ගත්තා.

 

ඒ හයිය හුග දෙනකුට නැහැ. කළකිරිම් අපමණයි. සමහර ආයතන ප්‍රධානීන්ට ඕනැ කරන්නේ වැඩේ විතරයි. ඒක කරන විදිය අවශ්‍ය සම්පත්, දිරිගැන්වීම මොකවත් නැහැ. සර්වරය කියන්නේ පකිස් පෙට්ටියක් ද කියලා දන්නේ නැති ආයන ප්‍රධානීන් ඉන්නවා.

 

මේවාට කළකිරෙන්න එපා‍. තමාගේ ගමන යන්න. තොරතුරු තාක්‍ෂණය ඉදිරියට මහාර්ඝ වස්තුවක් වෙනවා‍ට කිසිම සැකයක් නැහැ.ඉගෙන ගන්න. තමාගෙන් ලෝකයට වන සේවය ගැන ප්‍රථමයෙන් හිතන්න. අපේ හිතේ සතුට තියාගන්න. අපි නිදහස් අධ්‍යාපනයේ දරුවෝ. ඔබ ට පුහුණුවීම් අවශ්‍ය නම් ඒවා හොයාගන්න. ඊට පස්සේ අනුමැතිය ගන්න අමාරු වන්නේ නැහැ. මේ දිනවල විදේශ සම්පත් අමාත්‍යාංශයෙන් ඉන්දියානු විශ්ව විද්‍යාලවලට තොරතුරු තාක්‍ෂණ ශිෂ්‍යත්ව වලට ඉල්ලුම් පත් කැදවනවා. හොයලා බලන්න.

 

අන්තර් ජාලය හොයාගත් ට්ම් බර්න් මහතා වෛද්‍යවරයෙක් වශයෙන් සේවය කර ඉන් විශ්‍රාම ගොස් තොරතුරු තාක්‍ෂණය උගෙන එය ලොවට නොමිලේ දායාද කලා. ඔහුට ඒකෙන් මුදල් කොච්චර හොයන්න තිබුනාද? අපි අද ඉන්ටර්නෙට් යන්නේ නොමිලේ නේද? සල්ලි ගෙවන්නේ IP Provider ‍ට විතරයි නේද?

 

අපි එක්වෙමු. අවශ්‍ය දේවලට මාගේ පුර්ණ සහයෝගය

 

පි.ජි.විජේතුංග,

පද්ධති පාලක,

දිස්ත්‍රික් ලේකම් කාර්යාලය,

කළුතර.



On 7/7/10, it gov <govi...@gmail.com> wrote:
 

--
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ LGN IT Administrator හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා lgn_it...@googlegroups.com වෙත ලියන්න.
 
වෙබ් අඩවිය http://www.itadmin.tk
 
If you have trouble reading Sinhala Fonts, please visit http://si.wikipedia.org/wiki/Wikipedia:Sinhala_font for instructions.



--
P.G.Wijetunga,
District Training Division,
5th Floor,
District Secretariat,
Kalutara.
075 744 8450
077 692 6516
071 445 7845

Sampath Senaka

unread,
Jul 9, 2010, 5:17:57 AM7/9/10
to lgn_it...@googlegroups.com

අපිට ෙම් තනතර සහා අවශ්‍ය වන සුදුසුකම් ෙමානවද දන්නවද?
ඒ්වා දැනගත්තනම් අපිට ප්‍රශ්නයක් නැති ෙවයි කියල හිෙතනව.
ඒතෙකාට අපිට පුහුණු ෙවලා ඉන්න පුලුවන්ෙන්
Reply all
Reply to author
Forward
0 new messages