වැදගත් - හැකි ඉක්මනින් තොරතුරු ලබා දෙන්න. (බදවා ගැනීමේ අනුකූලතාවය පිළිබදව පරීක්ෂා කිරීම)

20 views
Skip to first unread message

Rajeen Prasanna

unread,
Jul 22, 2010, 3:25:13 AM7/22/10
to lgn_it...@googlegroups.com

මිතුරනි,

ලංකා රාජ්‍ය ජාලයේ පද්ධති පරිපාලකවරුන් පිළිබදව සමීක්ෂණයක් තොරතුරු තාක්ෂණ නියෝජිතායතනය විසින් පවත්වනවා. මටද (රාජකාරී විද්‍යුත් තැපෑලට) පසුගිය දිනක මෙම ලිපිය ලැබුනා. මේ ලිපිය එවා ඇත්තේ ලංකා රාජ්‍ය ජාලයේ පද්ධති පරිපාලක විද්‍යුත් තැපැල් ලිපිනය වෙතයි. නමුත්, මම දන්නා විදියට සමහර නිලධාරීන්ට මෙම විද්‍යුත් තැපැල්  ලිපිනයට ලැබී නෑ. නැත්නම් යම් යම් ගැටළු නිසා භාවිතා කිරීමේ ගැටළු ඇතිවී තිබිය හැකියි.

එබැවින් එම ලිපියේ පිටපතක් මෙහි සාමාජිකයන්ගේ දැනගැනීම සදහා මේ සමග යොමු කරනවා. පහත ලිපිය කියවා බලන්න. එහි ඇති සබැදිය මගින් ඔබගේ තොරතුරු හැකි ඉක්මනින් ලබා දෙන්න. මේ පිළිබදව ඔබගේ වෙනත් පද්ධති පරිපාලක මිතුරන්ද දැනුවත් කරන්න. මෙවැනි තොරතුරු දැනුවත් කිරීමට සියළු පද්ධති පරිපාලකවරුන් මෙම සමූහයේ සාමාජිකත්වය ලබා තිබීම පහසුවක්. එබැවින් දැනට සාමාජිකත්වය ලබා නොමැති ඔබ දන්නා පද්ධති පරිපාලකවරුන් සිටීනම්, මෙහි සාමාජිකත්වය ලබා ගන්නා ලෙසද දැනුවත් කරන්න. 

--
Rajeen Prasanna
Tel : + 94 71 804 1001 / + 94 77 0 595 424
http://www.rajeenprasanna.com
-------------------------------------------------------------------
If you are not the intended recipient, or a Person responsible for delivering it to the intended recipient, you are not authorized to and must not disclose, copy, distribute, or retain this message or any part of it.

----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

2010-07-20

මගේ අංකය: Re-Gov/LGN/IT Admin Survey 2010

හිතවත් මහත්මයාණෙනි/මහත්මියනි,

ලංකා රාජ්‍ය ජාල ව්‍යාපෘතිය (Lanka Government Network)

රාජ්‍ය අංශය සඳහා වන ඉ-රාජ්‍ය කටයුතු ඉක්ටා ආයතනයේ ප්‍රධාන අංශයක් වන රාජ්‍ය අංශය ප්‍රතිනිර්මාණය කිරීමේ වැඩසටහන මගින් ක්‍රියාත්මක කෙරේ. “ලංකා රාජ්‍ය ජාලය” (Lanka Government Network), රාජ්‍ය අංශය ප්‍රතිනිර්මාණය කිරීමේ වැඩසටහන මගින් ක්‍රියාත්මක කරනු ලැබූ එක් ප්‍රධාන ව්‍යාපෘතියක් වන අතර ඒ මගින් සියළු රාජ්‍ය ආයතන සම්බන්ධ කරන තොරතුරු උපරි ව්‍යුහය ඉදි කොට අවසන් වී ඇත. මේ වන විට රාජ්‍ය ආයතන 325ක් මෙම රාජ්‍ය ජාලය හා සම්බන්ධ කොට අවසන් වී ඇති අතර තවත් රාජ්‍ය ආයතන 150ක් මෙම වසර අග වන විට ලංකා රාජ්‍ය ජාලය හා සම්බන්ධ වීමට නියමිත ව ඇත.

මෙම ලිපියේ ප්‍රධාන අරමුණ ලංකා රාජ්‍ය ජාලයට සම්බන්ධ වූ ඔබ ආයතනයෙහි “ලංකා රාජ්‍ය ජාල පදිධති පරිපාලකවරුන් සඳහා වන සමීක්ෂණය” සඳහා ඔබගේ ප්‍රතිචාර ලබා ගැනීමයි.

උක්ත ප්‍රයත්නය දරණුයේ දැනටමත් රජය විසින් ආරම්භ කොට ඇති තොරතුරු තාක්ෂණ සේවයේ බඳවාගැනීම් සඳහා ඔබගේ අනුකූලතාවය සොයා බැලීමයි. මෙම සමීක්‍ෂණය පහත සඳහන් වෙබ් ලිපිනයෙහි ස්ථාපිත කර ඇත.

https://repository.icta.lk/survey/public/survey.php?name=ITAdmin_Sruvay_2010

ඉහත ඉල්ලා ඇති තොරතුරු සතියක් තුල ලබා දෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි. එමෙන්ම මේ සමඟ මෙම ව්‍යාපෘතිය රාජ්‍ය තොරතුරු උපරි ව්‍යුහය පවත්වාගෙන යාම සඳහා ඉතා තීරණාත්මක ව වැදගත් වන හෙයින් මේ සඳහා ලැබෙන ඔබගේ උපරිම සහයෝගය ඉතා අගය කරමි.

ස්තූතියි.

මීට විශ්වාසී,

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය

සුරංග ජයසූරිය

ව්‍යාපෘති කළමණාකරු,

ලංකා රාජ්‍ය ජාල ව්‍යාපෘතිය





Kawshalya Abeywickrama

unread,
Jul 23, 2010, 2:41:31 AM7/23/10
to lgn_it...@googlegroups.com
හිතවත් රජින්,
ඔබගේ තොරතුරු හා මේ සම්බන්ධව නිරන්තරයෙන් අප දැනුවත් කිරීම ගැන ගොඩක් ස්තුතියි.


 



--
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ LGN IT Administrator හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා lgn_it...@googlegroups.com වෙත ලියන්න.
 
වෙබ් අඩවිය http://www.itadmin.tk
 
If you have trouble reading Sinhala Fonts, please visit http://si.wikipedia.org/wiki/Wikipedia:Sinhala_font for instructions.



--
Kawshi..

Gihan Keneth Kavindra

unread,
Jul 23, 2010, 12:01:11 PM7/23/10
to lgn_it...@googlegroups.com
ස්තුතියි රජින්, ගොඩක් පින්...

2010/7/23 Kawshalya Abeywickrama <kaw...@gmail.com>



--
Gihan Kenneth Kavindra
System Administrator
DISTRICT SECRETARIAT - COLOBO
Sri Lanka | Tel: +94 2432951 | Fax: +94 11 2437242

palitha kumara

unread,
Jul 26, 2010, 12:33:22 AM7/26/10
to lgn_it...@googlegroups.com
රජීන් , මෙම තොරතුරු සොයාබලා නිරන්තරයෙන් අපව දැනුවත් කලාට ස්තූතියි ....


Palitha Sarath Kumara,

System Administrator,

Divisional Secretariat,

Kotmale.



2010/7/23 Gihan Keneth Kavindra <gih...@gmail.com>

Rajeen Prasanna

unread,
Aug 1, 2010, 12:17:44 PM8/1/10
to lgn_it...@googlegroups.com
මිතුරනි,

මම පසුගිය සති‍යේ ICTA හි සුරංග මහතා සමග කතා කලා. ඔහු කීවේ මෙම පාඨමාලාව නුදුරු අනාගතයේදී ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවත්, ඒ සදහා අවැසි ප්‍රතිපාදන පිළිබදව සොයා බලන බවත්ය.

නමුත්, මේ සදහා තවම තොරතුරු ලබා දී ඇත්තේ ඉතාමත් ටික දෙනෙක් පමණක් බවයි ඔහු ප්‍රකාශ කලේ. එනම්, 50 ක් වැනි ප්‍රමාණයක් බවයි. ඒ නිසා, ඔබ දන්නා පද්ධති පරිපාලකවරුන් සැමට මේ සදහා තොරතුරු ලබාදෙන ලෙස දුරකථනයෙන් හෝ දැනුම් දෙන්න. ඔබ අයත් දිස්ත්‍රික්කයේ මිතුරන්, වෙනත් කාර්යාල වල ඔබ දන්නා අය ආදී සියළු පද්ධති පරිපාලක වරුන් හැකි ඉක්මනින් දැනුවත් කර, මේ සදහා තොරතුරු ලබා දීමට කටයුතු කරන්න. මේ සදහා අවශ්‍ය Link එක අපගේ google group එක තුළ ඇති මෙම discussion එක මගින් ලබා ගත හැකියි. www.itadmin.tk වෙබ් ලිපිනය මගින් ‍එයට ඇතුලත් විය හැකියි. මේ සදහා ප්‍රවේශ විය හැක්කේ LGN ජාලය තුළින් පමණක් බවත් මතක තබා ගන්න.

මම හැකි සෑම විටම අළුත් තොරතුරක් ඇත්නම් දැනුම් දීමට උත්සාහ කරනවා. ඔබලා දන්නා තොරතුරු වේ නම්, කරුණාකර සමූහය දැනුවත් කරන්න. නිතර සමූහය සමග රැදී සිටීමට උත්සාහ කිරීම තුළින් නිරන්තරයෙන් අප අතර තොරතුරු හුවමාරු කරගත හැකියි.

ඒ වගේම, මෙය අදහස් හුවමාරු කර ගැනීමට මෙන්ම, තාක්ෂණික ගැටළු සාකච්ඡා කිරීමටත් භාවිතා කල හැකියි. කිසිවකු තාක්ෂණික ගැටළු හෝ අත්දැකීම් ආදිය පිළිබදව මෙහි සාකච්ඡා කරන බවක් දක්නට නැහැ. ඔබට ඇතිවන තාක්ෂණික ගැටළු හා ඔබගේ අත්දැකීම් ආදිය සමූහයේ අප අතර බෙදා හදා ගැනීමටත්, ඔබගේ දැනුම අප අතර බෙදා හදා ගැනීමටත් මෙම සමූහය භාවිතා කරන්න. ස්තුතියි.

2010/7/22 Rajeen Prasanna <rajeenp...@gmail.com>

Michael Francis

unread,
Aug 1, 2010, 11:55:40 PM8/1/10
to lgn_it...@googlegroups.com
Hi,
we submitted (with some of my friends) our details to that URL. How can we know wether it was sumitted or not. Is there a way to know that. Pls.informe me.
 
Francis
IT Admin
CP

 

Rajeen Prasanna

unread,
Aug 2, 2010, 12:10:11 AM8/2/10
to lgn_it...@googlegroups.com
ඔබ එම තොරතුරු ලබා දී අවසානයේදී තොරතුරු ලැබුනු බව (Form එක Send වූ බව) පෙන්නුවානම් හරි.

2010/8/2 Michael Francis <michael...@gmail.com>

ranjith ranatunge

unread,
Aug 2, 2010, 10:31:20 AM8/2/10
to lgn_it...@googlegroups.com
2010/8/1 Rajeen Prasanna <rajeenp...@gmail.com>:

හිතවතුනි

තොරතුරු සංනිවේදන හා තාක්ෂණ නියෝජිතායතනයේ මෙහෙයවීමෙන් සතියේ සෑම
අඟහරුවාදා දිනකම පාහේ පෙ.ව. 7.00 සිට 8.00 දක්වා ගුවන්විදුලිය සංස්ථාවේ
ස්වදේශීය සේවය ඔස්සේ ‍ඉතා වටිනා වැඩසටහනක් ප්‍රචාරය වේ. විශේෂයෙන් පද්ධති
පරිපාලකවරුන් වන අපටත් මීට සවන්දීමෙන් ලද හැකි ප්‍රයෝජන අපමනය. එහෙත්
වැඩසටහන ප්‍රචාරය වන අවස්ථාවේදී කුමන හෝ හේතුවක් නිසා ඊට සවන් දීමට
නොහැකි වු අවස්ථා තිබේ.

මේ පිළිබඳව සුරංග මහතා ට කථාකොට මෙහි පටිගතකළ වැඩසටහන් පසුව ශ්‍රවනය
කිරීමට හැකිවන පරිදි ඔවුන්ගේ වෙබ් අඩවියේ ඇතුලත් කරන ලෙස ඉල්ලා සිටියෙමි.
එහෙත් එවැන්නක් සිදුවන බවක් පෙනෙන්නට නැත.

මෙවැනි වටිනා ගුවන්විදුලි වැඩසටහන් සජීවීව ප්‍රචාරය වන අවස්‍ථාවේදිම
පරිගණකය ආශ්‍රයෙන් රෙකෝඩ් කළහැකි ආකාරයක් ගැන මා දැනුවත් කරන මෙන් ඔබගෙන්


කාරුණිකව ඉල්ලා සිටිමි.

පද්ධති පරිපාලක

බියගම

Reply all
Reply to author
Forward
0 new messages