අප කවුරුත් දන්නා Open Office 3.2 සදහා සිංහල අතුරු මුහුණත සකස් කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කර මේ වන විට 96 % සාර්ථක ලෙස සම්පූර්ණ කර තිබෙනවා. එහි දෙවන අදියර ලෙස Open Office 3.2 උදව් පිටු (Help) සිංහලට පරිවර්ථනය කිරීමේ කටයුත්ත ආරම්භ වී තිබෙනවා. Open Office 3.2 හි අතුරු මුහුණතේ තිබුනේ වචන 95978 ක් පමණයි. නමුත් උදව් පිටු වල වචන 435308 ක් තිබෙනවා. එනම්, අතුරු මුහුණත වගේ 4 ගුණයකටත් වැඩියි.
මෙම කටයුත්ත සදහා ඔබටද දායක විය හැකියි. මෙය Open Office භාවිතා කරන්නන්ගේ සමූහය විසින් සිදුකරන ජාතික මෙහෙවරක්. මේ සදහා වූ පරිවර්ථන මැරතන් තරගයක් 2010.04.28 වන පෝය දින පැවැත්වෙනවා. අපේ අරමුණ එදාට මේක කරලා ඉවර කරන්න නෙමෙයි, පුළුවන් තරමක් කරන්න තමයි උත්සාහ කරන්නේ. ඔබට හැකියාවක් ඇත්නම් අපිත් සමග එකතු වෙන්න මෙම සබැදිය මගින් අවශ්‍ය සියළු උපදෙස් හා වැඩිදුර තොරතුරු ලබා ගන්න පුළුවන්.
http://si.openoffice.org/marathon10apr.html
මෙම සබැදියේ ඇති තොරතුරු වලට අමතරව කුමක් හෝ වැඩිදුර තොරතුරක් අවශ්‍ය නම් මා අමතන්න.