රත්නපුර දිස්ත්‍රික්කය තුළ තොරතුරු තාක්ෂණ අංශයක් පිහිටුවීම සිදු කිරීම හා ඒ මගින් දිස්ත්‍රික්කයේ සියළු තොරතුරු තාක්ෂණීක කටයුතු සිදු කිරීම. මෙම ඒකකය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය තුළ ස්ථාපිත කල හැකිය. ඒ සදහා දැනට දිස්ත්‍රික්කයේ පද්ධති පරිපාලක ලෙස කටයුතු කරන නිලධාරීන් අතරින් සුදුසුකම් මත කිහිප දෙනෙකු අනුයුක්ත කල හැකි වේ. මෙම නිලධාරීන් මගින් දිස්ත්‍රික්කයේ ඇති සියළු කාර්යාලවල පරිගණක නඩත්තු කටයුතු සිදු කිරීම අපේක්ෂා කෙරේ. එසේම, දිස්ත්‍රික් තොරතුරු තාක්ෂණ පුහුණු මධ්‍යස්ථානයක් ලෙසද මෙම අංශයට ක්‍රියා කල හැකිය. මෙම අංශයට අනුයුක්ත තොරතුරු තාක්ෂණ නිලධාරීන් පුහුණු කිරීමට පමණක් මූල්‍ය සම්පත් භාහිර ආයතනයන්ට ගෙවිය යුතු වේ. ඉන් පසු, මෙම නිලධාරීන් මගින් දිස්ත්‍රික්කයේ අනෙකුත් නිලධාරීන් පුහුණු කිරීම සිදු කල හැකි වේ. ඒ අනුව පුහුණු සදහා වන විශාල වියදමක් ඉතුරු කර ගැනීමේ හැකියාව පවතී. එසේම, මෙම කාර්යාල වල පරිගණක නඩත්තු කටයුතු පෞද්ගලික අංශය වෙත පැවරුවහොත්, ඒ සදහා එක් කාර්යාලයක් වෙනුවෙන් වර්ෂයකට රුපියල් ලක්ෂයකට අධික මුදලක් වැය කිරීමට සිදු වේ. ඒ අනුව කාර්යාල 18 ක් සදහා ලක්ෂ 20 කය ආසන්න මුදලක් දැරීමට සිදු වේ. මෙවැනි තොරතුරු තාක්ෂණ ඒකකයක් මගින් නඩත්තු කටයුතු සිදු කිරීමේදී මෙම මුදලින් විශාල ප්‍රමාණයක් ඉතිරි කර ගත හැකි වේ.
රජයේ පරිගණක තුළ සංවේදී දත්ත ඇතුලත් දත්ත පාදයන් ඇත. මෙම පරිගණක පෞද්ගලික අංශය මගින් නඩත්තු කිරීමේදී මෙම දත්ත වල ආරක්ෂාව පිළිබදව ගැටළුවක්ද ඇතිවේ. රජයේ නිලධාරීන් මගින් මෙම සේවා සිදු කලහොත් දත්ත වල ආරක්ෂාවද තහවුරු වේ.
එසේම, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය මගින්ද නිලධාරී පුහුණුවීම් ලබා දෙන අතර, මෙවැනි ඒකකයක් නොමැති කමින් එවැනි පුහුණු අවස්ථා දිස්ත්‍රික්කය සදහා ගිලිහී යාමද සිදු වේ.
මෙවැනි ඒකකයක් ස්ථාපිත කිරීම තුළින්, එම ඒකකයට වෙනත් දිස්ත්‍රික්ක හා සම්බන්ධීකරණය වෙමින් දිස්ත්‍රික්කයේ තොරතුරු තාක්ෂණ භාවිතය ඉහල නැංවීමටද දායක විය හැකිය. ගෘහ ලේඛන පරිගණක ගත කිරීමේ වැඩසටහන වැනි වැඩසටහන් කොළඹ, කළුතර ආදී දිස්ත්‍රික්ක වල ඉතාමත් සාර්ථකව ක්‍රියාත්මක වේ. මෙවැනි ඒකකයක් මගින් එම වැඩසටහන් වල නව සංස්කරණ ලබා ගනිමින්, එවැනි සේවාවන් මෙම දිස්ත්‍රික්කයේද ස්ථාපිත කිරීම සදහා ක්‍රියා කල හැකි වේ. තොරතුරු තාක්ෂණික උපයෝජනය පිළිබදව අත්හදාබැලීම් සිදු කිරීම තුළින් දිස්ත්‍රික්කයේ තාක්ෂණ භාවිතය උපරිම කිරීම සදහා කටයුතු කිරීමට එය ඉවහල් වේ.
දැනට ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල සිටින පද්ධති පරිපාලක නිලධාරීන් අතර සම්බන්ධීකරණයක් නොමැති කමින්, එයද මෙම තාක්ෂණ භාවිතයේ පසුගාමීත්වයට හේතු වී ඇත.
ඒ අනුව, මේ පිළිබදව වැඩිදුර පැහැදිලි කර ගැනීමට හා මූලික කරුණු සාකච්ඡා කිරීම සදහා ඊලග ප්‍රාදේශීය ලේකම් වරුන්ගේ රැස්වීමේදී හෝ දිස්ත්‍රික් ලේකම් තුමාගේ ප්‍රධානත්වයෙන් ප්‍රාදේශීය ලේකම් වරු සමග පද්ධති පරිපාලක නිලධාරීන් සමග සාකච්ඡාවක් කැදවිය හැකි නම් එය ඉතා ප්‍රයෝජනවත් වනු ඇත.
--
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ LGN IT Administrator හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා lgn_it...@googlegroups.com වෙත ලියන්න.
වෙබ් අඩවිය http://www.itadmin.tk
If you have trouble reading Sinhala Fonts, please visit http://si.wikipedia.org/wiki/Wikipedia:Sinhala_font for instructions.
ඔබගේ රාජ්‍ය ජාලයේ ඉදිරි නඩත්තු කටයුතු යන මැයෙන් ඉදිරිපත් කර තිබු ලිපිය
සම්බන්ධයෙනි.
ඔබගේ යෝජනාවට මා එකග නොවෙමි. ඒ මන්ද යත් දි.තො.තා. ඒකකයක් පිහිට වුවද
දි.ලෙ. කා.ට ඉතාමත් දුරින් පිහිටි ආයතන කරා තො.තා.ඒකකයේ නිලධාරින් ගමන්
කරන්නේ කෙසේද ? දිස්ත්‍රික්කයේ පිහිටි ඇතැම් ප්‍රාදේශිය ලේකම් කාර්යාල
වෙත ගොස් අවශ්‍ය අලුත්වැඩියා කටයුතු කර දිනකින් නැවත පැමිණිමට ප්‍රායෝගික
දුෂ්කරතාවයන් පවතින අතර ඒසේ ඈත පිහිටි ප්‍රාදේශිය ලේකම් කාර්යාල වෙත
දැනුම් දුන් වහාම එම ස්ථානයට ලගා විම ප්‍රායෝගිකව ඉතාමත් අපහසුය. ඒ සදහා
අඩුම වශයෙන් දින 1 -2 ක් බලා සිටිමට සිදුවනු ඇත. එවිට ඉතාමත් කඩිනම්
සේවයක් මහජනතාවට ලබා දන්නේ කෙසේ ද ? අනිත් අතට එම කාර්යාලයේ අප වගේම
පුහුණුව ලැබු පද්ධති පරිපාලකගේ තත්වය ගැනද අප සිතිය යුතු නොවේද ? එසේම
එම කාර්යාලයේ පද්ධති පරිපාලක තරම් ඉක්මනින් අපට එම සේවාව ලබා දිය හාකිද
යන්න සිතිය යුතුව ඇත.
අනික් කරැණ නම් දැනට පද්ධති පරිපාලක ලෙස කටයුතු කරන නිලධාරින් ඒ
වෙනුවෙන්ම නිදහස් කර ඇති නිලධාරින් නොවේ.ඔවුන් වෙනත් නිත්‍ය තනතුරු හා
රාජකාරි ද පැවරි ඇති නිලධාරින් වන අතර ඔවුන් දි.තො.තා. ඒකකයට අනුයුක්ත
කරන්නේ කෙසේද ? යන කරැණු නිසාවෙන් මා ඔබගේ යෝජනාවට එකගනොවෙමි.
මේ පිළිබද මා විසින් කර ඇති යෝජනාවට ඔබගේ අවධානය යොමු කිරිමට කැමැත්තෙමි.
එය ලංකා රාජ්‍ය ජාලයේ ඉදිරි නඩත්තු කටයුතු යන මැයෙන් මෙම වෙබ් අඩවියේම
පලව ඇත.
සුමිත්
066-2246203 –LGN
jayara...@gmail.com
--
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ LGN IT Administrator හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා lgn_it...@googlegroups.com වෙත ලියන්න.
වෙබ් අඩවිය http://www.itadmin.tk
If you have trouble reading Sinhala Fonts, please visit http://si.wikipedia.org/wiki/Wikipedia:Sinhala_font for instructions.