ලංකා රාජ්‍ය ජාලය තුළ ක්‍රියාත්මක මෘදුකාංග

21 views
Skip to first unread message

Rajeen Prasanna

unread,
Jul 5, 2010, 4:26:21 AM7/5/10
to lgn_it...@googlegroups.com
මිතුරනි,

දැනට ලංකා රාජ්‍ය ජාලය ආරම්භ කර වසර 03 කට වැඩියි. මේ කාලය තුළ සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය මැදිහත්වීම මත විවිධ මෘදුකාංග ගනනාවක් විවිධ ව්‍යාපෘති යටතේ හදුන්වා දී තිබෙනවා. උදාහරණ ලෙස BMD Project, e-DS Project ආදිය පෙන්වා දෙන්න පුළුවන්.

නමුත්, මෙම ව්‍යාපෘති තාම ක්‍රියාත්මක වන්නේ සීමිත කාර්යාල ගනනාවක පමණයි. අනෙක් දිස්ත්‍රික්ක වල ඇති කාර්යාල තාමත් ලංකා රාජ්‍ය ජාලය භාවිතා කරන්නේ විද්‍යුත් තැපෑල සහ අන්තර්ජාලයට පිවිසීම ආදිය සදහායි. මේ තුළ සැලකිය යුතු ලෙස මෘදුකාංග භාවිතයක් දක්නට ලැබෙන්නේ නෑ.

ඉතින් වසර 03 ක් පමණ සම්පූර්ණ වෙමින් පවතින මෙම ව්‍යාපෘතිය තුළින් නිසි ප්‍රයෝජන ගන්න නම්, මෙම ජාලය තුළ නිසි තොරතුරු හුවමාරුවක්, මෘදුකාංග භාවිතයක් තිබිය යුතුයි යන්න මාගේ අදහසයි. දැනට නම් සිදු වන්නේ පිට පළාත් වල කාර්යාල සදහා පරිගණක හා අන්තර්ජාල සබදතාවයක් පමණක් ලබා දී තිබෙන තත්වයකුයි. ඒ තුළින් නිසි ප්‍රයෝජන ගන්නා තත්වයක් දකින්න නෑ. ඇත්තටම මෙම ජාලය ලොකු සම්පතක්, මේ තුළින් නිසි ප්‍රයෝජන ගන්නවා නම්...

අප අපගේ කාර්යාලවල හෝ දිස්ත්‍රික්කයේ ඇති විස්තර පමණක් දන්නා බැවින් වෙනත් ප්‍රදේශවල මෙම ව්‍යාපෘතියේ භාවිතාව ගැන දැනගන්න කැමතියි. විශේෂයෙන් කොළඹ හා කළුතර. (මොකද මෙහෙයුම් ව්‍යාපෘති බොහොමයක් ක්‍රියාත්මක වන්නේ මෙම දිස්ත්‍රික්කවල නිසා) මෙම කාර්යාලවල රාජ්‍ය ජාලය භාවිතා කරන මෘදුකාංග පිළිබද විස්තර දැනගන්න කැමතියි.

එසේම, මෙම මෘදුකාංග අප දිස්ත්‍රික්කවලට භාවිතා කිරීමේ ගැටළු මොනවාද යන්නත් සොයා බැලුවොත් හොදයි නේද? BMD ව්‍යාපෘතිය වැනි දේ ඉක්මනින් අපටත් භාවිතයට ගන්න පුළුවන් නම් මීට වඩා විශාල ප්‍රයෝජනයක් ගන්න අපට පුළුවන්.

මේ පිළිබදව වත්මන් තත්වය පිළිබදව තොරතුරු දන්නා අයගේ විස්තර දැනගන්න කැමතියි. සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ වසන්ත මහතාත් මේ පිළිබදව අදහස් දක්වන්නේ නම් ඉතා වටිනවා. මේ පිළිබදව පොඩි කතිකාවක් ඇති කරමු නේද?

--
Rajeen Prasanna
IT Admin - Kolonna DS Office
Tel : + 94 71 804 1001 / + 94 77 0 595 424
http://www.rajeenprasanna.com
-------------------------------------------------------------------
If you are not the intended recipient, or a Person responsible for delivering it to the intended recipient, you are not authorized to and must not disclose, copy, distribute, or retain this message or any part of it.

Chamila Amaranayake

unread,
Jul 7, 2010, 12:53:04 AM7/7/10
to lgn_it...@googlegroups.com
රජීන්,
 
රජීන් ඔබ විසින් ඉහත සදහන් කර ඇති ව්‍යාපෘති 2 ම මේ වන විට අප කාර්යාලයේ ක්‍රියාත්මක වෙමින් පවතින බව ඉතා සතුටින් කියනන් කැමතිය.BMD ව්‍යාපෘතිය ආරම්භ කරලා දැන් අවුරුද්දකට වැඩියි.එම ව්‍යාපෘතිය ඉතාම සාර්තක ව්‍යාපෘතියක් කියලා කියන්නත් ඔන වගේ මහජනතාවට විශාල මෙහෙවරක් මේ වන විට ඉටු කරමින් පවතිනවා.
 
ඒ වගේම e-DS ව්‍යාපෘතිය සදහා ලංකාවෙන්ම ආයතන 3 විතරයි තෝරගෙන ඉන්නේ. එම ව්‍යාපෘතිය සදහා අපගේ කාර්යාලය තෝරා ගෙන ඇති බව සතුටින් කියන්න ඔන. එම ව්‍යාපෘතිය කරන්නේ ඉංදියාවේ ආයතනයක් විසින්. ඒක මේ මස මැද වන විට සියලු දෙනාටම බලාගන්න පුළුවන් වෙයි. ඒක දැවැන්ත ව්‍යාපෘතියක් වගේම ඒ ව්‍යාපෘතිය ආරම්භයේ සිටම අපිට ගොඩාක් මහන්සි වෙන්න වුනා. මේ වන විටත්  මේ ව්‍යාපෘති 2 ම දැවැන්ත මුදල් සම්භාරයක් රජය විසින් වියදම් දරලා ඉවරයි . ඒ නිසා එහි නිසා ප්‍රථිපල නෙලා ගෙන විශිෂ්ඨ ඵලදායි සේවයක් තුලින් ප්‍රාදේශීය ජන ජීවිතය නංවාලීමට දායක වීමට සිදු වීම ගැන මා මහත් සේ ආඩම්බර වෙනවා.
 
 
පද්ධති පරිපාලක,
සීතාවක, කොළඹ.

2010/7/5 Rajeen Prasanna <rajeenp...@gmail.com>

--
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ LGN IT Administrator හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා lgn_it...@googlegroups.com වෙත ලියන්න.
 
වෙබ් අඩවිය http://www.itadmin.tk
 
If you have trouble reading Sinhala Fonts, please visit http://si.wikipedia.org/wiki/Wikipedia:Sinhala_font for instructions.

Gihan Keneth Kavindra

unread,
Jul 7, 2010, 3:08:25 AM7/7/10
to lgn_it...@googlegroups.com
මිතුරනි,
 
BMD ව්‍යාපෘතිය මේ වන විට කොළඹ දිස්ත්‍රික්කය තුළ ඉතාමත් සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතිනවා.මෙමගින් සැපයෙන ඉතාමත් වැදගත්ම සේවාව වෙන්නේ පරිගණක ගත කරන ලද උපත්,විවාහ හා මරණ සහතික වල පරිලෝකන පිටපත් කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඇති මධ්‍යගත පරිගණකයක ගබඩා කර තිබීමයි.එමගින් කොළඹ දිස්ත්‍රික්කයේ ඕනෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයක ලියාපදිංචි කරන ලද උපත්,විවාහ හෝ මරණ  සහතිකයක්  දිස්ත්‍රික්කයේ ඕනෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකින් ලබා ගැනීමේ පහසුකම සලසා තිබෙනවා.ඒ වගේම කොළඹ දිස්ත්‍රික්කයට අදාල මෙම සහතික වල පිටපත් වෙනත් දිස්ත්‍රික්කයක අවම වශයෙන් එක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් වෙතින් හෝ ලබා දීම කෙරෙහි මේ වනවිට අවධානය යොමු වෙලා තියෙනවා.(අන්තර්ජාලය ඇසුරින්).ඒ සදහා මාතර සහ පුත්තලම වෑනි දිස්ත්‍රික්ක වලින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් බැගින් නම් කරලත් තියෙනවා.ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට යෝජිත e-Population ව්‍යාපෘතියට මෙය හොද අඩිතාලමක් වන බව නිසැකවම කියන්න පුළුවන්.
 
 
ගිහාන් කෙනෙත් කවින්ද්‍ර
පද්ධති පරිපාලක
කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය
 
--
Gihan Kenneth Kavindra
System Administrator
DISTRICT SECRETARIAT - COLOBO
Sri Lanka | Tel: +94 2432951 | Fax: +94 11 2437242

Rajeen Prasanna

unread,
Jul 7, 2010, 4:06:20 AM7/7/10
to lgn_it...@googlegroups.com

මෙම ව්‍යාපෘතීන් වෙනත් දිස්ත්‍රික්කවල ක්‍රියාත්මක වීම ප්‍රමාද වීමට හේතුව කුමක්ද යන්න සොයා බැලිය යුතුයි. අප දිස්ත්‍රික්කවලද මෙම මෘදුකාංගයන් භාවිතයට ගන්නේ නම් මහගු සේවයක් ලබාගත හැකියි. කොළඹ දිස්ත්‍රික්කය සදහා මෙම මෘදුකාංග ලබා දුන්නේ කිනම් ආයතනයක් විසින්ද? සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ හෝ වෙනත් මේ පිළිබදව සම්බන්ධ කරගත යුතු පුද්ගලයකු සිටීද?



2010/7/7 Gihan Keneth Kavindra <gih...@gmail.com>



--
Rajeen Prasanna
Reply all
Reply to author
Forward
0 new messages