සොළොස්මස්ථාන වන්දනා ගාථා

11,573 views
Skip to first unread message

Roshan Fernando

unread,
Apr 21, 2011, 1:19:15 PM4/21/11
to

සොළොස්මස්ථාන වන්දනා ගාථාව

මහියංගනං නාගදීපං - කළ්‍යාණං පදලාංඡනං

දිවාගුහං දීඝවාපී - චේතියංච මූතියංගනං

තිස්සමහා විහාරංව - බෝධිමරිචවට්ටියං

සොණ්ණමාලී මහා චේතියං - ථූපාරාම භයාගිරං

ජේතවනං සේලචේතියං - තථා කාචරගාමකං

ඒ‍තේ සෝළසඨානානි - අහං වන්දාමි සබ්බදා.

සොළොස්මස්ථානය‍ට අයත් ස්ථාන

1)මහියංගන‍ය 2)නාගදීපය 3)කැළණිය 4)ශ්‍රී පාදස්ථානය 5)දිවා ගුහාව 6)දීඝවාපිය 7)මුතියංගනය 8)තිස්ස මහා විහාරය 9)ශ්‍රී මහා බෝධිය 10)මිරිසවැටිය 11)රුවන්වැලි සෑය

12)ථූපාරාම‍ය 13)අභයගිරිය 14)ජේතවනාරාමය 15)ශෛල චෛත්‍යය 16)කතරගම කිරි වෙහෙර


මහියංගනය

ඌව පළා‍තෙහි බදුල්ල දිස්ත්‍රික්කයේ බිම්තැන්න, කෝරළයෙහි අලුත්නුවර නගර වසමට අයත්ව පිහිටි මහියංගන චෛත්‍යය රාජයාණන් වහන්සේ ශ්‍රී ලංකාවෙහි පළමුවරට තනවනලද ජීව සර්වඥ කේශධාතූන් නිදන්කළ, පිරිනිවනින් පසුව උන්වහන්සේගේම ශ්‍රීවාස්තීධාතුවද නිධන් කරනු ලැබූ දාගැබ්වහන්සේ මහියංගන දාගැබ නම් වේ.මහියංගනයෙහි පුරාණ සිංහල නාමය බිම්තැන්න නම් වේ. පාලියෙන් ලියනවිට බිම් යන්න මහී යයිද, තැන්න යන්න අංගනය නමින්ද මහියංගනය යන්න සෑදි ඇත.

Mahiyanganaya.jpg

වන්දනා ගාථාව

ලංකාය යත්ථ පඨමං භගවා නිසජ්ජ - යක්ඛේ දමේසි කතමිද්ධි තස්මිං

ගීවට්ටිධාතූ නිහිතඤ්චථ කේසධාතුං - වන්දාමි සාධු මහියංගන ථූපරාජං


නාගදීපය

තථාගත බුදූරජාණන්වහන්සේ සම්බුද්ධත්වයට පත්වී පස්වැනි වර්ෂයෙහි ජේතවනාරාමයෙහි වැඩවසන කල්හි,චූලෝදර නාරජු මහෝදර නාරජු අතර මිණිපළඟක් නිසා මහත් සටනක් ඇතිවන්නට විය. මෙම සටනේදී විශාල පිරිසකට ඇතිවන්නට ගිය දරුණු විනාශය වළක්වනු වස් උන්වහන්සේ ලක්දිවට වැඩම කර වර්තමාන නාගදීප දාගැබ ඇති ස්ථානයෙහි දම් දෙසූ සේක.නාග ගෝත්‍රිකයන් විසූ දිවයින හෙයින් මෙය නාගදීපය නම් වේ.

Nagadeepaya 3.jpg

වන්දනා ගාථාව

භගිනීසුත මාතුලේහි දින්නේ

මණිපල්ලංකවරේ යඟිං නිසින්නෝ,

මුණිධම්ම මදේසයී මුනීනං

සිරසා තං පණමාමි නාගදීපං





කැළණිය

ස්වාභාවික සෞන්දර්යයෙන් ‍ශෝභමාන වූ බැවින් මෙම ප්‍රදේශයට කළ්‍යණ හෙවත් කැළණි‍ය යැයි ප්‍රකට වන්නට ඇතැයි සිතිය හැක.බුදුරජාණන්වහන්සේ නාගදීපාගමනයෙන් තෙවසක‍ට පසුව මණිඅක්ඛිත නාරජුගේ ආරාධනයෙන් කැළණියට වැඩි සේක. දැනට චෛත්‍යය ඇති ස්ථානයෙහි රුවන් පළඟක වැඩ හිඳ 500 ක් සංඝ‍යා වහන්සේලා සමඟ දන් වැළදු බව කියවේ.

Kelaniya temple.JPG

වර්තමාන කැළණිය රජමහා විහාරය ලෝක ප්‍රසිද්ධ කලාත්මක චිත්‍ර‍යන්ගෙන් විසිතුරුය. ඉදිරිපසින් ගලා බස්නා කැළණිග විහාරස්ථානයෙහි ශෝභමානත්වය තවත් වැඩි කරයි.

Kelani arts 1.JPG
Kelani arts 2.JPG








වන්දනා ගාථාව

ආයාචනාය මණිඅක්ඛිමහෝරගස්ස

යස්මිං නිසීදි භගවා මණිමණ්ඩපස්මිං

තත්ථෙව කාරිතමිදං මණිපීඨයුත්තං

කල්‍යාණී චෙතියමහං සිරසා නමාමි


ශ්‍රී පාදය

බුදුරජාණන්වහන්සේගේ ශ්‍රී පාද ලාංජනය පිහිටා ඇති බැවින් ශ්‍රී පාදය, ශ්‍රි පාද කන්ද යන නම් වලින් හදුන්වනු ලබයි. හින්දු භක්තිකයෝ ශිව ෙදවියන්ගේ පාදය යැයි සලකා ශිවනඩිපාදම් යයිද පෘතුගීසීහු ආදම්ගේ කන්ද යයි සලකාපීකෝ ඇඩෑම් යයිද , ඉංග්‍රීසීහු ඇඩම් ස්පීක් යයිද හදුන්වනු ලබයිගකෙසේ වෙතත් බෞද්ධ පිළිගැනීමට අනුව බුදුරජාණන්වහන්සේ බුද්ධත්වයෙන් අටවැනි වර්ෂයෙහි මණිඅක්ඛිත නාරජුගේ ආරාධනයෙන් කැළණියට වැඩම කළ අවස්ථාවේ සුමන දිව්‍ය රාජයා විසින් තමන්ගේ වාසභවනය වූ සමන්ගිර මුදුනෙහි සිරිපා ස‍ටහන පිහිටවනු මැනවැයි කරන ලද ආරාධන‍යෙන් බුදුරජාණන්වහන්සේ ඉන්ද්‍රනීල මාණික්‍යයක් මත සිය පාද ලාංඡනය පිහිට වූ ‍‍සේක.

Samanola kanda.jpg

වන්දනා ගාථාව

කල්‍යාණීතෝ ගගනතෝ මුණියත්ථ ගන්ත්වා

දස්සේයී චක්කවරලක්ඛණ පාදලඤ්ඡං

ලංකාමහීවරවධු මකුටෝපමානං

වන්දාමහං සුමණකූට සිලුච්චයන්තං




දිවා ගුහාව

සමනොළ ගල මුදුනෙහි සිරිපා සටහන් පිහිටවනු සඳහා එහි වැඩම කළ අවස්ථාවේ දිවා කල ගත කළ ගුහාව දිවා ගුහාව නම් වේ.මෙම දිවා ගුහාව වර්තමානයෙහි හදුනාගෙන ඇත්තේ සිරිපා මලුවේ සි‍ට මහගිරිදඹය පසුකොට මඳ දුරක් පැමිණි විට වම්පසින් දක්නට ලැබෙන භගවාලෙනයි.

වන්දනා ගාථාව

ලංකා මහිවරවධු මකුටායමානේ 

අස්මිං සමන්තගිරිමුද්ධනි යත්ථ ලේණේ

සත්ථා දිවාවිහරනණං හි විහාසි තස්මා

වන්දාමි දේවමහිතං හි දිවාගුහංතං


දීඝවාපී චෛත්‍යය

දීඝවාපිය හෙවත් දිගාවැව ගමෙහි කරවන ලද බැවින් දීඝවාපිය යැයි කියනු ලැබේ. බු: ව: 407 හෙවත් ක්‍රි:පූ: 137 රජ පැමිණි සද්ධාතිස්ස රජතුමන් විසින් සර්වඥධාතූන් නිධන් කොට මෙම චෛත්‍යය කරවන ලදී. බුද්ධත්වයෙන් අටවැනි වර්ෂයෙහිදී බුදුරජාණන්වහන්සේ මෙම ස්ථානයට වැ‍ඩ මොහොතක් සමවත් සුවයෙන් ගතකල බව කියැවේ.

වන්දනා ගාථාව

නිසඡ්ඡ යස්මිං භගවා සසාවකෝ

ඛණං සමාපත්තිසුඛං සමප්පයී

සරීරධාතුං හි නිධාන කාරිතං

නමාමි චේතිං සිරි දීඝවාපිකං

මුතියංගනය

මුතියංගන විහාරය පිහිටා ඇත්තේ වර්තමාන බදුලු දිස්ත්‍රික්කයෙහිය. බුදුරජාණන්වහන්සේ ලක්දිවට වැඩම කළ තෙවැනි ගමනේදී මුතියංගන චෛත්‍යය පිහිටි ස්ථානයේ නිරෝධ සමාපත්තියට පැමිණි බවට විශ්වාස කෙරේ. මෙම සෑ ගර්භයේ බුදු සමිදුන්ගේ මුක්තක ධාතුන් වහන්සේ හා කේෂ ධාතුන් වහන්සේලා වැඩ සිටිති.බුදු රජාණන් වහන්සේ සෘධියෙන් ධාතූන් වහන්සේලා බවට පත් කල දාඩිය බිදු වැඩ සිටින ලොව එකම දිගැබ මෙයයි.

Muthiyangana.jpg


වන්දනා ගාථාව

විරාජිතං බුද්ධ ගුණෙන සබ්බදා - සුරක්ඛිතං ඉන්දක දේව තේජසා

ජයංගණං සීහල දීප වාසිනං - මුතිංගණං ථූප වරං නමාමි

සිංහල අර්ථය

සැමදා බුද්ධ ගුණයෙන් බබලන්නා වූ ද,ඉන්දක දෙවියන්ගේ තේජසින් ආරක්ෂාව ලබන්නා වූද සීහලදීප වාසීන්ගේ ජන්ම භූමියක් වන්නා වූද මුතියංගණ චෛත්‍ය රාජයාණන් වහන්සේට මම නමස්කාර කරමි.෴ ෴

තිස්ස මහා විහාරය

බු: ව: 315 හෙවත් ක්‍රි: පු: 228 වැන්නෙහිදී පමණ මාගම්පුර රජ පැමිණි කාවන්තිස්ස රජු විසින් ඉදිකල හෙයින් තිස්ස මහා වෙහෙර යයි නම් විය. මෙම චෛත්‍යයෙහි බුදුරජාණන්වහන්සේගේ ලළා‍ට ධාතුව නිධන් කර ඇති බව කියවේ.

Thissamarama.jpg

වන්දනා ගාථාව

නිධාය සෝවණ්ණ මුනින්ද බිම්බේ - පුණ්ණින්දු සංකාස ලළාටධාතුං

අකාරයී තිස්ස නරිස්සරෝතං - ථූපං ‍නමේ තිස්සමහාවිහාරේ


ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ

දඹදිව ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ශාඛාවක් මෙරටට වැඩම කරන ලද්දේ ක්‍රි: පු: 3 වැනි සියවසෙහිදීය. මෙය සිදුවුයේ මිහිදු මාහිමියන් මෙරටට බුදුසමය හඳුන්වාදීමෙන් පසුවය. දඹදිව ධර්මා‍ශෝක අධිරාජයාගේ අනුග්‍රහය හා අනුබලය ඇතිව ලංකාවේ දෙවන පෑතිස් රජතුමාගේ ඉල්ලීමක් අනුව ශ්‍රී මහා බෝධීන්වහන්සේ සඝමිත් තෙරණිය විසින් මෙරටට වැඩම කරන ලදී.

Jayasri maha bodhi.jpg


වන්දනා ගාථාව

යස්ස මුලේ නිසින්නෝව - සබ්බාරි විජයං අකා

පත්තෝ සබ්බංඤුතං සත්තා - වන්දේතං බෝධි පාදපං

ඉමේ ඒතේ මහා බෝධී - ලෝකනාතේන පූජිතා

අහංපිතේ නමස්සාමී



මිරිසවැටි වෙහෙර

බු: ව: 383, ක්‍රි : පූ: 101 දී දුටුගැමුණු රජතුමා විසින් මහා සංඝයාට නොපිළිගන්වා මිරිස් ව්‍යාංජනයක් වැළදු එක් අවස්ථාවක් සිහිවූ රජතුමන් මහා සංඝයාට පිළිගැන්වීමට මෙය කරවූ බව කියැවේ. මෙහි දුටුගැමුණු රජතුමාගේ කුන්තා‍යුධය නිධන් කර ඇත.

Mirisawetiya.jpg

වන්දනා ගාථාව

අභයරාජ වරේන සධාතුකං

සුනිධහිත්ව කතං සකුන්තං

සකල සත්ත හිතං පණමේ සදා

මරිචවට්ටික චේතිය මුත්තමං

රුවන්වැලි මහා සෑය

බු: ව: 383 , ක්‍රි :පූ: 161 දී රජ පැමිණි දුටුගැමුණු රජු විසින් කරවන ලද මෙම සෑය සද්ධාතිස්ස රජතුමා විසින් වැඩ නිම කරවන ලදී. අඩි 180 ක් උසවූ මෙම චෛත්‍යයෙහි ව‍‍ට ප්‍රමණය අඩි 1000 ක් වේ. කකුසඳ , කෝනාගමන, කාශ්‍යප හා ගෞතම යන බුදුවරයන් මෙහි වැඩ විසූ බැවින් සර්වඥ පාරිභෝගික ශුද්ධ බිමක් ලෙස හැඳින්වේ. මෙම චෛත්‍යයෙහි ද්‍රෝණයක් සර්වඥ ධාතූන් නිධන් කර ඇති බැවින් රන්මල් ධාතු ගර්භය පුරා විසිරවන ලද හෙයින් ස්වර්ණමාලී යන නම ප්‍රකට වූ බව කියවේ.

Ruwanwei se Dageba.jpg Eth pawra.jpg

වන්දනා ගාථාව

අ‍ට්ඨංසු යස්මිං සුගතස්ස ධාතු - නිම්මාය රංසුජ්ජල බුද්ධරූපං

තං ගාමිණී රාජ කතං නමාමි - සුවණ්ණමාලී වරථූපරාජං

ථුපාරාමය

මෙම චෛත්‍යය දෙවන පෑ තිස් රජු විසින් කරවන ලදී.උස අඩි 63 ක් හා ව‍ට ප්‍රමාණය අඩි 194 කි. මෙහි අලංකාරය හා ආරක්ෂා‍ව පිණිස වටිනා වටදාගෙයක්ද සාදවා ඇත.ථූපය පෙරටු කොට සාදවා ඇති හෙයින් ථූපාරාමය නම් වේ. මෙම චෛත්‍යයෙහි කකුසඳ බුදුරදුන්ගේ ඩබරාධාතුවද, කෝණාගමන බුදුරදුන්ගේ පටීධාතුනද, කාශ්‍යප බුදුරදුන්ගේ ජලසා‍ටිකාවද තැන්පත්කර සාදවා ඇත.

Thuparama sthupa.jpg

වන්දනා ගාථාව

පත්තප්පමාණං මුනිරාජධාතුයෝ - නිධාය ධාතුංපි ච දක්ඛිණක්ඛං

දේවාදිතිස්සේන කතං හි ථූපා - රාමාභිධානං පණමාමි භත්‍යා


අභයගිරි චෛත්‍යය

වළගම්බා රජතුමන් විසින් ගිරි නම් නිඝණ්ඨයා විසූ නිඝණ්ඨාශ්‍රමය තිබූ තැන්හි ඉදිකල හෙයින් අභයගිරිය යන නමින් හැඳින්වේ. මෙම චෛත්‍යයෙහි සර්වඥ ධාතූන්ද, රන්පත් ඉරුවල ලියන ලද දහම් පොත්ද, මිණිකම් කරන ලද සුරම්‍ය ධාතුද තැන්පත් කර ඇති බව කියැවේ.

Abhayagiri Dageba.jpg


වන්දනා ගාථාව

කත නවමණිකම්මේ , ධාතුගබ්බේ සුරම්මේ

කනක වසභකුච්ඡිං, ධාතුයා පූරයිත්ව

විහිතමභයරඤ්ඤා, ධම්ම ලේඛං ඨපෙත්වා

අභයගිරිවිහාරේ , චාරුථුපං නමාමි



ජේතවනාරාම චෛත්‍යය

බු: ව: 819 , ක්‍රි:ව: 334 දී රජ කළ මහසෙන් රජතුමා විසින් කරවන ලද මෙම චෛත්‍යය උස අඩි 231 ක්ද වට ප්‍රමාණය අඩි 1100 ක්ද වේ. ජොතිවන නම් උද්‍යානයෙහි ඉදිකළ හෙයින් මෙනමින් හදුන්වයි. බුදුරදුන් ලක්දිව වැඩම කල තෙවැනි වර මෙම ස්ථානයේ සමවත් සුවයෙන් වැඩ සි‍ට ඇති බව කියැවේ. උන් වහන්වහන්සේගේ පටීධාතුව තැන්පත් කර මෙය සාදවා ඇත.


Jethawanarama sthupa.JPG

වන්දනා ගාථාව

පතිට්ඨපෙත්වා ජිනකාය බන්ධනං

ත‍ථෙව සම්බුද්ධ සරීරධාතුයෝ

මහාමහාසේන නරින්දකාරිතං

සුචේතියං ජේතවනං නමාමි



ශෛල චෛත්‍යය

මෙම චෛත්‍යය ක්‍රි:ව: 8 දී මහාදාඨික මහානාග රජු විසින් බුදුරදුන්ගේ ඌර්ණ රෝම ධාතුව තැන්පත් කර උසින් අඩි150 ක් හා වට ප්‍රමාණය අඩි 700 ක් වන ලෙස සාදවා ඇත.මිහින්තලා පව්වෙහි ඇති මෙය කළු ගල් තලාවක් මත ගොඩනගා ඇති බැවින් මෙම නමින් ප්‍රකටව ඇත.

Mihinthale.jpg

වන්දනා ගාථාව

සසාවකෝ යත්ත නිසජ්ජ සත්ථා

වරං සමාපත්ති සුඛං පවින්දි

ධාතුං පතට්ඨාපිත මුණ්ණරෝමං

සිලාමහාථූපමහං නමාමි


කතරගම කිරිවෙහෙර

මහාසේන රජු විසින් සාදවා ඇති මෙම වෙහෙර තුල බුදුරදුන්ගේ තෙවැනි ලංකාගමනයේදී මෙම ස්ථානයට වැඩම කර වැඩ සිටි ස්වර්ණමය ආසනයත්, සිද්ධාර්ථකුමරු පැවිදිවන අවස්ථාවේ කේශච්ඡේදනය කල මඟුල් කඩුවත් හා උන්වහන්සේගේ කේශධාතූන් තැන්පත්කර ඇති බව කියැවේ.කිරි ගස් බහුලව ඇති උයනක කරවු හෙයින් ඛදිර විහාර හෙවත් කිරි වෙහෙර යැයි ව්‍යවහාර කර ඇත.

Kiri Vehera.jpg


වන්දනා ගාථාව

යහං සමාධිං ගතවා තහිං මුනී

නිසින්න සොණ්ණාසන කේස ධාතුකං

ලද්ධා මහාදසේන නරින්ද කාරිතං

නමාමහං කාචරගාම චේතියං

විකිපීඩියා ඇසුරෙනි.


--
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
Thanks & Best Regards,

Reply all
Reply to author
Forward
0 new messages