මේ ඉතිහාස අධ්‍යයන සඳහා හොඳම කාලයයි!

11 views
Skip to first unread message

සුපුන් සුදාරක - www.sudaraka.com

unread,
Aug 11, 2008, 5:25:29 AM8/11/08
to Lanka History Portal
දැන් අබා චිත්‍රපටිය ප්‍රදර්ශණය ආරම්භ වී ඇති අතර එම චිත්‍රපටිය ඉතිහාසය
පිළිබඳව වැදගත් බව එක් කොටසක් ප්‍රකාශ කරන අතර එය ඉතිහාසය විකෘති කිරීමක්
බව තවත් පිරිසක් ප්‍රකාශ කරයි. අන්තර්ජාලයේ මේ සම්බන්ධව සංවාදයක් ඇති
කිරීමට හොඳ ස්ථානය මෙය බැවින් (මෑතකදී වඩාත් ක්‍රියාත්මක බවක්
නොපෙන්වූවත්,) මෙම සමූහයට ඉදිරිපත් කරමි. මෙයින් අබා චිත්‍රපටියේ ඉතිහාස
කතාවට පක්ෂපාතී හා අපක්ෂපාතී මතවාද බලාපොරොත්තු වෙමි.

ස්තූතියි.

Rajith Vidanaarachchi

unread,
Aug 11, 2008, 7:56:40 AM8/11/08
to lanka-hist...@googlegroups.com
මා මුලින් අබා විශිෂ්ට චිත්‍රපටයක් ලෙස සිතා සිටිය ද, ප්‍රචාරක වීඩියෝ පට දැකීමෙන් සාධාරණ
සැකයක් මතු වේ.

මෙහි ඉතිහාසය යම් ලෙසකින් විකෘති කොට ඇති බවත්, ආදී සිංහළයන් ව පහත් කොට ඇති බවත් මා හට
හැඟේ. මේ බවට ඉදිරිපත් කළ හැකි සාධක නම් එහි ඇති ප්‍රාථමික/වැදි නැටුම්, ඇඳුම් (කොළ අතු/
අමුඩ). පඬුඅබා රජු ගේ කාලයේ සාරි/කලිසම්/කමිස නැති බව සැබෑ යි. එහෙත් ඉන් කියවෙන්නේ එ කල
මිනිසුන් සැම විටම අමුඩයකින් සැරසී සිටි බව නො වේ. සරම, රෙද්ද සහ හැට්ට සාධාරණ උපකල්පන
ලෙස ගත හැකි යි. එහෙත්, මෙහි ඇති චරිත ඇඳ ඇති ඇඳුම්වලින් අප්‍රිකානු ගෝත්‍රයක් වැනි නොදියුණු
මිනිස් කොටසක් වැනි අදහසක් ගම්‍ය වේ.

මෙහි ඇති ඉතිහාස කරුණුවල වැරදි, නිවැරදි බව චිත්‍රපටිය නැරඹීමෙන් අනතුරුව පැවසිය යුතු ය. දැනට
පැවසිය හැක්කේ, ආදී හෙළයින් ඉතා නොදියුණු ජන කොටසක් බවට මතයක් ඇති කිරීමට උත්සාහ දරා ඇති බව යි.

ප.ලි: එ සේම පණ්ඩුල බ්‍රාහ්මණයා නිරූපණය කර ඇති අයුරු Lord of the Rings හි Gandalf ව
සිහි ගන්ව යි.

Reply all
Reply to author
Forward
0 new messages