අප විසින් ප්‍රවර්ධනය කිරීමට යන මෙම Portal එක මත දේශීයකරණ සහය අන්තර්ගත
කිරීම පසුගිය දින කිහිපය තුල සාර්ථක ලෙස නිම කරනු ලැබුවා. ඇත්තටම මෙය
එතරම් අපහසු කටයුත්තක් වූයේ නැහැ. ඉතා පහසුවෙන් මෙය සිදු කරනු ලැබූවා.
Java භාවිතා කරමින් ප්‍රවර්ධන කටයුතු කිරීම ඇත්තටම කෙතරම් පහසුද ? :-)
අප විසින් දේශීයකරණ සහය අන්තර්ගත කරනු ලබන්නේ පහත සඳහන් අයුරින්:
1. යමෙක් විදේශ රටක සිට මෙම අඩවියට පිවිසුන හොත්, අතුරු මුහුණත් සියල්ල
English වලින් දර්ශණය වේ. ලංකාවේ සිට මෙම අඩවියට ප්‍රවිෂ්ඨ වන විට,
සියල්ල සිංහලෙන් දර්ශණය වනු ඇත.
2. මෙම අඩවියේ User Registration කාර්යය සිදුවන විට, අදාල පරිශීලක හට
තමන් කැමති භාෂාව තෝරාගැනීමට ඉඩ ලබාදෙයි. එවිට, අදාල පරිශීලක මෙම අඩවියට
තම පිවිසුම් නාමය භාවිතා කර සම්බන්ධ කල විට, ඔහු විසින් තෝරා ගනු ලැභූ
භාෂාවෙන් අඩවිය දර්ශණය කෙරේ.
3. මීට අමතරව, තමන් කැමති ඕනාම අවස්ථාවක, පරිශීලකයකු හට අදාල භාෂාව වෙනස්
කිරීමේ හැකියාව ඇත. එනම්, English අතුරු මුහුණතේ සිට ඕනාම අවස්ථාවක සිංහල
අතුරු මුහුණත වෙත පිවිසිය හැක.
ඇත්තටම මෙම Portal එක හට විවිධ භාෂා සහය ඇතුලත් කිරීමේ පහසුව ඇත. තවද,
විවිධ භාෂාවන් මෙම අඩවිය තුල භාවිතා වූවද ඒ එක් එක් භාෂාවන් සඳහා එකිනෙකට
වෙනස් URLs භාවිතා නොකෙරේ. This makes easy for you to bookmark any page
and later and view them using one of the available languages. :-)
මේ සඳහා යෝජනා/චෝදනා ඇතොත්, කරුණාකර දන්වන්න.
ස්තූතියි
අදහස නම් ඉතාම අගෙයි! තරමක තාක්ෂණික ප්‍රශ්නයක් එක් කරන්න කැමතියි.
ඔබ අරාබි වැනි දකුණේ සිට වමට ලියැවෙන භාෂා ගැනත් සිතුවාද? මා සිතන හැටි නිවැරදි නම් ඔබ ප්‍රොපටි ෆයිල් භාවිතා කරනවා වෙන්න ඇති.
ASP.NET වල නම් මේ සම්බන්ධ පහසුකම් තිබෙනවා භාෂාව ලියැවෙන ආකාරය අනුව ඉබේම නිවැරදි ලෙස ලියැවෙන්න.