වැරදීමකි සමාවන්න

8 views
Skip to first unread message

lhp-dev

unread,
Apr 24, 2009, 11:20:17 PM4/24/09
to Lanka History Portal
ජිනවංශ ස්වාමීන් වහන්සේ විසින් කණ්ඩායමට එවන ලද ලිපයක් පල කිරීමට යාමේදී
එය මා අතින් වැරදීමකින් මැකී ගොස් තිබෙනවා. :( ඒ සම්බන්දව ජිනවංශ
ස්වාමීන් වහන්සේගෙන් මා ඉතාමත් යටහත්ව සමාව ඉල්ලා සිටින අතර, එම ලිපිය
නැවැත කණ්ඩායමට එවන ලෙසද කාරුණිකව ඉල්ලා සිටිනවා.

කණ්ඩායමට අළුතින් එක්වෙන සාමාජිකයින්ගේ පණිවිඩ මොඩරේට් කිරීමට
පෙරසැකසුමෙන් සිදුවෙනවා. අප මෙලෙස සකසා තිබෙන්නේ අන්වර්ථ නාමයන්ගෙන්
විවිධ පුද්ගලයන් කණ්ඩායමට අදාල නොවෙන පණිවිඩ එවා අප ගමන් කරන විශය
පරිපථයෙන් පරිබාහිර කටයුතු වලට අදාල පණිවිඩ එවීම වැලැක්වීමටයි. මෙම සමූහය
සැමවිටම ඉතිහාසය සම්බන්ධ බුද්ධිමය සංවාදයන් සඳහා විවෘතයි. වරක් එකතරා
ක්‍රිස්තියානි නිකායකින්ද අප සමූහයට එවා තිබූ අනවශ්‍ය ලිපි මොඩරේට්
කිරීම මඟින් ඉවත් කරනු ලැබුවා.

බොහෝ නව සාමාජිකයින්ගේ ලිපි අධ්‍යනය කිරීමෙන් පසුව , ඔවුන් හට මොඩරේට්
කිරීමකින් තොරව කෙලින්ම පණිවුඩ පලිකිරීම සඳහා අවකාශය ලබාදෙනු ලබනවා.
කණ්ඩායමේ බොහෝ දෙනෙකුට මෙම පහසුකම ලබා දී තිබෙනවා. ජිනවංශ ස්වාමීන්
වහන්සේටත් මොඩරේට් කිරීමකින් තොරව ලිපි පලකිරීම සඳහා අවස්ථාව සලසා
තිබෙනවා.

මා අතින් සිදුවූ වරද සම්බන්ධයෙන් නැවතත් සමාව ඉල්ලා සිටින අතර ඒ
සම්බන්දයෙන් යම් කිසි සිත් තැවුලක් සිදුවූයේ නම් නැවතත් ඒ සම්බන්ධව
කණගාටුව ප්‍රකාශ කරනවා.

Reply all
Reply to author
Forward
0 new messages