ශාසනාලයෙන් කරන ආරාධනයයි......!

20 views
Skip to first unread message

ජිනවංශ ‍හාමුදුරුවෝ

unread,
Apr 25, 2009, 10:20:49 AM4/25/09
to Lanka History Portal
බෞද්ධ විහාරයක් ත්‍රිවිධ චෛත්‍යයන්ගෙන් සමන්විය යුතුයැයි මතයක් වේ. 1930
දී ආරම්භ කළ ගනේ‍ගොඩ පන්සලේ විහාර මන්ඳිරයක් හා බෝධීන් වහන්සේනමක්ද තිබෙන
නමුත් දාගැබක් ඉදිකර නොතිබුණි. මෙම අඩුපාඩුව සම්පූර්ණ කිරීමේ අරමුණින්
චෛත්‍ය රාජයානන්වහන්සේ නමක් ඉදිකරීම පිණිස මුල්ගල් තැබීම 2006.10.27 සිදු
කරන ලදී.

මෙම චෛත්‍යය විශේෂ සැලැසුමකට අනුව ඉදිකරන්නකි. ප්‍රධාන චෛත්‍යයට අමතරව
සතර දිශාවලින් පරිවාර චෛත්‍ය හතරක්ද මෙම ඉදිකිරීමට ඇතුලත්ය. මෙම චෛත්‍ය
අභ්‍යන්තරයට ඇතුල් වී ධාතු මන්ඳිරය නැරඹීමට හා සර්‍වඥධාතූන් වහන්සේලා
වන්දනා කිරීමට අවස්ථාව වන්දනාමාන කරන පින්වතුන්ට හිමිවේ. එසේම මෙම චෛත්‍ය
ඉදිකොට ඇත්තේ භූගත විහාර මන්ඳිරයක් සමගය. මෙම විහාර මන්දිරයතුල
ලංකාද්වීපයේ ඉතිහාසය සිතුවම් කිරීමට සැලසුම්කොට තිබේ. තම ඉතිහාසය නොදන්නා
අනාගත පරපුරක් බිහිවීමේ අනතුර හොඳින් වටහාගෙන සිටින අප, අපගේ ශක්ති
ප්‍රමාණයෙන් ලංකා ඉතිහාසය සිතුවම් කොට තැබීමට අදහස් කළේ එය, සුපුරුදු
පරිදි ජාතක කථා හෝ බුද්ධ චරිතය සිතුවම් කරනවාට වඩා ජාතික මෙහෙවරක් ලෙස
හඳුනාගත් බැවිනි.

මෙම චෛත්‍ය රාජයානන්වහන්සේ වටා අලංකාර ඇත් පවුරක් ඉදිකර ඇති අතර එම
ඇත්පවුර මත කුඩා චෛත්‍ය විසි අටක් ඉදිකොට ඇත. මෙම දාගැබ් ආකාර අටවිසි
බුදුකුටි තුල අටවිසි බුදු රජානන්වහන්සේලා සංකේතවත් කරමින් එකිනෙකට වෙනස්
ආකාර වූ සමාධි බුදුපිළිම විසි අටනමක් මෙහි තැම්මත් කිරීමට සැලසුම් කොට
තිබේ. ලංකාවේ සුපතල සමාධි පිළිමවහන්සේලා විසි අටනමකගේ අනු රූ මෙහි
තැම්පත් කිරීමත්, ඊට සමගාමීව එම පිළිමවහන්සේලා පිළිමඳව තොරතුරු ඇතුලත්
කොට පරිශීල ග්‍රන්තයක් ප්‍රකාශයට පත්කිරීමත් අපගේ අරමුණයි. ලංකා ඉතිහාසය
හෝ පුරාවිද්‍යාව හෝ චිත්‍ර ශිල්පය හදාරන පාසල් ශිෂ්‍යයන්ට මෙන්ම සරසවි
සිසුන්ටත් ප්‍රයෝජනවත්වන විශ්වාස කරන්නෙමු.

මෙම චෛත්‍ය කර්මාන්තයේ සුවිශේෂී මොහොතකට අපි පැමිණ සිටින්නෙමු. චෛත්‍ය
රාජයානන්වහන්සේගේ සර්‍වඥ ධාතූන් වහන්සේලා වඩා හිඳුවීමේ, නිදන් වස්තු
තැම්පත් කිරීමේ හා කොත්වහන්සේ පැළඳවීමේ මහා පුන්‍යෝත්සවය එළඹෙන වෙසක්
පොහෝ දිනට සමගාමීව පැවැත්වීමට කටයුතු සංවිධානය කොට ඇත.

චෛත්‍ය කර්මාන්තය සඳහා තම තමන්ගේ ශක්ති ප්‍රමාණයන් කුමන ආකාරයක හෝ
දායකත්වයක් දැරූ පැවිදි-ගිහි පින්වතුන්ගේ සම්භාවනීය සහභාගිත්වයෙන්
පැවැත්වෙන මෙම උත්සව මාලාවේ වැඩ සටහන මෙසේය.

මැයි මස
02 දා සිට 08 වන දා දක්වා සවස 7:00 ට බෝධි පූජාව පැවැත්වීම
03 දා සවස 4:00 ට සර්‍වඥ ධාතූන් වහන්සේලා වැඩම කිරීමේ රථ පෙරහැර
04 දා සිට 06 වන දා දක්වා සවස 6:00 ට සර්‍වඥ ධාතූන් වහන්සේලා ප්‍රදර්ශනය
04 දා සිට 07 වන දා දක්වා සවස 7:30 සිට 9:00 දක්වා පිරිත් දේශනාව
07 දා උදෑසන 8:56 ට යෙදෙන සුභ මොහොතින් සර්‍වඥ ධාතූන් වහන්සේලා වඩා
හිඳුවීම
07 දා උදෑසන 8:56 සිට සවස 6:00 දක්වා සැදැහැවතුන්ගේ සුරතින් නිදන්වස්තු
තැම්පත් කිරීම
08 දා උදෑසන 8:34 ට කොත් වහන්සේ පැළඳවීම

ශාසන හිතකාමී හා ජාතිමාමක සුපින්වතුනි,
මෙම සුවිශේෂී උත්සව මාලාවේ කුමන අවස්ථාවකට හෝ සහභාගිවන මෙන් ලබැඳිව
ආරාධනා කර සිටින අතර, සර්‍වඥ ධාතූන් වහන්සේලා සපයා දීමෙන් හා නිදන්වස්තු
තැම්පත් කිරීමෙන් මෙම සත්ක්‍රියාවට සම්බන්ධවන මෙන් කාරුණිකව දන්වා
සිටිමි. අපගේ දුරකතන අංක මෙසේය. 0112 536 268 සහ 071 800 60 19

ගමන් මාර්ගය මෙසේය.
බස් රථවලින් පැමිණෙන්නේනම්,

1. කොළඹ පිටකොටුවෙන් 224 පූගොඩ බස් රථයෙන් පැමිණ දොම්පේ පාසල් දෙක
හංදියෙන් බසින්න.
2. නැතහොත් ගම්පහ සිට ඇරඹෙන 207 පූගොඩ බස් රථයෙන් පැමිණ දොම්පේ පාසල් දෙක
හංදියෙන් බසින්න හැකිය.

වෙනත් වාහනයකින් පැමිනෙන්නේ නම්,

කොළඹ නුවර පාරේ පෑලියගොඩින් ඇරඹෙන බියගම මාර්ගයේ කැලණිය පසුකොට,
බණ්ඩාරවත්ත, බියගම හංදිය, මල්වාන, දෙකටන හරහා දොම්පේ පාසල් දෙක හංදියට
පැමිණිය හැකිය.

නුවර කොළඹ පාරේ එන්නේනම් මිරිස්වත්ත හංදිය පසුකොට බැළුම්මහර හංදියෙන්
හැරී, වැලිවේරිය, දෙල්ගොඩ, කඳුබොඩ, දෙකටන පසුකොට දොම්පේ පාසල් දෙක හංදියට
පැමිණිය හැකිය.

නැතහොත් නුවර කොළඹ පාරේ පස්යාල හංදියෙන් වමට හැරී, අත්තනගල්ල, ඌරාපොල,
කිරිඳිවැල, පූගොඩ පසුකොට ගිරිදර මංසන්දියට පැමිණිය හැකිය. අවිස්සාවේල්ල
කොළඹ මාර්ගයේ පැමිණෙන්නෙනම් හංවැල්ලෙන් කිරිඳිවැල මාර්ගයේ පැමිණ ගිරිදරට
පැමිණිය හැකිය. ගිරිදර සිට දොම්පෙ නගරය පසු කොට දොම්පේ පාසල් දෙක හංදියට
පැමිණිය හැකිය.

දොම්පෙ පාසල් දෙක මැදින් ඇති මාර්ගයේ අඩි කිහිපයක් ඉදිරියට යන විට ඔබට මේ
සුවිශේෂි චෛත්‍ය රාජයානන් වහන්සේ දැක ගැනීමට හැකි වේ.

තෙරුවන් සරණයි.

Danishka Navin

unread,
Apr 25, 2009, 2:41:22 PM4/25/09
to ජිනවංශ ‍හාමුදුරුවෝ, lanka-hist...@googlegroups.com
අවසර හාමුදුරුවනේ,


ශාසන හිතකාමී හා ජාතිමාමක සුපින්වතුනි,
මෙම සුවිශේෂී උත්සව මාලාවේ කුමන අවස්ථාවකට හෝ සහභාගිවන මෙන් ලබැඳිව
ආරාධනා කර සිටින අතර, සර්‍වඥ ධාතූන් වහන්සේලා සපයා දීමෙන් හා  නිදන්වස්තු
තැම්පත් කිරීමෙන් මෙම සත්ක්‍රියාවට සම්බන්ධවන මෙන් කාරුණිකව දන්වා
සිටිමි. අපගේ දුරකතන අංක මෙසේය. 0112 536 268 සහ 071 800 60 19


නොදන්න නිසයි අහන්නේ.

"සර්‍වඥ ධාතූන් වහන්සේලා සපයා දීමෙන් ": කියන්නේ,

ඇත්තටම ගිහියෝ ලග හෝ පැවිදි උතුමන් ලඟ  සර්‍වඥ ධාතූන් වහන්සේලා තිබෙනවා ද?
ලංකාවේ සෑම පංසලකම මෙහෙමද?

ඔබ වහන්සේ කාර්‍යය බහුල නොවන වෙලාවක මේ ගැන දන්වන්නවානම් ගොඩක් වටිනවා.

මා බෞද්ධයෙකු වුවත් මෙය මට ගැටලු සහගතයි.

ප:ලි:
මෙය සමූහයට අදාල නොවන්නේ නම් සමාවන්න.

සැමට තෙරුවන් සරණයි!

ඩනිෂ්ක


--
Danishka Navin
http://danishkanavin.blogspot.com (use Sinhala Unicode fonts)
Reply all
Reply to author
Forward
0 new messages