එක දිගට එකම ඩිසයින් එකක් වෙනස් කර කර ඉන්නකොට, කලාත්මක හැඟීමෙන් වැඩකරන්න බැරුව යනව. එපා.... වෙනව... මං හිතන්නෙ මලින්තටත් දැං ඒ තත්වය තේරෙනව ඇති.... අපි මලින්තට දැං "වද" දෙන එක නවත්තමු.... ;-) මලින්ත, අදහස හොඳයි නේද? අදට ඕක නවත්තල, අවශ්‍යනම් හෙට ආයෙ පටන් ගන්න.
චාමර ඇතුළු අනිත් හැමෝම කියන්න, දැනට මේ තියන නිර්මාණ කිහිපය, අවසන් නිර්මාණය තේරීම සඳහා ප්‍රමාණවත්ද? එසේ නම් අපි මේ අතරින් එකක් තෝරමු. හැබැයි එහෙම නැත්තං.... තව නිර්මාණ කීපයක් ඕනෙ වෙයි. කට්ටිය මොකද කියන්නෙ?
නිලක්ෂ -
හොඳ අදහසක්, පෙට්ටියෙන් එලියට ගියපු එකක්. :o) හැබැයි, අපි මේ භාවිතා කරල තියන පාට වලින් ඓතිහාසික භාවය වගේම, Luxury / Rich / Prestigious (වංශවත් , සෞභාග්‍යමත් වැනි) යන අර්ථයන් ද දැක්වීමට භාවිතා කරනව. එවැනි අර්ථයන්ද අපේ කාර්යයට අදාල වෙන බවයි මගේ අදහස. (මං ඇඳපු ලාංඡනයේ තියන පාට සාධාරණීකරනය කරන්න හැදුව නෙමෙයි. මොකද මං කලිනුත් කිව්වනේ....
Criticize... It is the way to success....) :)
--
ශ්රීශානු - SRIshanu
http://srishanu.blogspot.comhttp://lankahistory.blogspot.com
http://srilanka2008.blogspot.com