මේ වැනි තොරතුරු සෙවීමේදී, ලිඛිත සාක්ෂි බොහෝ අල්පයි. අරිසෙන් අහුබුදු සූරීන්, ආචාර්ය සූරිය ගුණසේකර, ජයන්ත පතිරත්න මහතා වැනි පුරා විද්‍යා පර්යෙෂකයන් සොයා ගත් තොරතුරු මත තමා විජයාගමනයට පෙර ශ්‍රී ලංකාවේ [හෙළ දිව] ඉතිහාසය ගොඩ නංවන්න වෙන්නෙ.
රාවණ යුගයේ තිබූ දඬුමොණරය සහ අවකාශතරණය, ඉතා දියුණු යුධ ශිල්ප ක්‍රම [ලේසර් ආයුධ, න්‍යෂ්ඨික ආයුධ, ප්‍රහාරක ගුවන් යානා] යොදාගෙන කෙරුනු රාම-රාවණා යුද්ධය [මහාභාරත් කාව්‍යයේ සඳහන් ආකාරයට], නහුතය [දහයේ විසි හතේ බලය] තෙක් ගණන් කිරීමේ හැකියාව, කකුසඳ/ කෝණාගම/ කාශ්‍යප බුදුන් පිළිබඳ තොරතුරු යනාදී "නහුතයක්" දෑ මේ යටතේදී කතා කරන්න පුලුවන්.
වාරි ශිෂ්ඨාචාරයට පෙර පැවිති මහා නාවුක ශිෂ්ඨාචාරයක් ගැන තොරතුරු, ගුවනින් ආ සිංහ මුහුණක් ඇති මිනිසුන්ගේ රටේ සිහගිරිය නම් පර්වත රාජධානියේ ඇති උයන් අනුසාරයෙන් නිමැවුනු බැබිලෝනියාවේ එල්ලෙන් උයන්, අත්ලාන්තිස් පුරවරය සහ හෙලදිව අතර වූ සමානකම්, හිරන් කසුබ්/ ප්‍රාලද/ වීරචන රජවරුන්ගේ හපන්කම් වන කොකේසස් සහ ඇන්ඩීස් කඳු පන්ති වල රාජ්‍ය පිහිටුවීම ආදී 99.99% ශ්‍රී ලාංකිකයන් නොදන්නා දේ බොහෝ ඇත.
හැකි තරම් දේවල් කතා කරමු. හැබැයි අපි මෙච්චර කල් අපේ ඉතිහාස පොත් වලින් ඉගෙන් ගත් දේ සහ සුද්දන් අපේ ඔලු වලට දමා ඇති බටහිරට වඩා අපි පහත් කියන මානසිකත්වයෙන් තොරව මේ සාකච්ඡාව ගෙනියන්න වෙයි.
අනිත් එක තමයි, මේ කියන ගොඩක් දේවල් වලට ලිඛිත සාක්ෂි අඩුයි. ඉතින් ඕනම කෙනෙකුට හිනා වෙලා පිස්සු කියල හිතලා නිකන් ඉන්නත් පුලුවන්. කමක් නැහැ. අපට පුලුවන් දේ අපි කරමු :]
--
- Warm Regards
- Supun