හොඳ අදහස පැතුම්. දැනටමත් යම් යම් දේ ගැන තොරතුරු රැස් කිරීම ආරම්භවෙලා තියනව. රජිත් විසින් රාජාවලිය ලැයිස්තු ගත කර තිබෙනව. ඒ වගේම සම්පත් දායකයින්ගේ ලැයිස්තුවකුත් තිබෙනව. ඒවා තව වැඩි දියුණුවන අතරේ ඔබ ඉහත කී කාරණා ගැනත් තොරතුරු රැස් කරමු. තවත් ලැයිස්තුගත කළ යුතු කාරණාවක් තමයි, මූලාශ්‍ර - පොත් පත් පිළිබඳව.
(තමන් සතුව ඇති කුමන ආකාරයේ හෝ ඉතිහාසය ගැන ඇති පොත් ලැයිස්තුවක් අප සෑමදෙනාම සකසමුද? මීට ඓතිහාසික පොත් (මහාවංශය වැනි), පර්යේෂණ පොත්, පාසල් පෙළ පොත්, විවිධ සිද්ධස්ථාන ගැන ලියැවුනු පොත් පිංචවල් ආදිය වන්නට පුළුවන්.)
ඔබේ මාතෘකාගත කිරීම අගෙයි. තව දේ ඇතොත් අපි එක් කරමු. ඔබ ලියා ඇති මාතෘකා යටතේ වැඩි තොරතුරු එක් කිරීමට ප්‍රථම අනුමාතෘකා එක් රැස් කිරීමටත් හැකියි. උදාහරණ වශයෙන්, "ස්ථාන" යටතේ රාජධානි සහ අනෙකුත් ඓතිහාසික ස්ථාන ලැයිස්තුවක් සැකසිය හැකියි. රාජාවලියක් නම් දැනටමත් තිබෙනවා. (එය තව දියුණුවිය යුතුයි) "වෛද්‍ය කර්මය" යටතේ බුද්ධදාස රජතුමා ගැනත්, විවිධ වෛද්‍ය ක්‍රම ගැනත්, විවිධ පුරාණ වෛද්‍ය පොත් ගැනත් අනුමාතෘකා ගොඩ නැගිය හැකියි.
--
ශ්රීශානු - SRIshanu
http://srishanu.blogspot.comhttp://lankahistory.blogspot.comhttp://srilanka2008.blogspot.com