ප්‍රිය මිතුරනි,
අපි නුවර ගමනේදි කතා වුන පරිදි අපේ දැක්ම | Vision සහ අපේ ගමන | Mission යන මාතෘකා දෙක ගැන ලිව්වා. කරුණාකරල එහි හොඳ නරක ලියල දන්වන ලෙස ඉල්ලා සිටිනවා.
ස්තූතියි.
වරුණ
අපේ දැක්ම | Vision
ඉතිහාසය විසින් අපට පාඩම් උගන්වනු ලබයි. එය සමාජ ප්‍රගමනය සඳහා විශාල දායකත්වයක් සපයනු ලබන්නේ එබැවිනි. එම නිසා අපගේ දැක්ම වන්නේ අනාගත පරම්පරාව සිය උපන් බිම තුල සැඟව පැවති ඉතිහාසය නම් විශිෂ්ඨ පදනම මත නැගී සිටිමින් නව ලොවක් කරා පියමං කරනු දැකීමයි.
අපේ ගමන | Mission
ඉතිහාසය යනු සිදුවී හමාර වූ සිදුවීම් මාලාවකි. එනම් ආපසු හැරවිය නොහැකි අතීතයයි. ලාංකේය ඉතිහාසය යනු මානව ශිෂඨාචාරයේ ආදිතම මූලාරම්භයන් සනිටුහන් කල සිද්ධි දාමයක් බව අපගේ හැඟීමයි. වසර දෙදහස් පන්සියයකට බොහෝ කලකට පෙර සිට නොයෙකුත් හැල හැප්පීම් වලට බඳුන් වෙමින් ගොඩ නැගුනු ලාංකේය ඉතිහාසය පුරා නැවත සැරි සරමින් , එකී ඉතිහාසය පිළිබඳව ගොඩ නැගුනු දුර්මත පලවා හැරීම උදෙසා අපේ සාඩම්බර ඉතිහාසය නැවත ගවේෂණය කිරීම අපගේ අදිටන හෙවත් ගමන් මාර්ගයයි.