Hatred Within - මෛත්‍රී පාලනයේ වෛරය රැහේ එකාට

2 views
Skip to first unread message

Ruwan Weerasinghe

unread,
Mar 4, 2015, 2:44:23 AM3/4/15
to

ධර්ම ද්වීපයේ ඉරණම: Hatred Within - මෛත්‍රී පාලනයේ වෛරය රැහේ එකාටම - ඊනියා මෛත්‍රිය හැඩි දෙමළාට හා තම්බියාට

 
 
image
 
 
 
 
 
ධර්ම ද්වීපයේ ඉරණම: Hatred Within - මෛත්‍රී පාලනයේ වෛරය...
මහරගම - උදේනි චන්ද්‍රසිරි හිටපු ජනාධිපතිවරයා අගමැතිකම බලාගෙන මැතිවරණයට ඉදිරිපත්වීමට සැරසෙන්නේ රෙදි ඇඳගෙනදැයි යනුවෙන් ප්‍රශ්න කිරීමට තමන්ට සිදුවන්නේ යෑයි ජනාධිපති මෛ...
Preview by Yahoo
 
 
හිටපු ජනපති හෙලිකොප්ටරයේ ගමට යෑම විශාල ප්‍රශ්ණයක් කර ගන්නා ඔබ, නැගෙනහිර ඉස්ලාම් අන්තවාදය පලාත්සභාව ගිල ගැනීම ගැන නිද්‍රාශීලී ඇයි? යාපනයේ කොටි පල්ලි හා විශ්ව විද්‍යාල තුලින් නැගිටින විටඋදාසීන ඇයි? අපේ ජාතියේ මල පුඩුව ඔබ විසින්ම තද කරනවාද? නැතිනම් ඔබට ඒවා ගැන කිරීමට දෙයක් නැතිද? මේ ආකාරයට රට පාලනය කරන්නේ රෙදි ඇඳගෙනද?



හිටපු ජනපති අගමැතිකම බලාගෙන
මැතිවරණයට ඉදිරිපත්වීමට සැරසෙන්නේ රෙදි ඇඳගෙනද?
ජනපති මෛත්‍රීපාල සිරිසේන

අපි දෙන්නව එක වේදිකාවකට
ගෙන එන්න කට්‌ටියක්‌ කපුකම් කරනවා


මහරගම - උදේනි චන්ද්‍රසිරි

හිටපු ජනාධිපතිවරයා අගමැතිකම බලාගෙන මැතිවරණයට ඉදිරිපත්වීමට සැරසෙන්නේ රෙදි ඇඳගෙනදැයි යනුවෙන් ප්‍රශ්න කිරීමට තමන්ට සිදුවන්නේ යෑයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

තමාවයි හිටපු ජනාධිපතිවරයාවයි එකම වේදිකාවකට ගෙන ජනතාව ඇමතීම සඳහා කපුකමේ යෙදෙන අයත් දැන් කරළියට පැමිණ තිබෙනවා. නමුත් ඒ අය මෛත්‍රීපාල සිරිසේන කියන්නේ කවුද කියලා හරිහැටි හඳුනා නොගෙන කටයුතු කරනවා යෑයි ද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම අදහස්‌ පළ කර සිටියේ ඉකුත් 27 වැනිදා කලාකරුවන්, බුද්ධිමතුන් සහ මාධ්‍යවේදීන් පිරිසක්‌ සමඟ කොළඹ පදනම් ආයතනයේදී පැවැති සුහද හමුවකදීය.

එහිදී ජනාධිපතිවරයා මෙසේ ද පැවසීය.

පැරදුණු ජනාධිපතිවරයා මැදමුලනට ගියේ හෙලිකොප්ටරයකින්. එදා මම පැරදුණා නම් මාව හිරේ විලංගුවේ දාලා මට දස වද දෙන්න තීන්දු තීරණ අරගෙන. ඒ සඳහා අවශ්‍ය ලිපි ලේඛන පවා සකස්‌ කර තිබූ බව රහස්‌ පොලිසියෙන් මට දැනගන්න ලැබුණා. එයා මැදමුලනට ගියාට පස්‌සෙයි මම දැනගත්තේ හෙලිකොප්ටරයෙන් ගිය බව. ඒකට මම අනුමැතිය දුන්නලු. මම එහෙම අනුමැතියක්‌ එයාට දුන්නේ නැහැ. ඒ බව දැනගෙන හිටිය නම් එයාට හෙලිකොප්ටරයෙන් යන්න මම ඉඩ දෙන්නේ නැහැ යෑයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ඉකුත් 27 වැනිදා ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවැති සුහද හමුවකදීය. යහපාලනයේ දොරටු විවර කරගැනීම සඳහා පසුගිය ජනාධිපතිවරණයේදී පොදු අපේක්‍ෂකයා ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ අත්වැල් බැඳගත් කලාකරුවන්, බුද්ධිමතුන්, මාධ්‍යවේදීන් ඇතුළු විශාල පිරිසක්‌ මෙම අවස්‌ථාවට එක්‌ව සිටියහ.

වැඩිදුරටත් කතා කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේ ද පැවසීය.

පසුගියදා පැවැති ජනාධිපතිවරණය සම්බන්ධව එදා විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහත්තයත් එක්‌ක මට කතා කරන්න අවස්‌ථාව ලැබුණේ මම ආණ්‌ඩුවෙන් ඉවත් වුණු දවසේ. ඊට කලින් මැතිවරණය ගැන කතා කරන්න මට එයාව හමුවුනේ නැහැ. මම ආණ්‌ඩුවෙන් එළියට ආපු දවසේ එක්‌සත් ජාතික පක්‍ෂය ප්‍රමුඛ අනෙක්‌ පක්‍ෂ එකඟත්වය පළකර මාව ඒ අයගේ මිතුරෙක්‌ හැටියට පිළිගත්තා. එයින් පස්‌සේ තමයි මම පොදු අපේක්‍ෂකයා හැටියට ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වුණේ. එසේ ඉදිරිපත් වන විට මැතිවරණ යාන්ත්‍රණයක්‌ මට තිබුණේ නැහැ. ඒ වගේම මැතිවරණය සඳහා කිසිම සූදානමක්‌ තිබුණෙත් නැහැ. මම එදා ආණ්‌ඩු පක්‍ෂයෙන් එළියට බැස්‌සේ සියලුම දේවල් අතහැරදාලා හිස්‌ අතින්. එදා මම මැතිවරණ වේදිකාවට නැග්ගේ හුදකලා වුණු දේශපාලකයෙක්‌ විදියටයි. ජනතාව මාව ආදරයෙන් වැළඳ ගත්තා. එක්‌සත් ජාතික පක්‍ෂයත් අනෙක්‌ පක්‍ෂ හා සංවිධානවල සහායෙන් තමයි ජනාධිපතිවරණයෙන් මම ජය ගත්තේ. විශේෂයෙන් තරුණයන් ගැන සඳහන් කරන්න මම කැමතියි. ඒ අය තමන්ගේ නිවෙස්‌වල ඉඳගෙන ඉන්ටනෙට්‌, ෙµaස්‌බුක්‌ හරහා තොරතුරු හුවමාරු කර ගනිමින් මගේ ජයග්‍රහණයට අතිවිශාල සහයෝගයක්‌ ලබාදුන්නා.

ලංකාවේ පැවැති දූෂිතම ජනාධිපතිවරණ මැතිවරණයයි පසුගියදා පැවැත්වුණේ. මැතිවරණ නීතිරීති කඩමින් රට පුරාම පෝස්‌ටර්, බැනර් ගසාගෙන මැරබලය, රාජ්‍ය බලය, රාජ්‍ය මාධ්‍ය, රාජ්‍ය වාහන හා දේපළ සමඟ අතිවිශාල ධනස්‌කන්ධයක්‌ මහා පරිමාණයෙන් යොදවා ගෙනයි හිටපු ජනාධිපතිවරයා මැතිවරණය කළේ. මම ඒ කිසිම දෙයක්‌ නැතිවයි මැතිවරණයට ඉදිරිපත් වුණේ. මැතිවරණ සමයේදී යොදා ගත්ත ජනාධිපති කාර්යාලයට අනුයුක්‌ත කළ වාහන පිළිබඳව අද වන විට කිසිම ලේඛනයක්‌ ඇත්තේ නැහැ. වාහන ඉන්වෙන්ටි්‍රයකුත් ඇත්තේ නැහැ. මෝටර් රථ කොමසාරිස්‌ කාර්යාලයෙන් විමසුවාම ජනාධිපති කාර්යාලයට අලුතෙන් ගත්ත වාහනවලට අංක පවා නිකුත් කරලා නැහැ. ලැබී තිබෙන තොරතුරු අනුව වාහන 39 ක්‌ දැනට අතුරුදන් වෙලා. ඉන් වාහන 3 ක්‌ වෙඩි නොවදින අධි සුඛෝපභෝගී වාහන. වාහන බාරව කටයුතු කළ නිලධාරියා අද රිමාන්ඩ් භාරයේ පසුවෙනවා. එයත් දන්නේ නැහැ, කොපමණ වාහන සංඛ්‍යාවක්‌ ජනාධිපති කාර්යාලයේ තිබුණද කියලා. පොඩි නිලධාරීන්ට තමයි අද මේවට වගකියන්න සිද්ධවෙලා තියෙන්නේ.

දූෂිතයන්ට දඬුවම් කිරීම ප්‍රමාදයි කියා මැසිවිලි නඟනවා. ඒ අතරේ දින සියයේ යහපාලනයේ ජනතාවට අපි පොරොන්දු වූ වැඩසටහන ක්‍රියාත්මක කරන්නත් තිබෙනවා. හොරුන්ට දඬුවම් දීමේදී රටේ පවතින නීතියට එකඟව කටයුතු කළ යුතුයි. තමන්ගේ දේශපාලන විරුද්ධකාරයන්ට හිටපු ජනාධිපතිවරයා එදා දඬුවම් කළා වගේ නීතියක්‌ රීතියක්‌ නැතිව උවමනාව තිබූ පමණින්ම කටයුතු කරන්න අපට බැහැ. එයයි යහපාලනය. වැරදි කළ අයට දඬුවම් කරන්න ටික කාලයක්‌ යාවි. එතෙක්‌ පොඩ්ඩක්‌ ඉවසන්න.

මම ජනාධිපති වුණාට ඒ ධුරයේ කුමන බලතල තිබුණත්, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක්‌ නැතිව කිසිම දෙයක්‌ කරන්න බැහැ. මේක තේරුම් කර නොගෙන සමහරු නොයෙක්‌ දේ කියවනවා. වැරදි කළ අයට දඬුවම් කිරීම ප්‍රමාදයි කියලා කාටවත් අත පිසදමා ගන්න ලැබෙන්නේ නැහැ. ඒවා කරේ තියාගෙන මේ ගමන යන්නයි අපිට සිද්ධවෙලා තියෙන්නේ. මම කියන්නේ මාව කරේ තියාගෙන ජනතාවට යන්න කියනවා නොවෙයි. අප ඉදිරියේ තිබෙන ප්‍රශ්න හා ගැටලුවල තරම දැනගෙන ඒවා කරේ තියාගෙන යන්න කියලයි මම කියන්නේ.

හිටපු ජනාධිපතිවරයා නැවත අගමැතිකම බලාගෙන මැතිවරණයට ඉදිරිපත් වෙන්න සූදානම් වන්නේ රෙදි ඇඳගෙනද කියලා ප්‍රශ්න කරන්න මට සිද්ධ වෙනවා. එයාවයි මාවයි එකම වේදිකාවක ජනතාව අමතන්න කපුකමේ යෙදෙන උදවියත් දැන් කරළියට ඇවිත් ඉන්නවා. ඒ අයට මම කියන්න කැමතියි මෛත්‍රීපාල කියන්නේ කවුද කියල හරිහැටි හඳුනා නොගෙන ඒ අය කටයුතු කරන බව.

ඔබට තියෙන ප්‍රශ්න මට ලියා දන්වන්න. නැත්නම් මගේ නිල නිවසට දුරකථනයෙන් කතා කරලා වේලාවක්‌ ඉල්ලගෙන මාව හමුවන්න. ඔබේ මිතුරෙක්‌ හැටියට මගේ ශක්‌ති ප්‍රමාණයෙන් ඒවාට විසඳුම් ලබාදෙන්න මම කටයුතු යොදන්නම්.


http://www.divaina.com/2015/03/02/news32.html

කෑ ගසා හැඬීමට නොව, ජුනි මහ මැතිවරණ දා එජාපයට කණ හරහා දුම් පිටවීමට පහර දීමට දැඩි සේ සිතට ගන්න.



සෑම සිංහල බෞද්ධයෙක්ම ධර්මපාල තුමන් ගේ ජීවන චරිතය කියැවිය යුතුය.නැවත නැවතත් කියැවිය යුතුය.අප අද ජාතියක් වශයෙන් වැටී සිටින තත්වයට ප්‍රධාන හේතුව එතුමන් වැනි උතුමන් කළ සේවය අමතක කිරීමය,එතුමන් පෙන්වූ මග නොයෑමය.අපගේ සැබෑ ජාතියේ පියා වන්නේ ධර්මපාල තුමන් මිස කතෝලික පල්ලියට කඩේ ගිය,කතෝලික පල්ලියෙන් උපදෙස් ගෙන ව්‍යවස්ථාව සෑදු අයිවොර් ජෙනින්ග්ස් ලාගෙන් උපදෙස් ගත්,භික්ෂුන් වහන්සේලා බොරු පොරොන්දු දී රැවටු,එදා විද්‍යාලංකාරයට එරෙහිව කටයුතු කළ, සුද්දන්ගේ පසුපස යමින් බලය ලබා ගත් දොන් ස්ටීවන් සේනානායක නම් කළු සුද්දා නොවන්නේය. එම කලු සුද්දා පරපුරේම මී මිනිපුරෙක් වන, ඩී එස් සේනානායක අඩි පාරේ ඊටත් වඩා නින්දිත ලෙස දේශපාලන ගමනේ යන බෙලහීන පරාජිත රනිල් වික්‍රමසිංහ කිසිසේත් රටේ විධායක බලය හිමි අගමැති කමට සුදු නොවන්නේය. හෙළ ජාතිය සියතින් ගෙල අහිමි කර නොගත යුතුය. අපේ සතුරා වන  ද්‍රවිඩ මුලිම් ජාතීන්ගේ පරම සතුරා කවුද? මහින්ද රාජපක්ෂ නොවේද? ඔහු ඒකාන්තයෙන්ම අපේ මිතුරායි. විධායක අගමැති වීමට සුදුසු කොන්ද ඇති එකම නායකයා ඔහුයි. මහ මැතිවරණය අපේ එකම අවස්ථාවයි. ඔහු අගමැති කිරීමට බල කරමු. එජාපය සහමුලින් එපා කියමු.

 
http://dyingnation.wordpress.com/

Join/Follow us to be educated about dangers that are waiting to wipe Sinhala nation from the surface of earth.

- Muragala Admin Committee
Web Site New:
Web Site Old:
http://dharmadveepayeiranama.blogspot.com - Read Popular ones, Share posts with all you know, daily basis
Mailing list
facebook id
Bauddha Kandaayama
Reply all
Reply to author
Forward
0 new messages